IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නාවික සෙබළාගේ පා පහරින් සිව් මස් කලලය විනාශවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බවත් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.

මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

පා පහර කෑමට ලක් වූ සිවු මස් ගැබිනිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි. ඒ. ඩී. ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී. එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (11)

නාවික සෙබළාගේ පා පහරින් සිව් මස් කලලය විනාශවේ

ලුම්බිණි Monday, 20 February 2023 07:51 AM

මේ වගේ අමනයන්ද හමුදාවේ ඉන්නේ? මුන්ට විනය කියල දෙයක් උගන්වන්නේ නැද්ද?

:       76       53

AlfreadTuesday, 21 February 2023 07:10 AM

හමුදාවට මිනිස්සු ‍තෝරන්නෙත් රටේ ජනතාවගෙන්මනේ. එහෙම තමයි ලක්ශ ගානක් හමුදාව අතරේ ඔයා වගේ කීප දෙනෙකුත් ඉන්නව. ඒ වගේ අයගේ ගති මතුවෙන්නේ පහුවෙලානේ. අහුවුනාම දඬුවම් දීල එලවනව ඉතින්. වෙන මොනව කරන්නද

:       4       11

සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 February 2023 08:08 AM

රණ විරුවන් කියමින් ඇතැම් දේශපාලකයන් ආරක්ෂක හමුදා සාමාජිකයන් මුරුංගා අත්තේ තිබ්බා.හොඳ අය ඉන්නවා. ඒ අයගේ සිත් නොරිදේවා.ඒත්,ඇතැම් දෙනා සිවිල් සමාජයේ හැසිරෙන්නේ කුලප්පු වූ ගවයන් මෙනි.ඊට වඩා දෙයක් ඔවුන් ගැන කියන්නට බැහැ.රටක වටිනාම පුද්ගල කොට්ඨාශය වන්නේ සාමකාමී නිරායුධ සිවිල් පුරවැසියන්. ඒත්,රණවිරු ගාය රෝගය වැළඳුණු මෙවන් නරුමයන් මින් ඉදිරියට හෝ ඇති නොවීමට සියලුම ආරක්ෂක හමුදා වගබලා ගැනීම වැදගත්.රටක ආරක්ෂක හමුදා ගෞරවනීය තැනක් හිමිකර ගන්නේ මෙවන් නරුමයන් නිසා නොව හොඳ විණයක් ඇති ඉඳුරන් දමනය කළ සංවර නිලධාරීන් නිසා බව කිව යුතුයි.අද රටට අවශ්‍ය වන්නේ,එවන් සංවර විනය සහිත හොඳ නිලධාරීන්.

:       47       44

බද්රානිMonday, 20 February 2023 04:13 PM

ඒ අසරණ කාන්තාව ගැන කණගාටුව පලකරන අතරම, පහුගිය කාලේ ඔය "රණවිරුගාය" ඉහට ගහලා දඟලපු අයටත් ඔය වගේ බඩට සපත්තු පාරක් දුන්නොත් ඒ අසනීපය නිට්ටාවටම සුවවෙයි කියලා තමයි මටත් හිතෙන්නේ.... සමිත මහත්තයෝ...

:       27       17

Don perea Monday, 20 February 2023 08:42 AM

ෆෝසස් වල භාගෙට භාගයක් ඉන්නේ සත්තු

:       65       38

Hafeel Monday, 20 February 2023 02:02 PM

එහෙම කියන්න එපා. මෙයා වගේ අය සීයට එකකුත් නැහැ ත්‍රවිධ හමුදාව තුළ. ගං වතුර සහ ඒ වගේ ආපදාවලදී අපේ රණවිරුවන් කරන කැපවීම් හොඳ උදාරණයක්. මට නම් පුද්ගලික අත්දැකීම් තියනවා, මගේ ළඟම ඥාති කෙනෙක්ට හදිස්සියේ අසනීප වුණු මොහාතේ, අවට සිටි යුද හමුදා සොල්දාදුවන්ගෙන් ඒ මොහොතේ ලැබුණු ප්‍රථමාධාර සහ උපහාර. බොහෝදුරට මේ සිද්ධිය වෙලා ඇත්තේ අරක්කු බීපු එකේ ප්‍රතිඵල....

:       16       56

Senaka Monday, 20 February 2023 08:49 AM

දැන් ඉතින් අර ලංකාවෙ හරක් ටික මුළු හමුදාවටම පස් පඩංගුවේ බැනලා මේකේ කොමෙන්ට් වපුරයි.

:       28       66

Weerasinghe Monday, 20 February 2023 08:57 AM

ප්‍රවෘත්ති වල හොඳ දේවල් දාහක් කරත් ඒවා පුංචි ආටිකල් එකක පොඩි අකුරෙන් පල වන අතර, එක කාලකන්නියෙක් කල වැරැද්දක් හෙඩ් ලයින් බවට පත්වේ. ඉන් පසු මෙය සමස්ථ නාවික හමුදාවේම වැරැද්දක් ලෙස රැඩිකල් කුඩ්ඩන් තප්පුලනු ඇත.

:       22       59

hr Monday, 20 February 2023 09:20 AM

අමු කාලකන්නියෙක්.

:       0       28

පිටිගල මිලානෝ Monday, 20 February 2023 11:14 AM

රණවිරුවා කරලා තියෙන්නේ හොඳටම…

:       50       28

liyanna Wednesday, 22 February 2023 09:46 AM

මෙ ප්‍රව්‍රතිය සමජගත කරපු ආකාරයයි නිවැරදි වෙන්න උවමනායි එක් තැනැත්තෙක්ගෙ පුද්ගලික වරදක්. එම තැනැතා නියොජනය කරන නියදියකට බලපාන ලෙසට ම්තෘකා හෝ ප්‍රව්‍රති ඉදිරිපත් නොකිරීමට මාද්‍යය වගබලාගත යුතුයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 161 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 521 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 793 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1888 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2286 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 3412 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site