IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නවදිල්ලි උළෙලට ජනපති යයි

ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිට කළ ඇරැයුම පිළිගෙන ඇත. මේ උත්සවය ලබන 26 වැනි දාට නියමිතය.

දකුණු ආසියා සාක් රටවල සියලුම රාජ්‍ය නායකයන්ට මේ සඳහා ඇරැයුම් කර ඇති අතර එය ඉන්දියා නව නායකයාගේ ‘රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රණයක්‘ ලෙස ඉන්දියා මාධ්‍ය හඳුන්වයි.

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට ද ඇරැයුම් කිරීම නිසා එම පද දෙක නිර්මාණය කර  ඇති බව ඉන්දියා ආරංචි කියයි.

 නරේන්ද්‍ර මෝදි පන්දුව පාකිස්තාන අගමැති පැත්තට දමා ඇතැයි ද, ඔහු ඊට කෙසේ පහර දේදැයි බලා සිටින බව ඉන්දියා මාධ්‍ය පවසයි.

‘කාඩ් කුට්ටමෙන් නරේන්ද්‍ර මෝදි ආසියා තෝරාගෙන තියෙනවා. නවාස් ෂරීෆ් කුමකින් සෙල්ලම් කරත්දැයි      නොදනී.‘ යනුවෙන් ද ඉන්දියා මාධ්‍ය කියයි.

නවාස් ෂරීෆ් ඊට සහභාගී නොවිය යුතු බව පාකිස්තාන හමුදා මතය බවත්, එහෙත් මේ උත්සවයට යනවා ද නැද්ද යන්න අද ඔහු තීරණයක් ගන්නා බවත් පාකිස්තාන ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ ජනපතිට ඇරැයුම් කිරීම ගැන තමිල්නාඩු මහ ඇමැතිනි සිය උදහස පළකරමින් පවසනුයේ එය හරියට දෙමළ තුවාලයට ලුණු දමා ඇතිල්ලීමක් බවයි.

 වැඩ භාර ගැනීමේ උළෙලට සහභාගී වන ලෙස කළ ඇරැයුම ස්තුති පූර්වකුව පිළිගත් බවත් ඊට සහභාගී වීමට ආශාවෙන් සිටින බවත් මහින්ද රාජපක්ෂ ජනපති සිය ට්විට් පණිවුඩයෙන් කියයි.

 

 



අදහස් (0)

නවදිල්ලි උළෙලට ජනපති යයි

කමල් Friday, 23 May 2014 10:42 AM

පාකිස්ථානයත් සම්බන්ධ උනොත් හරි, නොබැදි එක්සත් සාක් කලාපයක් ගොඩ නගමු. (ස)

:       0       0

උඩුරාවණ Friday, 23 May 2014 11:02 AM

විශිෂ්ටයි.! මෙහිදී මට සිහිවන ජුලියස් සීසර් ගේ ආක්‍රමණික ජයග්‍රහණයෙන් පසු එතුමා කල ප්‍රකාශයක්. " වෙනි - විඩි - විසි " (මම ආවා - මම දුටුවා - මම අල්ලාගත්තා) අපේ ජනාධිපතිතුමාගේ දුරදර්ශි නුවණින් අපට ඉන්දියාවේ නැතිවෙන්නට ගිය සියල්ල නැවත දිනාගැනීමට මේ රාජ්‍ය තාන්ත්‍රික ගමන හේතුවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. සමස්ත රට වැසීයාම මේ ප්‍රාර්ථනයේ සිටීම අප රටේ ආරක්ෂාවට ආශිර්වාදයක් වන්නේය. (ස)

:       0       0

ගලී Friday, 23 May 2014 11:09 AM

අපේ රටට, යහපතක් වෙනවා නම් එයයි මගේ එකම පැතුම ජනාධිපතිතුමණි ජයවේවා (දිල්)

:       0       0

රුවන් Friday, 23 May 2014 11:18 AM

ජනාධිපති තුමාට සහ ශ්‍රී ලංකාවට ජයෙන් ජය වේවා ..(දිල්)

:       0       0

නිශාන්ත පණ්ඩිතරත්න Friday, 23 May 2014 11:30 AM

මෝඩි හිතන තරන් මෝඩ නැහැ.ඉන්දියාව ලෝකයේ ගොඩක් දියුණු රටක් වෙයි .(දිල්)

:       0       0

පෙරේරා Friday, 23 May 2014 11:39 AM

කලාපයේ සහයෝගීතාවයට ලෝක බලවතුන් කැමති වේවිද ?(දිල්)

:       0       0

නිශාන්ත Friday, 23 May 2014 11:42 AM

මෝදි මහත්තයා ඇමරිකාවට යට නොවෙන කෙනෙක් විධියටයි අපි අහලා තියෙන්නෙ? ජයලලිතාගේ, තමිල්නාඩුවේ අන්තවාදී මත වලට යට නොවි ලංකාවට සහයෝගය ලබාගන්න ජනාධිපතිතුමාට හැකිවේවා!(දිල්)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 11:53 AM

අපේ ජනාධිපතිතුමා,තැනට ඔබින ලෙස හැසිරෙන්නත්,තැනට උචිත අයුරින් වැඩ කරන්නත් උපන් හපන් කම් ඇති අයෙක් නිසා, මෙම දූත ගමනින් අපේ රටට සාර්ථක ප්‍රතිපල ලැබේවි. සුභ පතමි. (දිල්)

:       0       0

විධුෂක Friday, 23 May 2014 12:07 PM

අධිරාජ්‍යවාදී මන්ද මානසිකත්වය කරපින්නාගත් කුහකවු ද, විෂමවු ද, අවස්ථාවාදී ඇමෙරිකාව, කැනඩාව, මහාබ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපාහවුලේ නිරන්තර දේශපාලන භීෂණයට, ආර්ථික භීෂණයට සහ සංස්කෘතික භීෂණයට ගොදුරුවී සිටින ආසියාවේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට විශේෂයෙන් කලාපීය ආරක්‍ෂිත රැකවරණය අවශ්‍ය මෙවන් මොහොතක නරේන්ද්‍ර දමෝදරාස් මෝදි මහතාගේ අග්‍රාමාත්‍ය අභිෂේක මංගල්‍යය ට සාර්ක් කලාපීය රටවල රාජ්‍ය නායකවරුන්ට ආරාධනා කිරීම, මෝදි මහතා විසින් ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග කෞශල්‍ය මෙහෙයුමේ මංගල පියවර වෙනුවෙන් දේශපාලන විචාරකයින් ප්‍රශංසා මුඛයෙන් කථා කිරීමට ඇති ඉඩකඩ වැඩිය. එතුමාට සුභාසිංසන පැතුම් පළකරමු!!! (අ)

:       0       0

ලුම්බිණි Friday, 23 May 2014 12:19 PM

මෙතෙක් කලක් ඉන්දියාවට බැන බැන හිටි හැම දෙන හදිසියේම ඉන්දියාවේ වැදගත් කම තේරුම් ගන්න හැටි තමා මම බලාගෙන ඉන්නේ. අහෝ පකිස්ථානය! (අ)

:       0       0

තබුක් සිල්වා Friday, 23 May 2014 12:30 PM

කරුණිකත්වය තිලිණ කරන විට දී ඔබට ආදරය හිමි වනු ඇත(දිල්)

:       0       0

ඉන්දික Friday, 23 May 2014 12:56 PM

ලුම්බිණි , මිනිස්සු ඉන්දියාවටත් ඇමරිකාවටත් බනින්නේ ඒ රටේ වැරැද්දකට නෙවේ. ඒ රටවල නායකයන් ක්‍රියාත්මක කරන විදේශ ප්‍රතිපත්ති තමයි විවේචනය කරන්නේ. නව නායකයෙක් ඇවිල්ල හොඳ ප්‍රතිපත්තියක් ගෙනගියොත් මිනිස්සුන්ට ඒ රටත් එක්ක ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්දියාවේ අලුත් නායකයෙක් ඉන්නවා. මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. එච්චරයි. (අ)

:       0       0

සපුමල් Friday, 23 May 2014 01:25 PM

ඉන්දියාවට බනින්නේ නැතුව පුලුවන්ද ලුම්බිණි. (ස)

:       0       0

සමීර Friday, 23 May 2014 05:26 PM

ඉන්දික දැන් අපේ රටේ යන්නේ හොද ආලනයක්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 17 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10713 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5328 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7521 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5015 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1258 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site