අකුරැස්සේ පුද්ගලික ඉන්ධන පිරවුම් හළකින් නිල්වලා ගඟට කාන්දු වූ ඩීස්ල ඉවත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය එක්ව මේ වනවිට කටයුතු කරමින් සිටියි.
ජපානයෙන් ගෙන්වන ලද විශේසිත පෙරහුම් උපකරණ යොදා මතුපිටින් පාවී යන තෙල් තට්ටුව ඉවත් කරයි. ගඟෙන් ගොඩ ගන්නා තෙල් බැරල්වලට පුරවා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර මගින් ඒවා කොළඹ ගෙන යාම සිදුවේ.
ඉන්ධන පිරවුම් හළේ කළමනාකරු පොලිසියට පවසා ඇත්තේ ඩීසල් ලීටර 15,000ක් පමණ ගඟට මුසු වී ඇති බවයි. තෙල් තට්ටුව මේ වනවිට ගඟේ මෝය දක්වාම පැතිර තිබේ. සෙනසුරාදා උදෑසන මාතර ජල පොම්පාගාර සියල්ලේ ජලය හිස්කරනු ලැබූ අතර රාත්‍රියේ දී යළි ජලය පිරිසිදු කිරීම් ආරම්භ කැරිණි.
මාතර පානීය ජල සැපයුම් ලබාගන්නා නිවාස 72,000ක් ඇති බව ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ වනවිට ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම ලබා දී ඇති බවත් එය සම්පූර්ණයෙන් ම විධිමත් කිරීමට තවත් දින දෙකක් පමණ කාලයක් ගතවනු ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කළමනාකරු එස්.කේ.සමන්ත කුමාර මහතා කීවේය.
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිල්වලා ගඟේ තෙල් ඉවත්කිරීම ඇරඹේ
සරණපාල Sunday, 17 January 2016 12:00 PM
දැන් මේ නොසැලකිල්ල නිසා රටට වැසියන්ට වුන පාඩුව අයිති කාරයාගෙන් ලබා ගන්න ඕන. පරිසර දුෂණයට එරෙහිව. (බ)