(සුජිත් හේවාජුලිගේ )
නාවිකයන් හතළිස් දෙනෙකුට වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සමාජ ආරක්ෂණ ඔප්පු අද ප්‍රදානය කෙරිණ.
රටට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් දායකත්වයක් සපයනු ලබන වෘත්තිය කණ්ඩායමක් වන වෙළඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා නියුක්ත නාවිකයින් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලය ඒකාබද්ධව “ නාවිකයා” නමින් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී ඇත.
වයස් ගත වීම, රැකියා ආශ්‍රීතව සිදු වන හදිසි අනතුරු සහ රැකියා හේතුකරගෙන ඇතිවන රෝගී තත්වයන් අකර්මන්‍ය වීම, පවුල් ප්‍රතිලාභ සහ යැපෙන්නන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර පදනම්ව වෙළඳ නාවිකයන් සදහා අවශ්‍ය සමාජ ආරක්ෂණය මෙම යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව සේවායෝජක නැව් සමාගම්හි අනිවාර්යය මූල්‍ය දායකත්වය මත “ නාවිකයා” නමින් ආරම්භ කල සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකත්වය ලැබු පළමු නාවිකයින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සඳහා සමාජ ආරක්ෂණ ඔප්පු ප්‍රදානය වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද පෙරවරුවේ පැවැත්විණ. ACEME International Shipping ( pvt) Ltd සමාගම මගින් රැකියාව සඳහා පිටත්ව යන සහ පිටත්ව ගිය 40 දෙනෙකුගෙන් යුත් නාවිකයින් කණ්ඩායමක් මේ සඳහා ඇතුළත් වේ.
ඔප්පු ප්‍රදානෝත්සවය වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාවිකයන් හතළිහකට රක්ෂණ ඔප්පු