IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නිවාඩු ලබා රට රැකියාවට යන අයට කොන්දේසියක්

(රංජන් කස්තුරි)

රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා  ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.

විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම  මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

 



අදහස් (27)

නිවාඩු ලබා රට රැකියාවට යන අයට කොන්දේසියක්

බද්රානි Wednesday, 24 August 2022 03:57 PM

හානේ! ඒ නීතිය හරිම ෂෝක්. එතකොට පිටරට ගිහිල්ලා එහෙ තියන ඩොලර් ගස්වලින් ඩොලර් ගොඩක් කඩාගෙන ලංකාවට එවලා, අපේ රට පොහොසත් කරනවා. ඊට පස්සේ අපි හැම නගරෙකම නෙලුම් කුළුණු හදනවා. ඒ අයට අපේ ප්‍රෞඩත්වය පෙන්වන්න. ඒ අයගේ ඩොලර් අපි ලංකාවට එව්වාම ඒ ගොල්ලෝ නිකම්ම දුප්පත් වෙනවා. එතකොට, දැනට වඩා මුළු ලෝකයම අපේ රට අල්ලගන්න උත්සාහ කරයි. රටේ ජාතික ආරක්ෂාව මීටවඩා තර කරන්න වෙයි එදාට.. අනේ මන්දා, රටේ අනාගත මහසංවර්ධනය ගැන හිතද්දී අමුතු ජාත්‍යන්තර බියක් දැනෙනවා හදවතට...

:       136       107

BamunuarachchiWednesday, 24 August 2022 07:20 PM

මේ මොන කතාවක්ද? රට ගිය එක්කෙනා මෙරටට සල්ලි එවන්නේ නැත්නම් රටට විදේශීය විනීමය උපයන කෙනාගෙන් ඔවුන්ගේ අඹුදරුවන් යැපෙන්නද හදන්නේ? පිටරට රැකියාවක් කරන්න යන්න රජයේ සේවයෙන් නිවාඩු ලබා දුන්නේ රටට විදේශීය විනීමය උපයන්න මිසක් ලැබෙන වැටුප ඩොලර් කර උන්ඩියල් ක්‍රමයට වෙන කෙනෙක් පොහොසත් කරන්න නොවෙයි. මමත් 1981දී රජයේ සේවයෙන් නිවාඩු ලබාගෙන පිටරට ගියේ මෙරටට ඩොලර් උපයන්න. අන්තිමට මෙරට රජයේ රැකියාවේ අයින්වෙලා ඒ රටවල රජයේ සේවයට බැඳිලා අවුරුදු 25ම මෙරටට ඩොලර් ලක්ෂ ගණනක් එව්වා... රටට සේවයක් කළා කියලා දැන් සතුටු වෙනවා. ඒ කාලේ රටට විදේශීය විනීමය එවන්න කියා නීතියක් නොතිබුණත් 2010 නැවත ලංකාවට එනතුරු අපි සියලු දෙනාම ඩොලර් ලංකාවට එව්වා. අපි උපයපු සල්ලිවලින් පැනඩෝල් පෙත්ත බීපු, කොරෝනා එන්නත ගහගත්තු අය ඩොලර් උපයන්න රට ගිය කෙනාට උපදෙස් දෙනවා. එසේ නොකරන කෙනෙකුගේ නිවාඩු අවලංගු කළ යුතුයි. පාස්පෝර්ට් නැවත අලුත් නොකළ යුතුයි...

:       32       129

RajaWednesday, 24 August 2022 09:14 PM

හොඳ හිතකින් ඔබ ඩොලර් ලොකු ගානක් එවලා තියෙන්නේ! නමුත් ඔබ හිතුවේ නැද්ද මොකද ඒවාට වුනේ කියලා?

:       0       0

senaThursday, 25 August 2022 12:27 PM

ඔයා එවපු සල්ලි ඔක්කොම ඔයාගේ හාම්පුත්තු හොරාකෑවා. දැන් ඔයාටත් බෙහෙත් ඕනෑ වුණාම වියදම් කරන්නේ ඔය එක එක රටවලින් හිඟාකන සල්ලි වලින්...

:       0       2

chandanaThursday, 25 August 2022 02:13 PM

බද්‍රානිගේ මොළේ අමාරුව තවම තියෙනවා. නිසි කලට නිසි ප්‍රතිකාර නොලැබුනහම තමයි ඔහොම වෙන්නේ. මැයට තියෙන්නේ හීන මානයක්. රටට වෛර කරන චරිතයක්. මැයගේ පැරණි සියළු අදහස් බැලුවම ඒ බව පැහැදිලියි. කරුණාකර මෙවැනි පහත් මිනිසුන්ගේ අදහස් පිළිගන්න කලින් ඇයගේ මන්ධ බුද්ධික මට්ටමින් නොව ඔබ ඔබට උරුමවූ බුද්ධියෙන් විමසා බලා තීරණ ගන්න.

:       5       9

බද්රානිFriday, 26 August 2022 01:59 PM

චන්දන, අනුන්ගේ මොල වර්ධනය ගැන කතා කරන්න කලින් ඔහේගේ ඔය හොඳට වර්ධනය වී ඇති මොල්ලිය ගැන ඔයිට වඩා සැලකිලි මත් වුණොත් නරකද? නියෝග දමා ජනතාව පිටරටවලට දැක්කීම ගවයින්ට අනුමත කළහැකි වුණාට අපිට එහෙම කරන්න බැහැ තේරුණාද? පාලකයින්ගේ හරක් ගාලේ මොල්ලිය වර්ධනය වූ ගවයින්ට පුන්නක්කු දී බර අද්දවා ඔවුන්ගේ සුඛවිහරණය සලසාදීම ගවයින්ට සතුටක් උනාට, මොලේ කළදක් හෝ ඇති මනුස්සයින්ට කාගේ හෝ වහල්ලු වීමට අවශ්‍යතාවයක් නැහැ. මොනවා කරන්නද ඉතින්? ලංකාවේ බහුතර සමහරක් හිතාගෙන ඉන්නේ, පිටතට පෙනෙන මොල්ලියේ වර්ධනය බුද්ධියේ වර්ධනය කියලනේ...

:       1       3

විපරමා Wednesday, 24 August 2022 04:53 PM

පුදුම කොන්දේසි.. කාගේ උපදෙස්ද දන්නේ නැහැ. ඩොලර් ගිලපු දූෂිත දේශපාලුවන් ගැන ලෝකෙම දන්නවා. ඊට වඩා හොඳ නැද්ද දූෂිත දේශපාලුවන් උගන්ඩාවේ, තැන්තැන්වල හංගපුවා අයකරගන්න විදියක් ගැන බැලුවා නම්..?

:       0       0

sisira Wednesday, 24 August 2022 05:20 PM

විදේශගත වීමෙන් පසුව අනිවාර්යයෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීමට නොහැකි සේවකයින් රජ්‍ය සේවයෙන් ඉවත් වේ..

:       4       60

අනුර Thursday, 25 August 2022 04:39 AM

එහෙම වෙන්න පුළුවන්. ඒ කාලයේ මම විදේශ රටකට ගියේ දරුවන්ගේ විදේශ අධ්‍යාපනය සඳහා වැය කිරීමටයි. ඉතින් ඒ මුදල් වැයකල විට මාසිකව එවීමට මුදලක් ඉතුරු වන්නේ නැහැ.. ඒ හැර අනියම් ක්‍රමයකින් මේ රටේ විදේශ විනිමය වැය කිරීම නතර වෙයි. කොහොමටත් ලංකාවට පැමිණි විට නිශ්චිත කාල සීමාවක් තුළ විදේශ රටේ ඉතිරි කරගත් මුදල් ලංකාවට ප්‍රේෂණය කළ යුතු යැයි නීතියක් තියෙනවා නේද?

:       29       5

පාස්පෝට් ඔෆිස් Wednesday, 24 August 2022 05:50 PM

එංගලන්ත, ඕස්ට්‍රේලියා වැනි රටවලට ඔය රජ්‍ය සේවකයින් බඳවා ගන්නේ නැත...! මොකද ඒ රටවල විනාඩි 45ක වැඩේ කරන්නට අපේ අය ලංකාවේ පැය 8 ක්ම ගන්න නිසා...!

:       2       89

ඇත්තම ඇත්ත පඩිය!Wednesday, 24 August 2022 09:36 PM

පළමුවෙන්ම කියන්න නිවාඩු ලබා පිටරට රැකියාවක් දෙන රටවල් මොනවද කියලා...! එංගලන්තයේ තියෙන්නේ ගුරු වෘත්තිය හා හෙද වෘත්තිය. ඊට අමතරව දක්‍ෂ වෛද්‍යවරු! හැබැයි ඉංග්‍රීසියෙන් කියන දෙය තේරෙන්නේ නැතිනම් ඉංග්‍රීසියෙන් අහන ඒවට උත්තර දෙන්න බැරිනම් රස්සාවක් නැහැ.

:       0       0

kapilaWednesday, 24 August 2022 09:50 PM

පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කරන්නට පුළුවන්...!

:       0       0

සුරංග Thursday, 25 August 2022 09:39 AM

ඒක ලංකාවේ රාජ්‍ය සේවයේ පමණක් නොවෙයි, වාහන අලුත්වැඩියා සම්බන්ධ පුද්ගලික අංශයේත් තියෙනවා ඔවුනුත් පැය භාගෙකින් කරන්න පුළුවන් වැඩේට පැය තුන හතරක් ගන්නවා මම අහලා තියෙනවා.. ලංගම ඩිපෝවල නඩත්තු අංශයේ අය ආයතනයේ වැටුප් ගත්තත් රියදුරු මහතාගෙන් කීයක්වත් නැත්නම් වැඩ කරන්නේ නැහැ කියලා...!

:       0       0

chandima Wednesday, 24 August 2022 08:32 PM

අරුන්ට බුරියානි කන්න අපට රටගිහින් සල්ලි එවනවලු... ඉන්ධන කෝටා එක තව වැඩිකරගනී. රට බංකොළොත් කරපු නිසා පැන්ෂනුත් ගෙවයි...

:       129       287

BamunuarachchiThursday, 25 August 2022 07:11 AM

එහෙනම් අපි රටට එවපු ඩොලර වියදම් කරලද තමුසෙලට පවුලේ අයට පැනඩෝල් පෙත්තේ සිට පිළිකා බෙහෙත දක්වා අරන්දෙන්න ඕනේ? අපිට තිබෙන රුදාව මොකක්ද එහෙම කරන්න? ඔහේලා රට ගිහිල්ල හම්බකරලා වෙන රටවල උන් පොහොසත් කොරන්නයි අපි උපයපු ඩොලර් වියදම් කරලා ඔහේලගේ පවුල් රකින්න අපිට කිසිම උවනාවක් නැත. එහෙම බැරි නම් ඔහේලාගේ පවුල් මෙරටට බරක් නොකර ගිය රටකට රැගෙන යන්න.. ගොන් මෝඩ කතා නොකියා. පැන්ෂන් ගෙවන එක ඔහේගේ සීයා ඉපදෙන්න කලින් සිටම මේ රටේ සිද්ධ උනා. ඔහේ බීපු කිරි පිටි ටික ඔහෙට ලැබුනේ අනික් මිනිස්සු රටට එවපු ඩොලර් නිසයි. ඒ මිනිස්සු එසේ නොකලානම් ඔහෙට වෙන්නේ පොල් කිරි බොන්නයි.

:       229       104

chandimaThursday, 25 August 2022 02:40 PM

කොහේද යන්නේ මල්ලේ පොල්.. මේ කියන්නේ අර හොරු 240 පැන්සන් එක ගන්නනේ පඬිතුමෝ

:       4       42

Raja Wednesday, 24 August 2022 09:21 PM

ඔය නීති හදන කට්ටිය හිතුවේ නැද්ද එම යන රටේ ගන්න පඩියයි ගෙවල් කුලී ඇතුළු ජීවන වියදම් ගියාම එවන්න සල්ලි ඉතුරු වෙයිද කියා...?

:       0       0

Prabha Wednesday, 24 August 2022 10:36 PM

අවුරුදු 20, 30 රටට සල්ලි එවන අයට මොනවද දෙන සහන...?

:       0       0

Perera Thursday, 25 August 2022 12:33 AM

ඔය හොරුන් පාර්ලිමේන්තුවේ ඉන්නාතුරු සත පහක් එවන්නේ නැහැ

:       63       81

sirisenaThursday, 25 August 2022 01:59 PM

ගොන් කතා කියන්න එපා ඔය සල්ලි එව්වේ නෑ කියලා පාඩු වෙන්නේ පාර්ලිමේන්තුවේ අයට නෙවෙයි ඔයාගේ පවුලේ අයටයි අනිත් දුප්පත් මිනිස්සුන්ටයි විතරයි

:       2       7

PereraFriday, 26 August 2022 12:42 AM

පවුලේ අයට සල්ලි එවන්න බැංකු හරහා වෙන්න ඕනෑ නැති බව මතක තියා ගන්න.

:       0       1

SirisenaFriday, 26 August 2022 07:34 PM

හොරෙන් සල්ලි එව්වොත් ඒක රටේ ආර්ථිකයට බලපාලා පවුලේ අයයි හැමෝම විඳවනවා. බඩුමිල වැඩි වුණාම කොච්චර සල්ලි එව්වත් මදි...

:       0       0

Sunil Thursday, 25 August 2022 05:32 AM

මේ කොන්දේසිය මානව හිමිකම් අමු අමුවේව උල්ලංඝනය කිරීමක්. වසර 2 1/2 ශාපයට වන්දි ගෙවන්න සිදුවෙලා තියෙන්නේ මේ රටේ ජනතාවටයි

:       48       53

Mo77 Thursday, 25 August 2022 07:47 AM

කලින් නිවාඩු ලබා ගත් සේවකයන්ට අලුත් ක්‍රමයට නිවාඩු ලබා ගත හැකිද?

:       1       16

dissanayaka Thursday, 25 August 2022 08:02 AM

මම අවුරුදු 11ක් වැඩ කලේ ගල්ෆ්. දැන් තමයි රජයේ සේවකයින්ට කෙලවෙන්නේ. අයිස් ගහලා ලංකාවේ සහ රටේ දේපළ පින් පඩි විදිහට ගත් වැඩ බැරි ටාසන්ලා රට ගියාම එඩ්‍රස් නෑ.

:       5       66

pathirana Thursday, 25 August 2022 11:29 AM

මෙ වැඩ පිලිවෙල සාර්තක වෙන්න තියෙන සම්බාවිතාව හුගක් අඩුයි. මොකද අපෙ දොස්තරලාට පිට රට ගිහින් වැඩ කරන්න බැහැ එ අය වෙනම විභාග පාස් කරන්න ඔනෙ. යන්න කමති ඉන්ජිනෙරු වරු සහ ප්‍රමාන මිතික කරුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. එම අංශ වල දක්ශයො දැනටමත් ඒ රටවලට ගිහින් තියෙන්නෙ ආන්ඩුවෙ නිවාඩු අරගෙන යන කට්ටියට එයාලා එක්ක හැරෙන්න වත් බැහැ. ගියත් මසයකින් දෙකකින් ආපහු එන්න වෙනවා. තව කවුද? ලිපි කරුවොද? එහෙම රස්සාවක් මෙ රටවල නැහැ. ගිනුම් අංශෙ සහ බැංකුවල රස්සාවල් තිබුනා දැනට එම රස්සාවල් වලට ස්වදේශිකයො බදවා ගන්නවා. ගෘහ සේවක සේවිකා රස්සවල් නම් තවම තියෙනවා එවට ආන්ඩුවෙ සෙවකයො ආවොත් දවස් දෙකෙන් ගහලා එලවයි.

:       0       17

ධනුෂ්ක Thursday, 25 August 2022 12:38 PM

කොහොමහරි පැන ගත්⁣තොත්නම් ආයේ එන්නනෙත් නෑ. සල්ලි එවන්නෙත් නෑ. පවුලම ගන්න තමා ට්‍රයි එක. අපි මොකටද හොරුන්ට හොරාකන්න සල්ලි එවන්නේ. නිකමුන්ම රජසැප දෙන්නන අපි බාගෙට මැරෙන්න. මම රාජ්‍ය සේවයේ ඉන්න ගමන් අක්කර ගානක් වගා කලා. තව දුරටත් ඒක කරන්නන තෙල්, පොහොර, ඉන්ධන, විදුලිය නෑ. වගා කරලා වැඩක් නෑ. පහුගිය ටිකේ ප්‍රවාහන පහසුකම් නැතුව කෙසෙල් කිලෝ සිය ගණනින් විසි කලා. ඉගෙනගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ඒ ණය දැනටමත් ගෙවලා ඉවරයි. අපි පතපු ජීවිතය මේ රටේ නෑ. මේක කපටිිිවෘකයන්⁣ ටික දෙනෙක් සහිත මෝඩ බැටලුවන් බහුතරයක් ඉන්න රටක්. ජීවත් වෙන්න සුදුසු නෑ.

:       4       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1847 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1320 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 102 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3013 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 760 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1509 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 307 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site