IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නිල් ජම්පර අකුරැස්සේ : ලංගම බස් නිල් රැලි අස්සේ

නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සිරුකරුවන් ද දේශපාලන වැඩවලට යොදා ගැනීමට හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.

අකුරැස්සේ දේශපාලන රැලියක දී සිරකරුවන් 44 දෙනකු මැතිවරණ වේදිකාවක් ඉදි කළ බවද , දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් ඡන්දයට යොදා ගන්නා බව ද ද, ඒ අතර වේදිකා ඉදි කිරීම, සැරසිලි හා වෙනත් කටයුතු සදහා මානව සම්පත් ලෙස රැදවියන් යොදා ගන්නා බව ද එම සංවිධානය පවසයි.  

මාතර පැවැති එම රැලියට බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන,  කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණු බව ද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ අතර පානදුර පැවැති රැලියකට ලංගම බස් විශාල ප්‍රමාණයක් යොදා ගත් බව ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

20141214_101823 IMG_2924 IMG_2925 IMG_2926 IMG_2933 Prison1 prison2 prison4



අදහස් (0)

නිල් ජම්පර අකුරැස්සේ : ලංගම බස් නිල් රැලි අස්සේ

ඇන්ටන් Monday, 15 December 2014 09:11 AM

අදිකරණයේ සිට සිරගෙදර පහල සිරකරුවා දක්වා දේශපාලනයේ ඉත්තන් බවට පත්කරලා. (නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 15 December 2014 09:11 AM

සාදාරනය ගැන කතාකරන්නේ කොහොමද ? (නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 15 December 2014 09:14 AM

මට නම් කරකවලා අත ඇරියා වගෙයි මොනවද මේ අපේ රටේ වෙන්නේ මගේ ජිවිතේට මෙහෙම වැඩක් ඇහුවෙත් අද දැක්කෙත් අද.(හේ)

:       0       0

අමිළ Monday, 15 December 2014 09:25 AM

අපේ මිනිස්සු කී දෙනාද අන්තර්ජාලය භාවිතා කරන්නේ? මේ පුවත් රටේ බහුතරයකට දකින්න නෑ. (නදී)

:       0       0

දුලාන් Monday, 15 December 2014 09:27 AM

අනේ නාමල්, නිකන් කකා ඉන්නවා නම් යෙදවිය යුත්තේ සමාජ සේවයේ. අනෙකුත් දියුණු රටවල කෙරෙන්නේ එහෙමයි. එතකොට නිකන් ගෙවල් වල ඉන්න මිනිස්සු කරන්න ඕනා බලවතුන්ගේ මැතිවරණය වැඩද ? (නදී)

:       0       0

බුද්ධි Monday, 15 December 2014 09:35 AM

බන්ධනාගාරයට එයාලගේ ශ්‍රමයට මුදල් ගෙවලා ගත්තාද දන්නෙ නැහැනේ (නි)

:       0       0

තිස්ස Tuesday, 16 December 2014 05:38 AM

ලෝකය 21 ශතවර්ෂයට ගියාට ලංකාවේ ඉන්නේ වනචාරී කාලයේ අය....? (බ)

:       0       0

උපුල් Monday, 15 December 2014 05:22 PM

සාධාරන සමාජයක්.(හේ)

:       0       0

අජිත් Tuesday, 16 December 2014 05:50 AM

දෙන්නම්කෝ 8 වෙනිදාට. (නි)

:       0       0

ටුආන් Monday, 15 December 2014 09:47 AM

අපි සිතුවේ නැහැ මෙහෙම කරයි කියලා (නි)

:       0       0

වීරවංස Monday, 15 December 2014 09:58 AM

මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.(හේ)

:       0       0

බණ්ඩා Monday, 15 December 2014 10:00 AM

දැන් මුදලටවත් මිනිස්සු හොයා ගන්නත් බැරි තරමට වැටිලා ඉන්නේ.8 වෙනිදට වටෙන්නම කතිරේ ගහලා දාන්නයි තියෙන්නේ.(හේ)

:       0       0

තිලක් ඩුබායි Monday, 15 December 2014 10:04 AM

සුවාසිලන්තයේ,කෙන්යාවේ, වුගන්දාවේ, බන්ග්ලාදේසයේ...... නෙමෙයි මේ ශ්‍රී ලංකාවේ.(බ)

:       0       0

තිලක් ඩුබායි Monday, 15 December 2014 10:04 AM

මම නිකන්ද කියන්නේ ඔය ගෙන්වන්නේ දිස්ත්‍රික්ක 22 ම ඉන්න මිනිස්සු ටික. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 15 December 2014 10:05 AM

අනුරාධපුරේ රැස්වීමට දිස්ත්‍රික්ක 22 ක්ම ඇද්ද බස් තොගය1300 කටත් වැඩියි. (බ)

:       0       0

ඇනස්ලි Monday, 15 December 2014 10:50 PM

මෙවැනි දේවල් අපි හෙළා දකිනවා (නි)

:       0       0

හසන්ති Monday, 15 December 2014 10:32 AM

මේවාට මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

එශාන් Monday, 15 December 2014 06:31 AM

අපි ඉන්නේ නීතිය වල් වැදුන ගෝත්‍රික රටකද කොහෙද ? (බ)

:       0       0

ලසන්ත Monday, 15 December 2014 06:34 AM

ඕව ගණන් ගන්න එපා තව ටික දවසනේ! (බ)

:       0       0

දුමින්ද Tuesday, 16 December 2014 06:30 AM

තවත් මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද? (නි)

:       0       0

රවී - ඕමාන් Monday, 15 December 2014 06:36 AM

මේවට කතා කරන්න කවුරුත් නෑ.. දේවාලේ කපුවා දේවාලේ ..... කලට ගඳ නෑ කියනවලුනේ.(හේ)

:       0       0

අශෝක රළපනාව Monday, 15 December 2014 10:54 AM

ලංකාවේ නැති අපිට ලංකාවේ ඇත්ත කියන ලංකාදීපයට පින්. (නි)

:       0       0

නන්දන Monday, 15 December 2014 06:44 AM

මෙන්න මහලොකු සදරණේ සහ ප්‍රජතන්ත්‍රවදේ. සියලු බුද්ධිමත් ජනතාව මේවා බලලා හරි තීරණ ගන්න. ඉතින් කොහොමද නියම මැතිවරණයක් කරන්නේ.(හේ)

:       0       0

කසුන් Monday, 15 December 2014 10:58 AM

මේවා දකිද්දී අපිත් ඡන්දෙ දුන්නනේ කියලා හිතෙනවා.අපිට අපි ගැනම කළකිරෙනවා (නි)

:       0       0

අශාන් Monday, 15 December 2014 06:48 AM

බල තණ්හාවෙන් වියරු වැටිලා.(හේ)

:       0       0

මධුසංඛ Monday, 15 December 2014 11:09 AM

ඇයි ඡන්දෙට මෙච්චර බය.(හේ)

:       0       0

ප්‍රියරත්න Monday, 15 December 2014 06:55 AM

නිලට නිලේ රටම දිලේ. කාටද ආඩම්බර .(හේ)

:       0       0

වික්‍රමසිංහ Monday, 15 December 2014 06:58 AM

මෙහෙම ජනාධිපති ක්‍රමයක් තවදුරත් ඕනෑ කියලා කියන්න පුළුවන් කාටද: තීරණය ඔබේ අතේ.(හේ)

:       0       0

පාලිත මහින්ද Monday, 15 December 2014 07:02 AM

කියන්න දෙයක් නැතිව දැන් ඉතින් මොනවා හරි ඇදයක් හොයනවා.(හේ)

:       0       0

ෂෙහාන් Monday, 15 December 2014 07:04 AM

චීනයෙන් උගත් පාඩම්.(හේ)

:       0       0

චානක Monday, 15 December 2014 07:13 AM

මෙය හොඳටම ප්‍රමාණවත් ඡන්ද පෙත්සමකට.(හේ)

:       0       0

සඳුනි Monday, 15 December 2014 07:14 AM

පැහැදිලිවම මෙය ඉතා පහත් වැඩක්.(හේ)

:       0       0

පද්මිණි Monday, 15 December 2014 07:17 AM

දිනුවම හිරෙන් නිදහස් කරනවා කියල ඇති. හරිම ලජ්ජා සහගතයි.(හේ)

:       0       0

චන්න Monday, 15 December 2014 07:20 AM

මේවාට හිනා වෙන්නද අඬන්නද කියලා මම කල්පනා කරන්නේ ! (හේ)

:       0       0

ජනක Tuesday, 16 December 2014 02:24 AM

මේවා බලලා ඡන්දෙ දෙන අපි තමයි ලොකුම මෝඩයෝ. කලවානේ බස් මාතර කොහෙන්ද නැත්නම්. සී ටී බී එකට පාඩු නොවුණොත් තමයි පුදුමේ. (නි)

:       0       0

හිරු Monday, 15 December 2014 07:21 AM

මට තුන්වන වරට බලය දෙන්න රටේ විනයක් අැති කරන්න. තුන්වන වර දිනන්න භාවිතා කරන ක්‍රම දැක්කම හිතාගත හැකි විනය අැති කරන ක්‍රමය. (බ)

:       0       0

ඉන්දික Monday, 15 December 2014 07:22 AM

මේවා දැක දැක ඡන්දය දෙන අයට ගහන්න ඕන (බ)

:       0       0

රුචිත්‍ර සිරිවර්ධන Monday, 15 December 2014 07:23 AM

ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුයි. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 15 December 2014 12:14 PM

හිරකරුවන් තමන්ගේ ඡන්ද වැඩට ගැනීමත් මානුෂික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක් කියල ඔය දේශප්‍රේමීන් දන්නේ නැද්ද ? (නදී)

:       0       0

සෝබනා Monday, 15 December 2014 12:15 PM

කොහොමද වැඩ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 15 December 2014 12:17 PM

බුද්දිමත් ඔලු ගෙඩි වලින් පුරවන්න බැරි වුන අඩුව හිර ගෙවල් වල හිරකරුවන්ගෙන් පුරවන්නද හදන්නේ ? (නදී)

:       0       0

අබේ Monday, 15 December 2014 07:26 AM

රජයේ දේපළ මැතිවරණයට ගැනීම මහ අපරාධයක් (බ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 15 December 2014 12:18 PM

මේවා ලෝකයා දකිනකොට මොන විලි ලජ්ජාවක්ද. මනුස්සයෙක් උනහම ලැජ්ජාවක් කියල දෙයක් තියෙන්න ඕනේ. මේ මිනිසුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද අප්පා? (නදී)

:       0       0

ඡන්දිම Monday, 15 December 2014 07:30 AM

ඔන්න හොඳ ඡායාරූපයක්. මේක විශාල කටවුට් එකකට දාලා පෙන්නන්න තියෙන්නේ සාධාරන ඡන්ද කෙරුවාව කියලා. (නදී)

:       0       0

ජනක Monday, 15 December 2014 07:33 AM

දැන් මේ මිනිස්සු වැඩ කරන අතරේ පැනල ගියොත් මාතර පොලිසියද වග කියන්නේ ? නැතිනම් ඒකටත් පරීක්ෂණ පවත්වන්න කොමිටියක් පත් කරනවාද ? (බ)

:       0       0

දිලිප් Monday, 15 December 2014 07:34 AM

කළ වැඩ ගැන සැක නැත්නම් මෙච්චර නහින්න ඕනේ නැහැනේ? නමට පන්සිල් රකින සමාජයක් වැඩක් නැහැ. බෞද්ධයන් බහුතරය වගේම අනෙකුත් සියලු ආගමිකයන් එක් විය යුතු වෙලාවක්. මත්කුඩු, දුරාචාරයෙන්,දුෂණයෙන් තොර යහපත් සමාජයකට මෙවර මුල පුරමු. (බ)

:       0       0

කාන්ති Monday, 15 December 2014 07:34 AM

මෙහෙමත් ඡන්ද කෙරුවාවක් මගේ උපන් තේකට දැක්කාමයි. (බ)

:       0       0

සේන Monday, 15 December 2014 07:35 AM

අද උදේ ගාල්ලට එන්න එක බස් එකක්වත් නෑ. අන්තිමට ත්‍රී වීලර් එකක ගාල්ලට අවේ ඔන්න ආණ්ඩුව ජනතාව ගැන හිතන හැටි (බ)

:       0       0

අප්පුහාමි Monday, 15 December 2014 07:35 AM

බන්දුලත් ලජ්ජා නැතිව ජම්පරය ඇඳලා මෙතන වැඩද දන්නේ නැහැ (බ)

:       0       0

රුවන් සිල්වා Monday, 15 December 2014 07:37 AM

ඒ කියන්නේ මෙහෙම වැඩක්වත් කරවා ගන්න කවුරුවත් දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මට නම් තේරුනේ එච්චරයි. (බ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 16 December 2014 03:04 AM

කට්ටිය අහසින් එකපාරට පොළොවට බැහැලා.අපි නම් මේ චක්‍රය එදා ඉඳලා දැකපු දෙයක්.අපිට මේවා අරුම නැහැ.හ‍ඳෙන් ගොඩ බැහැපු අය පොඩ්ඩක් ඉවසලා ඉන්න ‍9 වෙනිදා වෙනකම්. (නි)

:       0       0

විමුක්ති Monday, 15 December 2014 07:38 AM

මේ මිනිස්සුන්ටද ඡන්දෙ දෙන්න කියන්නේ. දෙන්නම්කො හැට්ටි හැලෙන්න මෙදා පාර. (නදී)

:       0       0

බුවනෙක Monday, 15 December 2014 07:39 AM

කෝ මේ බන්දුල පෙරේරා? , දැන් කියන්න මේවා රටේ සංවර්ධනයට මේ කට්ටියවත් දායක කරගන්න වැඩ පිළිවෙලක් කියලා. (නදී)

:       0       0

රියාජ් Monday, 15 December 2014 07:39 AM

තව ටික දවසනේ (නදී)

:       0       0

ගයාන් Monday, 15 December 2014 01:11 PM

මේවාට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

ටනියා Monday, 15 December 2014 07:41 AM

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්ට පෝස්ටර් අලවන්න කතා කරලා කියලා ආරංචියක් තියනවා. (හේ)

:       0       0

දසුනි Monday, 15 December 2014 07:42 AM

දැන් සමහරුන්ට පුළුවන් ඇස් දෙකෙන්ම දැක ගන්න.මේවටත් මඩ කියයිද දන්නේ නැහැ.(හේ)

:       0       0

ලියනගේ Monday, 15 December 2014 07:43 AM

ඇයි කාටවත් මේවා පෙන්නේ නැත්තේ? (හේ)

:       0       0

රංග Monday, 15 December 2014 07:44 AM

මේ වැඩේ තියන භයානක පැත්ත වගකිව යුත්තන් තේරුම් ගත්තේ නැද්ද ? (හේ)

:       0       0

තුසිත් Monday, 15 December 2014 07:49 AM

බන්දුල පෙරේරා කටේ පිට්ටුද ? උත්තර දෙන්න මේවා නීතිය කෙසේ වෙතත් සදාචාර සම්පන්න වැඩද ? (අ)

:       0       0

හසන්ත Monday, 15 December 2014 07:50 AM

මේවා පවතින කම්යේ වරද නොව . මෙරට ජනතාවගේ වරද මෙවන් නිවට ජනතාවක් මැද ඕනෑම දෙයක් කිරීමට ඇති හැකියවි පාලකයා මේ කරන්නේ නිතිය බිද හෙලීමක් නොව මෙරට ජනතාවක් නොමැති බවත් ඉන්නේ බෝඩින් කාරයන් පිරිසක් නිසාය .ජනතා නැගිටීමක් නැති බව දැනීමේ (අ)

:       0       0

උමේෂ් Monday, 15 December 2014 07:51 AM

දැන් අර සෙත්මි නගා මුකුළු පපා කියාවි " අයියල අක්කිලා, මේවාත් සංවර්ධනයේම කොටසක් " කියලා. (අ)

:       0       0

චරිත Monday, 15 December 2014 07:53 AM

මම හිතන්නේ පක්ෂ ලාංඡනය කැරට් අලය වුනා නම් හොඳයි . (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 December 2014 07:55 AM

කට්ටිය අහසින් එක පාරට පොළොවට බැහැල..බලේ නැති එකා හැමදාම ඔහොම විලාප තියනවා..ඌට බලේ එනකන් ..ආවට පස්සේ කලින් එකාට වඩා හොදට ඌ ඒ වරද කරනවා..කලින් එකා ඒකට ලතෝනි දෙනවා..අපිනම් මේ චක්‍රය එදා ඉදල දැකපු දෙයක්..අපිට මේවා අරුම නැහැ..හැදෙන් ගොඩ බැහැපු අය පොඩ්ඩක් ඉවසල ඉන්න මෛත්‍රීෙග් යහ පාලනේ එනකම් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ඇරලා දාන්න. එතකොට කට්ටියට නාගෙනම යහපාලානේ අත් විදින්න පුළුවන් වේවි....(අ)

:       0       0

ජයන්ත Monday, 15 December 2014 07:56 AM

ආශ්චර්යය පෙන්වනවා කිව්වේ නිකමට නෙවෙයිනේ . ඔන්න බලා ගන්න කට්ටියම. (අ)

:       0       0

ගනිදු Monday, 15 December 2014 07:56 AM

දැනට ඉන්න විපක්ෂය බලයට ආවොත් එයාලගෙ මැතිවරණ ප්‍රචාරක වැඩ වලට සීටිබි බස් වලින් සෙනග අදින්න, හිරකාරයෝ එහෙම වැඩට ගන්න එකක් නැහැ නේද?(හේ)

:       0       0

සිල්වා Monday, 15 December 2014 07:59 AM

ලංගම බස් ඔක්කොම මේකට ගෙනල්ල.කට්ටියට යන්න බස් එකක් නෑ.(හේ)

:       0       0

නාමල් Monday, 15 December 2014 08:03 AM

ප්‍රියරත්න,ඔබ වැනි අයට මේ තත්ත්වය ආඩම්බරයක් වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී රටකට එහෙම නැහැ. මේවායින් රටේ මහජනතාවට බුද්ධිය පහළවේවා! (නි)

:       0       0

සත්‍යපාල Monday, 15 December 2014 08:09 AM

මේකට කවුරුවත් විරුද්ධ වෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්දය පවත්වන්න ඕනෑ නිසා ඇත්තටම පාක්ෂිකයන්ගේ සහය නැත්නම් සිරකරුවන්ගේ සහය හෝ ලබාගෙන ඡන්දය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළයුතුයි. (නි)

:       0       0

විමලසේන Monday, 15 December 2014 08:10 AM

මේවා නම් අනුමත කරන්න බැරි වැඩ (නි)

:       0       0

කේ. පෙරේරා Monday, 15 December 2014 08:10 AM

මහජනතාව මෝඩයෝ කියලා නම් කවුරුවත් හිතන්න එපා (නි)

:       0       0

ටියුඩර් Monday, 15 December 2014 08:10 AM

අපි නම් මොනවා වුණත් ඡන්දය නම් දෙන්නේ අපේ මහින්ද මහත්තයාටමයි (නි)

:       0       0

බුද්ධික Monday, 15 December 2014 08:14 AM

සිරකරුවන් පටු දේශපාලන වැඩවලට යොදාගැනීම අන්තිම නින්දිත වැඩක්.මේ තරමට ජනතා ආකර්ෂණයෙන් බංකොලොත් වෙලාද (බ)

:       0       0

අශෝක රළපනාව Monday, 15 December 2014 08:16 AM

අර ඇමති කිව්වේ අපි බැනර් ගහන්නේ නැහැ කට්ටිය ඇවිල්ල අරගෙන යනවා කියල.හිරෙන් පැනලද දන්නේ නැහැ මේ මිනිස්සු බැනර් අරගෙන ගිහිල්ල තියෙන්නේ.(බ)

:       0       0

දිනුක ජාගොඩ Monday, 15 December 2014 08:18 AM

අපි මේ රට සංවර්ධනය කරනවා කියල මොනවා කළත් වැඩක් නෑ. පියරත්නලා වගේ අය ගොඩක් මේ රටේ ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරන විදියේ නායකයෝ අපේ රටට ඕන. (බ)

:       0       0

කලන් Monday, 15 December 2014 08:20 AM

වැටත් නියරත් ...? (බ)

:       0       0

සෝබනා Monday, 15 December 2014 02:32 PM

මේවා දැක්කම අනේ අපොයි කියල හිතෙනවා . (අ)

:       0       0

පෙරේරා Tuesday, 16 December 2014 04:24 AM

ඒක තමයි මේ දවස් වල ලංගම බස් අඩු. මම ඒත් බැලුවා මොකද කියලා (නි)

:       0       0

සරත් Monday, 15 December 2014 08:21 AM

පිස්සු හැදෙනවා මේවා දැකලා (නි)

:       0       0

දර්ශණ Monday, 15 December 2014 08:24 AM

ආසියාවේ ආශ්චර්යය කියනවා හැරෙන්න මේවට වෙන මොනවා කියන්නද නීතියක් සදාචාරයක් නැති රටේ (නදී)

:       0       0

ලංකා Monday, 15 December 2014 08:25 AM

මේ විනාශයට අපිත් වගකියන්න ඕනා. ඒ නිසා වෙනසක් කරනවා අපි (නදී)

:       0       0

සමන්ත Monday, 15 December 2014 08:27 AM

අප්පුහාමි ඔයා කොහොමද හරියටම කිව්වේ බන්දුල මහත්තයත් ජම්පරයක් ඇදගෙන මෙතන වැඩ කියලා. ඔය අන්තිම පොටෝ එකේ ඉන්නේ එයාම තමයි (නදී)

:       0       0

ගුනිත් Monday, 15 December 2014 08:28 AM

මේවා දැකලත් තේරුම් ගන්නේ නැති මිනිසුන් අපි අතර බොහෝ සිටිනවා. අනුන්ගේ වැරදි ගැන කියන්න ඉස්සේල්ලා තමන්ගේ වැරදි ටික හදාගත්තානම් තමයි හොඳ. මොකද මිනිස්සුන්ට මේ වැඩ දකින කොට එපා වෙනවා. ඇත්තටම ලැජ්ජයි.(හේ)

:       0       0

නාලක Monday, 15 December 2014 08:29 AM

අන්තිමට මේ වැඩ ටික කරගන්න චීන්නුන්ව තමයි යොදවන්න වෙන්නේ. (හේ)

:       0       0

කැලුම් Monday, 15 December 2014 08:29 AM

අනේ මෙහෙම බල තණ්හාවක්.(හේ)

:       0       0

අශෝක- රළපනාව Monday, 15 December 2014 08:30 AM

මේවට තනි අකුරේ වැඩ කියලා තමයි කියන්න වෙන්නේ.(හේ)

:       0       0

සමන්ත Monday, 15 December 2014 08:32 AM

මේ වැඩේ හරි නෑ.(හේ)

:       0       0

දයා අලහාකෝන් Monday, 15 December 2014 08:41 AM

තව ටික දොහක් ඉවසමු. (නදී)

:       0       0

ශිරෝ Monday, 15 December 2014 08:46 AM

මේ වගේ වැඩ කරන ගමන් තව විනයක් හදන්නත් කතා කරනවා. මොන විලි ලැජ්ජා නැති වැඩද මේවා? ශිෂ්ට සම්පන්න සමාජය මේවා පිළිකුලෙන් හෙලා දකිනවා. (නදී)

:       0       0

සසන්ක Monday, 15 December 2014 08:52 AM

සිර කරුවෝද මනුස්සයෝය ..(හේ)

:       0       0

අශෝක Monday, 15 December 2014 08:53 AM

මේවා ලෝකයේ වෙනත් රටක වෙන දේවල් ද කියලා මම නම් දන්නේ නැහැ. (හේ)

:       0       0

ඕෂදී Monday, 15 December 2014 08:55 AM

මෙහෙම නොහොබිනා වැඩ කරන්නේ අපි පුරවැසියන්ද එහෙම නැතිනම් යටත් වැසියන් කියල හිතා ගෙනද ? (නදී)

:       0       0

සේනක Monday, 15 December 2014 08:56 AM

රට බේරා ගත්තනේ. අනේ කමක් නැහැ. (නදී)

:       0       0

විමල් Monday, 15 December 2014 08:56 AM

නිල්වෙන්න හම්බ වෙයි ජනවාරි 8 වෙනිදට. බලන් ඉන්න බලතණ්හාවට රට ජාතියම වනසන මේ කල්ලිය නිතිය ඉදිරියට ගෙන ඒම ඉදිරි ජනාධිපතිතුමාගේ වගකීමක්. (නදී)

:       0       0

චම්පික Monday, 15 December 2014 08:57 AM

මට හිතා ගන්න බැරි මේ රටේ පුරවැසියන්ව කාට ආදේශ කරලද කියලා (නදී)

:       0       0

නිලංග Monday, 15 December 2014 08:59 AM

ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි! අපි රැකියාව කරන රටේ මැතිවරණය මතක් වෙන කොට මේවා දැකල පොලව පලා ගෙන යන්න හිතෙනවා. (නදී)

:       0       0

නාමල් Monday, 15 December 2014 09:04 AM

මේකේ මොකක්ද වැරැද්ද රජයෙන් නිකන් ක කා ඉන්න එකේ ජනපතිට සහය දුන්නම.(හේ)

:       0       0

උපුල් Monday, 15 December 2014 09:04 AM

විලි ලැජ්ජාවේ බැහැ (නදී)

:       0       0

කළු Monday, 15 December 2014 09:10 AM

මුළු රටේම මිනිස්සු බැල මෙහෙවරට අරන්ද රට සංවර්ධනය කරන්න යන්නේ ? (නදී)

:       0       0

කුමාර් Monday, 15 December 2014 09:10 AM

මේ හදන්නේ ඉදිරියේදී තවත් රට විනාශ කරන්නයි (නදී)

:       0       0

කැලුම් Monday, 15 December 2014 09:10 AM

මේ හැටියට සාධාරණ ඡන්දයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 123 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 601 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 657 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 261 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 723 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2015 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site