IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නවක වධයට ලක්වූ පේරාදෙණි සිසුවෙක් රෝහලේ

(චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන්  රෝහල් ගත කරනු ලැබ සිටී.

පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශාස්ත්‍ර පීඨයට  පසුගියදා ඇතුළත්වූ ශිෂයෙකු නවක වධයට ලක් වෙමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් පසු නවක වධය ලබාදුන් සිසුන් විසින් එම සිසුවා මහනුවර පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය මැදිහත් වී සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.

රජයේ රෝහලකට නවක සිසුවා ඇතුළත් කළහොත් ගැටලු මතුවන බව දැන අදාළ සිසුන් විසින් සිහිසුන් සිසුවාව ත්‍රිරෝද රථයකින් පෞද්ගලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට ලැබුණු තොරතුරකට අනුව කණ්ඩායමක් එහි ගොස් සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

දියතලාව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සති අන්තයේ නිවාඩුවට නිවසට ගොස් පසුගිය 17වැනිදා යළි විශ්ව විද්‍යාලය වෙත එමින් සිටියදී ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු ගලහ මංසන්ධියේදී ඔහුව විශ්ව විද්‍යාලයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් නවක වදය ලබා දෙමින් සිටින විට එම අවස්ථාවේ සිසුවා සිහිසුන්ව ඇද වැටී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර අදාළ සිසුන් විසින් නවක සිසුවාව පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත්තේ තමන් සමඟ එකම වසරේ අධ්‍යාපනය ලබන මිතුරෙකු යැයි පවසා ඇති බව පරික්ෂණවලින් තහවුරු වී ඇත.



අදහස් (21)

නවක වධයට ලක්වූ පේරාදෙණි සිසුවෙක් රෝහලේ

Perakum Wednesday, 20 December 2017 02:33 PM

මෙය උග්‍ර මානසික රෝගී තත්වයකි. මෙවන් මානසික රෝගීන් පුනරුත්ථාපනය කිරීමට විශේෂිත වූ රෝහල් වලට යොමු කර විශ්ව විද්‍යාල පරිශෝධනය කිරීම බලධාරීන්ගේ යුතුකමයි.

:       0       0

de silva Wednesday, 20 December 2017 02:49 PM

මේක අනිවාර්යයෙන්ම සයිටම් කාරයන් පුද්ගලික රෝහල සමග එකතුවෙලා කරපු කුමන්ත්‍රණයක්, රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් නියමිත ප්‍රමිතියක් ඇති නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිතය වුනත් පුදන්න සුදානම් වුණු පිරිසක්, ඔවුන් තම සහෝදර සිසුන්ට අඩන්තේට්ටම් කරන පිරිසක් නොවේ. අද හෙටම දොස්තර සංගමය මේ නින්දිත ක්‍රියාවට විරුද්ධව පාරට බහිනු ඇත. මවුපිය සංගමයේ මරාගෙන මැරෙන යුනිට් එක පෙරට ඒවි. ඔය සයිටම් එක තහනම් කරලා විතරක් මදි. ගොඩනැගිලිත් බිමට සමතල කරලා දමන්න ඕනේ, කුමන්ත්‍රණකාරයින්ව වහාම අල්ලනු...

:       11026       4526

නයනා Wednesday, 20 December 2017 06:07 PM

අනේ මන්ද කොහොමද හිනා වෙන්න ද කියලා කතාව ට .... එල .... ඒත් ලමයා පව් .

:       0       51

Migida Wednesday, 20 December 2017 07:47 PM

හලෝ, අපිත් කැම්පස් ගියපු අය. නිකන් තප්පුලන්න එපා .

:       33       79

kasunThursday, 21 December 2017 01:18 AM

ඔව් අනිවාර්යෙන්ම එයාල පාරට බහීවි. මොකද ඒ ගොල්ලෝ හිතන්නේ තමන් ගැන නෙවෙයි. අනුන් ගැනනේ. එකනේ නූපන් පරපුරක් වෙනු වෙන් නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍ය රකින්න යන්නේ.

:       14       48

appuhamiThursday, 21 December 2017 02:32 AM

අපි පේරාදෙණියේ තමයි. හැබැයි නවකවද විරෝධී කණ්ඩායමේ!

:       1       107

theshanThursday, 21 December 2017 03:11 AM

නවක වාදය කියන එක හැම විශ්ව විද්‍යාල වලට පොදු දෙයක්. පෞද්ගලික විශ්ව විද්‍යාලව වල ම දන්නා පරිදි නවක වාදය සපුරා තහනම්...............

:       0       12

Asitha Wednesday, 20 December 2017 03:06 PM

‘රජයේ රෝහලකට නවක සිසුවා ඇතුළත් කළහොත් ගැටලු මතුවන බව දැන‘ දැන උගත් අය වැරදි වැඩ කරන්නේ දැනමුත්තන් ලෙසටය. මොවුන් වඩා බයානකය. අප ගරුකල යුත්තේ ධනවත් බවටවත්, බලවත් බවටවත්, උගත් කමටවත් නොව යහපත් ගුණවත් සිල්වත් ධර්මය උගත් සත්පුරුෂයින්ටමය.

:       0       836

Jayasinghe Wednesday, 20 December 2017 04:05 PM

නවක වදය ලැබූ සිසුවා ඊළඟ වසරේද මෙය ක්‍රියාත්මක කරාවි. මෙහි අවසානයක් නොමැත.

:       0       0

Subodha Wednesday, 20 December 2017 05:16 PM

මේ රටට පෞද්ගලික අධ්‍යාපන ආයතන අවශ්‍යයි. නිතිවිරෝදි කටයුතු වලින් තොරව තමන්ට අවශ්‍ය විදියට නිදහසේ කටයුතු කිරිමට නිදහස තියෙනවා නම් එතන අධ්‍යාපනයට හොද තැනක්. මේ වගේ හේතු නිසා තමයි සමහරු මේ රටේ උසස් අධ්‍යාපනය අතහැර පිටරට ගොස් අධ්‍යාපනය හදාරන්නෙ. හොද ගුනාත්මක අධ්‍යාපන ආයතන මෙරට තිබේනම් පිටරට යන්න අවශ්‍ය වෙන්නෙ නැනෙ.

:       0       206

sanath Wednesday, 20 December 2017 06:10 PM

පේරාදෙණිය කැම්පස් එකේ නවක වදය දෙන්නේ ආයෙමත් නැගිටින්න බැරිවෙන්නමයි. විශේෂයෙන් අක්බාර් හෝල් එකේ දෙන වදය ඉවසන්න පුළුවන් වෙන්නේ ඉබිමස් නැත්නම් මී හරක් මස් කාල ගස් නැගල පුරුදු ගමේ ගොඩේ ඉලන්දරින්ට විතරමයි. ටවුන් වල හැදිලා සෝමාරි ඇඟවල් තියෙන එවුන්ට දවස් දෙකක් තුනක් වදේ දුන්නම ඇවිදින්නෙත් හොඳටම ඩෝප් වෙන්න බීපු එවුන් වගේ. මේ නවක වදය දෙන අයගේ ශිෂ්‍ය භාවය අවුරුදු කිහිපයකට අත්හිටවන්න ඕන.

:       4       110

weerasinghe Wednesday, 20 December 2017 11:15 PM

සිල්වා දන්නා බම්බුවක්...........අපේ රටේ විශ්ව විද්‍යාලවල දෙන වද හිංසා ........... වධකාගාරවල වත් නැතිව ඇති.........

:       0       103

kasun Thursday, 21 December 2017 01:11 AM

දැන් අර අන්තරෙයි, වෛද්‍ය සිසුනුයි, දෙමපියනුයි, දොස්තර සංගමයි නිදහස් අද්‍යාපනය රකින්න එන්නේ නැද්ද?

:       1       143

sumanapala Thursday, 21 December 2017 01:47 AM

තමන් සමඟ එකම වසරේ අධ්‍යාපනය ලබන (පස)මිතුරෙකු මටත් හිටිය. ජෙෂ්ටයන්ගේ බහට තමන්ගේම සහෝදරයන්ව බිලිබා ගන්න උදව් කරන එවුන්ගෙන් තමා වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ.

:       0       72

pitigala Thursday, 21 December 2017 02:47 AM

අධ්‍යාපන ඇමතියා ඇතුළු අනික් වගකිවයුතු බලධාරීන් ඔක්කොම නිතමෝ බවට පත් වෙලා. එකයි මේකට හේතුව.අපේ දරුවනුත් විශ්ව විද්‍යාල වල ඉන්න නිසා මේවාට අපිත් සංවේදී වෙනවා. මම නම් මගේ දරුවෙකුට මේ වගේ දෙයක් කලොත් කල එකාට අයෙත් කරන්න ඉඩ තියන්නේ නැහැ.

:       0       196

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 21 December 2017 03:18 AM

ඇයි ප්‍රමිතියට අනුව නෙමෙයිද නවක වදය දීලා තියන්නේ මේ වෙනුවෙන් දැන් අම්මලා තාත්තලා පෙලපාලි යන්නේ නැද්ද?????????????

:       0       114

indika Thursday, 21 December 2017 04:01 AM

ඇත්ත නේන්නම් මේ ගොල්ලෝ පහු උනාමත් පාරට බහින්නේ හැම දේටම. නවක වදයක් මේ දියුණු ලෝකයේ උවමන නැහැ.

:       0       65

JW-JP Thursday, 21 December 2017 04:27 AM

දියුණු ඇමරිකා යුරෝපා රටවල විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ විනය සහ අධ්‍යාපන මට්ටම ලංකාවත් එක්ක බැලුවම අහසයි පොලවයි වගේ දුරස් !

:       47       249

Dhammika Thursday, 21 December 2017 04:42 AM

කොහොමත් කැම්පස් වලට යන ගොඩක් අයට අමුතු මානසිකත්වයක් එනවා. හෙන පොරක් කියන මානසිකත්වය. ඉතින් ඉගෙන අරන් අම්මට තාත්තට සලකලා රටට ලෝකෙට දෙයක් කරන්න හිතාගෙන එන ළමයින් එක්ක ජනතා විමුක්ති පෙරමුණටයි පෙරටුගාමී පක්ෂෙටයි කඩේ යන බහුතරයක් අයට තියෙන්නේ වෛරයක්. ඒ උන්ගේ මතවාදය ප්‍රතික්ෂේප කරන නිසා. හැම වෙලාවේම පාරට බහින්න බලාගෙන විතරක් එන මුන්ට තියෙන්නේ ඉගෙන ගැනීමේ උවමනාවක් නෙවෙයි. උන්ගේ පක්ෂ වලට මතවාද වලට නම්ම ගන්න බැරි ළමයි හැමදාමත් මේ අයගේ ගොදුරු වෙනවා. තමන්ගේ පිඩිත පන්තියේම ඉන්න එවුන් වෙනුවෙන් පාරට බහින්න, අහින්සකයින්ව ආරක්ෂා කරනවා කියලා මැරෙන්න හදන ගමන් තමන්ගේ අයවම විනාශ කරන එක තමයි සමාජවාදේ

:       15       486

de silva Thursday, 21 December 2017 10:24 AM

ජෙර්මනියේ විශ්ව විද්‍යාල තුල නවක වද හෝ දේශපාලන ක්‍රියාකාරකම් මොනවත් නැත . දොස්තර සංවිධාන හෝ දේශපාලන සංවිධාන විශ්ව විද්‍යාල සිසුන් අතකොලු ලෙස යොදා ගන්නේ ද නැත , ඔවුන් බොහෝවිට උදේ වරුවේ ඉගෙන ගන්න අතර සවස් වරුවේ පොඩි ජොබ් එකක් කර කියක් හෝ සොයා ගනිති.......... එහෙම නැත්නම් පර්යේෂණ කටයුතු වලට යොදාගනිති....... මෙම විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුන්ගේ ප්‍රමිතියත් අපේ විශ්ව විද්‍යාල වලින් පිට වන සිසුන්ගේ ප්‍රමිතියත් අහසට පොලව මෙනි , අපේ රටේ විශ්ව විද්‍යාල වලින් පිටවන උගතුන් රටේ වැඩිපුර උගතුන් බිහිවනවට කැමති නැත , නමුත් මේ රටේ මිනිස්සු බිහිවෙන පරම්පරාවට අත හිත දෙන්න සැදී පැහැදී සිටිති , දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ මේ රට දැනට මෙ පමණ දියුණුවක් ලැබීමට මෙයත් එක හේතුවකි..............

:       21       36

weerasinghe Friday, 22 December 2017 12:52 AM

නවක වදයට තිත. කියල හමුදුරු කෙනෙක් අපුරු පොතක් ලියල තියෙනවා.ලංකාවේ අධ්‍යාපන ආයතනවල තියෙන වද හිංසාවල හැටි දැන ගන්න ඕනේ නම් ඒ පොත කියවන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 186 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 79 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 229 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 447 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 216 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 641 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site