පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ සිටී.
ඒ, මිල්වෝකි නගරයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුවට සහභාගී වීමටය.
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙම ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම සිදුවනු ඇත්තේ මෙම රිපබ්ලිකන් පක්ෂ සමුළුවේදීය.
මිල්වෝකි රිපබ්ලිකන් පක්ෂ සමුළුව සැලැසුම් කර තිබුණේ මීට මාස ගණනාවකට පෙර සිටය. රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්, පක්ෂ ප්‍රධානීන් සහ ආධාරකරුවන් ඊට සහභාගී වී, ට්‍රම්ප් නිල අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදු කරනු ඇත. බොහෝ දෙනා විශ්වාස කළේ වෙඩි ප්‍රහාරයෙක් දිවි ගලවා ගත් ට්‍රම්ප් මෙම පක්ෂ රැලියට සහභාගී නොවනු ඇති බවය.
පෙන්සිල්වේනියා මැතිවරණ රැලිය අමතමින් සිටි ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල විය. එයින් එක් ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල විය. එය බරපතළ තත්ත්වයක් නොවුණු බැවින්, රෝහල්ගත කර තුවාලයට බෙහෙත් දැමූ සැණින් ට්‍රම්ප් රෝහලෙන් පිටවී ගිය බව සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශය පැහැදිලි කර තිබුණි.
ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම, ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මිල්වෝකි බලා පැමිණියේ අවස්ථාවේ, ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.
කෙසේ නමුත්, ඝාතන තැතකින් දිවි ගලවා ගත්තත් ට්‍රම්ප් වෙනුවෙන් ලබා දෙන ආරක්ෂාවේ වෙනසක් සිදු කර නැති බවත්, අමතර ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.
පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වෙයි. කෙසේ නමුත් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් සිදු කර නැත. තමන්ට කඩිනමින් ආරක්ෂාව ලබා දී, තමන් ආක්ෂා කර ගත් බවට ට්‍රම්ප් ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට, පොලිස් සහ හමුදා නිලධාරීන්ට ප්‍රසංශා කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන්ට පවසා ඇත්තේ තම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවූයේ කෙසේදැයි යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසය.
(ඒ.එෆ්.පී.)
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ