IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නිල්මිණි තෙන්නකෝන්ට යළිත් මව් පදවිය

IMG_2554  

SLD_20141130_D013

 

අම්මා. පුන් පොහොයදා පුන්සරා සඳ මෙන් පැහැදුල් ය.


අම්මා කදුරුගමු ඔයේ සීතල දියකදුර මෙන් සීතලය.


අම්මා, පැහැදුල් ආලෝකයක් සීතල දියබිඳක් අපට දී කට්ට කළුවරේම මිය ගියාය.


අම්මා අවසන් හුස්ම පිටකරද්දී මම එය ජීවිතයේ ගැඹුරු පත්ලටම ආශ්වාස කළෙමි. එකී හුස්මෙන්ම ජීවත්වෙමි.


උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාවෙන් මම මේ වාක්‍ය කිහිපය උපුටා ගත්තේ අම්මාගේ ආදරය ගැන කියන්නට ඒ වැකි දෙක තුන වුව ද ප‍්‍රමාණවත් නිසාය.


ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉහළම අලෙවි වාර්තා තැබූ අම්මා නවකතාව මේ ඉක්මණටම පුංචි තිරයේ කොටස් වශයෙන් දිග ඇරෙන්නට පටන්ගෙනය.
අත්තම්මා හැදූ ජානක සිරිවර්ධන නිෂ්පාදනය කරන අම්මා අධ්‍යක්‍ෂණය කරන්නේ ද අත්තම්මා හැදූ තිළිණ බොරැලැස්සයි.


මෙහි අම්මාට පන දෙන්නේ පුංචි තිරයේ මතක හිටින චරිත රැුසකට පණ දුන් නිල්මිණි තෙන්නකෝන් ය. ඉතිං අපි නිල්මිණි සැඳැල්ලට කැඳවා ඇයට ලැබුණු මේ අලූත්ම මව් පදවිය ගැන විමසමු.


කොහොමද නිල්මිණි ඔයාට මේ මව්පදවිය ලැබෙන්නේ?


නිල්මිණි හා කෙරෙන පිළිසඳරට ආරම්භයක් සලසමින් මම අසමි.

MCD_9613
දවසක්දා මට දෙරණේ ලක්සිරි කතා කළා. අම්මා නවකතාව ටෙලි නාට්‍යයට නගනවා. එකේ අම්මගේ චරිතයට මාව තෝර ගත්තා කියලා. ඒ චරිතයට පණ දෙන්න මං කැමතිද කියලා ඇහුවා.


ඒ කතාව අහපු ගමන්ම මට ගොඩක් සතුටු හිතුණා. උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාව මේ වෙද්දී අපේ සමාජය තුළ පුළුල් කතාබහකට ලක්වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ ආන්දෝලනාත්මක නවකතාවක චරිතයක් වෙන්න ලැබීමම සතුටක්. ආඩම්බරයක්.


නවකතාවකින් සමාජගත වුණු චරිතයකට පණ දෙන එක අභියෝගයක් කියලා නිල්මිණිට හිතුණේ නැද්ද?

අර සතුට ගාවට හිතට දැනුණේ අන්න ඒ හැඟීම තමා. මේ චරිතය හරියට නොකළොත් නිල්මිණි තෙන්නකෝන් විනාශවෙන බව මට හිතුණා. ඒ එක්කම මම තිගැස්මට පත්වුණා.


ඊට පස්සේ?
ජානක සිරිවර්ධන අපේ ගෙදර ආවා.... නිල්මිණි, ඔයාට පණ දෙන්න තියෙන්නේ ළමයි දහදෙනෙක් ඉන්න අම්මෙකුගේ චරිතයකට. මේක හුඟක් අභියෝගාත්මක වැඩක්. ඒ වගේම තමයි හරියට කර ගත්තොත් සම්මාන පිට සම්මාන ලැබේවි. ඉස්සෙල්ලම ඔයා මේ පොත කියවන්න කියලා මට අම්මා පොත දුන්නා.


ඊට පස්සේ නිල්මිණි ඒ අභියෝගය බාර ගත්තා?

ඔව්. මට මතක් වුණා හැන්දෑව ටෙලිනාට්‍යගේ මොණිකාව. ඒත් අම්මා කෙනෙක්.... හැන්දෑවේ අම්මා වුණු මට තව පාරක් අම්මා වෙන්න බැරිද? මම අභියෝගය බාර ගත්තා.


මේ අම්මා චරිතය පටන් ගන්නේ වයස අවුරුදු කීයෙන්ද?
අවුරුදු හතලිහෙන්... එතැන ඉඳලා ටික ටික වයසට යනවා.... මාව අම්මා කරද්දී මගේ පෙනුමට වැඩියෙන් මාව වියපත් කරලා... මොකද මෙයා දුක් විඳින අම්මා කෙනෙක්.


කොහෙද රූගත කිරීම් කරන්නේ...?
පන්නිපිටිය, හොරණ වගේ ප‍්‍රදේශවල.


අලූත් මව් පදවිය ගැන මොකද හිතෙන්නේ?
මම කලා ලොවට ආව මුල් දවස්වල ‘‘සෙට්’’ වල ගෙවපු කාලෙ මට මතක් වුණා... අම්මා සෙට් එකත් ඒ වගේ ලෙංගතු කමක් පිරිලා. මම අම්මා වෙද්දී අනෙක් අය අපේ ළඟම නෑදෑයෝ බවට පත්වෙලා. ඇත්තටම මේක ‘‘ටීම් වර්ක්’’ එකක්. හැමෝම ඒක තේරුම් අරගෙන එකිනෙකාට සහයෝගය දක්වනවා. පුදුම විදිහට දැනෙන දෙයක් වෙලා.


ඔබ මීට කලින් අම්මාගේ් චරිතයට පණ දුන් අවස්ථා මතක් කළොත් ?
මම මුලිනුත් කිව්වා වගේ හැන්දෑවෙ අම්මා කෙනෙක් වුණා. ඒ චරිතයට මට සම්මානත් ලැබුණා. මේ දවස්වල විකාශය වෙන ඩිංගිරි අම්මා ටෙලිනාට්‍යයේ අම්මත් මම.


ඒ අම්මලයි මේ අම්මයි අතර වෙනසක් දකිනවද?
අනිවාර්යයෙන්ම... මේ අපේ උපුල් සර්ගේ අම්මා. දරුවෝ දහදෙනෙක් එක්ක ජීවිත සටනට උර දුන්නුු දුක්විඳින අම්මා. මේ චරිතය කලින් කරපු චරිතවලට වැඩියේ සහමුලින්ම වෙනස්.


නිල්මිණි අම්මා වෙද්දී අප්පච්චි වෙන්නේ කවුද?
සරත් කොතලාවල


අම්මා ෂූටිං තවමත් ඉවර නැහැ. මෙතෙක් කරපු දර්ශන අතුරින් ඔයාට හිතට දැනුණ දර්ශනය මතක් කරන්න.  
ඇත්තම කිවුවොත් අම්මා ටෙලිනාට්‍යයේ එන හැම දර්ශනයක්ම හැඟීම් බරයි.... හුඟක් දර්ශනවලදී ඇස්වල කඳුළු පිරෙනවා මේ අතරෙ එක දර්ශනයක් තියෙනවා දහවෙනි දරුවා උපදින අවස්ථාවේ.


මේ දරුවා ඉපදුනාට පස්සේ දරුවගේ අප්පච්චි මගේ ළඟට මාරාවේෂ වෙලා එනවා. ‘‘ ඕකව ගිහිල්ලා කැලේට විසිකරපං’’ කියලා කෑගහලා කියනවා.
ඒ වෙලාවේ මේ අම්මා කරන්නේ අර පුංචි දරුවව තුරුල් කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවාගන්න එක.


‘‘මේ තමයි මගේ හයිය....’’ කියලා අම්මා අර දරුවව පපුවට තුරුල් කර ගන්නවා.
ඒ වෙලාවේ මට මතක් වුණේ මගේ දරු පැටියව.


‘‘මම කොහොමහරි මේ පැටියව හදා ගන්නවා කියලා අම්මා කෑගහලා කියනවා’’
ඒ අවස්ථාව තමයි ගැහැණියකගේ සැබෑම දරු කැක්කුම මතුවෙන අවස්ථාව.


නිල්මිණි තෙන්නකෝන් යළිත් මව් පදවිය ලැබගෙන මව් සෙනෙහසේ චමත්කාරය අපේ සමාජයට තිළිණ කරන මොහොතේ, ඇය පණ දුන් මේ අභියෝගාත්මක රංගනය හෙට සිට රාත‍්‍රි 9ට දෙරණ ටී.වී. නාලිකාව ඔස්සේ ඔබ වෙත සමීපවීමට නියමිතය. ඊට කලින් නිල්මිණිගේ රංගනයට ලැබුණු ප‍්‍රතිචාර ගැනත් නිල්මිණිගෙන් අසමු.


‘‘මේ තාක් රූගත කෙරුණු දර්ශන ඔක්කොම සන්නස්ගල සර් බලලා තිබුණා... එයා කිව්වා නිල්මිණි ඔයා බොහොම හොඳට මගේ අම්මගේ චරිතයට පණදීලා තිබුණා කියලා. ඒ ප‍්‍රතිචාරය මට මගේ ඉදිරි රංගන කාර්යයට පහසුවක් වුණා.’’ ඒ වගේම තිලිණත් ජානක අයියත් මගේ රඟපෑම ගැන කතා කළේ සතුටින්.


මේ දවස්වල ‘‘අම්මා’’ ටේලර් එක යනවා.  ඕක දකින රසික රසිකාවියෝ මගෙන් අහනවා කවදද මේ අම්මා පටන්ගන්නේ කියලා. එයාලටත් ඉවසිල්ලක් නෑ මේ නාට්‍යය බලනකන්.


M



අදහස් (0)

නිල්මිණි තෙන්නකෝන්ට යළිත් මව් පදවිය

නිශාන්ත Tuesday, 16 December 2014 10:09 AM

නිල්මිණි, ඔයා තමයි මගේ ප්‍රියතම නිළිය. ආයෙත් ඔබගේ රංගනය දකින්න ලැබීම ඉතාම සතුටක්. ඔබට ජය (නි)

:       0       0

ෆාතිමා Sunday, 07 December 2014 06:33 PM

මම ගොඩක් කැමතියි (නදී)

:       0       0

මනෝජ් Friday, 05 December 2014 04:29 PM

ඔබේ රංගන හැකියාවෙන් බිඳක් හෝ දැන් සිටින නවක නිළියන්ට ලබා දෙන්න. දිය සුලිය අති විශිෂ්ට රංගනය තවමත් මතකයි. (දී)

:       0       0

කාන්ති Sunday, 07 December 2014 08:56 AM

පුංචි තිරයේ අහිංසකාවිය.මම හරිම කැමතියි නිල්මිණිගේ සුන්දර සිනාවට.මොන දුක් කරදර ආවත් මුහුණේ සිනහව මැකෙන්නේ නැහැ. මේ නාට්‍යය මමත් බලනවා. ඇගේ රඟපෑම අති විශිෂ්ඨයි. (දී)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 December 2014 01:18 AM

ඊයේ පෙරේදා කලබලයෙන් පෙන්වන්න පටන් ගත්ත ටෙලියකත් ඔබ රඟපානවා. හරයක් නැති, ඉන්න නළුවොත් අකමැත්තෙන්, බලෙන් වගේ රඟපාන නාට්‍ය වලට සම්බන්ධ වී ඔබේ ගරුත්වය විනාශ කරගන්න එපා. (ර)

:       0       0

දමිත් Wednesday, 10 December 2014 08:13 AM

අසා ඇති විදිහට සන්නස්ගලට මවගේ වගකීම මග හැරුනි, මෙය කෙසේ විද්‍යමාන කලත් ඔහුගේ හෘදය එය හොදින් දනී. පොතක් තුලින් ඔහුගේ හැකියාව සොයා යනුවේ ඔහු අතින් මගහැරුණු ඒ යලි නොඑනා, යලි නොලැබෙනා යුතුකමේ විලාපයි. ඔබේ හැකියාවට ගරුකරමි. (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 06 December 2014 07:35 AM

නිල්මිණි ඔබට සුභ පැතුම්!!!(නදී)

:       0       0

රමණි Friday, 05 December 2014 08:48 PM

මම කැමතිම නිළියක් (නි)

:       0       0

මිතුල Saturday, 06 December 2014 09:14 AM

මම මේ නාට්‍යයේ කොටස් 4 ක් බැලුවා.මටනම් අඩලම ඔලුව රිදෙන්නත් වුනා.සංවේදී නාට්‍යයක්.නිල්මිණි රගපනවානම් ආයේ මොනවා අහන්නද.අති විශිෂ්ට රංගනයක්.(හේ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 05 December 2014 02:01 PM

පසුගිය වකවානුවේ අප දුටු අග්‍ර ගනයේ නිලි රූප සම්පත්තියෙන් පිරුණු දුර්ලභ කෙනෙකි ඔබ.ආන්දෝලනාත්මක අතීතයෙන් පසු නැවතත් ඔබ අප සමග පෙර ලෙසම සිටීම භාග්‍යයක් ලෙස අපි සලකමු. (දී)

:       0       0

කොස්වත්ත Saturday, 06 December 2014 09:41 AM

ඔබ හරිම නිරහංකාර කෙනෙක්. මම විදේශිය රටක ඉන්න කෙනෙක්. අම්මා . ටෙලි නාට්‍යය කොතරන් කාර්‍ය බහුල උනත් පවුලේ අය සමග හැමදාම නරඹනවා (නදී)

:       0       0

නන්දන ජයසූරිය Thursday, 11 December 2014 03:50 PM

මට මතකයි ඔබේ රංගන හැකියාව. එදා වගේම අදත් එය එලෙසින්ම අපට දැකගන්න ලැබීම සතුටක්. තව එකක්. ඔය අද ඉන්න සීනි බෝල නිළියන්ට හොඳ ආදර්ශයක් දෙනවා. රඟපෑම කියන්නේ මොකක්ද කියලා එයාලට ඉගෙනගන්න පුළුවන් ඔයාගෙන්. ඔයාගේ රංගනය අති විශිෂ්ටයි. ඔයාට සුබ අනාගතයක්. (නි)

:       0       0

මංජුල Monday, 15 December 2014 02:10 PM

ඔබට ජය පතනවා. දිරිය මවක්! (නි)

:       0       0

සෙත්මි Friday, 05 December 2014 02:56 PM

ඕනෑම චරිතයකට කරන සාධාරණත්වය අති විශිෂ්ටයි.ලස්සන නිලියෙක් අපි ඇත්තටම ඔයාට ආදරෙයි. නිල්මිණි (දී)

:       0       0

යශෝධා Friday, 12 December 2014 06:02 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

රොියි දයාරත්න Saturday, 06 December 2014 06:38 PM

මම දුටු පුන්නා නැන්දා යලි ඉපදී ඇති බව මට දැනේ (නදී)

:       0       0

රෝයි දයාරත්න Saturday, 06 December 2014 06:40 PM

මම අතීතයේ දුටු පුන්නා නැන්දා යලි දුටුවෙමි. (නදී)

:       0       0

තිස්ස Monday, 15 December 2014 03:48 AM

මව් පදවිය යනු මෙලොවේ ඇති ශ්‍රේෂ්ඨතම චරිතයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 504 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2042 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2461 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3811 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site