IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ඔක් 9දා BMICH හිදී

2016-09-24-ent-127

පුංචි කපිල උගත්තේ හලාවත ආනන්දයේය. පුංචිම පුංචි දවස්වල පටන්ම සංගීතයට ඇලූම් කළ කපිලගේ පාසලේ සංගීත ගුරුතුමිය වූයේ ලලිතා අධිකාරි නම් ආදරණීය ගුරුමහත්මියයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇඳුරුතුමිය වූ ඇය කපිලලාට සරිගමපදනි යන සප්ත ස්වරය පමණක් කියානොදී විවිධ ගායන හා වාදන තරගවලටද යොමු කළාය.

2016-09-24-ent-128මේ නිසා පාසල් මට්ටමේ විවිධ තරග නියෝජනය කිරීමේ වාසනාව කපිලලාට උදාවිය.

සාමාන්‍ය පෙළ අවසන්ව, උසස් පෙළ පන්ති ආරම්භ වූ පසුව, හලාවත ආනන්දයේ ඉගෙන ගන්නට අලූත් අලූත් සිසුවියෝද පැමිණියහ.

කොල්ලෝ මේ අලූත් කෙල්ලන්ගේ රූ සිරි විසිතුරු නරඹන්නට පටන්ගත්තෝය. එතරම් උසත් නැති හීනි මූණක් තියෙන ලස්සන කෙල්ල කපිලගේ හිත ගත්තේය.

‘‘අඩෝ ඔය අපේ ලලිතා මිස්ගේ දුව’’ කවුදෝ කී විට කපිලගේ පපුව ගැස්සුනේය.

‘‘එහෙනම් ඒ කෙල්ල මගේ... ගුරුවරු හොඳම ගෝලයාටනේ තමන්ගේ දුවව සරණ පාවලා දෙන්නේ.’’ කපිල කීවේ ටික වේලාවකට පසු හදගැස්ම අඩුව යද්දීය.

‘‘මිස්ගේ දුව නෙලූනේ.’’

නෙලූ යන හෝටර්න්තැන්නේ දී වසර දොළහකට වතාවක් මල් පුබුදුවන ලස්සනම මල් විශේෂයකි. නෙලූට නෙලූ යන නම දැම්මේ කුමක් නිසා වන්නට ඇද්දැයි කපිල කල්පනා කළේය.

කෙසේ හෝ වැඩි දවසක් නොගොස් කපිල, තමන්ගේ පේ‍්‍රමණීය සිත නෙලූට තේරුම ගන්නට ඉඩ ඇරියේය. අම්මාගේ හොඳම ගෝලයා නිසා නෙලූද කපිල කෙරෙහි ලෙන්ගතු විය.

උසස් පෙළ අවසන් වූ පසුව නෙලූ මෙන්ම කපිලත් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

සාමාන්‍යයෙන් සරසවි සමය යනු යොවුන් සිත්වල පේ‍්‍රමයේ මල් පූදින සුන්දර කාල පරිච්ජේදයකි. ගෙවල්වලින් දුරස්ව සරසවිවල ගෙවන කාලයේ නිදහසක් භුක්ති විඳින්නට වැඩි ඉඩකඩක් තිබෙන නිසාය.

කපිලත් නෙලූත් මේ සුන්දර වකවානුවේ පෙම්වත්තු බවට පත්වූහ. අද යුවතිපතින්ව, මව්පියන්ව, කඩුවෙල පැත්තේ කැදලි තනාගෙන සිටින බැවින් ඔවුන්ගේ පේ‍්‍රම කතාවට බාධා තිබුණේ නැතිදැයි ඇසීමේ තේරුමක් නැත.

එනිසාම අපේ කතාබහ කලා ප‍්‍රවිශ්ඨකට යොමුකරනු සඳහා සුදුසු මාතෘකාවක් කල්පනා කරමින් මම බලා සිටිමි. දෙපතුල දක්වාම දික්වුණු කළුපාට සායකිනුත්, සමනල අත්තටු සහිත රතුපාට බ්ලවුසයකිනුත් සැරසුනු නෙලූ ඇයට හුරු පුරුදු ලස්සන සිනාවෙන් දෙතොල සරසා ගත්තාය.

 

සිනාවකට වඩා ඔබේ කඳුළුවලට මං ආසයි

ඒ කඳුළු සලන්නේ මා වෙනුවෙන්නම්

කදුළුවලට වඩා සිනාවකට මං ආසයි

ඒ සිනා නගන්නේ මං වෙනුවෙන්නම්.......

 

පෙර දවසක නෙලූගේ හඬින් ගැයුනු ගී පද මගේ මතකයේ අලූත් විය.

 

‘‘එතකොට ඔයා ගායිකාවක් වෙන්න හීන දැක්කේ?’’

මම නැවත වරක් නෙලූගේ මුහුණ බැලූවෙමි.

‘‘මම ගායිකාවක් වෙන්න හීන දැක්කෙ නෑ.’’

ඇය කීවාය.

මම විමතියට පත්විමි. සාමාන්‍යයෙන් අපි කවුරුත් පුංචි දවසේ පටන් සිහින දැක දවසක ඒ සිහිනය සැබෑ කර ගත්තවුන්ය. මම පත්තරකාරයෙක් වන්නට, නවකතාකාරයෙක් වන්නට, ගීත රචකයෙක් වන්නට මොනතරම් සිහින මැව්වා දැයි මට සිතිනි. එහෙත් නෙලූ ගායිකාවක් වන්නට සිහින දැක නැත.

 

‘‘එසේ නම් ඇය ගායිකාවක් කළේ කවුරුන්ද?’’

‘‘මට ඕනෙ වුනේ උපරිමේටම සංගීත දැනුම ලබාගෙන ඒ දැනුම දරුවන්ට ලබාදෙන්න. මොකද මම හරිම කැමතියි දරුවො එක්ක කාලය ගත කරන්න. ඒ කාලය මට මිහිරක්....’’

 

‘‘එතොකට ඔයා ගායිකාවක් වුණේ කොහොමද?’’

මම යළිත් අසමි.

 

‘‘ඒක සිද්දවුණේ අහම්බෙන්.’’

නෙලූ අර ලස්සනම සිනාවෙන් නැවත වරක් තම දොතොල් පෙති තෙමා ගත්තාය.

‘‘රෝහණ වීරසිංහයන් සංගීතය නිර්මාණය කරපු සුදෝසුදු ටෙලිනාට්‍යයේ හුඟාක් කවි තිබුණා. ඒ කවි කියන්න එයාට ඕනෙ වෙලා තිබෙුණ අලූත් හඬක්. ඒ හඬට මට ආරාධනාවක් ලැබුණා. ඉතින් මම ගිහින් ඒ කවි ගායනා කළා.’’

‘‘නෙලූ ඔයාට තියෙන්නෙ හොඳ හඬක් ඒවාගේම ඔයාට හොඳ ගායන හැකියාවකුත් තියෙනවා. ඕකෙන් ප‍්‍රයෝජන ගන්න...’’ රෝහණ වීරසිංහ කීවේය. ඉන් නොනැවතී ඔහු සිංග් ලංකා ආයතනයට නෙලූ කැඳවා ගෙන ගොස් කුලරත්න ආරියවංශට හඳුන්වා දීමටද කටයුතු කළේය.

‘‘ඒ කාලේ කැසට්, සී.ඞී. මහ ලොකුවට විකිණෙන කාලේ මේ කාලෙදි හැම ගායකයෙක්ම වගේ අලූත් ගී නිර්මාණ කරලා අලූතින් සී.ඞී, නිකුත් කරනවා. ඉතින් මමත් සී.ඞී. එකක් කරන්න ගීත ටිකක් කර ගත්තා.

නගේ මලේ, ඔබ අසා සිටීනම්, මම යන්නම් වගේ ගීත කරගෙන ඉන්නකොට ටොරානා එකෙන් මට කතාකළා. සී.ඞී. එකක් කරන්න. මම ඒ කතාව කුලේ අයියට කිව්වා.

‘‘නංගී මේක හොඳ අවස්ථාවක්. ඔයා මේක මගඅරින්න එපා.’’කියලා කුලේ අයියා කිව්වා. ඔන්න ඔය විදිහට මගේ පළවෙනි ගීත එකතුව ‘සයුරේ රළසේ’ නිර්මාණය වුණා.

 

‘‘මේ පළවෙනි ගීත එකතුවෙන්ම නෙලූ අධිකාරි ජනපි‍්‍රය වුණා?’’

මම නෙලූගෙන් අසමි.

‘‘ඇත්තටම මේ ගී එකතුවේ තිබුණු ගීතවලින් හතරක්ම හොඳටෝම ජනපි‍්‍රය වුණා. මේ ගී ජනපි‍්‍රය කරගන්න මට මාධ්‍ය සහයෝගයත් හොඳටම ලැබුණා...’’

‘‘ඒක වාසනාවක් කියලා මට හිතෙනවා.’’

‘‘ඇත්තටම... මටත් හිතෙන්නෙ ඒක වාසනාවක් කියලා. මොකද අද රටේ ඕනතරම් දක්‍ෂ ගායකයො ගායිකාවො ඉන්නවා. නමුත් ඔවුන් සැඟවිලා ඔවුන්ට තමන්ගේ නිර්මාණය හරහා මතුවෙන්න බැහැ. ඒ නිසා වාසනාව ගැන විශ්වාස කරන්න අපිට සිද්ධ වෙනවා. මට ඒ වාසනාව තිබුණා.’’

නෙලූ අධිකාරි ගීත අම්බරයේ සුවිශේෂී දිලෙන තරුවක් බවට පත්වුයේ ඒ අයුරෙනි. ඉනික්බිතිව, මං නැතිදා නමින්ද කඳුළ නමින්ද නෙලූ අධිකාරි තවත් ගීත එකතුන් දෙකක්ද නිකුත් කළාය.

 

හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ

අහසට ලංවී කවි කියනා

ඒ කඳු පාමුල තණ පඳුරක් වී

ඉන්නම් පොලොවට දුක මුමුනා....

 

2016-09-24-ent-130කඳුළ ගීත එකතුවේ තිබුණ අපූරු ගීතය මට සිහිිපත් විය.

දුරකථනය නාද විය. ඒ කවුරුන් හෝ විසින් නෙලූට දුන් ඇමතුමකි. ඇය ඇමතුම සහ සම්බන්ධ වනු පිරිස දුරකථනය වෙත ගියවිට මම කපිලට කිට්ටු වීමි.

‘‘ඔයා ගැන කතා කරන්නම බැරි වුණානේ...’’

”මගේ ගැන නෙමෙයි මේ වෙලාවෙ නෙලූ ගැනයි කතා කරන්න ඕනෙ. මොකද ඔක්තෝම්බර් නමවෙනිදා තියෙන්නේ නෙලූ, ලයිව් ඉන් කොන්සර්ට් එකනේ. ඒක එයාගෙ.”

කපිල කීවේ ඔහු බිරිඳ වෙනුවෙන්ම කැප වුණු ආදරණීය ස්වාමි පුරුෂයෙකු වන බැවිනි.

එහෙත් කපිල පූගලආරච්චි යනු ද ලංකාවේ කැපී පෙනෙන සංගීත ශිල්පියෙකි. ඔහු නිර්මාණය කළ බොහෝ නිර්මාණවලට විවිධ මට්ටමේ සම්මාන ද ලැබී තිබේ.

කලා ලෝකයේ ඔහු පැමිණි දිගු ගමන්මගේ මතක සටහන් පෙරලන්නට මම ඔහුට බල කරමි.

මම මුලින්ම සංගීත නිර්මාණය කළේ පාස්කු නාට්‍යයකට. එතකොට මම අටේ පන්තියෙ ඉගෙන ගන්නවා. ඊට පස්සේ රාජිත දිසානායකගෙ සක්වාදාවල කියන වේදිකා නාට්‍යයට සංගීත නිර්මාණය කරනවා. ඕකට සම්මානත් හම්බ වෙනවා. එදා ඉඳලා අදටත් රාජිතගෙ හැම නාට්‍යයටම සංගීතය නිර්මාණය කරන්නේ මම. හංසයන්ටත් මං ආසයි, මට වෙඩි තියන් නැද්ද?, වීරයා මැරිලා, වගේම අලූත්ම නාට්‍යය නැතුව බැරි මිනිසෙක්. ඔය අතරෙ තමයි හඳගමගෙ මේ පාරෙන් එන්න ටෙලි නාට්‍යයයෙ සංගීතය නිර්මාණය කරන්න මට ඉඩ ලැබුණෙ. ඊට පස්සේ නැගෙනහිර වෙරලින් ඇසෙන ටෙලි නාට්‍යයෙ. දැන් නම් ටෙලි නාට්‍ය වගේම චිත‍්‍රපට මහ ගොඩකත් මම සංගීතය නිර්මාණය කරලා තියෙනවා. මේ දවස්වල විකාශය වෙන ජෝඩු ගෙදර, ටී ටුවෙන්ටි වගේම අනන්තා නාට්‍යවලත් සංගීතය මගේ.

ඇයි ඉතිං කපිල, ගීත ගායනයට ඒ තරම් උනන්දුවක් නොදක්වන්නේ.

මම කපිලගෙන් අසමි.

ඒ ඔහු ඉඳහිට ගී ගයන බවත්, ඔහුට ගීත ගැයීමේ මනා හැකියාවක් තිබෙන බවත් මා දැන සිටි නිසාය.

‘‘මම කැමති සංගීත නිර්මාණයට. ගීත ගායනයට පෙඩි කම්මැලිකමක් තියෙන්නේ. ඒත් සයුරේ රළ සේ සිංදුව මම නෙලූ එක්ක ගායනා කළා. ඒ වගේම නෙලූ එක්ක සංදර්ශනවලට ගියාම නෙලූගේ ගීතවලට සහායට මම ගායනා කරනවා.

හැබැයි මම අනුන්ගේ සිංදු කියන්න නම් ආසයි. ඔය වෙඩින්වලදි එහෙම මිල්ටන් මල්ලවආරච්චිගෙ, වික්ටර් රත්නායකගෙ, ජෝතිපාලගෙ, රූකාන්ත ගුණතිලකගෙ වගේ අයගේ සිංදු මම ආශාවෙන් ගායනා කරනවා.’’

නෙලූ යළිත් අප අතරට ආවාය. තවමත් යටගිය යුගයක කතා ගැන කතා කළා මිස, නෙලූගේ ලයිව් ඉන් කොන්සර්ට් එක ගැන කතා කරන්නට අපට බැරි විය.

 

මොකක්ද නෙලූ, ඔයාගෙ මේ ෂෝ එක?

‘‘මම සංගීත ක්ෂේත‍්‍රයට ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු පහළොවක්. ඉතිං මම කල්පනා කළා දැන් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් කරන්න ඕනෙ කියලා. ඒකට එක හේතුවක් තමයි, අද අපේ රටේ ගීතය තියෙන තැන. ගීතයෙ ගුණාත්මක බව රැුකගන්න අපිත්, අපිට කළ හැකි දේ කරන්න ඕනේ. ඒක අපේ යුතුකමක්. මම මේ ලයිව් ඉන් කොන්සර්ට් එක කරන්නෙ ඒ වෙනුවෙන්.

 

නමුත් මේක හුඟාක් අමාරු වැඩක් නේද නෙලූ?

‘‘ඔව්, හුඟාක් මහන්සි වෙන්න ඕනෙ. මොකද මේකට ලොකු මුදලක් වැය වෙනවා. නමුත් කොහොම හරි මේක කළ යුතුම දෙයක් කියලා මම කල්පනා කළා.’’

 

මේ ප‍්‍රසංගය වෙනුවෙන් ඔබ අලූත් ගී එකතුවකුත් නිකුත් කරනවා නේද?

‘‘ඔව්... එකක් නෙමේ දෙකක්ම නිකුත් කරනවා. පළමුවැන්න සරා සඳ. මේකට රෝහණ වීරසිංහටද, සුරේෂ් මාලියැද්ද, මහින්ද බණ්ඩාර, රජිව් සෙබස්තියන්, කපිල පූගලආරච්චි වගේම අලූත් පරපුරේ අමිල දිල්හාන් සංගීතයෙනුත් මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, කැලූම් ශ්‍රීමාල්, බන්දුල නානායක්කාරවසම් ඇතුළු පිරිසක් ගීත රචනයෙනුත් දායක වෙනවා.

එතකොට අනිත් ගී එකතුව ඉර හඳ තරු කියලයි එන්නේ. මේක ළමා ගී එකතුවක්. මේකෙ මගේ සංගීත පාසල වන මියැසි අරණට ඇවිත් ඉගෙන ගන්න දරුවන්ගෙ ගායන හැකියාවන් ඇතුළත් ගී එකතුවක්.

එතකොට මේ ප‍්‍රසංගයේ විශේෂත්වය ගැනත් අපි ටිකක් කතා කරමු.

මම යළිත් වරක්, නෙලූව ප‍්‍රසංගය වෙතටම රැගෙන යමි

‘‘මේ ප‍්‍රසංගයට මාත් එක්ක යුග ගායනයෙන් ගායකයන් ගණනාවක්ම දායක වෙනවා. ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද අමරසිරි පීරිස්, කීර්ති පැස්කුවල්, දයාන් විතාරණ, අමිල පෙරේරා වගේම අතුල අධිකාරීත් ඒ පිරිස අතර ඉන්නවා...”

අපේ කතා බහ අතරතුරේදීත් තම ඡායාරූප සැසිය ආරම්භ කර සිටි අපේ ඇබා, ඊළඟට නෙලූ සහ කපිල ”නළු නිළියන්” බවට පත් කරන්නට පටන් ගත්තේය. ඔහුගේ හිතට හරියන අන්දමේ මනරම් ඡුායාරූප පෙළක් කැමරා කාචයේ තැන්පත් කරගන්නට ඔහු නෙලූ කපිල පමණක් නොව ඔවුන්ගේ දුව සඳුනි පියුමිකාත්, පුතා තරුන් තත්සරත් සහභාගී කර ගත්තේය. මන්ද, ඔවුන්ද ගායන හැකියාව මෙන්ම වාදන හැකියාවද හිමි කර ගත් අංකුර කලාකාරයන් වන නිසාය. නිකුත් වන ඉරහඳ තරු ගී එකතුවේත් මොවුන් ගැයූ ගී තිබෙයි.

මියැසි අරණට සැඳෑ කිරණ පතිත වී තිබේ. ඉතින් අපට නික්ම යන්නට අවසරය.

මම යන්නම්..

මම නෙලූගේම ගීයක් මුමුනමින් ”මියැසි අරණෙන්” නික්මුණෙමි

 

ශාන්ත කුමාර විතාන, සේයාරූ ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

2016-09-24-ent-129
2016-09-24-ent-125
2016-09-24-ent-126



අදහස් (0)

නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ඔක් 9දා BMICH හිදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 771 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1732 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 83 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1941 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2591 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2481 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39512 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25741 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site