IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිල රියෙන් මිනී 150ක් අදී

තම නිල රථය අවමංගල රථයක් කරන බවට දේශපාලන වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී එය ඉටුකළ අපුරු දේශපාලකයෙක් ලංකාදීප එසැණට පසුගියදා හමුවිය. මල්හාමිගේ විජේසිංහ, පදවිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි. 1997 සිට 2002 වර්ෂය තෙක් පදවි ප්‍රාදේශීය සභාවේ සභාපති වූ විජේසිංහ මහතා 2002 වර්ෂයෙන් පසු දේශපාලනයෙන් ඉවත්ව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ජනපද නිලධාරියෙකු වශයෙන් කටයුතු කරයි.

ප්‍රශ්නය, ඇයි ඔබ ඒවගේ පොරොන්දුවක් පදවිය ජනතාවට ලබා දුන්නේ.

පිළිතුර, ඔය නිල රථයේ ඉඳගෙන සභාපතිවරයෙක් යන්නේ හරිම තේජාන්විතව. බස් නැවතුමක ඉන්න කිසිම මගියෙක් දාගෙන යන්නේ නැහැ. පදවිය, පරාක්‍රමපුර,අලිවන්ගුව, වැලිඔය යන ප්‍රදේශ වලට ඒ දවස්වල පොදු ප්‍රවාහනය ගොඩක් අඩුයි. නමුත් කිසිම දවසක සභාපතිගේ වාහනේ අහිංසක මනුස්සයෙක් දාගෙන යනවා මම දැක තිබුණේ නැහැ.

ප්‍රශ්නය, ඔබ දිනුවට පස්සේ නිල රථය අවමංගල රථයක් කරන්න ඔබට පුළුවන් වුණාද?

පිළිතුර, ඇයි නැත්තේ මම මෘතදේහ 157ක් අවුරුදු පහ තුළ ප්‍රවාහනය කරලා තියෙනවා. අනුරාධපුර රෝහලේ මියගිය තම පවුලේ සාමාජිකයා පදවියට පරාක්‍රමපුරට අලිවංගුවට ගෙන්න ගන්න වත්කමක් නැති අසරණ මිනිස්සු මට ඇවිත් කිව්වාම කිලෝමීටර් 140ක් දුරගෙවලා මම මිනිය පදවියට ගෙනාවා. එතැනදී සභාපතිත් මම රියදුරත් මම. ඒ දවස්වල  කොටි ගහපු  තැනට බය නැතිව මම යනවා. ඒ ගිහින් තුවාල කරුවන් අරගෙන පදවි රෝහලට එනවා. නිල රථයට අලුත් ටයර් ගන්න ප්‍රාදේශීය සභාවේ සල්ලි තිබ්බේ නැහැ. පදවි රෝහලේ ගිලන් රියෙන් ඉවත් කරන ටයර් දාගෙන තමයි මම වාහනය පාවිච්චි කළේ.

ප්‍රශ්නය,  ඇයි ඔබ දේශපාලනයෙන් ඉවත් වුණේ?

පිළිතුර, පරම්පරාවට අදින ඉහළ අපේක්ෂකත්වයක් ගන්න ලොක්කන් ඉදිරියේ හොටු පෙරන්න ඕනෑ මේ ජරා දේශපාලන රටාව මට එපා වුණා. බලන්න මේ දේශපාලකයන් මොනතරම් මිනිස්සු රවටනවද කියලා? පසුගිය මැතිවරණයේ මම දැකපු අප්‍රසන්නම දෙයක් මම ඔබට කියන්නම්.  එදා පරාක්‍රමපුර පන්සලේ මිනිස්සු පිරිලා හිටියා. ඇතැම් අය හිටියේ උදේ දහයේ ඉඳලා. විපරම් කර බැලුවාම මොනවද බෙදනවාලු. ඔන්න හවස හතරට විතර ආරක්ෂක රථ පිරිවරාගෙන ලයිට් දාගෙන ගිනි විදගෙන උතුරු මැද පළාතේ හිටපු ප්‍රධානියෙක් එනවා. ඇවිත් බෙදාගෙන බෙදාගෙන ගියා. බෙදපු දේ මට ඔබට කියන්නත් ලැජ්ජයි. අල කිලෝ 4ක් . අනේ දෙයියනේ අල කිලෝ හතරක් බෙදන්න ආපු දුරක්.මම සභාපති වී හිටියෙත් ඒ පක්ෂයෙන්ම තමයි. බලන්න මිනිස්සු රවටන තරමක්. ඒ වගේම රැවටෙන තරමක්.

ප්‍රශ්නය, නැවත දේශපාලනයට එන්න අදහසක් නැතිද?

පිළිතුර, අවංක කමට තැන දෙනවානම් අවංක කම පිළිගන්නවා නම් නැවත සලකා බලන්න පුළුවන්. එහෙම නැතිව පාද නමස්කාර දේශපාලනයට මම කැමති නැහැ. මම පදවිය පරාක්‍රමපුරට ගිය හැටියේ මිනිස්සු මාව වට කරගෙන කියන්නේ දේශපාලනයට එන්න කියලා. ඒ මිනිස්සුන්ගේ ආදරය කරුණාව හැමදාම මට ඕනෑ නිසා මේ විදියට මම ඉන්නවා. දේශපාලනය කරන්නම ඕනෑ නැහැ සමාජයට සේවයක් කරන්න. අපි එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට පිරිසිදු වතුර ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරතියෙනවා. මේ වෙනකොට පවුල් 750කට වතුර ලබා දෙන්න අපිට හැකි වුණා.

 



අදහස් (0)

නිල රියෙන් මිනී 150ක් අදී

ටෙනිසන් Monday, 20 April 2015 03:52 AM

ගමනක් පටන්ගෙන මගක් ගොස් මහා ධන සම්භාරයක් එක්රැස් කළ පතාක යෝදයෙක්. ඔබ එක්රැස් කළ මිනිස් ධනය කිසිවෙකුටත් සොරකම් කළ නොහැකිය.මැරෙන තුරු ඔබ ධනවතෙක්. ඒ සතුට කිසිදා ඔබ දුගියෙක් නොකරයි.ඔබට දිගායුස.(බ)

:       0       0

මාටින් Monday, 20 April 2015 04:08 AM

කරල්ලියද්දට බඩු හම්බවෙයි වගෙයි පෙන්නේ (බ)

:       0       0

සුනිල් අබුධාබි Monday, 20 April 2015 04:27 AM

මිනිසුන් අතෙර දෙවියෙක් (ම)

:       0       0

නිමල් ලලිත Sunday, 19 April 2015 02:54 PM

මහත්මයණනි ඔබ හැකි තරමින් ඉහළින් මහත්මා දේශපාලනයක් කිරීම ගැන ඔබට පින්.ස්තුති .අද තුමාලා කරන වැඩ නිසා එවැනි වචනයකින් ඔබ වැනි මහත්මයෙකු ඇමතීමට සිත ඉඩ දෙන්නේ නැහැ. (බ)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 02:55 PM

දුප්පත් ජනතාවට නිහඩ සේවයක් කළ මහතෙක්. අගමැති කමට හෝ ජනාධිපති කමට සුදුසුයි. දේශපාලනේ කරලා නිකන් ඇමතිලා පලා බබාලා වෙලා වැඩක් නැහැ. (බ)

:       0       0

පිටිගල Sunday, 19 April 2015 02:59 PM

මේ වගේ මිනිස්සුන්ට තැනක් දෙන්න කිසිම පක්ෂයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔක්කොම රට කන අය (බ)

:       0       0

ගුණරත්න Sunday, 19 April 2015 03:10 PM

ඔයවගේ උඩුගම් බලා පිහිනන දේශපාලඥයන් පිළිගන්න බොහෝ නායකයන් අකමැතියි. ඔවුන්ට ඕනෑ එහෙයියන්...(බ)

:       0       0

ඩේවුඩ් Sunday, 19 April 2015 03:15 PM

පුදුමයි (බ)

:       0       0

වන්නි චමින්ද Sunday, 19 April 2015 03:19 PM

මෙවන් දේශපාලකයින් රටට ආඩම්බරයකි. අවංකවම ඔහු මෙවන් දේ ඉටු කර ඇත්නම් මෙතුවක් කල් මෙවන් උතුම් පුද්ගලයෙක් පිළිබඳව මාධ්‍ය වාර්තා නොකළේ මන්ද? සත්‍ය එය නම් ලංකාදීපේ තවත් එක් සැබෑ මාධ්‍ය මෙහෙවරක්. (බ)

:       0       0

ඈන් Monday, 20 April 2015 05:16 AM

මේ වගේ අය තමයි රටකට ඕනේ.(ම)

:       0       0

රොෂාන් Monday, 20 April 2015 05:39 AM

අවංක වටින මිනිහෙක් (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 19 April 2015 03:37 PM

මහත්මයාණෙනි ඔබ ඉතාම යහපත් අයෙක් (බ)

:       0       0

ලාල් Sunday, 19 April 2015 03:38 PM

පහුගිය කාලයේ මෙවැනි අවංක අය හිටියද කියා හිතන්නවත් පුලුවන්ද?පහුගිය කාලයේ හිටපූ පාදඞ දේසපාලුවන්ගේ පාදඞ වැඩ ගැන මෙතුමට කලකිරෙන්න ඇති. (බ)

:       0       0

මංජු Sunday, 19 April 2015 03:47 PM

මම පුදුමවෙනවා දුක් ගන්න රාළලාගේ ප්‍රතිචාර නැත්තෙ කියල. (බ)

:       0       0

අසිත Monday, 20 April 2015 02:50 PM

තනතුරු තානාන්තර වල රජයන අය අතර මිනිසුන්ගේ හදවතේ රජයන ඔබ විශිෂ්ටයි (නි)

:       0       0

විදුර Monday, 20 April 2015 03:15 PM

ඔබට තුති! (නි)

:       0       0

රංජිත් සෙනෙවිරත්න Sunday, 19 April 2015 04:03 PM

මම ඔබට කැමතියි (බ)

:       0       0

නෙත්මි Monday, 20 April 2015 06:42 AM

ඔබ සියලුම දේශපාලුවන්ට ආදර්ශයක්. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි! (නි)

:       0       0

කෝලියවංශ Sunday, 19 April 2015 05:06 PM

ජාතියේ උපහාරය !!! (ස)

:       0       0

කමණි Monday, 20 April 2015 07:06 AM

මෙන්න මේ වගේ මහත්මා ගති තියෙන මිනිසුන් තමයි දේශපාලනය කරන්න ඕන. ජනතා සේවකයෙක් වෙන්න ඕන.එ්ත් අපෙත් රටෙත් අවාසනාවට අද රට කරන්නේ රටට ජාතියට ආදරයක් ඇති නායකයෝ නොවේ . (බ)

:       0       0

විකී Sunday, 19 April 2015 05:48 PM

මෙම පුද්ගල ඇගයීම සමාජගත වීම අනර්ඝ කාර්යක්. හැකිපමනින් අනෙකාගේ අර්ථය උදෙසා වැඩ කරන ශ්‍රේෂ්ඨයින්, මතුකර පෙන්වීම සමාජ විඥානය ගොඩ නැඟීමට ලේඛකයා කරන මහඟු කාර්යක්.. එතකොටයි පාඨක සමාජයේ ගෞරවයක්‌ සැබෑ ලේඛකයා කෙරේ ඇති වෙන්නේ.. මට දැනෙනවා අප සමාජය අලුත් දිශානතියක් තෝරා ගැනීමේ සලකුණු පෙන්වන බව..(ස)

:       0       0

රොමේෂ් සිල්වා Sunday, 19 April 2015 07:12 PM

විශිෂ්ඨයි මහත්මයා. (ස)

:       0       0

අසෝක Sunday, 19 April 2015 08:11 PM

ඔන්න ඕක තමයි මෛත්‍රී ජනාධිපතිවරණයට ඉල්ලුවේ. (ස)

:       0       0

දිනූෂා Sunday, 19 April 2015 09:53 PM

විශිෂ්ටයි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 April 2015 11:07 PM

බඩගෝස්තරය වෙනුවෙන් කටට එන ඕනෑම දෙයක් කියලා තමන් විතරක් රැකෙන්න ඕනෑ කියලා වැඩකරන දේශපාලන වටපිටාවක , කෝටි ගණන් වංචාකරලා යටිමඩි ගහලා පරම්පරා ගානකට හරිහම්බ කරගෙන රටටම කරදරයක් වෙලා පණයනතුරු රටම කන්න දඟලන , කුමන හෝ බොරුවක් කරලා බලයම රැකගන්න දඟලන දේශපාලකයන්ට, මේ ප්‍රතිපත්තිගරුක මනුස්සයාගෙන් ඉගෙනගන්න මොනතරම් දේ තියෙනවද? (නි)

:       0       0

අසංක Monday, 20 April 2015 09:27 AM

කවුරු හරි දන්නවනම් කියන්නකෝ මේ මහත්මයාගේ නම මොකක්ද කියල. මේ වගේ අයව අපි අගේ කරන්න ඕන (බ)

:       0       0

අනුරාධ මෙල්බර්න් Monday, 20 April 2015 01:44 AM

ඔබ වෙනුවෙන් ලියන්න මට කිසිවක් නැත. පුවත කියවනවිට මෙගේ ඇසින් ගලායන කඳුළු ඔබ වැනි උතුම් මිනිසුන් වෙනුවෙන් දහසක් දේ ලෝකයට පවසනු ඇත. (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Monday, 20 April 2015 02:12 AM

අනුරාධ -මෙල්බර්න්, මහත්මාණෙනි, මෙවැනි උතුමන් තවත් සියයක්වත් හිටියා නම්, ඉන්නවා නම් අපේ රට කොතනද? වර්තමානයේ සිටින අයගේ දෙනෙතට දිස්වේවා! (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 02:26 AM

කතා දෙකක් නැහැ. හොඳ දේශපාලකයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1064 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1137 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 502 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 910 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site