IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නිල ඇඳුමට වවුචර් එපාලු

ලබන වසරේ සිට පාසැල් නිල ඇඳුම් වලට රෙදි ලබාදීම වෙනුවට මුදල් වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පළකරයි.

එම සංගමයේ සභාපති ප්‍රියත්න ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙසේ වවුචර බෙදීමට යාමෙන් ගුරුවන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ රාජකාරි වලට බාධා ඇති වන බවයි.

දුෂ්කර පෙදෙස් වල වෙසෙන දරුවන්ගේ දෙමව්පියන් මෙම මුදල් වවුචර නිවසේ අගහිඟකම් පියවා ගැනීමට යොදාගතහොත් එයින් අවාසියක් වන්නේ එම දරුවන්ටම බව ඔහු කියයි.

නිල ඇඳුම් ලබාදීමේදී පැනනගින ගැටලු වලට විසඳුමක් ලෙස මෙම වවුචර ක්‍රමය හඳුන්වාදීමට අමාත්‍යංශය තීරණය කර ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් පැන නගින බව ඔහු පවසයි.



අදහස් (0)

නිල ඇඳුමට වවුචර් එපාලු

කිත්සිරි Saturday, 14 November 2015 11:02 PM

මෙහෙම කරන එක හොඳයි (නි)

:       0       0

සම්පත් Saturday, 14 November 2015 03:20 AM

ලංකා ගුරු සංගමය හරි (නි)

:       0       0

සමන් Friday, 13 November 2015 01:44 PM

දුර පළාත් වල ළමයි ඒ සල්ලි වලින් ගෙදර වියදම් පියවා ගනීවි. ගුරු සංගමය කියන්නේ ඇත්ත (නි)

:       0       0

ඩයස් Saturday, 14 November 2015 04:59 AM

එන පොට නම් හොඳ නැත (බ)

:       0       0

හිමාල් Friday, 13 November 2015 02:00 PM

වවුචරයට නිල ඇඳුම් පමණක් ගන්න පුළුවන් විදිහට දුන්නහම වැඩේ ඉවරනේ. (නි)

:       0       0

ඇසළ Friday, 13 November 2015 02:32 PM

දෙනවයි කියන වවුචරේට නිල ඇදුමක් තියා අමුඩයක් වත් ගන්න පුළුවන් වුණොත් හොදයි. (අ)

:       0       0

සුසන්ත Friday, 13 November 2015 03:04 PM

වවුචරය දෙන එක හොඳයි. සියලුම රජයේ පාසල්වල කොට කලිසම සඳහා දෙන නීල් වර්ණය එක සමාන නැහැ. එම නිසා සමහර පාසල් වල සිසුන්ට මුදලට කලිසම් රෙදි මිලදී ගැනීමට සිදු වෙනවා. (අ)

:       0       0

රෝහණ Friday, 13 November 2015 04:06 PM

ඇසල , කියන හැමදේම ඇදේට. හැමෙකකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න.අනික වවුචර් එකට නිල ඇඳුම විතරක් දෙන ( හිමාල් කියන විදියට) එකක් වුණාම ප්‍රශ්නේ ඉවරනේ. (අ)

:       0       0

නවින් සිල්වා Friday, 13 November 2015 04:37 PM

එක ඇත්ත මේක නිදහස් අධ්‍යාපනයේ කප්පාදුවයි (අ)

:       0       0

නන්ද Friday, 13 November 2015 06:14 PM

මෙම කාරණයේදී දෙපැත්තක් බලන්න තිබෙනවා. රෙදි පැකට් කරන්නයි, ඒවා ප්‍රවාහනය කරන්නයි සහ එම පැකට් පාසල්වලට ගෙනාවට පස්සේ ඒවා ආරක්ෂා කරන්නයි යන වියදම සහ කාලය ගැන බැලුවහම මෙලෙස වවුචරයක් දෙන එක හොඳයි. පවුලේ සිසුන් කිහිප දෙනෙක් සිටිනවිට රෙදි සියල්ලම අරගෙන අවශ්‍ය ප්‍රමාණයට නිල ඇඳුම් මස්සවා ගන්න දෙමාපියන්ට පුළුවන්. ගුරු සංගම් කියන විදිහට මේ හදන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රමයෙන් නවතා දාන්න නම් ඒක බරපතල වරදක්. (නි)

:       0       0

පතිරණ Friday, 13 November 2015 06:22 PM

ගුරු සංගමයට දුප්පත් ජනතාවගේ ප්‍රණාමය! නිල ඇඳුම සමඟ සපත්තුත් ලබාදෙනවා නම් හොඳයි. බොරුවට රැස්වීම් වලදී පමණක් දරුවන්ට ආදරය පෙන්නුවාට වැඩක් නැහැ. (නි)

:       0       0

නවීන් Saturday, 14 November 2015 10:25 AM

නිල ඇදුම් මුලින්ම දෙන්න පටන් ගත්තෙත් යු එන් පී ආණ්ඩුවෙන් තමා...(බ)

:       0       0

චන්දන Saturday, 14 November 2015 12:13 AM

ඕනෑම දෙයකට විරුද්ධවෙන්නන් ගැන අපගේ කණගාටුව! (නි)

:       0       0

විපුල Saturday, 14 November 2015 06:11 PM

සාමාන්යෙන් වෙළඳ පොළේ ඇඳුම් මිල ස්ථාවර නොවන නිසා මෙය අවුරුද්දෙන් අවුරුද්දට මිල වැඩි කළයුතුවෙයි නේද? (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 14 November 2015 01:54 AM

මුදල් දෙන එක හොඳයි. ඒකෙන් රජයට ගොඩක් සල්ලි ඉතුරුකරගන්න පුළුවන්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 November 2015 02:00 AM

කාලයකට ඉහතදී පාසල් දරුවන්ට දිවා අහාරය වෙනුවෙන් මුද්දර කාඩ්පතක් නිකුත් කරනු ලැබුවා. එය අසාර්ථක වුණේ, සමුපකාරයෙන් ධාන්‍ය ආහාර වෙනුවට සබන් පවුඩර් ගන්න වුණ නිසයි. මෙම වවුචර් ක්‍රමය ක්‍රියාත්මක වුණොත් එයින් නිල ඇඳුම් වෙනුවට වෙන ඇඳුම් ගන්න වීම හෝ ගැනීම සිදුවේවි. ඒක නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1006 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1378 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5495 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1328 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5504 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4996 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17479 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site