IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘නලා හඬ නැතිව පාරේ යන්න පුරුදු වෙමු‘

පරිසර දූෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ශබ්ද දූෂණය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු විය යුතු බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා පවසයි.

විශේෂයෙන්ම රථවාහන ගමනාගමනයේදී අධික නලා හඬ හේතුවෙන් බොහෝ පිරිසකට ශ්‍රවණාබාධ ඇතිවි හැකි යැයි ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ජංගම දුරකථන භාවිතයේදී යොදා ගැනෙන නවීන තාක්ෂණික ශ්‍රව්‍ය උපකරණවල අධික ශබ්දය හේතුවෙන්ද විවිධ ශ්‍රවණාබාධ ඇතිවීමේ ඉඩකඩ ඇතැයි ඇතුල්ගම මහතා සඳහන් කරයි.

doctor_2016114



අදහස් (0)

‘නලා හඬ නැතිව පාරේ යන්න පුරුදු වෙමු‘

සේනක Friday, 15 January 2016 12:00 PM

යුරෝපයේ රටවල් වලදී පාරේ තමන්ට ඉදිරියෙන් යන රියදුරු වරදක් කළහම ඔහු කළේ වරදක් කියල හඟවන්න තමයි උපහාසාත්මකව නලාව ශබ්ද කරන්නේ. (බ)

:       0       0

ජනහිත Thursday, 14 January 2016 06:24 AM

ඔව් ඔව් නලාවට පය තියාගෙන ගියාම කනට හොදට වියායාම ලැබෙයි කල් යනකොට (කෞ).

:       0       0

සේපාලි Thursday, 14 January 2016 06:24 AM

ත්‍රීරෝද රථ ඉවත් කළා නම් පුළුවන්. (නි)

:       0       0

ජයවර්ධන Thursday, 14 January 2016 06:36 AM

කෝසල, මේ ඉතා වඅදගත් පණිවුඩය අවමානයට ලක් කරන්ඩ එපා (ම)

:       0       0

උපුල් Thursday, 14 January 2016 06:51 AM

පිටරටක ඉඳල ලංකාවට ගියහම වෙනස තේරෙනවා. කොළඹ ගිහින් පැයක් හිටියම ඔලුව කැක්කුම හැදෙනවා වාහනවල හෝන් සද්දෙට. අපේ බස් කාරයෝ හෝන් එකෙන් තමයි එලවන්නේ, සෙනග ලෝඩ් කරන්නේ, හෝල්ට් එකේ ඉන්න අනිත් බස් කාරයෝ පනන්නේ. පොලිසියත් අහක බලන් ඉන්නවා මිසක් අවවාදයක්වත් දෙන්නේ නැහැ. (ම)

:       0       2

චමින්ද Saturday, 16 January 2016 05:37 AM

කට්ටියම ලංකාවේ නලා හඬට බනිනවා. අපි ඉන්න බංගලාදේශයේ නලාව නැතුව එලවනවා තියා හිතන්නවත් බැහැ. සුක්කානම නැතුව එලවන්න පුළුවන්, නලාව නැතුව බැහැ (නි)

:       0       0

සංජීව Thursday, 14 January 2016 08:55 AM

දියුණු රටකට ගිහිල්ල ඩ්රයිව් කරන්න.. හෝන් එක ගැහුවොත් ඉස්සරහ එක බැහැල ඇවිල්ල වෙඩි තියාවි.. මම සිංගපූරුවේ වසර 4ක් හිටිය.. ඇත්තම හෝන් ගහනවා කියන දේ අහලත් නැහැ. ඒ තරමටම එහෙ රියදුරන් විනීතයි .. (කෞ)

:       0       0

නිමල් Thursday, 14 January 2016 08:50 AM

ගොඩක්ම කරදරේ ලොරි, බස්, ත්‍රීවිල් වලින් තමයි.(හේ)

:       0       0

චමින්ද Saturday, 16 January 2016 06:43 AM

නලාව අඩුවෙන් පාවිච්චි කරනවා නම් හොඳයි. වාහන වල දුම් බට වල සද්දයත් ප්‍රශ්නයක්. පාන් විකුණන ත්‍රීරෝද වල සද්දයත් ඒ වගේම තමයි. විශාල ප්‍රමාණයේ බල්ලන්ගේ නිතර බිරිමත් කරදරයක් මේ දවස් වල. රැය පහන්වනතුරු සංගීත සංදර්ශන ඉතාම කරදරකාරී දෙයක්. මේ ඔක්කොටම විසඳුම් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. (නි)

:       0       0

පියල් Saturday, 16 January 2016 07:25 AM

ලංකාව ත්‍රී වීල් නැති රටක් කරමු ප්‍රශ්නය සියට 90 ක් ඉවරයි

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 14 January 2016 06:38 PM

ජංගම දුරකථන භාවිතයේදී එය පාවිච්චි කරන්නා තමා ගැන හිතන්නේ නැති එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණාට පාරට බැස්සහම වාහන වලින් ඇහෙන නලා සද්දය මහා මාර්ග පාවිච්චි කරන අයට මහා වදයක්. බස් එකකට නැග්ගත් අල්ලපු අසුනේ ඉන්න එක්කෙනා සමඟවත් කතාකිරීමට බැරි අන්දමට රියදුරු සහ කොන්දොස්තර ආශා කරන “චුන් පෙට්ටිත්“ බස් වලින් ඉවත් කළයුතුයි. (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 14 January 2016 10:38 AM

ඉතාම වැදගත් අදහසක්, දක්ෂ රියදුරකුට හෝන් එක අවශ්‍ය වෙන්නේ නැත. සමහර රියදුරන් රිය පදවන්නේ හෝන් එකමත ඉඳගෙනයි. අනෙක් මිනිසුන්ට ඇතිවෙන අපහසුතාවය ගැන මොහොතකටවත් හිතන්නේ නැත. මෙම අදහස ගැන මම සතුටට පත්වෙමි. (ර)

:       0       0

රජිව් Saturday, 16 January 2016 09:08 AM

නලා ශබ්ද ඇසෙන්නේ විටින් විට නමුත් ලංකාවේ පාසල් ක්‍රීඩා පිට්ටනිවල නිවාඩු දවස්වලට මහා ගෝෂා දාගෙන කරන ක්‍රිකට් ක්‍රීඩා විස්තර සහ සංගීත සාජ්ජ නිසා අහල පහල මිනිසුන්ට පැය ගණනක් සිදුවන පිඩාව ගැන හොයල බලන්න, මේ අකටයුත්ත නවත්වන්න කෙනෙක් නැහැ .(ර)

:       0       0

සිසිර Friday, 15 January 2016 09:48 AM

ශ්‍රවණ ආබාධ විතරක් නොවේ වාහනයක් පදවන කෙනෙකුගේ මානසීක ඒකාග්‍රතාව පවා නැතිවෙනවා මෙහෙම නලා සද්ද කරන්න ගියාම. පුදුම ආත්මාර්ථකාමී විදියට තම ඇතැම් අය ලංකාවේ වාහන එලවන්නේ. (ම)

:       0       0

පෙරේරා Thursday, 14 January 2016 11:06 AM

ඕවා කරන්න කලින් ලංකාවේ රියදුරන්ටයි පදිකයින්ටයි පාරේ විනයානුකූලව ගමන් කරන හැටි උගන්වන්න. දියුණු රටවල් වල මේ දෙගොල්ලම ඉතාමත් නීතිගරුකව විනයක් ඇතුව තමයි පාරවල් වල යන්නේ. ඒ නිසා තමයි ඒ රටවල් වල වාහන නලා ශබ්ද කිරීමට උවමනා නැත්තේ. (ර)

:       0       0

අජන්ත Thursday, 14 January 2016 11:22 AM

නිවාඩුවට ලංකාවට ආ මම කීපදවසක් බස් වල යන්න යොදා ගත්තා, හෝන් සබ්දය විතරක් නොවේ ඇතුලේ දමාගෙන යන සින්දු වල සබ්දය අහලා මගේ කන විතරක් නෙවේ ඔලු කට්ටත් ගල්වෙලා, ඒක විතරක් විතරක් නෙවේ ,බසයේ වේගය සිග්-සැග් ක්‍රමයට පදවපු හැටි දැකල මට පුදුම බයක් ඇති උනා. ජීවත් වෙයි කියලා හිතුනේ නැහැ. බැරිම තැන රියදුරු ගෙන් මම ඉල්ලීමක් කලා මේ විදියට පදවන්නේ ඇයි කියලා, ඔහුන්ට ඒක සමාන්‍ය දෙයක් කිව්වා. අපේ ලංකාවේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි, වෙන කිය යුතු දෙයක් නැත. (ර)

:       0       0

ගුණවර්ධන Saturday, 16 January 2016 11:41 AM

තණකොළ කපන යන්ත්‍ර , පාවිච්චිය ගැනත් හිතලා බැලුවොත් හොඳයි නේද ? (ර)

:       0       0

කෝසල Thursday, 14 January 2016 04:48 AM

ඔය බොරු කනට ගොඩක් හොදයි. ඒක කනට ව්‍යායාමයක්. (කෞ)

:       0       0

ඉනෝකා Friday, 15 January 2016 10:52 AM

ලංකාවට ආපුවාම, නලාකාරයන්ගේ ඝෝෂාකාරී රිද්මයන් ගැන ලියන්නට ගියොත් කියාවි මේක එංගලන්තය නොවෙයි ලංකාව කියලා.එම නිසා මොකුත් කියන්නට යන්නේ නැහැ...වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා හෝ මේවා ගැන උනන්දුවීම ගැන ඒ මහතාට අප සැවොම ස්තුති වන්ත විය යුතු වෙනවා.(ම)

:       0       0

හේවාවිතාරණ Friday, 15 January 2016 09:59 PM

අදහස නරක නැහැ. නමුත් ඒ උපදේශය බීරි අලින්ට වීනා වාදනය කරන්නා හා සාමානය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 6 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 295 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 368 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2068 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12704 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site