IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නිල්ගල වන උයනට සිවුරු පොරවයි

නිල්ගල ඔසු උයනේ වටිනා ගස් රැක ගැනීම සඳහා එම ගස්වලට සිවුරු පොරවා තොරාගත් භික්ෂූන් වහන්සේලාට බාර දුන්නේය. ඉන්දියාවේ ද මෙම ක්‍රමය අනුගමනය කරයි. මෙවැනි වැඩ පිළිවෙළක් යටතේ නොයෙක් සංවිධාන වලට බාර දෙයි. බිබිල නාගල රජමහා විහාරාධිපති බදුල්ලගම්මන සුමනසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.



අදහස් (0)

නිල්ගල වන උයනට සිවුරු පොරවයි

ආතර් Sunday, 12 January 2014 02:57 AM

පන්සල් වල නිදන හාරණ කලේ මේ හොරුන්ට සිවුරු පොරවාපු ගහක් කපන එක කජ්ජක්ද ? (නදී)

:       0       0

රේනුකා Sunday, 12 January 2014 05:42 AM

මම හිතන්නේ නැහැ ඔය වැඩේ සාර්ථක වෙයි කියලා.(නදී)

:       0       0

ප්‍රේමේ Sunday, 12 January 2014 08:19 AM

ඉතා හොද වැඩක්. අගය කරමි.(නදී).

:       0       0

පාලිත Sunday, 12 January 2014 08:51 AM

හොද වැඩක් නිසා මම නම් කියන්නේ අපිත් සහයෝගය දෙමු (දී)

:       0       0

පියුමි Sunday, 12 January 2014 09:12 AM

හොද පරමාර්ථයකින් කල නිසා වරදක් පෙන්නේ නැහැ (දී)

:       0       0

චන්දි Saturday, 11 January 2014 03:51 PM

ඉතා හොද වැඩක්. අගෙයි හාමුදුරුවනේ. (නදී)

:       0       0

චන්දවිමල හිමි Saturday, 11 January 2014 04:02 PM

මෙය ඉතා හොද වැඩපිළිවෙලකි. නමුත් අපේ වන හොරුන් මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වයිද? මෙය මුලින්ම මම දැක්කේ තායිලන්තයේදී 2000 වසරේදීය. ගම්වල තායි භික්ෂුන් වහන්සේලා තම දායකයා කැටුව මෙවැනි වැඩ පිළිවෙලක් කරති. එහි 'බෆලෝ බෑන්ක්' යනුවෙන් මී ගවයන්ද මිනිසුන් ලවා ඇතිකොට ගොවියන්ට බෙදා දෙයි. (නදී)

:       0       0

සේන Saturday, 11 January 2014 04:03 PM

ඔය සිවුරු එතුවට වැඩක් නැහැ අපේ දේශපාලුවෝ ගානට වැඩේ දෙනවා.(නදී)

:       0       0

නුවන් Saturday, 11 January 2014 04:06 PM

උතුම් ක්‍රියාවක්! (නදී)

:       0       0

ලක්විදු Sunday, 12 January 2014 10:05 AM

හොරෙන් ගස් කපන අයව ඔය ගස්ටිකටම තියල ගස් බැන්ද නම් ඔය වැඩේ සාර්ථක වේවි. (දී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 11 January 2014 04:23 PM

ලංකාවේ යක්කු, පෙරේතයෝ කුම්භාන්ඩයෝ වැහි වහලා. ඔය ගස් ටික චීවර බැඳලවත් බේර ගන්න ලැබෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 11 January 2014 04:23 PM

රටකට වෙලා තිබෙන විනාශයේ තරම මොනවට පැහැදිලි කරනවද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 11 January 2014 04:24 PM

"යකාගෙ විදිහටලු විමානේ" කියල කතාවක් මට මතක් වුනා අපේ හාමුදුරුවනේ...! (නදී)

:       0       0

සුජීව Saturday, 11 January 2014 04:42 PM

සුන්දරත්වයෙන් පිරුණු රටකට ගියකළ.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 12 January 2014 10:54 AM

ගරුතර ස්වාමීන් වහන්ස, ආසියාවේ ආශ්චර්යය කරා දේශපාලකයින් යන ගමනට බාධා නොකරනු මැනවි (දී)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 11 January 2014 05:18 PM

හාමුදුරුවන් මරණ දේශපාලුවෝ ඉන්න රටේ, සිවුරු පෙරවපු ගස් ගැන තව මොන කතාද ? (නදී)

:       0       0

ජනත් Sunday, 12 January 2014 11:16 AM

කොහොම උනත් ලෝකෙටම පෙන්නන්න ඕනේ අපේ රටේ ජාති ආගම බේද නැති සමගි බව විශේෂයෙන් රට බෙදන්න හදන මාන බලන ද්‍රෝහීන්ට (දී)

:       0       0

කමල් Saturday, 11 January 2014 05:37 PM

හොද වැඩක්.(නදී)

:       0       0

සරත් Saturday, 11 January 2014 05:38 PM

මෙසේ හෝ වනසම්පත රැක ගැනීමට ප්‍රයත්නයක් දැරීම හොද දෙයක්. නමුත් පරිසර විද්‍යාත්මකව කොළ දුඹුරු වැනි ස්වභාවික වර්ණයන්ට හුරු උණු සතුන් මෙම වර්ණයට කොහොම ප්‍රතිචාර දක්වයිද ? ටිකක් පොඩි පටියක් උනානම්.(නදී)

:       0       0

දුමින්ද Saturday, 11 January 2014 05:48 PM

හොද වැඩක්,ආගම් ජාති බේද නැතිව රටේ යහපතට වැඩකරන්න.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 11 January 2014 05:53 PM

බුද්ධ සාසන ඇමති දැනුවත් කර කරන වැඩපිළිවලක්ද? (නදී)

:       0       0

ෂපීක් Saturday, 11 January 2014 07:01 PM

හොද වැඩක්.(නදී)

:       0       0

කහවිට සම්පත් Saturday, 11 January 2014 07:05 PM

මේ රට රැක ගත හැක්කේ ඔබ වහන්සේලාට පමණයි.(නදී)

:       0       0

මංගල Saturday, 11 January 2014 07:34 PM

සරත්, ඔය පරිසර විද්‍යාව බුදුදහමෙත් තියෙනවා. හොදට හිතට ගන්න ඔයා කියන නවීන පරිසර විද්‍යාවට වඩා බොදු දහම ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඔයා දන්නවද සිවුරු වලට පඩු පොවන්නෙ කොහොමද කියලා. කැලේ ගස් වල කොල හැලෙද්දිත් ඔය පාටම තමයි. සත්තු ඉතාමත් හොද ප්‍රතිචාර දක්වයි.(නදී)

:       0       0

ශිරාණි Saturday, 11 January 2014 07:54 PM

රටේ තත්වය මේකෙන් පේනවා.

:       0       0

සිංහ Saturday, 11 January 2014 08:08 PM

ජාතියේ මුර දේවතාවන් වන අපේ මහා සංඝ රත්නය පටන් ගත් මේ උතුම් සත් කාර්යයට අප විසින් කළයුතුව ඇත්තේ ආශීර්වාද කිරීම විනා ඒ වෙනුවෙන් දුර්මත පළ කිරීම නොවේ. මන්ද? උන්වහන්සේලාගේ මේ අගනා මෙහෙයුම ගිහියන් වන අපගේ අනාගත දරු පරපුර වෙනුවෙන් කරනු ලබන පලදායී ආයෝජනයක් වන බැවිනි.(නදී)

:       0       0

රිස්මි මන්සුර් Saturday, 11 January 2014 08:50 PM

හොරුන්ගෙන් වනාන්තර බේරාගැනීමට නම් මෙවන් දේ උතුම්.(නදී)

:       0       0

කුමාර Saturday, 11 January 2014 09:09 PM

හොද දෙයක්.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 11 January 2014 09:43 PM

මංගල කියනවිදිහට සිවුරු වලට ගස්වල පොතු කොළ තම්බල පාට කරේ බුදුහාමුදුරුවන්ගේ කාලේ. දැන් එහෙම නෙවේ කෘතිමව පාටකරලා හදන්නේ. දැන් තියන පාට සම්පුර්ණ වෙනස්. ඔය කියන විදිහට බුදු දහමයි විද්‍යාවයි ගැන කතා කරන්න මම කැමති නැහැ. ආගම් වාදය අවුස්සනවා කියයි. මේ වගේ ක්‍රම ක්‍රියාත්මක කරන්නේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි රටවල් වල ,මම ඉන්නෙත් පිට රටක මෙහෙ කැලේ ගහක මිනිස්සු අත්තක් වත් කඩන්නේ නැහැ.(නදී)

:       0       0

ගාමිණී -සිරි Saturday, 11 January 2014 09:43 PM

මේ වෙලාවේ මට මතක් උනා සබරගමුවේ අපේ අත්තා කෙනෙක් පරම්පරා ගත නොබෙදූ ඉඩම් වල ඇති වටිනා ගස් අයිතිකර ගත් හැටි. අපි හැමෝම කීවේ සුට්ටන් අත්තා කියලා උස නැති නිසා. සපු,කොස්,මහෝ,මිල්ල,කැටකාලා,ලුනුමිදෙල්ල , ගස් යන්තම් ලොකුවෙනකොට ඇනයකින් සුට්ටා කියා නම කොටා තැබීම සිදු කළා. මෙය දුටු ලොකු අප්පච්චි ඇම්.එස් කියා එයාට උවමනා ගස්වල කෙටුවා. අපේ අප්පච්චිත් එස්.ආර්.එස්. කියලා ගස්වල කෙටුවා. නමුත් සණ්ඩු සරුවල් නොකර නම් කෙටු ගස් ඒ ඒ අය එදා නිවෙස් ඉදි කර ගැනීමට කපා ගත්තා. නුතනයේ ,ඉතින් මේ සිව්රු පෙර වූ ගස් කපා ගන්නේ කව්රුද යන්නයි මගේ .. ප්‍රශ්නය.(නදී)

:       0       0

සරණ Saturday, 11 January 2014 11:00 PM

මේකෙන් නිවරදි ගහ තෝරාගෙන කපන්න හොරුන්ටත් උඩගෙඩි දීමක් වෙනවා.(නදී)

:       0       0

සංජීව මීගහවත්ත Saturday, 11 January 2014 11:37 PM

සිවුරු ටික ගහ මුල තියේවී ගස් ටික ලී මෝලේ තියේවි.(නදී)

:       0       0

ගාමිණී Sunday, 12 January 2014 01:57 AM

ගාමිණී, ඔයා විකාර කියවනවා. සංඝරත්නය මේ ක්‍රියාව කලේ ගස් කපන එක නවත්වන්න. අනික ඔයාලගේ පවුලේ කතාව වෙනස් ගස් තිබුනේ පරම්පරාගත ඉඩමක. ඉතිං ඉඩම නොබෙදූ එකක් නම් මොන නෑයා කැපුවත් ප්‍රශ්නයක්ද? සර්ව අශුබවාදී නොවී හොඳ දෙයක් අගය කරන්න පුරුදුවෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 84 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1123 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1831 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 802 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 196 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 534 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site