IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නිල් බලකායේ පැරණි සාමාජිකයෝ ඇමති මහින්ද අමරවීර එක්ක ගැටෙති

චන්ද්‍රසේන ගමගේ
 
එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා සමඟ මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ  නිල්බලකායේ සාමාජික පිරිසක් අතර අද (09)  උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.
 
රන්න අදුපැලෑන ප්‍රදේශයේ මහින්ද අමරවීර මහතා සංචාරය කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි නිල් බලකායේ හිටපු පිරිසක් අමරවීර ඇමති වරයා ගේ හිතවතුන් ඡන්දය සඳහා අල්ලස් ලෙස බඩු බෙදන බවට චෝදනා කොට තිබේ.
 
මෙම පිරිස අතර පසු ගිය රජය සමයේ නිල්බලකායේ ප්‍රධාන පෙලේ ක්‍රියා කාරියෙකු ව සිට මෙවර පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකු සිටි බවට ඇමතිවරයාගේ ආධාර කරුවන් චෝදනා කරති.
 
නිල්බලකායේ හිටපු සාමාජිකයින් පවසන්නේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ ආධාරකරුවෙකු මැතිවරණ අල්ලස් ලබා දෙමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව ඒ ගැන සොයා බලන්නට ගිය බවත්ය.ඇමති වරයා තමන්ට තර්ජනය කළ බවත් ඔවුන් පවසති.
 
මේ සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතාගේ පාර්ශවය හුංගම පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවත් ඒ අනුව පරීක්ෂණ සිදු කරන බවත් පොලීසිය පවසයි.

 

 

 

 

 

 

 



අදහස් (18)

නිල් බලකායේ පැරණි සාමාජිකයෝ ඇමති මහින්ද අමරවීර එක්ක ගැටෙති

පිටිගල මිලානෝ Friday, 09 February 2018 04:40 PM

නිල් බලකායේ නිර්මාතෘ ඇතුළු කට්ටිය නිසා පොහොට්ටු කාරයොන්ට වැටෙන ඡන්ද දෙකතුනත් නැති වෙයි වගේ.

:       4231       3758

Sathyayaa Friday, 09 February 2018 10:21 PM

බලය අහිමි අය මෙහෙම බලය පාවිච්චි කරනවා නම් මේ අයට නැවත බලයක් ලැබුණොත් විරුද්ධ පාක්ෂිකයින්ට තාජුදීන් සරණයි !

:       0       6

rathne Saturday, 10 February 2018 12:27 AM

එජාප සහ අමරවීර සාමාජිකයින් අතර ගැටලුවක්නේ මෙතන වෙලා තියෙන්නේ. නිල් බලකායේ හිටපු, යන්න භාවිතා කිරීමෙන් මෙහිදී හිතාමතාම මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති පක්ෂයකට අගතියක් සිදුකරලා.

:       0       117

රවින් Saturday, 10 February 2018 12:49 AM

ආ !. මේක පවුලේ ප්‍රශ්නයක්. පින්තූරවල හැටියට නම් ප්‍ර.පො.ප. මහත්තයත් ඉඳලා වගේ...

:       0       0

Kamal Saturday, 10 February 2018 01:59 AM

නිල් බලකායට දැන් මන්දපෝෂනේ වගේ.

:       0       0

rocky Saturday, 10 February 2018 02:07 AM

ඔය කියන බලකායේ සමහර කෙරුවාවල් අපි නොදන්නවා නෙවෙයිනේ!

:       0       0

sahan Saturday, 10 February 2018 02:37 AM

ඔය නිල් බලකා පිහිටවන කොට යේස් සර්... යේස් සර් කියකියා මහරජාගේ හා බේබිගේ පස්සෙන් දිවපු කීකරු පැටව් දැන් චණ්ඩියා වෙලා... පොදු අපේක්ෂකයා එනකොට එන්න පිට කොන්දක් නොතිබිච්ච කෙනා දැන් දේශපාලන ලෝකේ රජ වෙන්න දඟලනවා. යූ.එන්.පී පොහොට්ටු දෙගොල්ලන්ටම කරන්න තියෙන්නේ මේ වගේ දෙපත්නයින්ට දේශපාලනෙන්ම එලවලා දාන්න.

:       0       0

kumaaa Saturday, 10 February 2018 03:18 AM

අමතක නොවන පාඩමක් මේ සැරේ උගන්වමු.

:       0       8

සතයපාල Saturday, 10 February 2018 04:03 AM

ප්‍රධාන පක්ෂ දෙකට මේ පොරය නවත්තගන්න වුවමනාවක් හෝ හැකියාවක් නැහැ. මේ වගේ අය කොහොමද එකතු වෙලා රටක් නොවෙයි ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්නේ...

:       0       0

fair Saturday, 10 February 2018 05:02 AM

අමරවීර මහත්තයා මොකද සංචාරය කරන්නේ ඡන්ද ප්‍රචාරක නැවතුණාට පස්සේ...?

:       0       7

rama Saturday, 10 February 2018 07:23 AM

කලින් නිල් බලකායේ වුණාට දැන් එජාපෙ අපේක්ෂකයෙක් නේ...

:       0       35

rohan Saturday, 10 February 2018 08:40 AM

ගහ මරාගෙන කරන මේ ජරා දේශපාලනේ දැන්නම් එපා වෙලා. නමුත් තවමත් සමහරක් මේ වැඩේට හරිම කැමතියි. මෙ දේවල් වලින් පේන්නේ එ්කම තමයි.

:       0       111

BamunuarachchiSunday, 11 February 2018 06:42 AM

ඔබ ගහ ගන්නෙත් නැහැ මම ගහ ගන්නෙත් නැහැ. ඉතින් අපිට මොකෝ මෝඩ රැල ගහ ගත්තාම. දේසපාලුවෝ කරට අත දාගෙන ඉන්නවා දැක්කාම කවදා හරි තේරුම් ගනීවි තමන් මහා මෝඩයෝ කියලා.

:       0       1

කුමාර් (ගල්ෆ්) Saturday, 10 February 2018 10:36 AM

මේ මිනීමරු කල්ලිය ආයේ ගොඩ එන්න වගෙයි හදන්නේ, තව පරණ හොරු රාජ්ජය, බලය එහෙම ගත්තොත් කොහොමට හිටීද?

:       101       12

BamunuarachchiSunday, 11 February 2018 05:46 AM

ඊයේ ඡන්ද ප්‍රතිඵල එනතුරු ටී වී නාලිකාවක තිබුන සංවාදය බැලුවාද??? ඒ සංවාදය ඔබලා වගේ අය සඳහාම සකස් කරපු එකක් කියා හිතෙනවා.

:       0       1

chathuri perera Saturday, 10 February 2018 11:24 PM

මුන් සත්තු ..................

:       0       0

Bamunuarachchi Sunday, 11 February 2018 05:42 AM

"නිල් බලකායේ නිර්මාතෘ ඇතුළු කට්ටිය නිසා පොහොට්ටු කාරයොන්ට වැටෙන ඡන්ද දෙකතුනත් නැති වෙයි වගේ." දැන් කකුල් දෙකේ පෙරා ගන්නේ නැතුව පස්ස නොබලා දුවන්න.

:       0       40

wasantha Sunday, 11 February 2018 09:39 AM

නිල බලකාය ආපු ගමන් හදාවි. පස් කපයි ගස් කපයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1371 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 485 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 153 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 432 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 782 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 280 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site