IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නිවුන්නු දෙන්නා කිරි බෝතලයට පොර කති

දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක් දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති.

මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.දෙවැනි දියණිය මෙවර පෙර පාසලලට ඇතුලත් කැර ගැනීමට නියමිතව  සිටින්නීය.

ඊළගට උපන් නිවුන්  දරු තිදෙනාගෙන් දැරියක මිය ගියාය.අනෙක් දරු දෙදෙනා ද දැඩි අසනීප තත්ත්වයේ  පසුවීම නිසා  මෙම යුවළ වැඩි කාලයක් සිටියේ රෝහල්වලය.

කුළී වැඩ සහ ගොවිතැන් කරන දරුවන්ගේ පියා වන ජී ජී සරත් කුමාර (33) දරුවන් ජීවත් කරවීමේ  සටනක යෙදෙමින් සිය ආදණිය බිරිය වන  ජී මාලනි චන්ද්‍රාවතී යන අයට දරුවන් බලා ගැනීමට ද  සහාය වෙමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් පෝෂණය කළේය.

එහෙත් දැන් කිරි පැකැට්ටුවක් හෝ මිලදී ගැනීමට ඔවුනට වත් කමක් නැත.

ඉතා අපහසුවෙන් ලබා ගන්නා කිරි පැකැට්ටුව  දරුවන් දෙදෙනාට ලබාදෙද්දී  කිරී මදි වී නොදරුවෝ හඩා වැටෙන අතර එක් කිරි බෝතලයට  නොදරුවෝ පොර කද්දී  මෙම යුවළ සහ අනික් දුරු දෙන්නා  අසරණ වී සිටිති.

ජීජී සරත් කුමාර අංක 67 තිතියාකොළවත්ත,දිගම්පතහ,කිඹිස්ස ඔවුන්ගේ ලිපිනයයි.මෙම පිරිසට එක්වු ආධාරයක් කළ හැකි කෙනකු වේ නම් 071-9256262 ට ඇමැතීමෙන් හෝ ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංක 74317349 ට මුදල් බැර කළ හැකියි.

 

 

 

 



අදහස් (0)

නිවුන්නු දෙන්නා කිරි බෝතලයට පොර කති

මගලී පොන්සේකා Monday, 16 December 2013 10:01 PM

අර කව්ද කෙනෙක් කියල තිබුනා ලංකාවේ බඩගින්නේ මැරෙන අය නැහැ කියලා. ඕනෑ තරම් කෑම බීම සල්ලි රස්සාවල් තියෙනවා කියලා කෝ එයා. මේ වගේ දේවල් බලලවත් ලංකාවේ ඇත්ත තත්වය දැනගන්න කියලා කියන්න.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 16 December 2013 10:03 PM

ෆස්රුල් ගෆූර් - කටාර් මේකටත් මොනවා හරි ලියල දාන්නකෝ. කියන්න දෙයක් නැති නම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් කියලා හරි ලියන්න. මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 16 December 2013 10:05 PM

රටේ ජීවත් වෙන 98% කගේම යතාර්ථය ඕක තමයි. 2 % සුපිරි ජීවිත ගත කරද්දී 98% අන්ත දුක් විදිනවා. දෙමාපියන් හෙට දවසේ දරුවන්ට කන්න අදින්න දෙන්නේ මොනවද කියල දස දහස් වාරයක් මැරි මැරි උපදිනවා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 16 December 2013 10:10 PM

ජෙනරල් සරත් ෆොන්සේකා ජනාදිපති කර ගන්න පුළුවන් වුනානම් අපිට මේ කල දසාව ලබන්නේ නැතිවෙන්න ඉඩ තිබුනා.(නදී)

:       0       0

අශෝක Tuesday, 17 December 2013 03:18 PM

අපේ රටේ ලොකු ලොකු අයගේ පුත්තු විනෝද වන සල්ලි මේ අහිංසක දරු පැටවුන්ගේ බඩ ගින්න නිවන්න දුන්නා නම්.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 16 December 2013 10:23 PM

ඔක්කොම අයගේ තියෙන්නේ දර්ශනය විතරයි.(නදී)

:       0       0

ශාන්ති Monday, 16 December 2013 11:28 PM

මේ අසරණ අයට පුළුවන් විදිහකට උදවු කරමු. පොඩපොඩි දරුවෝ ටික (අ) .

:       0       0

මධු මිලානෝ Tuesday, 17 December 2013 04:14 PM

චෝගම් එකට කෝටි ගණන් වියදම් කළා වගේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් උදව් කරන්න පුළුවන් නේද? (නදී)

:       0       0

රංජිත් Wednesday, 18 December 2013 10:52 AM

අපිත් පුළුවන් විදියට උදව් කළා(දිල්)

:       0       0

සමර Tuesday, 17 December 2013 01:09 AM

මෙතන ඔක්කොමල්ල කතා කරනවා කියල ලියල තියනවා,කතා කළේ මොනවද කරන්නේ කියල ලියල නෑ, මන් මෙයාලට රුපියල් 10000 ගිනුමට දානවා (අ)

:       0       0

ශාන් Tuesday, 17 December 2013 01:47 AM

ටිකිරි බණ්ඩා මෙතැනදී පොන්සේකා පුම්බන්න හදන්න එපා. පොන්සේකාට ඕන නම් රට හදන්න අර සර්වෝදය වගේ ආයතනයක් හදාගෙන රටට ආදාර අරගෙන ගම හදන්න පුළුවන්. මොකද පොන්සේකා අදහන අය ගොඩක් පිටරටවල් වල ඉන්නවා. රට හදන්න ජනාදිපති වෙන්නම ඕන නැහැ.(නදී)

:       0       0

මේනකා ලොකුපතිරණ Tuesday, 17 December 2013 01:55 AM

ගොඩක්ම පව්, මෙම පුවත පලකළ ලංකාදීපයට තුති. අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඒත් අපි ,අපිට පුළුවන් විදියට මේ අයට උදව් කරනවා. ලංකාවෙන් පිට හිටියට අපි දන්නවා ලංකාවේ ජිවන බර උහුලන්න බැරි තරම් කියලා. අපේ රටේ තාමත් ඉන්නවා මේ දේවල් වලට හිත උණු වෙන මිනිස්සු. ඒ කව්රුත් ඔයාලව තනි කරන්නේ නැතිව උදව් කරාවි.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Tuesday, 17 December 2013 02:30 AM

ප්‍රශ්න ගොඩක් පිට ඉන්න නිසා මට නම් උදවු කරන්න විදිහක් නැහැ. උදවු කරන්න ඉදිරී පත් උන ඔයාල ඔක්කොටම ගොඩක් පින්.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 17 December 2013 05:35 AM

මගලී දන්නවනේ "ලංකාවේ බඩ ගින්නෙන් මැරෙන්නේ නැහැ" කියලා කිව්වේ කව්ද කියලා. එක්තරා දුරකට කතාවේ ඇත්තකුත් තියෙනවා. කුසගින්නෙන් මලත්, මංකොල්ල කාරයින්ගේ මන්න පහරින් මලත්, කහ ඉරෙන් මාරුවෙන්න ගිහින් මලත් මේ ඔක්කොම මරණ පමණයි. ඉතින් කොහොමද කියන්නේ බඩ ගින්නෙන් විතරක් මැරෙනවා කියලා?(නදී)

:       0       0

උපුල් Tuesday, 17 December 2013 06:20 AM

මුදල් බැර කිරීමට කරුණාකර දඹුල්ල ශාඛාවේ ගිණුමේ නම සදහන් කරන්න.(නදී)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 17 December 2013 07:13 AM

ටිකිරි බණ්ඩා මොනවද කතා කරනවා. හැම ගෙදරකටම කිරි හරකෙක් දෙනවා කිව්වේ හෙට්ටිගොඩ මහත්තයා. ෆොන්සේකා කිව්වේ හෝතඹුවෝ එලවනවා කියලා.(නදී)

:       0       0

රම්‍යා Tuesday, 17 December 2013 07:31 AM

ටිකිරි බණ්ඩා ගොඩක් දුරට හරි. ඔක්කොගෙම තියෙන්නේ දර්ශනය විතරයි. බොදු බල කට්ටිය මේ ප්‍රශ්නෙදි උත්තර දෙනවා නම් වඩාත් හොඳයි. (නදී)

:       0       0

රංග Tuesday, 17 December 2013 07:20 PM

කුමරනගේ අදහස ඉතා වටිනවා. මම හිතනවා එය ඉස්ථ කරන්න. උදව් කරනවානම් අගෙයි.මම පුළුවන් වදියට උදවක් කරනවා. (අ)

:       0       0

පරාගොඩ Tuesday, 17 December 2013 08:18 AM

දැන් තත්වය ඕක තමයි. මේ එක උදාහරණයක් පමණයි. මධ්‍යම පන්තික කෙනෙක්ටත් දැන් උපයන මුදලින් ජීවත් වෙන්න බෑ. ඒ උනාට ලෝකේ පොහොසත් මිනිස්සු අතර වැජඹෙන අයත් ලංකාවේ වැඩි වෙලාලු . ඒත් වැඩි පිරිසකට එදා වේලවත් හොයා ගන්න අමාරු වෙලා. යුද්ධෙන් පස්සේ මිනිස්සුන්ට යහපතක් වෙයි කියල හිටියා. එත් දැන් අවරුදු 4 ගියා. තවම නැහැ. පුලුවන් විදියට මේ අයට උපකාර කරමු.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත විජේරත්න Tuesday, 17 December 2013 09:11 PM

මම හිතන්නේ තව කිරි බෝතලයක් අරගෙන දෙන්නට බෝතල් දෙකක් දුන්නා නම් මේ දෙන්න පොර කන්නේ නැහැ. සල්ලි කියන දේ ලැබෙන්නේ උත්සහ වන්තයන්ට පමණයි. ඒක තමා සල්ලි වල රහස. අපි හැමෝම දුප්පත් රටක ඉපදිලා තියෙන්නේ, උත්සාහයෙන් දියුණු වෙන්න එක තම වෙන්න ඕනා. නිකන් දෙන කිසි දෙයක් අගයක් නැත. (නදී)

:       0       0

ටිරාන් Tuesday, 17 December 2013 09:39 AM

පවු. එම දරුවන් ගැන මට හරිම කනගාටුයි (නි)

:       0       0

සජිත් Tuesday, 17 December 2013 09:46 AM

මෙවන් අය අප අතර තව කොතෙක් ඇද්ද? (නි)

:       0       0

මහේෂ් Tuesday, 17 December 2013 09:49 AM

කුමාරණ, වටිනා අදහසක්. අගය කරනවා ඒක. ගොවිතැන් කරන අය නිසා ගොම පොහොර ටිකත් ලැබෙනවනේ එයාලට. මගේ මේ මාසේ පඩියෙන් ඩොලර් 100 ක් එයාලට.(නදී)

:       0       0

සමීම් මුබාරක් Tuesday, 17 December 2013 09:51 AM

අර ළමයි වැඩියෙන් හදන පවුල්වලට එල හරකෙක් දෙනවා කියපු සංවිධානේ කට්ටිය දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ. පව් අපි හැමවිටම හැකි අයුරින් මේ අයට උදව් කරන්න ඕනේ අසරණ පුංචි දරුවෝ. දැක්කම දුක හිතෙනවා මගෙත් ඉන්නවා මේ වගේම පුංචි දුවෙක්.(නදී)

:       0       0

සුනේත්‍රා Tuesday, 17 December 2013 09:55 AM

එකම රටක එක පවුලක දරුවෝ කිරට හඬද්දී, අනෙක් පැත්තෙන් පාරවල් වහගෙන සුපිරි පැලැන්තියේ අය නයිට් රේස් පදිනවා.(නදී)

:       0       0

හසිත Tuesday, 17 December 2013 10:01 AM

කෝ මේ අර කට්ටිය. සිංහල ජාතිය විදින දුක පෙනෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

බංඩා Tuesday, 17 December 2013 10:28 AM

සිංහල පරපුර වැඩි කරන්න කියලත් සමහරුන් කෑ ගැහැව්වා නේද?  මෙන්න ආදාර කරන්න අවස්ථාවක්.(නදී)

:       0       0

කමල් කල්පිටිය Monday, 16 December 2013 05:23 PM

අද රට කොහෙටද තල්ලු වෙලා තියෙන්නේ කියල වැඩක් නැ .අපි මේ අය හදාගමු. උදව් කරමු (දිල්)

:       0       0

සනී Monday, 16 December 2013 05:28 PM

හැකි උපකාරයක් කරමු.(දිල්)

:       0       0

පද්මේ Tuesday, 17 December 2013 10:50 AM

මේ එක කතාවක් පමණයි. එක එක්කෙනාට දොස් නොකියා හැකි පමණින් උදවු කරන්න. මෙවැනි එක පවුලක් උදවු ලබාගෙන කරදර අවසන්වූ පසු තවත් මෙවැනිම කෙනෙක්ට උදවු කලොත් කාලයක් යනකොට සැහෙන පිරිසක් ප්‍රතිලාභ ලබාගනී.(නදී)

:       0       0

ශෂික Thursday, 26 December 2013 05:21 PM

අපි ෙම් අයට උදව් කළා නමුත් තව දරුවන්ට ගන්න ගොඩක් දේ තියෙනවා කවුරු හරි මෙයාලට ක්‍රමවත් ආදායමක් එන විදිහට උදව් කරන්න(දිල්)

:       0       0

සුදේශ් Monday, 16 December 2013 05:28 PM

ගොඩක් පින් පුළුවන් මිනිස්සු හැකි පමණින් උදව් කරන්න (දිල්)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Tuesday, 17 December 2013 10:50 AM

බලන්න දුකයි, මගේ යුතුකම මම අදම ඉටු කරනවා. ලංකාදීපයට ස්තුතියි.(නදී)

:       0       0

සරත් Monday, 16 December 2013 05:32 PM

මේ අයට උදව් කළ යුතුයි! මම අදම කෝල් කරලා බලනවා (දිල්)

:       0       0

ටෙනිසන් Tuesday, 17 December 2013 10:54 AM

ලලිත් මෝඩ කතා කියන්න එපා. මේ අය තමයි ලෝකය ඉදිරියට ගෙනයන්නේ. සමහර අයට දරු පල නැහැ. තියෙන අයට දරුවන් හදා පෝෂණය කිරීමේ හැකියාව නැහැ. එවන් අවස්ථාවක ඒ අයට හැකි තරමින් උපකාර කිරීම මේ ලොව ඉදිරියට ගෙනයාමට අප කරන මහගු සේවයක්.(නදී)

:       0       0

රිෂාර්ඩ් Monday, 16 December 2013 05:44 PM

අපේ රටට ගිය කලක් (දිල්)

:       0       0

කොටගම Monday, 16 December 2013 05:45 PM

ලංකාවේ දුෂ්කර ගමේ ආර්ථික දියුණුව මදි .ඔය දුප්පත් එක් පවුලක් පමණි. මේ අයට උදව් කරමු (දිල්)

:       0       0

මහේෂ් Tuesday, 17 December 2013 11:08 AM

මම රුපියල් 5000 දැම්මා තවත් යාලුවෙක් එක්ක එකතුවෙලා. කට්ටිය එකතුවෙලා මෙයාලට පොඩි උදව්වක් කරන්න.(නදී)

:       0       0

රොෂාන් Monday, 16 December 2013 06:03 PM

සරත්, ඔව් මමත් කතා කරනවා උදව් කරන්න (දිල්)

:       0       0

ප්‍රදීපා Monday, 16 December 2013 06:08 PM

නිවුන් දරුවන් හදා ගැනීම කොතරම් දුෂ්කරද කියලා මන් අත්දැකීමෙන් දන්නවා මටත් නිවුන් දරුවන් ඉන්න නිසා. එකම රටක එක පවුලක දරුවෝ කිරට හඬද්දී, අනෙක් පැත්තෙන් පාරවල් වහගෙන සුපිරි පැලැන්තියේ අය නයිට් රේස් පදිනවා.(දිල්)

:       0       0

සහන් බණ්ඩාර Monday, 16 December 2013 06:15 PM

අඩුම තරමින් මෙම දරුවන් දෙදෙනෙකුගේ අනාගතය වෙනුවෙන් හැකි දෙයක් කරන්නම් (දිල්)

:       0       0

විජේසිංහ Tuesday, 17 December 2013 11:27 AM

මේ වගේ අය ගොඩාක් ලංකාවේ ඉන්නවා. කෝ අර තරගෙට ළමයි හදන්නට කියපු උදවිය ? (නදී)

:       0       0

කසුන් Monday, 16 December 2013 06:24 PM

මේ අයට පිහිට වෙන්න ඕන... ඒ වගේම මේ අයගේ පෝෂණය ගැන දැනුවත් කරන්න ඕනි.(දිල්)

:       0       0

සංජු Tuesday, 17 December 2013 11:34 AM

" කොළඹ නයිට් රේස් " කරන අයෙගේ අවදානය පිණිසයි. (නදී)

:       0       0

සාමා Tuesday, 17 December 2013 11:41 AM

කොලඹ රෑ ජාමෙට කාර් රේස් දුවන්න වියදම් කරන සල්ලි වලින් එක කොටසක් මේ වගේ අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන් කැප කරා නම් මොකද වෙන්නේ. මේ අයත් අපේම මිනිස්සු නේද? මේ වගේ අසරණ මිනිස්සු ගැන හිතන හිත උණු වෙන ජනතා නායකයෝ මේ ධර්මදීපය කියන රටේ කවදා බිහි වේද? (නදී)

:       0       0

කොටගම Monday, 16 December 2013 06:36 PM

මේ අහිංසක අය‍ට පිහිට වෙන්න; වැඩකට නැති දේවල් කරන අයට මේ දේවල් පේන්නේ නැද්ද(දිල්)

:       0       0

වාසලා Tuesday, 17 December 2013 11:51 AM

බඩ පපුව පිච්චිලා ගියා. මම මගේ යුතුකම ඉක්මනටම ඉටු කරනවා. ලංකාදීපයට මගේ ස්තුතිය පුදකරනවා.(නදී)

:       0       0

මොහාන් Monday, 16 December 2013 07:03 PM

අද ලංකාවේ ජීවත් වෙන්න කොච්චර අමාරුද පොඩි මිනිස්සුන්ට කියාපන නියම කතාවක් (දිල්)

:       0       0

ලලිත් Monday, 16 December 2013 07:15 PM

අර පවුලක ළමයි පස්දෙනෙක් හදන්නයි කියපු සංවිදධාන වලට පුලුවන්නේ ඉදිරිපත් වෙන්න.(නදී)

:       0       0

නලින් Monday, 16 December 2013 07:24 PM

මේක තමයි රටේ දියුණුවේ යථාර්තය. පුළුවන් විදියකට මේ අයට උදව් කරන්න බලමු.(නදී)

:       0       0

කීර්ති Tuesday, 17 December 2013 12:40 PM

ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවර ගැන සතුටුයි. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ අයට උදවු කරාවි. මේ ගැන පසු විපරමකුත් කළා නම් අගෙයි. මාධ්‍ය ආයතනයකට මෙවැනි සමාජ සත්කාරයක් කිරීම පහසුයි. මෙවැනි දේ කිරීමට ඔබ සියලු දෙනාට තව තවත් ශක්තිය, ධෛර්‍ය ලැබේවා!(නදී)

:       0       0

අරුණ Monday, 16 December 2013 07:37 PM

සුන්දර ගම්මානයක ,සතුට සැනසුම නොඅඩුව ලබන්න පුලුවන්. ස්වභාව සෞන්දර්යේ පහස නොඅඩුව ලබන මේ ගැමි පවුල දකින කොටත් සිතට සැනසිල්ලක්. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා උදව් ලබා මේ සැනසිල්ල පලුදු නොකරගෙන ජීවත් වීමට සිතට ගන්න. පුංචි පැටවුන්ට කුසගින්නේ ඉන්න නොලැබේවා.(නදී)

:       0       0

ඉරේෂා ධර්මසේන Tuesday, 17 December 2013 12:49 PM

මට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරන්නම්. මම දැනට ඉන්නේ කුවෙට් වල. මෙවැනි අයට පුළුවන් පමණින් උපකාරයක් කරන්න ලැබීම ලොකු සතුටක්.(නදී)

:       0       0

පාලිත ජයසිංහ Tuesday, 17 December 2013 12:58 PM

ඒ උනාට ඔබ දන්නවද මේ එක දරුවෙක් පිටර ටට රුපියල් 300000 ට වඩා නය වෙලා කියලා.(නදී)

:       0       0

චතුර ධනුෂ්ක Tuesday, 17 December 2013 01:12 PM

සමීම් මුබාරක් කියන කතාව ඇත්ත නිසා එයට 100% ගරු කරනවා. කරන්න බැරි දේවල් කියා කියා කටමැත දොඩවන අයගේ වැඩ බලන්න පුළුවන් ලංකාවේ ඉන්න මේ වගේ පවුල් 100-200 හොයල දුන්නොත් උදව් කරන්න කියලා. රටේ ආර්ථිකේ හදාගන්න බැරි, සම්පත් ටික කාබාසිනියා කරන අයව එළවන්නයි ඕනේ. (නදී)

:       0       0

චමිලා Monday, 16 December 2013 08:31 PM

මෙවැනි පුවතක් පළ කළාට ස්තූතියි(දිල්)

:       0       0

ජානුක Tuesday, 17 December 2013 01:16 PM

ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

ලාල් Monday, 16 December 2013 09:04 PM

කෝ අර මේ රට සංවර්දනය කරන්නේ දරුවන්ටයි කියලා කියන අය. ප්‍රදීපා මහත්මියගේ කතාව 100% කම හරි.(නදී)

:       0       0

කුමාරණ Monday, 16 December 2013 09:48 PM

මේ අය ඉන්න පලාතට අනුව තණකොළ ඉතා හොඳට වැවෙනවා. කිරිපිටි ගන්න උදව් කර බහුජාතික සමාගම් වල මඩිය තර නොකර කිරි එළදෙනක්(පැටවා සමග) අරන් දීම ඉතාම හොඳයි. (නදී)

:       0       0

ෂාස් Monday, 16 December 2013 09:54 PM

අයියෝ දෙයියන්ගේ නාමයෙක් කවුරුහරි උදව්කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 0 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 265 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 276 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 403 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 432 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 409 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site