නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දනගැස්වීම නිසා දඬුවම් ලැබූ වයඹ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට එරෙහිව අද ඇපෑලක් ඉදිරිපත් කළේය.
2013 ජූනි 14 වැනි දා මේ ගුරුවරිය දණගැස්වූ බවට තීරණය කළ පුත්තලම මහාධිකරණයට ඔහුට තෙවසරක සිර දඬුවමක් පනවා එය වසර හතකට අත්හැටුවීය.
රුපියල් 50,000ක දඩයක් හා රුපියල් තුන් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කැරිණි.
පසුගිය මැයි 12 වැනි දා දුන් එම තීන්දුව නිෂ්ප්‍රභ කර තමා නිදොස්කොට නිදහස් කරන්නැයි සරත් කුමාර ඉල්ලයි.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවගත්තේගම තීන්දුවට ඇපෑලක්
උපාලි Tuesday, 27 May 2014 08:32 AM
ජනතාවට සේවය කරන්න ඇවිත් මන්ත්‍රී කමත් නැති කරගෙන දඩත් කාල අසරණ උණු මේ උතුමාට අපි රුපියල රුපියල එකතු කරලා දෙමු. ඉහල උසාවියෙන් වත් සහනයක් ලැබෙන තුරු. ආයිත් නම් ඉස්කෝලයකට නිකම් වත් යන්න එපා හිටපු මන්ත්‍රී තුමෝ. මිනිසුන්ට ඔබතුමාගේ සේවය ඕන නැත්නම නිකම්ම ඉන්න.(නදී)
ලලන්ත Tuesday, 27 May 2014 08:43 AM
මෙයා වසර 100 කට හිරේ දාන්න ඕන. ළමයට තවම හරියට ඇඳුමක් මහල දීල නැතිලු. එ්කට වෙනම දඬුවමක් දෙන්න ඕන. මේ වගේ අයට චන්දෙ දෙන මෝඩ මිනිස්සුත් ඉන්නවා නේ. (ස)
ගාමිණී Tuesday, 27 May 2014 08:52 AM
කවීන් තව දුරටත් චන්දෙ දුන්නොත් අපි හිතන රට හදන්ඩ බැරි වෙනව. එක වරක් මේ අයට පාඩමක් උගන්වමු. අායිත් බලයට ගෙනාවට කමක් නෑ. (ස)
රකිත් Tuesday, 27 May 2014 09:04 AM
ඇපැලෙන් දූන් පළමු තීන්දුවට අමතරව එම පාසැල තුළ මොහුටත් දණ ගසන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමි. (ස)
ඇසළ Monday, 26 May 2014 04:35 PM
ආයුධ පෙන්නන ගෙනියන්න තියෙන්නේ තවත් දගලන්න ගියොත්. (නදී)
චාමර Monday, 26 May 2014 04:37 PM
වන්දිය සහ දඩය දෙගුන කරලා වසර හැටකට බරපතල වැඩ ඇතුව හිරේ දාන්න ඕනේ.(නදී)
පෙරුමාල් Tuesday, 27 May 2014 09:14 AM
නීතිපති දැනටමත් කල යුතු දේ තීරණය කරල ඇති.
මහේෂ් කො Monday, 26 May 2014 04:42 PM
හොද වැඩක් කරලා තියෙන්නේ , මෙයාට ලැබුනු දඩුවම මදි නිසා තවත් දඩුවම් ඉල්ලගන්න තමයි දගලන්නේ (නදී)
නාලක Monday, 26 May 2014 04:45 PM
මේ ඉල්ලන් කන්න යන්නේ , සමහරවිට සිර දඩුවමකුත් ලැබෙයි.(නදී)
කුමාර Monday, 26 May 2014 04:56 PM
මේ ගුරුවරිය ස්ව කැමැත්තෙන් දන ගසා ගත්තාවත්ද. මොකද දේශපාලක තුමා රජයේ කෙනෙක්. අදත් අපේ රටේ නීතිය බරපතල ලෙස ප්රස්ණකාරී වෙලා.(නදී)
අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 27 May 2014 09:22 AM
හරි වැඩේ. ගෙවපු වන්දිය ආපහු ගෙවන්න වෙයිද? (නදී)
ජයසිංහ Monday, 26 May 2014 05:05 PM
ගත්ත සල්ලි ආපහු දෙන්න වෙයිද දන්නේ නෑ. (නදී)
සිරිමෙවන් Tuesday, 27 May 2014 09:30 AM
සුසිලා ගුරු මහත්මියට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වුනේ පාසල් දරුවන්ගේ විනය හදන්න ගිහිල්ලා. හැබැයි මේ වගේ විනයක් නැති දේශපාලකයන්ගේ විනය හදන්න යනකොට රටේ නීතියත් අභියෝගයට ලක්කරන්න තරම් මේ අය මාන්නයෙන් උදම් වෙලා. මොවුන්ට ජනතා අධිකරණයකින් දඬුවම් දීලා, සමුපකාර සමිතියකවත් නිලතල දරන්න ඉඩ නොදෙන්න තරම් අප බුද්ධිමත් විය යුතුයි. (නදී)
සම්පත් Monday, 26 May 2014 05:06 PM
අනේ ලක්ෂ තුනක් දෙනවා නම් මාවත් දන ගස්සන්න.(නදී)
උපුල් Monday, 26 May 2014 05:15 PM
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතමු.(නදී)
නන්දන පනාගොඩ මිලානෝ Monday, 26 May 2014 05:18 PM
මෙම අැපෑල සලකා බලා මොහුට දැඩි දඬුවම් දෙන්න. (නදී)
නුවන් Monday, 26 May 2014 05:19 PM
මේක මාර වැඩක්නේ මෙහෙම ගියොත් ලංකාව මහා විහිළු ගොඩක් වෙනවා. (නදී)
දයා අලහාකෝන් Monday, 26 May 2014 05:30 PM
ඕක හිතන්න තිබුනේ ඔය සිද්ධිය තමා අතින් වෙන්න කලින් නේද? (නදී)
සීලා Monday, 26 May 2014 05:36 PM
ගුරුතුමිය වරදකට පටලවල එතුමියට වන්දි ගෙවන්න සිද්ද උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
මාලින් Monday, 26 May 2014 05:45 PM
දුන් දඬුවම ලිහිල් වැඩි. අනේ දෙවියනේ ඔයිට වැඩිය ලොකු දඩයක් ගැහුවොත් .සාදු,සාදු. (අ)
මහනෙල් Tuesday, 27 May 2014 09:08 PM
දඬුවම ලිහින් වෙන්නේ නැතිවෙයි (ස) .
බන්දුල Monday, 26 May 2014 05:53 PM
මේයාට මීට වඩා දඩුවමක් දෙන්න තියෙන්නේ ඉහල උසාවියකින් . (අ)
නිශාන්ත Monday, 26 May 2014 05:55 PM
ගුරු මවක් දණ ගැස්සුව යම් කිසි කෙනෙක් වේද ඔහුට අත් නොසිටුවා දෙන දඩුවම් ලැබෙන්න කියලා මගේ පෞද්ගලික ප්‍රාර්ථනාව. (අ)
තිලක් Monday, 26 May 2014 05:55 PM
නඩුකාර තුමනි මේදාපාර හිරගෙට යවන්න කටත් එක්කල හොද පාඩමක් ඉගෙන ගන්න (අ)
දයා අලහාකෝන් Monday, 26 May 2014 05:59 PM
ඇයි ඉතින් තවත් මෝඩ වැඩක් කරන්නද? (නදී).
විධුෂක Monday, 26 May 2014 06:23 PM
මෙයා එදිනම සවස දෙකට පෙර රුපියල් 300,000/= දඩය ගෙව්වලු නේද? ඒ කියන්නේ විත්තිකරු වරද පිළිඅරන්. එතකොට ඇපෑලක් ඉදිරිපත් කරන්නේ දඩය ගෙව්වා කියල අර කාටද වගේ අමතක වෙලාද?.අනේ මන්දා.(නදී)
අජන්ත කුමාර Tuesday, 27 May 2014 10:59 AM
ගුරු ගෞරවය හා විනය ගැන දෙමාපියන් කියලා දුන්නනම් මෙහෙම වෙන්නේ නැ(දිල්)
මිලානෝ ජයන්ත Monday, 26 May 2014 06:36 PM
කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බලලෝ කිව්වලු. මේ මනුස්ස්යයා කවදාවත්ම පාසලකට ගිය කෙනෙක් වෙන්න බැහැ. ගුරු මාතවකගේ අගය ගැන නොදන්නා නිසයි මෙහෙම දෙයක් උනේ.(නදී)
ලලිත් Monday, 26 May 2014 07:04 PM
ආයිමත් කාව හරි දනගස්සවන්න. එවිට නිදහස් කරයි.(නදී)
නවිනි Tuesday, 27 May 2014 12:12 PM
දේශපාලනයට එන අයගේ පවුල් පසුබිම ඔවුන්ගේ චර්යාවෙන් ම පේනවා. මහා උගත්කම් නැතුවාට කමක් නැහැ. නමුත් ශීලාචාර, විනයක් ඇති පවුල් පසුබිමක් වත් තියනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. (ස)
ගාල්ලගේ Monday, 26 May 2014 07:28 PM
නිල තල බලය පෙන්නන් අමනුෂ්‍ය වැඩ කරලා නිදොස් කොට නිදහස් කරන්නත් කියලා එයා ඊට පස්සේ එයාගේ නම්බු නාමයට අපකීර්තියක් උනා කියල අර අහිංසක ගුරු මාතාවගෙන් වන්දිත් ඉල්ලයි. මම නම් තීන්දු දෙන්නේ මරණ දඬුවම. මම හිතන්නේ මෙයාලා වැරදිලා මනුෂ්‍ය ආත්මයක් ලබල තියෙන්නේ. මොවුන් වගේ අය තමයි රට කන්නේ.(නදී)
කාන්ති Tuesday, 27 May 2014 12:14 PM
මන්ත්‍රී තාත්තාගේ විදියෙන් ම දුවගේ හැදියාවත් මැන ගන්න අපිට පුළුවන්. (ස)
සරත් Monday, 26 May 2014 07:41 PM
ඇපෑල ජයගෙන කලින් නඩු තීන්දුව නිෂ්ප්රභා කලොත් ගුරුතුමිය පිහිටවපු ගුරු සිසු අරමුදලට මක් වේවිද.? (නදී)
සුනිල් Monday, 26 May 2014 08:03 PM
අපි බලාගෙන ඉන්නවා නීතිය යුක්තිය සදාරනකම, විනය, ගුරු ගරුත්වය, යහ පාලනය ජය ගනීද නැතිනම් ඊට විරුද්ද අවනීතිය, අසදාරනකම ප්රචණ්ඩත්වය වගේ දේවල් ජය ගනීද කියල. රටේ අදිකරණය රටේ හිමිකරුවන් වන මහා ජනතාවගේ පරමාදිපත්වය රකිනවා කියල කවුරුත් දන්නවා. (නදී)
ලංකා තිලක් Tuesday, 27 May 2014 01:09 PM
අනේ මන්ද ..කට්ටිය කියන්නේ නිතිය බල්ලට ගිහිල්ල..දේශපාලකයින්ට රටේ නීති අදාල නැහැ කියල..එතකොට මෙයා කවුද? මේ රටේ නිතිය තවමත් හොදින් ක්‍රියාත්මක වෙනව බේදයක් නැතුව..මේක එකට හොදම උදාහරණයක්.අපැලක් දාන එක මෙයාගේ ප්රජාතන්ත්රවාදී අයිතියක්.එක ප්‍රශ්න කරන්න විවේචනය කරන්න කාටවත් බැහැ.හැබැයි මම මෙයා උනානම් මම කරන්නේ තව ලක්ෂ 10ක් විතර අර අරමුදලට දීල එක ශක්තිමත් කරවල දිගටම ඒ අරමුදල වෙනුවෙන් ආධාර උපකාර කරන එක..දේශපාලනේ හරියට කරනවනම් එහෙමයි ඉන්න ඕන (දිල්)
ප්‍රියාන් Monday, 26 May 2014 08:10 PM
වැරදි කරලා තව ඒවා හරි කියනවා.(නදී)
නිලන්ත Tuesday, 27 May 2014 01:51 PM
මතක් වුනේ රෝයල් පාක් නඩු තින්දුව.(නදී)
බමුණු Tuesday, 27 May 2014 01:57 PM
"මේ මනුස්ස්යයා කවදාවත්ම පාසලකට ගිය කෙනෙක් වෙන්න බැහැ." පාසැල් ගියා නම් දේශපාලනයට එනවද හලෝ. (නදී)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 26 May 2014 08:59 PM
දඬුවම තවත් මදි නම් වැඩි කරලා දෙන්න. අසේල කියනවා වගේ ආයුද පෙන්නන්න ගෙනියන්න ඕනා (නදී)
නවීන් Tuesday, 27 May 2014 02:59 PM
ලංකා තිලක් , ජාතියේ පිනට තමා ඔබ මේ මන්ත්‍රී තුමා නොවුනේ. මෙයා ගුරුවරියක් දන ගස්සා විතරක් නිකන් හිටියා. ඔබ නඩුකාරතුමාවත් දනගස්සන්න ගිහින් ඇපෑලක් වත් නැතිව නවතීවි. (ස)
දිලාන් Tuesday, 27 May 2014 03:04 PM
ලංකා තිලක්, ඔය කියන නීතිය තංගල්ලේ තියනවාද කියලා කියන්නකෝ. එහේ කාන්තාවන් දනගස්සවන්නේ නැතිව හොඳට සලකන පලාතක් නේ. (ස)
ටෙනී Tuesday, 27 May 2014 03:07 PM
නීතිය පොත් වල තිබුණා ට වැඩක් නැහැ. ඒක හැමෝටම හැම තැනදිම සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. දේශපාලුවන්ට එක නීතියකුත් මහජනයාට තව නීතියකුත් තියෙන්න බැහැ. (ස)
පිටිගල Monday, 26 May 2014 10:21 PM
ෂුවර් එකටම අපැලෙන් නිදොස් කොට නිදහස් වෙනවා! (නදී)
නවීන් Monday, 26 May 2014 11:17 PM
ජනතාව මෙයා හෝ මෙයාගේ බලල් අතක් වුණ කිසි කෙනෙක් ට දේශපාලනය කරන්න බැරිවෙන්න දඩුවම් දෙන්න පක්ෂ විපක්ෂ සියල්ල මතක තබා ගත යතුයි. මේ ලියන මමත් සන්ධානයට තමයි වැඩ. හැබැයි ජරා වැඩට නැහැ (නදී)
වීරසේකරගේ Tuesday, 27 May 2014 12:21 AM
අබියාචනාදිකරණයට මම කියන්නේ දඩේ වැඩි කරලා සිර දඩුවම දික් කරන්න. (නදී)
විකී Tuesday, 27 May 2014 12:45 AM
සරත් මහතාණෙනි, එහෙම දෙයක් උනොත් එවැනි හොඳ දෙයකට පළමු අරමුදල මගෙන්. (ස)
අමල් සෞදි Tuesday, 27 May 2014 12:55 AM
ලංකාවේ උසාවි වල දෙන සමහර තීන්දු වල හැටියට මේ හාදය නිදහස් කරලා දාන්නත් බැරි නැහැ ......(ස)
පූර්ණ Tuesday, 27 May 2014 01:51 AM
මේ මනුස්සයා දඩය ගෙව්වා. ඒ කියන්නෙ වැරැද්ද පිලි ගත්තා. කලින් ගුරු පරපුරටම අපහාස කලා. දැන් අධිකරණයට අපහාස කරන්න සූදානම් වෙනවා. ගෞරවනීය අධිකරණය නිවැරදි තීන්දුවක් දේවි. පාසල් නොගිය කෙනෙකු නිසා සිර දඬුවමේ දිගුවක් නොකරාවි. (නදී)
සිතුම් Tuesday, 27 May 2014 03:14 AM
මේ මිනිහ තවම හැදිලා නැහැ වගේ. සිරදඬුවමක් ඉල්ලන් කන්න වගේ යන්නේ.මෙයා විතරක් නෙමෙයි, කල වරදට එයාගේ අම්මත් කොච්චර බැනුම් ඇහුවද? (නදී)
චන්ද්‍රා වීරසිංහ Tuesday, 27 May 2014 03:34 AM
ජනාධිපති සමාවක් ලැබේවිද? (නදී)