IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නාවික හමුදාව රට සල්ලි උපයයි

වැලිසර නාවික හමුදා කඳවුරු වැඩපොළේ නිෂ්පාදනය කළ  යාත‍්‍රා නවයක්   නයිජීරියා රජය වෙත අලෙවි කළ බව නාවික හමුදාව කියයි.

නාවික හමුදාව විදෙස් රටකට යාත්‍රා අලෙවි කල ප‍්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන්  කෝසල වර්ණකුලසුරිය කියයි.

මෙම යාත‍්‍රා නවය  අතරට කුඩා  යාත‍්‍රා තුනක් හා  වෙරළාරක්ෂක යාත‍්‍රා හයක් වන බවත් මෙම බෝට්ටු අලෙවියෙන්  රුපියල් කෝටි 60 ක  අදායමක් නාවික හමුදා  උපයා ගත් බවත් කියති.

ශි‍්‍ර ලංකාවේ නයිජීරියා මහකොමසාරිස්  එස් අහමඩ් මසහතාට යාත්‍රා බාර දීමේ උත්සවයට ශි‍්‍ර ලංකා නාවික හමුදා අධ්‍යක්ෂක ජනරාල් මෙහෙයුම්  රියර් අද්මිරාල්   ධර්මේන්ද්‍ර වෑත්තෑව,  අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල්  නිලන්ත පේ‍්‍රමසිරි,  යන මහත්වරුන්  සහභාගි  වුහ.

යුද්ධය  පැවැති වකවානුවේ අවශ්‍යතාව මත 1994  නාවික හමුදා විශේෂ යාත‍්‍රා බලඝනය වෙනුවෙන්   මෙම යාත‍්‍රා නිශ්පාදනය ආරම්ක කර ඇති අතර මේ දක්වා යාත‍්‍රා 120 වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදන කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි

1(1) 2(2) 3 4 5 6 7



අදහස් (0)

නාවික හමුදාව රට සල්ලි උපයයි

සංජීව Sunday, 08 May 2016 10:12 AM

ලංකාව එදත් අදත් ලෝකෙම ජය ගත්තු මිනිස්සු, (ර)

:       0       0

ප්‍රියන්ත Monday, 09 May 2016 02:19 AM

මේ සම්බන්ධයෙන් දිරිගන්වන අදහස් තව තවත් පළකරමු. හොඳ වැඩක්. ජයවේවා! (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 09 May 2016 02:37 AM

ඉතාම සතුටුයි! (නි)

:       0       0

නුවන් Monday, 09 May 2016 02:59 AM

පසුගිය රජය ක්‍රියාත්මක කළ යහපත් වැඩක ප්‍රතිඵල. (නි)

:       0       0

දිලුම් Monday, 09 May 2016 03:13 AM

පසුගිය රජය ක්‍රියාත්මක කළ යහපත් වැඩක ප්‍රතිඵල. නාවික හමුදා විරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

චින්තක Thursday, 16 June 2016 08:15 AM

නාවික හමුදාව සැමදා ඉදිරියෙන්. ජයෙන් ජයම වෙිවා.! (ර)

:       0       0

ප්‍රියංග Monday, 09 May 2016 03:47 AM

පසුගිය රජය නොවෙයි, යහපාලන රජයී වැඩ.. (ම)

:       0       0

ශාන සෞදි Sunday, 08 May 2016 10:46 AM

ඉතා හොඳ ක්‍රියාවක්. මේ කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා ! (නි)

:       0       0

ටානි Sunday, 08 May 2016 10:58 AM

මගේ හිතට දැනෙන්නේ ලොකු ආඩම්බරයක් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 08 May 2016 11:04 AM

නාවික හමුදාවට අපේ ආචාරය! (නි)

:       0       0

ජනක Monday, 09 May 2016 04:21 AM

මහින්ද ගේ පාර්ලිමේන්තුවේ දේශපාලකතුමාලට වාහන (බස්, බෙන්ස්, හෙලිකොප්ටර්, ) ගෙන්නන විට සමන්, ප්‍රබෝද නිදාගෙන ද හිටියේ. ඒ කාලේ වියදම් ගැන මාධ්‍යයට දුන්නේ නැ. (බ)

:       0       0

කින් බෙනට් Sunday, 08 May 2016 11:26 AM

අපි පිටරට වලට වෙරළාරක්ෂක යාත්‍රා හදන ගමන් අපේ රටේ වෙරළාරක්ෂක කටයුතු වලට පිටරට වලින් ආධාර ඉල්ලනවා (නි)

:       0       0

රාජේ Monday, 09 May 2016 04:58 AM

අපනයනය කුඩා පරිමාණයෙන් හෝ සිදුවීම අගය කළ යුත්තකි. එහෙත් මෙවැනි නිෂ්පාදන සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය සමහර අංග ආනයනයට ද විදේශ විනිමයක් වැයකළ යුතු නිසා නිපදවන සහ විදේශවලට අළෙවි කළ යුතු නිෂ්පාදන ඒකක ප්‍රමාණය අධික විය යුතුමය. (ම)

:       0       0

උද්දික Tuesday, 17 May 2016 12:51 PM

පසුගිය රජය ක්‍රියාත්මක කළ යහපත් වැඩක ප්‍රතිඵල. නාවික හමුදා විරුවන්ට අපගේ ප්‍රණාමය! (ර)

:       0       0

අජිත් Monday, 09 May 2016 05:14 AM

හොද දෙයක් ඉදිරියේදී සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට හැකිවේවි.(හේ)

:       0       0

නිලන්ත Monday, 09 May 2016 05:16 AM

හොද වැඩක් (හේ)

:       0       0

සමන්ත Monday, 09 May 2016 05:17 AM

තව නාවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අලුත් යාත්‍රා නිපදවා අලෙවි කරන්න.(හේ)

:       0       0

අමල් Monday, 09 May 2016 05:16 AM

තව තවත් නාවික යාත්‍රා අලෙවි කිරීමට හැකියාව ලැබේවා.(හේ)

:       0       0

ජනක Monday, 09 May 2016 05:43 AM

ප්‍රියන්ග මහත්තයා ඔලුව අතගාලා බලන්න ගැට දෙකක් වගේ මතුවෙලා තියෙනවාද කියල. මේක යහපාලන කාලයේ බාර දුන්නට ගිවිසුම් ගහල වැඩපටන් ගත්තෙ පසුගිය පාලන සමයේදි. යහ පාලනෙන් ඔන්න තවත් පට්ට වෑඩක් කරන්න යනවා, ඉන්දියාවෙන් නාවික යාත්‍රා මිලදී ගන්න යනවා. අපේ රටේ සියලු පහසුකම් සහ හෑකියාවන් තිබෙන ඩොක් යාඩ් එක, ඉන්ජිනේරුවන් සහ දක්ෂ නාවිකයන් සිටිද්දි ඈයි යහ පාලනය මෙහෙම කරන්නෙ. (බ)

:       0       0

ශශික Sunday, 08 May 2016 02:31 PM

'රට සුරකින රන්වැට' ලෙස නාවික හමුදාව ඔය තත්වයට ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් හිටපු නාවික හමුදාපතිතුමාටත් අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ධම්මික Sunday, 08 May 2016 02:42 PM

කාලෙකට පස්සෙ ඇහුවා ඇඟට දැනෙන, හිතපිරෙන ප්‍රවෘත්තියක් (නි)

:       0       0

බමුණු Monday, 09 May 2016 12:45 PM

පසුගිය රජය නොවෙයි, යහපාලන රජයයි වැඩ..බම්බුව, යහපලකයෝ මේවා හිතන්නවත් දන්නේ නැත. (බ)

:       0       0

චින්තක Monday, 09 May 2016 01:15 PM

කරපු මිනිහට හොදක් කියන්න දිව නැමෙන්නේ නැති මේ වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති, ඕනෑම නම් අන්තර්ජාලයෙන් සොයා බලන්න, මේ කුඩා යාත්‍රා වල මොලකරු ගෝඨාබය මත්තය. ඔහු මේ යාත්‍රා විශේෂය නිපදවන්න නාවික ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේ කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රා වලට පිලියමක් විදියට. (බ)

:       0       0

මානෙල් Monday, 09 May 2016 06:41 AM

ශශික , බොරුවට හිත රවට්ට ගඳ හදන්ඩ එපා. (ර)

:       0       0

සමන් Sunday, 08 May 2016 04:44 PM

මේ බෝට්ටු ඔක්කොටම රුපියල් කෝටි 60යි. ඒත් සමහරුන්ගේ කාර් වලට? (නි)

:       0       0

ප්‍රබෝද Monday, 09 May 2016 03:30 PM

ජනක අර ආණ්ඩුවත් එහෙම කළා එහෙම කියලා මේ ආණ්ඩුව කරන වැරදි සාධාරණය කරන්න අපිට බෑ. ඒ ආණ්ඩුව එහෙම කරපු නිසා තමා ඒගොල්ලන්ව ගෙදර ඇරියේ. මෙහෙම සංවර්දනය කරන්න ආණ්ඩු මාරුවෙනකන් කල් මර මර ඉන්න පුළුවන් රටක් නෙමේ මේක. අමතක කරන්න එපා 1948 ඉදන් අපි තාම සංවර්ධනය වෙන රටක්. කරන්න තියෙන්නේ තියෙන ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන එක. (ර)

:       0       0

ප්‍රබෝද Sunday, 08 May 2016 08:55 PM

හොඳ වැඩක්. හැබැයි පාර්ලිමේන්තුවේ දේශපාලකතුමාලට වාහන වලට වෙන්කළ මුදල් බැලුවහම අපනයන ආදායම කෝටි හැටක් කියන්නේ මොකක්ද කියලා හිතෙනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 08 May 2016 11:01 PM

මෙන්න වැඩ! හිත ඇත්නම් පත කුඩාද? අපි මේ කර්මාන්තය දියුණු කරමු, අනාගතයේ යුද නැව් සෑදීම දක්වා. (නි)

:       0       0

ලෙස්ලි Monday, 09 May 2016 12:30 AM

අපි මොකටද එහෙනම් පිටරට වලින් සල්ලි දීලා බෝට්ටු ගන්නේ? (නි)

:       0       0

උදාරත් Monday, 09 May 2016 08:24 AM

යාත‍්‍රා 120ට රුපියල් කෝටි 60 ක අදායමක් ඉතාම සතුටුයි! බුදු සරණයි! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 214 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 636 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 267 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 707 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2031 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2305 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site