IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නිවාඩු නොදුන් නිසා පොතේ ලියා පීසී ගෙදර ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රෝගාතුරව නිවසේ සිටින මවට  ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන්  බව කියමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේඒ හා සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගොස් ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේ රාජකාරියෙන් බැහැරව ගොස් ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.

රෝගාතුරව සිටින බව මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බවදඑම ආධුනික පොලිස් කොස්තාපල් වරයා පොලිස් පොතේ සටහන් කර ඇතැයිඑම පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

දින 60ක කාලයක්  නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත්  රෝගාතුරව සිටින සිටින මව බැලීමට යෑමටනිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල් වරයා සිත් වේදනාවෙන් පසුවූ  බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 



අදහස් (6)

නිවාඩු නොදුන් නිසා පොතේ ලියා පීසී ගෙදර ගිහින්

wedage Friday, 25 August 2023 04:04 PM

පොලිසියේ වදහිංසා වලට මේවත් අයත්ද?

:       0       40

pakeer Friday, 25 August 2023 04:05 PM

නියම වැඩක් කරලා තියෙන්නේ... මම වුණත් කරන්නේ ඕක තමයි. අම්මාට ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

:       1       55

සත්‍යපාල Friday, 25 August 2023 04:15 PM

මම සේවය කළ එක්තරා කාර්යාලයක ක්ෂේත්‍රයේ රාජකාරි කරන දිස්ත්‍රික්කයෙන් පිටතට පළාත් සභාව විසින් ස්ථාන මාරුවක් ලැබූ එක් නිලධාරියෙක් හිටියා. ඔහුගේ මවත් පිළිකා රෝගියකු නිසා අම්මාට උවටැන් කර මේ නිලධාරියා දුර බැහැර සේවය සඳහා එන්නේ පැයක් හමාරක් ප්‍රමාදවෙලා.. ඉතින් මිනිස්සු ප්‍රාදේශීය ලේකම් වෙත පැමිණිලි කළාම ගිහිල්ලා බලා කාර්‍යාලය වසා තිබුණු නිසා නිදහසට කරුණු විමසීමක් නොකර වහාම සේවය හැරයාම නිකුත් කළා. ඉතින් මිනිහා අභියාචනා කළත් පිළිගත්තේ නැහැ. වැටුප් නැතුව ජීවත් වෙන්නත් ඔහුට ක්‍රමයක් නැහැ. අම්මා පිළිකාවෙන් අසාධ්‍ය වෙලා අසරණ නිලධාරියා ජීවිතය හානිකර ගත්තා. එය දැනගෙන එදිනට පෙර දිනය යොදා නැවත සේවයේ පිහිටෙව්වා. නමුත් නිලධාරියා නැවත නැගිට්ටේ නම් නැහැ. රාජ්‍ය සේවයේ මෙහෙම දේවල් නොවේවා...!

:       0       38

Nihal Friday, 25 August 2023 08:43 PM

අම්මා බලන්න යන්න නිවාඩු දෙන්න බැරිනම් මොකටද අනිත් මිනිස්සු සඳහා සේවය කරන්නේ...?

:       0       25

චන්දන Saturday, 26 August 2023 08:02 AM

අන්තිම අමානුෂිකයි. නිවාඩු අනුමත කරන අයට අම්මා තාත්තා නැත්ද? නැතිනම් හිටියත් එයාලාට සලකන්නේත් මෙහෙමද? නිවාඩු අනුමත නොකළ නිලධාරියාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි...

:       0       4

Bunny Preena Saturday, 26 August 2023 10:22 AM

මානුෂීය ප්‍රශ්නයක්... මෙවැනි කරුණු සම්බන්ධව පොලිස් ලොක්කෝ සංවේදීව හිතන්න පුරුදු වෙන්න ඕනේ. නැතිනම් එවැනි දේවල් සම්බන්ධ ඔවුන්ට වැඩමුළුවක් තියලා පුහුණුවක් ලබාදෙන්න ඕනේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 620 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’
2024 ඔක්තෝබර් මස 14 912 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබ


බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 383 0

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහත


පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 475 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 3618 1

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 1447 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 442 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1394 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site