(*** රඹෑව මනුල වික්‍රම)
ප්‍රංශ ණය ආධාර යටතේ වසර හතරකට පමණ ඉහතදී ආරම්භ කළ අනුරාධපුර නගර සංවර්ධන ව්‍යාපෘතියේ එකම ගඩොලක් හෝ නොතබා එහි උපදේශකයන්ගේ හා නිලධාරීන්ගේ නඩත්තුවට රුපියල් කෝටි 28ක පමණ මුදලක් වැයකර ඇතැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පෙරේදා (27) ප්‍රකාශ කළේය.
එම ව්‍යාපෘතියේ නිලධාරීන් වසර හතරක් තිස්සේ දැවැන්ත මුදලක් වැයකර ඇතත් භෞතික ප්‍රගතිය බින්දුවකැයි කී ආණ්ඩුකාරවරයා නාගරික සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු යැයිද පැවසීය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක ප්‍රංශ ආධාර යටතේ අනුරාධපුර සමුප නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවද කිසිදු නියාමනයක් නොමැතිව නිලධාරීන් මුදල් වියදම් කර ඇති බවද ආණ්ඩුකාරවරයා කීවේය.
සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. නන්දසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පෙරේදා (27) රැස්විය.
එම රැස්වීමට සහභාගි වී සිටි සම සභාපතිවරු දෙදෙනා සහ අනෙකුත් මහජන නියෝජිත නියෝජිතයෝද නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.
එම සංවර්ධන ව්‍යාපෘතිය උප ව්‍යාපෘති 20 කින් සමන්විත අතර ඉන් ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කර ඇතැයිද තවත් ව්‍යාපෘති හතරකට කොන්ත්‍රාත්කරුවන් පත්කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර ඇතැයිද එහිදී පිළිතුරු දෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා කීවේය.
නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් මෙම ව්‍යාපෘතිය පැවැතුන අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ව්‍යාපෘතිය පත්වී මාස දෙකක පමණ කාලයකැයිද එහිදී අධ්‍යක්ෂවරයා පැවසීය.
අදාළ ව්‍යාපෘතියට ලබාදී ඇති කාලය ලබන අප්‍රේල් මාසයෙන් නිමවන බවද කාලය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය.
එහි දී දැඩි ආවේගාත්මකව කරුණු දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.
2016 සැලසුම්කර මේ වසරේ අවසන් කිරීමට තිබුණු ව්‍යාපෘතියෙන් කිසිම වැඩක් කරලා තිබුණේ නෑ. මෑත දී අපි මැදිහත්වෙලා මේ දේවල් මතුකළ නිසා වැඩ ආරම්භ කළා කියනවා. ගඩොලක්වත් තියලා නෑ. එකපාරම කෝටි 28 ක් ඉවර වුණා කීවා. මේක සුළුපටු මුදලක් නොවෙයි. ලංකා මුදලින් රුපියල් මිලියන 10,125 ක් කිසිම උපදේශනයක් අධීක්ෂණයක් වෙලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රංශ තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර මේකේ කාලය දික්කරගන්න. නැතිනම් මුදල් ආපසු යනවා. මේක මහා අපරාධයක් යැයි ඔහු කීවේය.
ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට උද්දික ප්‍රේමරත්න සහ කේ.පී.එස්. කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටියහ.
ඒ අනුව වහාම ප්‍රංශ ණය ව්‍යෘපාතියේ සංවර්ධන වැඩසටහන් එකිනෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට වෙනම රැස්වීම් පවත්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා යෝජනා කළ අතර වෙනම ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාත් ආණ්ඩුකාරවරයාත් තීරණය කළහ.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිලධාරීන් නඩත්තුවට කෝටි 28 ක්
Asanga Friday, 29 January 2021 08:29 AM
විසඳුම ලෙස නැවත අයකරගැනීම කළයුතුයි.. මෙවැනි නිලධාරීන්ගෙන්...
Hafeel Friday, 29 January 2021 12:11 PM
තව දුරටත් විශ්වාස කළ හැකිද? මේ අවුරුදු 73ක්ම රට පාලනය කල පක්ෂ, සන්ධාන, මැති, ඇමතිලා සහ අනාගත සිහින මවාගෙන ඉන්න ඔවුන්ගේ පවුලේ අය මේ රට දියුණු කරාවි කියලා? මේකත් හෑලි කරන්නේ අවුරුදු හතරෙන් පස්සේ. ඔළුවට උඩින් වතුර ගිහින් ඉවරයි...