IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නිල්මොණරුස්ස පතන

2016-04-29-ent-22

පුරාණයේ බටදඬු කන්ද ලෙසින් හා මෙරටට පැමිණි විදේශිකයින් විසින්, නකල්ස්, ලෙසින් හඳුන්වා දුන් අපූරු සොබාදහම් භාණ්ඩාගාරයේ එක් සුන්දර ඉසව්වක් වෙත අද අපි යමු. ලෝකාන්තය තරම්ම ජනප්‍රිය කුඩා ලෝකාන්තය එක කෙළවරක පිහිටි (පිටවල පතන) තමයි අද අපේ ගමනාන්තය. පිටවල පතන පිහිටලා තියෙනේ දේශීය සංචාරකයින් විශාල වශයෙන් නැරඹීමට යන (රිවර්ස්ටන්) අධි සංවේදී පරිසර කළාපයේම තමයි පිටවල පතන පිහිටලා තියෙන්නේ, රත්තොට ගම හා පල්ලේගම කියන ගම අතරේ. රත්තොට තියෙන්නේ මාතලේ පැත්තෙන් එද්දී. පල්ලේගම තියෙන්නේ හෙට්ටිපොළ පැත්තෙන් එද්දී. මාතලේ පැත්තෙන් රිවර්ස්ටන් බලන්න එන මාර්ගය තමයි වැඩිපුරම ප්‍රසිද්ධ. පල්ලේගම පසුකරගෙන මේ පාරේ වස්ගමුවල දඹුල්ල දක්වා වුණත් යන්න පුළුවන්. මාතලේ ඉඳන් පල්ලේගමට 42Km විතර තිබුණත් පිටවල පතන ලෙසින් ප්‍රකට කොටස විහිදී ඇත්තේ 5Km ක් විතර. ඒ පැත්තෙන් එද්දි මුලින් ඔබට හමුවෙන්නේ රිවර්ස්ටන් කඳු මුදුන. එතනම රූපවාහිනි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකුත් තියෙනවා. ඒක පහුකරලා තව ඉස්සරහට එද්දි පාරේ වම් අත පැත්තෙන් විශාල තැනිතලාවක් මුණගැහෙනවා. ලෝකාන්තේ බලන්න හෝර්ටන් තැන්නට ගියා නම් අන්න ඒ යද්දී හමුවෙන මහඑළිය වගේ තැනක්. ඒක තමයි පිටවල පතන.
 

2016-04-29-ent-23පිටවල පතනට ඇතුළු වෙන්න ඉතාමත් සුළු මුදලක් අය කරනවා. ඒක නකල්ස් සංරක්ෂණය වෙනුවෙන් වෙන් කෙරේවි. එතැනින් අවසරපත් අරගෙන පතනට ඇතුළු වුණාම ඔබට පෙනේවි සුදුපාට තීන්තවලින් මහ පොළොවේ තිත් තිත් තියලා තියෙනවා. ඒ තමයි කුඩා ලෝකාන්තෙට යන්න ලකුණු කළ මාර්ගය. ඒ ඇරුණම ඔබට පාර හොයාගන්න වෙන ක්‍රමයක් නෑ. කොහොම හරි පිටවල පතන කියන්නේ විශාල කළුගල් පර්වතයක් මත අඟල් කිහිපයක් උසට තැම්පත් වූ පස් ස්ථරයක්. ඒ හින්දා ඒ මත විශාල ගස් වැවෙන්නේ නෑ. හැබැයි, මුලු ලෝකෙටම මේ පුංචි පස් ස්ථරයේ විතරක් ජීවත්වෙන ජීවින් කිහිපයක්ම ඉන්නවා. මේ පස් ස්ථරය නැති දවසක ඔවුන් මේ මුලු ලෝකෙන්ම නැතිවෙලා යාවි. රළු ගල්පර මැඩියා ඒ වගේ එක් සතෙක්. ඒ වගේම පතන් අල ශාඛයත්, කඳුලැස්ස ශාඛයත්, වටැස්ස ශාඛයත් මේ ප්‍රදේශයේ පමණක්ම තිබෙන ඒවා. පොඩි කාලේ අපි මාංශ භක්ෂක ශාක කියලා ඉගෙන ගත්ත නිල්මොණරුස්ස ශාඛයත් මේ අඟල් තුනේ පස් තට්ටුවේ හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ පොළොවට වැටෙන වතුර කෙලින්ම පෝෂණය කරන්නේ රටටම ජලය බෙදන "මහවැලි ගඟ".

වසරේ වියළි කාලවල සුවිශේෂී දසුනක් විදියට දකින්න පුළුවන් වස්ගමුව වැනි ප්‍රේදේශවල සිට ආහාර සොයා පැමිණෙන වල් අලින්. නමුත් පිටවල පතන හා ආශ්‍රීත ප්‍රදේශය ඔවුන්ගේ නිත්‍ය වාසස්ථාන නම් නෙවෙයි. වැසි සමය ඇරඹීමත් සමඟ ඔවුහු නැවත තම නිජ බිම් සොයාගෙන යනවා. ගෝනුන්, හාවුන්, වල් ඌරන්, ඉත්තෑවන්, වැලි මුවන්, මී මින්නන්, හෝතඹුවන් වැනි සතුන් පමණක් නොව කලාතුරකින් දිවියන්ද මේ ප්‍රදේශයේ ගැවසෙන බව දැනගන්නට ලැබුනේ නකල්ස් මාතලේ කොට්ඨාසය භාර අඩවි වන නිලධාරී පාලිත බණ්ඩාර මහතාගෙන්.

ප්‍රාග් ඓතිහාසික යුගය තෙක් දිව යන පුරාවෘත්ත සහිත ප්‍රදේශයක් ලෙසද මෙය හඳුනාගන්න පුළුවන්. රාම-රාවණ කතා පුවත විජය-කුවේණි පුවත මෙන්ම ආදිවාසීන් සම්බන්ධයෙන් වූ විවිධ ජනශ්‍රිති හා ජනප්‍රවාද මෙම ප්‍රදේශය හා බැඳී පවතිනවා. ඒවා සනාථ කළ හැකි බොහෝ සාධකද දුම්බර කලාපයෙන් හමුවෙලා තියෙනවා කියලා අහන්න ලැබුණා. එසේම අනුරාධපුර, පොළොන්නරු යුගවලදී බොහෝ රජවරුන්ද දුම්බර කඳුපෙත ආශ්‍රිතව රැකවරණය ලද බව සඳහන්. මීට පෙර අපි එක්ක ගිය දුම්බර කෙළවරේ මීමුරේ ගම ඒකට හොඳ උදාහරණයක්. ඒ ගම අපේ රටේ අවසන් රජුගේ රහස් සැඟවීමේ තිප්පොල වුණ හැටි අපි ඒ ලිපියෙදි කිව්වා. පස්සේ කාලෙක ඉංග්‍රීසි පාලන සමයේදී මෙම කඳුකරයේ බොහෝ ප්‍රදේශ මුඩු බිම් පනතට යටත් වුණා.

පතනේ මදක් ඉහළට ඇවිද ගිය විට පිටවල, රත්නින්ද, ඇටන්ව, ආදී පුරාණයේ සිට පැවත එන ගම්මානද ඒවායේ ඇති හෙල්මළු කුඹුරු යායන්ද ඈතින් අපූරුවට පෙනෙනවා. ඊට ඉහළින් මහා පවුරක් සේ දැකගත හැක්කේ මානිගල පර්වතය. අපි දවසක මානිගල පර්වතය හා මානිගල ගම්මානයට යන්නත් බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි පාලන සමයේදී මෙහි වතුවල සේවය කළ ඉන්දියානුවන් සිය සේවාමුර වේලාවන් දැනගත්තේත්, අවට ගම්මානවාසීන් වේලාව දැනගත්තේත් මෙම ගල් තලාවේ පිහිටි කුහරයක් තුළට සූර්ය රශ්මිය වැටෙන විට ඇතිවන තැල්ලක් නිසාවෙන් බව අපිට අහන්න ලැබුණා. අන්න ඒ කතාව හොයාගෙන තමයි යන්න ඕනෑ. කොහොම හරි, මෙම පර්වතයට දුරින් ඈතින් ඈතට විහිදෙන දුම්බර කඳුයායේ කඳුවැටි අතර ඉහළින්ම දිස්වන්නේ මෙහි ඇති වඩාත් උස් කඳු මුදුන වන අඩි 6248 ක් පමණ උසැති ගොම්බානීය කන්ද. ඒ එක්කම තුන්හිස්ගල, යකුන්නේගල ආදී කඳු මුදුන්ද එම ඉසව්වෙහිම පැහැදිලිව දිස්වනවා. නැගෙනහිර දිසාවෙන් පෙනෙන කන්ද හරිම වැදගත්. ඒක තමයි ප‍්‍රදේශය &ලග්ගල* යන නාමය ලැබීමට පාදක වූ ඓතිහාසික රාවණ යුගය හා සම්බන්ධකම් දක්වන ලකේගල කන්ද.

දවසේ එක එක මොහොතේදී විවිධ ස්වරූපයෙන් දැකගත හැකි අලංකාර භූමි ප්‍රදේශයක් තමයි පිටවල තැන්න. බොහෝ විට සැන්දෑ සමයේදී මීදුම් දහරාවන්ගෙන් වැසී යන පතන හා අවට වන ගොමු අතර ඇත්තේ නිහැඬියාවක්. දැඩි නිසල බවක්. කණ්ඩායම් ගැහිලා ඇවිල්ලා මේ සුන්දර භූමියට විෂක් නොවී සැනසිල්ලේ ඇවිල්ලා විඳලා බලලා මේ සුවිශේෂී බිම් පෙදෙසේ අපූර්වත්වය තම තමන්ගේ මතක පොතට එක් කරගන්න කියලා තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ.

 

ප්‍රසාද් 

DESHAYA

 

2016-04-29-ent-10
2016-04-29-ent-11
2016-04-29-ent-12
2016-04-29-ent-13
2016-04-29-ent-14
2016-04-29-ent-15
2016-04-29-ent-16
2016-04-29-ent-17
2016-04-29-ent-18
2016-04-29-ent-19
2016-04-29-ent-20
2016-04-29-ent-21
 



අදහස් (0)

නිල්මොණරුස්ස පතන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 62 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 140 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 156 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 153 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site