IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නාවික හමුදාපතිට විරෝධය පිට විරෝධය

මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,  වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට එක් වුහ.

කොළඹ, අම්පාර, මහනුවර, මොරටුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, දඹුල්ල, මාතලේ, වව්නියාව, අනුරාධපුර, කෑගල්ල ආදී ප්‍රදේශ රැසකින් පැමිණි මාධ්‍යවේදීහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.

හේවාගම කෝරලේ ජනමාධ්‍ය සංගමය මගින් ද මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන්  උද්ඝෝෂණයක් අද (15) ගොඩගම දී පැවැත්වුහ.

0-02-06-1dff3eb46ddd764bfcafdb122793b883e4757f241f2dbe86177bf68c06e75962_full 0-02-06-371d3df43f7991d7ffc57e6a8a7f7f061e1c6b3bd03c81daa9b56b426ec8dc3f_full 0-02-06-d512995c6db1d4452854d444394c0edcebeff23c11479a8fdc7f615a14d655d5_full

ජායාරූප - අකිල බද්දේවිතාන

 

DSC09740 DSC09732 DSC09737

ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

IMG_7988 IMG_8026 IMG_8076 IMG_8083 IMG_8118 IMG_8150

ඡායාරූප - ලහිරු හර්ෂණ

IMG_0736[1] IMG_0740[1] IMG_0744[1] IMG_0749[1]

විඩියෝ - සෙනරත් බණ්ඩාර

විඩියෝ - ළහිරු හර්ෂණ



අදහස් (0)

නාවික හමුදාපතිට විරෝධය පිට විරෝධය

සමීර Thursday, 15 December 2016 09:00 AM

කරන දෙයක් මහජනතාවගේ කටයුතු වලට බාධාවක් නොවෙන්න කරන්න (ර)

:       0       0

දසුන් Thursday, 15 December 2016 09:12 AM

මොන ප්‍රශ්න වුනත් විසදන විදියක් තියෙනවා. පහර දීම අනුමත කල නොහැකියි (ර)

:       0       0

උදාර Friday, 16 December 2016 03:16 AM

මාධ්‍ය සොයුරන් සදා දි‍නේවා! (නි)

:       0       0

නාලක Friday, 16 December 2016 04:54 AM

හමුදාව ඔලුවේ තියාගන්න එතකොට ඔයිට වැඩි එව්වත් වෙයි. අද හිටපු මේජර් කෙනෙක් ඩි.ඇස් එකට පැනල ඕලෙවල් ලියන්න ඉන්න ළමයෙකුට ගහල තිබුන. මෙව්වට නීතියක් නැද්ද?? (බ)

:       0       0

නිමන්ත පතිරණ Friday, 16 December 2016 05:22 AM

නාවික හමුදාපති කළ දෙය කිසිසේත් අනුමත කළ නොහැකියි. (බ)

:       0       0

ගමගේ Saturday, 17 December 2016 11:49 AM

තනතුරු ගැන නොබලා දඬුවම් ලැබියයුතු වරදක් (නි)

:       0       0

සකුන්තලා Thursday, 15 December 2016 10:16 AM

ඔය රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්තු අයට තියෙනවා ලොකුම ලොකු හීන මානයක්. අපිට වැඩිය මිනිස්සු නැහැ අපිට වැඩිය පොරවල් නැහැ කියලා. රාජකීය විදුහලේ ඉගෙනගත්තු නාවික හමුදාපතිතුමාත් ඒක ප්‍රදර්ශනය කලා. (ම)

:       0       0

සඳමිණි Thursday, 15 December 2016 10:21 AM

මෙහි ප්‍රතිචාර දමන ඇතැමුන් නාවික හමුදාපතිගේ ක්‍රියාව සාධාරණය කිරීමටත් කඩේ යෑම සීමාව ඉක්මවා කිරීමටත් විවිධ අන්වර්ථ නාමවලින් හා බොරු ගිණුම් සාදාගෙන කමෙන්ට් දැමීම සිදු කරයි. ආණ්ඩුවේ පට්ටම් ආරක්ෂා කරගැනීම හා තම විරුද්ධවාදීන්ට පහර ගැසීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත. (ම)

:       0       0

රවීන් Thursday, 15 December 2016 10:56 AM

එකතුවන්න !! එකමුතුවන්න (ම)

:       0       0

විදර්ශන Thursday, 15 December 2016 11:30 AM

මේ වෙනුවෙන් ඔබත් එක්වන්න.(හේ)

:       0       0

බන්දුල Thursday, 15 December 2016 11:32 AM

මේ විරෝධතාවය සාධාරණයි.(හේ)

:       0       0

අමාලි Thursday, 15 December 2016 12:06 PM

සඳමිණි ඒක ඇත්ත ඇතැමුන් මාධ්‍යවේදියා හෑල්ලු කර තමන්ගේ මඩිය තරකර ගැනීමට මාන බලනවා. මෙය ක්‍රමානුකූලව තෝරාබේරා ගත යුතුයි. ඔවුන්ගේ වෙනත් නම් වලින් එන කමෙන්ට් සීරුවෙන් තෝරාබේරා ගැනීම ඔබට බාරයි. එවැනි අසීමිත ලෙස කඩේ යන්නවුන් නැවත මෙම තීරුවට පැන කමෙන්ට් කළ හැකිය. විමසිල්ලෙන් සිටින්න (බ)

:       0       0

අකිල වික්‍රමසිංහ Thursday, 15 December 2016 12:27 PM

රජීව්, නිකන් ආණ්ඩුවට කඩේ යන්න එපා,,(බ)

:       0       0

සෙනෙවි Thursday, 15 December 2016 01:04 PM

අයිඑම්එෆ් එකෙන් ණය ගත්ත රටවල්වලට එහි කොන්දේසි අනුව බහුජාතික සමාගම් වලට ජාතික සම්පත් විකුණන්න සිදු වෙනවා .එවිට නැගෙන මහජන විරෝධතාවයන් හමුදා යොදවා හෝ සුනු විසුනු කිරීමට රජය ඔවුන්ට බැඳී තිබෙනවා .මෙය බොලීවියාව වැනි රට වලද ජල සම්පත් පෞද්ගලික කරණය කිරීමට තැත් කළ අවස්ථාවලදී සිදුවුනා (බ)

:       0       0

සුකුමලී Thursday, 15 December 2016 01:58 PM

රටේ වග කිව යුත්තන් මේ තරම් කලබලයක් ඇතිවෙන්නට පෙර මේකට තරා තිරම නොබලා නිතිය ක්‍රියාත්මක කලා නම් ඉවරනේ.(හේ)

:       0       0

කාංචන Thursday, 15 December 2016 04:42 AM

මෙතැනදී නාවික හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු කල දෙය මුළු මහත් නාවික හමුදාවටම සහ අනෙකුත් ශ්‍රී ලංකා හමුදවනටත් ඉතිහාසගතවන ආකාරයේ විශාල කැළලක් ඇති කළා. (ර)

:       0       0

නිශාර්ඩ් Friday, 16 December 2016 08:45 AM

රටක් හදන්න ඉන්න මේ වගේ නිහතමානී, විනය ගරුක, ආදර්ශමත් අයට පහර දීපු එකනම් වැරදි. (බ)

:       0       0

උෂාන් Thursday, 15 December 2016 05:04 AM

ජනමාද්‍යවේදින්ට ජයවේවා. (ර)

:       0       0

ජයන්ත Thursday, 15 December 2016 05:08 AM

හමුදාවක නායකයෙක් වෙන්න හොඳ හික්මීමක් හොඳ නිරවුල් මනසක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. (ර)

:       0       0

නිශාන්ත Thursday, 15 December 2016 05:21 AM

ජනමාධ්‍යවේදීන් කියන්නේ රටේ ජීව රුධිරය වගේ කොටසක් (නි)

:       0       0

සරත් Thursday, 15 December 2016 05:33 AM

හැමදාම වර්ජන ගර්ජන! රට වළපල්ලට! නායකයින්ට සුරසැප! (නි)

:       0       0

රජීව් Thursday, 15 December 2016 05:36 AM

ලසන්ත මරපු වෙලාවේ, එ් ගැන කතුවැකියක් ලියපු එකම මාධ්‍යවේදියාට පිහියෙන් අැනපු වෙලාවේ, සිරස ගිනිතියපු වෙලාවේ කවුරුවත් විරුද්ධවුණේ නැහැ (නි)

:       0       0

චමල් Thursday, 15 December 2016 05:38 AM

කවුරුන් කුමන ආකල්පයෙන් මේක දිහා බැලුවත් ජාත්‍යන්තර නාවික සහ සමුද්‍ර නිතිය අනුව එතුමා කළ ක්‍රියාව හරි. කිසිවෙකුටත් එන්න තහනම් කළ එකේ එතනට මොකට එතනට ගියාද. වෙඩි තියන්න පවා ඔවුන්ට නීතියෙන් අවසර තිබෙනවා. විදේශ නැව් දෙකක් බලෙන් රඳවා තබාගැනීම මුහුදු මංකොල්ලයක් විදියටයි සළකන්නේ. එය මැඩපැවැත්විය යුත්තේ නාවික හමුදාව පමණි. (නි)

:       0       0

විජේතුංග Thursday, 15 December 2016 05:41 AM

අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)

:       0       0

උපේන්ද්‍ර Thursday, 15 December 2016 04:12 PM

රජයට විරුද්ධව මහජනතාව පෙළගැහෙන කාලය වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

සපුමල් Thursday, 15 December 2016 05:44 AM

දැන් වෘත්තීය අයිතිය වෙනුවෙන් සටන් කළවුන්ගේ අරගලය අවධානයෙන් අඩුවී, රටේ කීර්තිනාමයට වූ හානිය අවධානයෙන් අඩුවී, කට්ටියම නාවුක හමුදාපතිවරයා එළවන්න පෙළගැහෙන්න සූදානම් වෙමින් ඉන්නවා. බුද්ධිමත් මිනිසුනේ, තවදුරටත් ප්‍රවෘත්ති වටිනාකම් වලට රටේ ප්‍රමුඛතා නිර්මාණය කරන්න ඉඩ දෙමුද? (නි)

:       0       0

බමුණු සිංහ Thursday, 15 December 2016 05:44 AM

ජයන්ත, හා හා ඔබ ඔය කියන්නේ ඇමරිකාව ගැන නේද? ලංකාවේ දැන් එහෙම ඕනෑ නැතිලු. (නි)

:       0       0

යසෝධරා Thursday, 15 December 2016 04:26 PM

වැරදි කළ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 15 December 2016 05:44 AM

මාධ්‍යවේදීන්ට ජයවේවා! අපි සැමදා ඔබට ශක්තියක් වන්නෙමු (නි)

:       0       0

තිලංග Thursday, 15 December 2016 04:33 PM

මාධ්‍යවේදියෝ කියන්නේ රටේ ශක්තිය. මේ ප්‍රහාරය අපිත් හෙළාදකිනවා (නි)

:       0       0

ගමගේ Thursday, 15 December 2016 05:46 AM

ඇත්ත. මේ වගේ දේවල් වලට කොන්ද නවාගෙන නිශ්ශබ්දව ඉන්න නරකයි (නි)

:       0       0

ටිරෝන් Thursday, 15 December 2016 04:40 PM

මාධ්‍යවේදී සගයන්ට ජයම වේවා! සාධාරණය දිනේවා! (නි)

:       0       0

ගයාන් ප්‍රියන්ත Thursday, 15 December 2016 05:44 AM

ක්ෂණික කෝපයෙන් තමන්ව පාලනය කරගන්න බැරි කෙනෙක් රටක මුලු නාවික හමුදාවක් පාලනය කරන්නෙ කොහොමද? නාවික හමුදපති කියන්නෙ බොහොම ගෞරවාන්විත විදියට සිටිය යුතු චරිතයක්. මැරයෙක් වගේ ඉඳලා හරියන් නැහැ. නොකරම බැරි දෙයක් නම් ඔහුට තිබුනා තමන් යටතේ ඉන්න නිලධාරියෙක්ව ඔය වැඩේට එවන්න (නි)

:       0       0

ධම්ම Thursday, 15 December 2016 05:59 AM

නාවික හමුදාපති චණ්ඩින්ගේ වැඩේ කරන්න යන්න හොඳ නැහැ. (නි)

:       0       0

ඒකනායක Thursday, 15 December 2016 06:08 AM

මේ ස්ථානයට බලපාන්නේ ජාත්‍යන්තර නීතිය නොව රටේ නීතියයි.(ම)

:       0       0

සුනිල් Thursday, 15 December 2016 05:12 PM

පහරදීම හොඳ නැහැ, වැරදියි. හැබැයි මාධ්‍යකරුවන්ද අදාළ ස්ථානයට අනුව ඒ ඒ න්‍යාය පත්‍ර වලට අනුව ක්‍රියාකළ යුතු බවද අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

ගයාන් Thursday, 15 December 2016 05:19 PM

අප්පච්චිගේ කාලේ නම් මෙහෙම වුණේ නැහැ. මාධ්‍ය නිදහස දැන්නේ දකින්න තියෙන්නේ? අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 15 December 2016 06:24 AM

බාලයන් ඇසුරු කිරීමේ විපාක. (ර)

:       0       0

නිකොලා Thursday, 15 December 2016 06:26 PM

යුද්ධ කාලේදී පෙරමුණට නොගිය වීරයෝ දැන් ඉදිරියට ඇවි්ලලා අවි නොගත් අපිට ගහනවා. අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ප්‍රනාන්දු එන්. Thursday, 15 December 2016 06:29 AM

දැන් උද්ඝෝෂණ විලාසිතාවක් වෙලා. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සියල්ලම තේරුම්ගන්න ඕනෑ මාධ්‍යවේදි සියලුදෙනාටම පහරදුන්නේ නැහැ කියා. කිසිවෙකුටත් එන්න තහනම් කළ ප්‍රදේශයට ගිය කෙනාට පමණක් ගුටිකන්න සිදුවුණා.නාවික හමුදාපති කළ දේ හරි අපිට නම් (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 15 December 2016 06:29 PM

මේ වැනි පහරදීම් තරයේ හෙළා දකිනවා. ජනාධිපතිතුමාට මොනවද කියන්න තිබෙන්නේ මේ ගැන? අපට කියන්න. මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැළසීම රජයට අයිති කටයුත්තක් (නි)

:       0       0

සනත් Thursday, 15 December 2016 06:51 PM

මහින්ද අවුරුදු 10 කට අනාගත් දේවල් වලට වැඩියෙන් , යහපාලනය අවුරුදු 2ට අනාගෙන. (නි)

:       0       0

රූපසිංහ Thursday, 15 December 2016 06:39 AM

හමුදාව අාවොත් නම් ඉතින් ගහලම තමා යන්නේ. එ්ක හැමෝම දැනගන්න ඕනෑ (නි)

:       0       0

බමුණුසේන Friday, 16 December 2016 01:13 PM

සකුන්තලා, ඕකට කියන්නේ හීනමානයද අධිමානයද දන්නේ නැති නිසයි අහන්නේ? (නි)

:       0       0

සුසිල් Thursday, 15 December 2016 06:47 AM

මමත් රජයේ සේවකයෙක්. දැන් දැන් වෘත්තීය සමිති නායකයෝ කියන කරන දේවල් නිසා සැබෑ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්නවත් ඉදිරිපත් වෙන්න අමාරුයි. මහජනතාවට උද්ඝෝසන දැකලම එපා වෙලා. හැමදාම මාධ්‍ය වලින් පෙන්වන්නෙත් උද්ඝෝසන. මහජනතාව බුද්ධිමත් නිසා හොද නරක තේරෙනවා. තව ටික කාලයක් යනකොට මේ උද්ඝෝසන නිකම්ම නිකං ශතේට වැටෙනවා. ඒ නිසා සැබෑ අයිතිවාසිකම් වලට පමණක් උද්ඝෝසන කරන්න. නැත්නම් වෘත්තීය සමිති කියනකොට ජනතාවගෙන් බහුතරයක් වැරදි විදිහට බලයි. (ර)

:       0       0

ජනහිත Thursday, 15 December 2016 09:04 PM

චමල් කියන්නේ ගහන්න අයිතියක් තියනවා කියලද? ඔය කියන විදිහට වෙඩිතියන්න ආයුධයක් අතේ නැති අයට බැහැ. හැබැයි අත්අඩංගුවට ගන්න පුළුවන්. ජනමාධ්‍යවේදීන් කියන්නේ "පෑන කඩුවට වඩා බලවත්" කියන අය නිසා ඒ අය කරන්නේ ජීවිතයත් එක්ක සටනක් බව අමතක කරන්න එපා. මා දන්නා තරමින් කිසිම ආරක්ෂක අංශයක ප්‍රධානියෙක් මෙතෙක් ඔය වගේ පෙරමුණේ සටන් කරන්න ගිහින් ‘නාගෙන‘ නැහැ. එය තම නායකත්වයට ගැළපෙන්නේත් නැහැ. අඩුගානේ අවුරුදු 30 ක් සටන් කරපු ත්‍රස්තවාදී නායකයාවත් කිසිම අවස්ථාවක පෙරමුණට විත් ‘වර්ණ‘ පෙන්වන්න ගියේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 15 December 2016 10:58 PM

සේවකයෝ ප්‍රශ්න විසඳන්න ඕනෑ පිටරටවල නැව් වලට අනවසරෙන් නැගලා නෙමෙයි. අනිවාර්යෙන් මේ නැව මුදාගන්න ඕනෑ. ඉස්සර වෙඩිතියලා ප්‍රශ්න විසඳපු කාලේ වගේ දැන් නැති එකට දෙවියන් වහන්සේට පින්සිද්ධ වේවා! (නි)

:       0       0

අශිකා Thursday, 15 December 2016 08:19 AM

ලෝකේ කිසි රටක පහර දීම් අනුමත කරන්නේ ඈ,යමෙක් කෙනකුට පහර දුන්නොත් එය තරාතිරම නොබලා බරපතල දඬුවම් ලැබිය යුතු වැරැද්දක්,ලංකාවේ ඉන්නේ මිලේච්ඡ මිනිස්සු කියන එක ලෝකෙට නැවතත් පෙන්නුවා,මේ නාවික හමුදාපති ඕනවට වඩා ඔලුව ඉදිමුන නීතිය නොදත් මිනිසෙක් බව ඔප්පු කළා මෙය නැණවත් කමින් විසදිය යුතු ප්‍රශ්නයක් ඔහු මැරයෙක් ලෙසටයි විසදුවේ (බ)

:       0       0

සිසිර පැරිස් Thursday, 15 December 2016 08:19 AM

ඉහළම වගකිවයුත්තන් නිහඬව සිටීම ඉතා කනගාටු දායකයි වැරැද්ද හදන්න කවුරුත් උත්සහ නොකරන්නේ ඇයි (බ)

:       0       0

මෝහමුදුල්ලා Thursday, 15 December 2016 08:21 AM

ලෝකේ කොහෙවත් කිසිම මිනිසෙකුට පහර දීමට කිසිම ජගතෙකුට බෑ. (ර)

:       0       0

ලංකා Thursday, 15 December 2016 08:23 AM

මේ පහර දීම කිසිසේත් දියුණු සමාජයක ලක්ෂණයක් නෙමේ. (ර)

:       0       0

චාමික Thursday, 15 December 2016 08:24 AM

නාවික හමුදාධිපති තමන් පිනට පහත් වු නායකයෙක් නොවෙයි එතුමා රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු කෙනෙක්. (ර)

:       0       0

මනෝජ් Thursday, 15 December 2016 08:26 AM

ගින්දර ලගට යන අය දැනගන්න ඕන වැඩිය කිට්ටු උනොත් පිච්චෙනවා කියලා. (ර)

:       0       0

නිරෝෂ් Saturday, 17 December 2016 06:54 AM

මොන විරෝධතා තිබ්බත් නාවික හමුදාපති නවතින්නේ හිටපු මහා බැංකු අධිපති නැවතුනු තැනමයි. මේ විරෝධතාවල අවසන් ප්‍රතිඵලය නාවික හමුදාපතිට සේවා දිගුවක් ලැබීමයි. මේවා නවත්තලා දැන්වත් පවතින මට්ටමින් හෝ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය පවත්වා ගැනීමටයි උද්ඝෝෂණය කළයුත්තේ. (නි)

:       0       0

වකෝ Thursday, 15 December 2016 08:28 AM

රජය මෙම උත්ගොෂණය, ත්‍රිවිධ හම්ධාවම යොදවා මැඩපවත්වන්න. නැතහොත් හමුධාවන්ට රටේ සේවය කිරීමට බැරි තත්වයක් උදාවේවි. (ර)

:       0       0

ටෙෂාන් Thursday, 15 December 2016 11:53 PM

නීතිය කියලා දෙයක් තිබේ නම් හමුදාපති වුුණත් වැරැද්දක් කළොත් ඔහුට දඬුවම් කරන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Friday, 16 December 2016 01:43 AM

දැන්වත් එතුමා තේරුම්ගනීද දන්නෙ නැහැ තනතුරේ බලයෙන් හිස උදුම්මවාගෙන ඉන්න අයට කවුරුත් අකමැතියි කියලා (නි)

:       0       0

මොරවක Friday, 16 December 2016 02:04 AM

ලංකාවේ මාධ්‍යවේදීන් ගොඩක් උත්සාහවන්තයි. ඔවුන් ආරක්ෂා කරගැනීම රජය සතු යුතුකමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 271 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 865 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site