නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රමිතිකරණ සංවිධානය විසින් අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අලෙවිය තහනම් කර තිබේ.
මෙම තහනම ලබන නොවැම්බර් 1 වැනිදා සිට බලපැවැත්වෙන අතර ඊට තාපදීප්ත ටංස්ටන් විදුලි බුබුළු (වොට් 40 සහ 60) ද ඇතුළත් කර ඇත.
පරිසරය සුරැකීම, මහජන සහ පුද්ගල දේපොළ සුබසාධනය පවත්වාගෙන යාම මෙන්ම කටාර් ජාතික දැක්ම 2030 ට සමාගාමීව පිරිසිදු පරිසරයක් නිර්මාණය කළ හැකි තිරසාරත්වයක් අත්පත් කරගැනීමට ඇති තම කැපවීමේ තවත් පියවරක් ලෙසින් ඉහත තහනම පැනවූ බව නගර සභා සහ පරිසර අමාත්‍යාංශ පවසයි. මහජනතාවගේ යහපත තකා තාපදීප්ත විදුලි බුබුළු ආනයනය කිරීමෙන් සහ අලෙවි කිරීමෙන් වළකින ලෙසට අමාත්‍යාංශය සියලුම වෙළෙන්දන්ගෙන් සහ ආනයනිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අධි දීප්ති විදුලි බුබුළු ආනයනය සහ බෙදා හැරීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන්ගේ සහයෝගය ඇතිව නිරීක්ෂණ වැඩසටහන් දියත් කිරීමට සැළසුම් කර ඇති බවද ප්‍රමිතිකරණ සංවිධානය අවධාරණය කරයි.
කටාර් පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින් අමාත්‍යාංශය සහ වෙනත් අදාළ ආයතනවල සහයෝගය ඇතිව ටංස්ටන් විදුලි බුබුළු (වොට් 75 සහ 100) අලෙවිය සහ ආනයනය සඳහා තහනමක් පනවනු ලැබුවේ පසුගිය මැයි මාසයේදීය. සංස්ථාවේ “කටාර් රාජ්‍යය තුළ හොඳ ජීවන තත්ත්වයක්” යන ව්‍යාපෘතියේ පියවරක් ලෙසින් විදුලි පරිභෝජනය සහ පීඩාකාරී කාබන් විමෝචනය පහළ දැමීම මෙම තහනමේ ප්‍රධානම අරමුණක් බව එම අවස්ථාවේදී අවධාරණය කෙරුණි. සංරක්ෂණ සහ බලශක්ති කාර්යක්ෂම ජාතික වැඩසටහන (ටාර්ෂීඞ්) යටතේ කරාමා ආයතනය විසින් තාපදීප්ත විදුලි බුබුළුවලින් සිදුවන බලපෑම ගැන මෙන්ම බලශක්තිය ඉතිරි කරන විදුලි බුබුළු පාවිච්චියෙන් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දියත් කළේය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොවැම්බර් 1 දා සිට අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම් කෙරෙයි