IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නිවේදනයෙන් සම්මානයක් බලාපොරොත්තු වන මාධව

20160427-ent-57

"සුජාතා" ටෙලි නාට්‍ය‘යේ "ශාඛ්‍යා"ගේ චරිතයෙනුත්, "තූර්යා" ටෙලිනාට්‍ය‘යේ "අනුහස්"ගේ චරිතය වැනි ජනප්‍රිය චරිත නිරූපණය කළ ඔහු නිවේදනයෙකු ලෙසත්, රංගන ශිල්පියෙකු ලෙසත් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වට පත්විය. බොහෝ දෙනෙකු හොඳින් හඳුනන ඔහු මාධව විජේසිංහයි.

 

20160427-ent-56මාධව මුලින්ම හඳුනාගන්නේ රංගන ශිල්පියෙකු ලෙස?

පුංචි කාලේ අශෝක හඳගම මහත්තයාගේ "චන්ද කින්නර" කියන චිත්‍රපටයෙන් තමයි මම ක්ෂේත්‍රයට පැමිණියේ. එහෙත් ජනප්‍රිය වුණේ නිවේදකයෙකු ලෙස. පාසල් කාලෙදීම විවිධ අවස්ථාවල ස්වර්ණවාහිනි නාළිකාවේ හා සිරස නාළිකාවේ නිවේදක කටයුතුවලට දායක වුණා.

 

මෙම ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබුණද?

එහෙම මුලින්ම බලාපොරොත්තු වුණේ නැහැ. දක්ෂතාවක් තිබුණා. ඒ ගමනට මගේ දෙමවුපියෝ උදව් කළා. රාජ්‍ය ළමා නාට්‍ය උලෙළට හැමවිටම වගේ නාට්‍ය ඉදිරිපත් කළා. ඒ තිබුණු කැමැත්තත් එක්ක මෙය නිරායාසයෙන්ම වෘත්තියක් බවට පත්වුණා.

 

මේ දිනවල සිදුවෙන වැඩකටයුතු ගැන කතා කළොත්?

දෙරණ "චැම්පියන් ස්ටාර්ස්" "ලිට්ල් ස්ටාර්ස්" යන වැඩසටහන්වලට සහභාගි වෙනවා. මේ දිනවල විකාශනය වන "වර්ණ" ටෙලිනාට්‍යයට දායක වෙනවා. ඒ වගේම "දූවිලි බෝනික්කා" "දාස්පති" කියන ටෙලිනාට්‍ය දෙකටත් දායක වුණා. ඉදිරියේදී එම ටෙලි නාට්‍යය විකාශය වෙයි.

 

ගීත රූප රචනාවලිනුත් මාධව වැඩි වශයෙන් දායක වෙනවා. එහිදී වැඩිපුර අවධානය යොමු වෙන්නේ?

කුමන ක්ෂේත්‍රයක වැඩ කළත්, කරන දේ හරියට කළ යුතුයි. මම නිර්මාණයක් භාරගැනීමේදී ඒ ගැන තොරතුරු සොයා බලනවා. හැමවිටම කල්පනාකාරීව තමයි නිර්මාණවලට දායක වෙන්නේ. එය ගීත රූප රචනාවලට දායක වීම ජනප්‍රියත්වය තීරණය වීමට ලොකු සාධකයක් වෙනවා. මීට වසර පහක පමණ කාලෙක ඉඳන් තමයි අපි ගීත රූප රචනා ගැන කතා කරන්නේ. ඊට පෙර ඒ ගැන අහන්න තිබුණෙ නැහැ. ගීත රූප රචනා වෙනමම කලාවක් බවට පත්වුණා. ගීත රූප රචනාවලට මිනිස්සු ළඟාවෙන්නේ රූපවාහිනියෙන් පමණක් නෙමෙයි. සමාජ ජාල හරහාත් ළඟා වෙනවා. රූපවාහිනිය නොබලන පිරිසක් අතර වුවත්, ගීත රූප රචනා ජනප්‍රිය වීමේ හැකියාව තිබෙනවා.

 

මාධව දායක වුණ චරිත ඒකාකාරී චරිත කියලා හිතෙන්නේ නැද්ද?

මෙය මේ ක්ෂේත්‍ර‘යේ බොහෝ දෙනෙකුට මුහුණදීමට සිදුවන දෙයක්. චරිතයකට දායක වුණාම එය මිනිසුන්ට මතක හිටින චරිතයක් බවට පත්වෙනවා. නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයන් චරිත තෝරාගැනීමේදී සංකේතාත්මකව ඔවුන් ඒ ඒ චරිත සඳහා යොදා ගන්නවා. අපි ඉදිරිපත් කරන චරිත තෝරාගන්න සහ කරන චරිතය විවිධත්වයකින් යුතුව කරන්න උත්සහ කරනවා. එහි සාර්ථකත්වය, අසාර්ථකත්වය ප්‍රේක්ෂකයන් තීරණය කරයි.

 

ඉදිරි බලාපොරොත්තු?

මම රඟපෑම වෘත්තියක් බවට පත්කරගත්තට, මම මාධ්‍ය හා තාක්ෂණය ගැන හැදෑරුවා. මගේ බලාපොරොත්තුව අධ්‍යක්ෂවරයෙකු බවට පත්වීමයි. දැනට මම මගේ වැඩ කටයුතු නිර්මාණකරණ කරන ආයතනයක් ආරම්භ කර තියෙනවා. ගීත රූප රචනා වගේම උත්සව අවස්ථාත් සංවිධානය කිරීම සිදුකරනවා. එහි අධ්‍යක්ෂණ කටයුතු, නිෂ්පාදක කටයුතු සිදුවෙනවා.

 

ඒ අතර සම්මාන බලාපොරොත්තුවක් තිබෙනවාද?

සම්මානයක් හිමිවෙන්න සුදුසු අවස්ථාවක් ආවොත්, සම්මාන හිමිවේවි. මම සම්මානයක් බලාපොරොත්තු වෙනවානම් බලාපොරොත්තු වෙන්නේ රංගනයට පෙර නිවේදනයෙන්. මම නිවේදනයට ආදරෙයි.

 

නිදුක් මධුෂික

 



අදහස් (0)

නිවේදනයෙන් සම්මානයක් බලාපොරොත්තු වන මාධව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 8 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 29 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 73 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 86 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2375 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site