IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නවනීදන් පිල්ලේ ලංකාවට පිල්ලි අරී

ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක් දිය නොහැකි බව හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ප‍්‍රකාශ කළාය.

එසේම කිසිදු යුද අපරාධයකට මුක්තිය නොලැබෙන බවත්, ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් ආණ්ඩුවකට එලෙස සමාව දීමට කිසිසේත් හැකියාවක් නැති බවත් පිල්ලේ අවධාරණය කර සිටීන්නීය.

ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට සහාය  දැක්වීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත වීමෙන් පසු අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් හතළිස් දහසක් ඝාතනය වී ඇති බව පැවසූ නවනීදන් පිල්ලේ කියා සිටියේ ඉන්දියාව හා දකුණු අප‍්‍රිකාව ශ්‍රී ලංකාවට සහාය වීම ගැන චෝදනා කළ අතර පසුගිය රජයේ අරමුණ වී තිබුණේ දෙමළ කණ්ඩායමක් විනාශ කිරීම පමණක් යැයිද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ගෙන යාමට ජාත්‍යන්තරය ක‍්‍රියා නොකිරීම ගැනද ඇය දොස් එල්ල කළාය.



අදහස් (0)

නවනීදන් පිල්ලේ ලංකාවට පිල්ලි අරී

පිටබැද්දර ජයා Sunday, 04 October 2015 12:44 PM

නෝනා ගණන් බලල තියෙන්නේ මරුන දෙමල ගාන විතරනේ , එතකොට සිංහල මුස්ලිම් ? අමතක කරන්න එපා නෝනේ දඬුවම් කරන්න ගියොත් දෙපැත්තටම දඬුවම් කරන්න වෙනවා එතකොට කේ.පි , කරුණා , සහ පුනරුත්ථාපනය කර සමාජගත කළ දහතුන්දාහක් කාදරයොත් ඉන්නවා එපමණක් නෙවෙයි රටින් පිට ඉන්දගෙන ත්‍රස්තවාදයට උදවු කළ අයටත් දඬුවම් කරන්නම වෙනවා (බ)

:       0       0

වසන්ජය Sunday, 04 October 2015 01:08 PM

උග්‍ර ජාතිවාදිනියක්.පිළිලයක් ද පිල්ලියක්ද (බ)

:       0       0

ජයනාත් Sunday, 04 October 2015 02:20 PM

අපි හිතුවා විශ්‍රාම ගොහින් ඇති කියලා. ඇයි ඔය කට ඇරියේ නැවතත්...? (නි)

:       0       0

මහින්ද Sunday, 04 October 2015 02:19 PM

මෙයා ඔය වගේ තනතුරකට පත්කිරීම ගැන බටහිර ජාත්න් වගකිව යුතුයි. එතකොට පන්සල් සහ පල්ලිවල ඝාතනය කළ අනෙත් ජාතීන් ගැන මොකද කියන්නේ. දකුණු අප්‍රිකාවේ වෙන දරුණු මානව හිමිකම් කඩවීම් ගැන හොයාබලන්න.බොහෝ කලු ජාතිකයන් තවමත් ජීවත්වන්නේ වහල්ලු වගේ. දකුණු අප්‍රිකාවේ පාරකවත් නිදහසේ යන්න පුලුවන්ද.ලෝකයේ මිනීමැරුම් අධිකම රටක්. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Sunday, 04 October 2015 02:23 PM

මෙයා ගෙදර ගියේ අපේ රටේ වාසනාවට. (නි)

:       0       0

සුමිත් Monday, 05 October 2015 08:15 AM

ලංකාවේ සමහරු දැන් දත කට නියවාගෙන බලා ඉන්නවා ඇති වැඩේ නවත්වන්න. (නි)

:       0       0

රූපවතී Sunday, 04 October 2015 04:31 PM

ඇයි මේ ලෝකේ ඉන්න හැම රටක්ම මැරුණු දෙමළ ජනයා පමණක් ගණනය කරන්නේ? එතකොට මුස්ලිම්? සිංහල? අනෙකුත් ජනයා? ගම් වලට කොටි පැනලා ගෙවල් වල නිදාසිටි පවුල් පිටින් මුළු ගම්වැසියෝම කපලා කොටලා බඩදරු අම්මලාගේ බඩවල් පලලා නුපන් දරු පැටවූ එළියට ඇදලා මිලේච්ඡ විදියට නටපු එල්ටීටීය ලෝකෙට අපරාධකරුවෝ විදියට නොපෙනෙන්නේ ඇයි ..? අනෙකුත් මැරුණු මිනිසුන්ගේ ජීවිත. ඒ මිනිස් ජීවිත නෙමෙයිද ..? (නි)

:       0       0

පෙරේරා Sunday, 04 October 2015 04:37 PM

එයා බලන්නේ එයාගේ කට්ටිය ගැන. එතකොට කොටින්ට ආයුධ විකුණපු, නිෂ්පාදනය කරපු කට්ටියට මුකුත්ම නැද්ද? අපිට අං නැහැ කියලා පෙන්වන්න තරම් කෙනෙක් මුළු ලංකාවේම නැද්ද? (නි)

:       0       0

සනත් Sunday, 04 October 2015 04:55 PM

ඒ ගමන ආයෙත් පටන් අරගෙනද? (නි)

:       0       0

රමණී Sunday, 04 October 2015 05:01 PM

මෙයා මොකටද ලංකාව ගැන කට අරින්නේ? (නි)

:       0       0

හේවා Sunday, 04 October 2015 05:43 PM

ස්වභාව ධර්මය පිල්ලි ගැන බලාගනීවි (නි)

:       0       0

විජිත් Sunday, 04 October 2015 06:23 PM

මෙයාගෙත් ලෙයට ලෙය කකියනවා වගෙයි වෙනම රටක් පිළිබඳ සිහිනයේදී''.ඔබ ඒ සිහිනයේම ජීවත්වේවා! සිහිනය යථාර්ථයක් කරගන්න ගියොත් සිහිනයේ සුන්දරබව නැතිවේවි. (නි)

:       0       0

කරුණාරත්න Sunday, 04 October 2015 07:33 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

සුනිල් Sunday, 04 October 2015 08:11 PM

මේ වගේ අයගෙන් සාධාරණ පරීක්ෂණ බලාපාෙරොත්තු වෙන්න පුලුවන්ද? මෙයා හිටියා නම් වාර්තාව වෙනස් වෙනවා. (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 09:23 AM

මතයන්ට යට නොවී ත්‍රස්තවාදය නිම කළ පවද (බ)

:       0       0

සුරංජිත් Sunday, 04 October 2015 08:30 PM

ඔබතුමිය විශ්‍රාම ගිහිල්ලනේ ඉන්නේ. දැන්වත් පාඩුවේ ඉන්නකෝ. (නි)

:       0       0

එදිරිවීර Sunday, 04 October 2015 09:47 PM

මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ කවදාද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 04 October 2015 09:56 PM

මෙයා නම් කිව්වොත් කියන්නේ බොරුවක්. ඒ වුණාට අපිට මේ නවනින්දා තවත් අහන්න ඕනෑද? (නි)

:       0       0

කිත්සිරි Sunday, 04 October 2015 10:12 PM

යුද්ධය තිබුණා නම් ඔය කවුරුවත් ඔහොම කතාකරන එකක් නැහැ (නි)

:       0       0

නිශාන්ත Sunday, 04 October 2015 10:12 PM

මෙයාලා ඇයි අපිට පාඩුවේ ඉන්න දෙන්නේම නැත්තේ? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 04 October 2015 11:59 PM

මෙයා දැන් මේ කතාවට කට දාන්නෙ මොකටද? මෙයාගේ කාලය අවසන්වුණා මාස කිහිපයකට ඉස්සර.ඒක අමතක වෙලාද මේ දොඩවන්නේ? ඒ වගේම එයාට මතක්කර දියයුතු තවත් කාරණයක් තියෙනවා.ඒක තමා ජනවාරි 08 වැනිදා මහජනතාව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත්කරලා, එතුමා මේ රටේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා කියලා. අගෝස්තු මාසයේ අපේ රටේ ජනතාව විසින් නව රජයකුත් පිහිටවූ බව මේ බවලතාට කියලා දෙන්න. එතකොටවත් එය අපේ රටේ දේවල් වලට ඇඟිලි ගහන්න, ගෝරනාඩු දමන්න එන එකක් නැහැ. (නි)

:       0       0

චන්දා Monday, 05 October 2015 12:32 AM

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ එක වරදක් කියා දැන් සිතෙනවා (නි)

:       0       0

නුවන් Monday, 05 October 2015 03:25 AM

සුජීව, නවනීදන්ලාට ඕනෑ විදියට නටන්න දුන්නෙ නැහැ කලින්. එ. ජාන්ගේ සමුළුවට මේ වගෙ තුන්පාරක් ලංකාවට එරෙහිව ගෙනා යෝජනා මිත්‍ර රටවල උදව් ඇතුව නතරකර ගත්තා. දැන් තමයි මේ නෝනලට පණ ඇවිත් තියෙන්නෙ. (නි)

:       0       0

චාමික Monday, 05 October 2015 03:54 AM

පිල්ලි නොඇර ඉඳීවිද එතුමියට මෙහෙ ආවහම සමහරු කියපු කතා වලට? එත් මිනිස්සුනේ. පිල්ලේ නෝනා තවම අපි දිහා කේන්තියෙන් බලන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

රෝහන Monday, 05 October 2015 06:59 AM

බන්දුල පෙරේරා සද්ද නැත්තේ? (අ)

:       0       0

රෝහණ Monday, 05 October 2015 07:04 AM

යුද්දේ ඉවර කලේ මහින්දයෙක් නොවෙයි එය ඒක බලෙන් ගත්තට එය යුද්දේ නැවත වන්න කියල තියෙන කාලේදී තමයි ජෙනරාල් ෆොන්සේකා බලෙන් යුද්දේ ඉවර කලේ හමුදාවේ සිටි ඕන කෙනෙකු ගෙන් ඔයාට අහල දැනගන්න එපා බන්දුල පෙරේරා වගේ මහින්දට කඩේ යන ඒක දැන්වත් නැවත වන්න (අ)

:       0       0

ධම්ම Sunday, 04 October 2015 12:31 PM

අප සිතා සිටියේ මෙතුමිය විශ්‍රාම සුවයෙන් ගෙදරටවෙලා ඇති කියලා. (බ)

:       0       0

සුජීව (ජර්මනි ) Sunday, 04 October 2015 12:38 PM

නවනීදන් මහත්මියට, ඕන විදිහට නටන්න තිබුණා, මහින්ද රාජපක්ෂ මහතා සමග අර ....අය රට පාලනය කළා නම්, අද මුළු ලෝකයම දිනාගත් ප්‍රබල රාජ්‍ය නායකයන් දෙපලක්, ( ජනපති සහ අගමැති ) පුංචි ශ්‍රී ලංකාව බාරගත් විට,ඇයට කරකියා ගන්න දෙයක් නොහැකි වී ඇත, ඒ හා සමග අපේ රටේ දේශපාලුවන්ටද බොරු කියා ජනතාව නොමග යැවීමට ද නොහැක, ලංකාදීපයට ගොඩාක් තුති, මේ පුවත දැන්වීම ගැන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 0 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 215 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 41 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 393 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 499 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 292 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site