IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නවක වදයෙන් අටදෙනකුට පන්ති නෑ

පළමු වසර සිසුන්ට නවක වදය දීම සම්බන්ධයෙන් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනකුට හා පසුගිය අප්‍රේල් 6 වැනි දා විශ්ව විද්‍යාල කළමනාකාරණ පීඨයේ පීඨාධිපතිට තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි කියන එම පීඨයේ සිසුන් 5ක් හා සිසුවියකටද තවත් සිසුන් දෙදෙනකුටද පන්ති තහනම් කළ බව සබරගමුව විශ්වවිද්‍යාල ආරංචි සඳහන් කරයි.

 

 



අදහස් (0)

නවක වදයෙන් අටදෙනකුට පන්ති නෑ

තරුෂි Monday, 23 May 2016 04:31 PM

යන්තම් තැනකට ආවාම ඔලුවේ අං එනවා. මෙයාලා හිතාගෙන ඉන්නේ මෙයාලා තමයි මහා ලොකු කෙරුම්කාරයෝ කියලා. විභාගේ පාස්වුණාට මෝඩකම ගිහින් නැහැ. ඒකයි හේතුව. (නි)

:       0       0

උපාලි Monday, 23 May 2016 04:48 PM

රජිත් මංජුල කියන්න හදන්නේ මොකක් ගැනද කවුරු ගැනද කියලා කවුරුහරි තේරුම් කරලා දෙනවද? අපට මේ සිද්ධියේදී නම් පේන්නේ, උගත් යැයි හිතාගෙන ඉන්න නූගත් මාසික රෝගීන් පිරිසක්. ඒගොල්ලෝ ලෝකය වෙනස්කරන්න කතා කරන එක නම් ඇත්ත. (නි)

:       0       0

රජිත් මංජුල Tuesday, 24 May 2016 01:01 PM

උපාලි ලෝක ඉතිහාසය ගැන හැදෑරීමක් කරන්ඩ එතකොට ඔයාට තේරෙයි ලෝකය මේ තැනට ගෙනාවේ කව්ද කියල එහෙම නැතුව මේ වගේ තැනකදී ඔයාට විග්‍රහ කරලා දෙන්ඩ අමාරුයි (බ)

:       0       0

හේවාවිතාරණ Monday, 23 May 2016 07:48 PM

පන්ති තහනම් කරලා මදි. මෙහෙම අයට තමයි මඩු වලිගෙන් ගහන්න ඕනෑ (නි)

:       0       0

විද්‍යා Monday, 23 May 2016 07:48 PM

මේගොල්ලෝ යවන්න ගංවතුර ගැලු තැන් සුද්ද කරන්න. එතකොට වගකීමක් ඇතුව වැඩකරයි (නි)

:       0       0

අනුරාධා හේරත් Monday, 23 May 2016 11:40 AM

නීතීයෙන් වැරදි කරපු සියලුම දෙනාට උපරිම දඩුවම් දෙන්න කියා ඉල්ලා සිටිනවා. (ර)

:       0       0

ජයම්පති Monday, 23 May 2016 11:52 AM

හෙට ඉඳල වැඩට බහී. ශිෂ්‍ය මර්දනය කියන බෝඩ් ලෑල්ල එල්ලගෙන. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 23 May 2016 12:27 PM

සොදුරු මතකයන් ගොඩනැගෙන මාවතක අඳුරු හෙවනැලි රජකරන හැටි! (ර)

:       0       0

සොපි Monday, 23 May 2016 12:34 PM

සිසුන් කියන්නේ තාම ඉගෙනගන්න අයනේ .විනයක් හික්මීමක් නැත්නම් වැඩක් නැහැ . (ර)

:       0       0

අරුණ Monday, 23 May 2016 12:35 PM

සමාජ විද්‍යාව ඉගෙන ගන්න ඇවිල්ල තියෙන්නේ ඒ වුනාට... (ර)

:       0       0

බන්දුල Monday, 23 May 2016 12:43 PM

ඒක හොදයි විසිඑක්වෙනි ශතවර්ෂයේ ඉදලත් තාම වනචාරි වගේ දගලන නිසා. (ර)

:       0       0

මුදලිගේ Monday, 23 May 2016 12:55 PM

පන්ති තහනම් කරලා වැඩක් නැහැ විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින්න ආයේ කොහෙවත් නොමිලේ ඉගෙන ගන්න බැරි වෙන්න එහෙම කලොත් අනිත් අයත් හැදෙයි. (ර)

:       0       0

ලසිත් Monday, 23 May 2016 01:03 PM

පන්ති තහනම් කරලා මදි . කැම්පස් එකෙන් එලියට දාන්ඩ තිබ්බේ. එතකොටයි තේරෙන්නේ. (ර)

:       0       0

ජීවන් Tuesday, 24 May 2016 03:43 AM

නුසුදුස්සසෝ සරසවි ආවහම ඔහොම තමයි. අස් කරලා දාන්න ඕනෑ, ඉන්න අනෙක් අයටවත් පාඩමක් ඉගෙනගන්න. (නි)

:       0       0

ගමගේ Monday, 23 May 2016 01:25 PM

ඉතාම හොඳ වැඩක්. (ර)

:       0       0

බණ්ඩාර (කුවේට් ) Tuesday, 24 May 2016 03:51 AM

මොවුන්ව පතුරු ගහන්න ඕනෑ. අපේ මායිම් ගමේ දුප්පත් ළමයි සරසවියට එන්නේ නැත්තේ මේ අය නිසා. මගෙ නම් කිසිම ගරුත්වයක් නැහැ මොවුන් ගැන (නි)

:       0       0

බමුණු Monday, 23 May 2016 01:40 PM

කැම්පස් එකෙන් එලියට දාන්ඩ තිබ්බේ. එතකොටයි තේරෙන්නේ. නිකන් නොවෙයි නවක වදයට අසු වුන කෙල්ලන්ගෙන් ටොකු දීල එලියට දාන්ඩ තිබ්බේ. හැදෙනවානම් අපි මේ ලියනේව හොඳටෝම ඇති හැදෙන්න. (බ)

:       0       0

රජිත් මංජුල Monday, 23 May 2016 01:53 PM

මේ ලෝකය තැනුවේ නුගත්තු මේ ලෝකේ සෑම දෙයක්ම හැදුවේ නුගත්තු ඒ හදපු හැම දෙයක්ම වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්නේ උගත්තු මේ ලෝකේ විනාශ කරන්නේ උගත් කමෙන් ඔද්දල් වෙච්ච නුගත්තු කවදාවත් මේ ලෝකය නුගතුන් විසින් විනාශ කෙරුවෙත් නැ විනාශ කරන්නෙත් නෑ (බ)

:       0       0

වසන්ත Tuesday, 24 May 2016 04:29 AM

අද නවකවදයක් විශ්ව විද්‍යාල වල නැහැ. තියෙන්නේ විවිධ පළාත් වලින් එන විවිධ තරාතිරම් වල අය එකම පන්තියක අය වගේ හඳුනාගෙන කතාබහ කරලා ඉන්න හුරුකරන එක. කවදාවත් කාගෙන්වත් බැනුමක්වත් අහලා නැති බෝනික්කෝ වගේ අය කැම්පස් එකට අාවහම ඔවුන්ට පොඩ්ඩක් බැන්නහම දුවනවා කථිකාචාර්ය කෙනෙක් ළඟට, අයියලා රැග් කරනවා කියලා. (නි)

:       0       0

නුවන් Monday, 23 May 2016 02:12 PM

මෙයාලට කැලෑ නීතියෙන් දඩුවම් දෙන්න තියෙන්නේ දැන් (බ)

:       0       0

මහින්ද Monday, 23 May 2016 03:20 PM

දුක් විදලා දරුවෝ හදන්නේ කාගෙවත් පීඩාවන්ට ලක් කරන්න නොවේ මගේ ළමයෙකුට ඕව කළානම් එයාලගේ ගෙවල් වලට ගිහිල්ල හම ගහන්නේ (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Monday, 23 May 2016 03:22 PM

අනේ කොල්ලනේ තොපේ මොලේ කුරුවල් වෙලාද ,අම්මලා මහන්සිවෙලා උඹලට උගන්නලා කැම්පස් එව්වේ මේවා කරන්නද,කැලණිය කැම්පස් එක වහගෙන සති දෙකක් ගියේ නැහැ මෙන්න සබරගමුවත් උරණ වෙලා.. (බ)

:       0       0

සංජය Monday, 23 May 2016 03:37 PM

කාලකණ්ණි විශ්ව විද්‍යාලයට ආවහම මේවා තමයි අහන්න වෙන්නේ. ඕකුන්ට උපරිම දඬුවම් දීලා ඔය නවක වදය සදහටම නැති කරලා දාන්න (බ)

:       0       0

නිලමේ Tuesday, 24 May 2016 05:50 AM

දැන්වත් දෙයියන්ගේ නාමෙට මන්ත්‍රී පර්මිට් අහෝසි කරලා වැට් බද්ද ඉවත් කරන්න. කන බොන දේවල මිල අඩු කරන්න. හරියට කෑමක් බීමක් නැතුව ඉගෙනගන්න ගියාම ළමයින්ගේ ඔලුව අවුල් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 776 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 280 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1470 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2687 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site