(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී පැවැත්විණි.
2018 වසරේ සිට අත්හිටුවා මෙම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉකුත් ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී දෙරටේම රාජ්‍ය නායකයෝ එකඟ වූහ.
ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්රමුඛ ඉන්දීය නිලධාරී 19 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළහ.
භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි. එසේම, ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම (ISFTA) ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සැසියක් ද පැවැත්විණි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නැවතී තිබූ ඉන්දු ලංකා ආර්ථික සාකච්ඡා අරඹයි