(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය අද ( 03 ) දවල් පැය තුනක් තිස්සේ ගිනිගැනිම නිසා වනයේ අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබේ.
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,
බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,
වල්ඌරන්,මිමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලබ වන සතුන් විශාල
වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසකින් සමන්විත වනයකි.
සෑම වසරකම නියං කාලය වන ජුලි සිට සැප්තැම්බර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ
ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක
වර්ග විනාශ වී යන බව ගම්වාසීන් කියයි. වනයේ නිතරම ගින්න තිබෙන බවත් සුළං හමන අවස්ථාවලදී ගින්න සීඝ්‍රයෙන් පැතිරී යන බවත් අවට
ගම්වාසීන් කියයි.වසරක් පාසා වනය ගිනි ගැනීම නිසා කුඩුම්බේරිය ශාක හා අරළු,බුළු,නෙල්ලි ඵලදාව සරු වන බව ගැමියන්කියයි.
නිතර හටගන්නා ගිනිගැනීම් ඇතැම් අවස්ථාවල ස්වභාවිකවම නිවීයන බවත් සමහර අවස්ථාවලදී පොලීසිය, වන නිළධාරීන් සමග ප්‍රදේශවාසීන් ගින්න නිවන බවත් ප්‍රදේශවාසීන් කියයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිල්ගල රක්ෂිතයේ ගින්නක්