IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නිව්යෝක් පාරක් ලාංකිකයකුගේ නමින්

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර රථවාහන පොලීසියේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහතා නමින් එහි වීදියක් නම් කැර ඇත.

වසරකට පමණ පෙර  ඔහු හදිසි අනතුරකින් මියගියේය.සැබවින් ම ඔහු එපමණට ම යහපත් මනුෂ්‍ය යෙකි. හදිසියේ ඔහුගේ බිරිඳ ධම්මිකා කන්නන්ගර මහත්මිය සහ දුව දිමුතු රණසිංහ ඇමතූ නගරාධිපති  බිල් ඩී බ්ලැසියෝ ඔවුනට දන්වා සිටියේ ඔහු වෙනුවෙන් පාරක් නම්කරන්නට නගරසභාව තීරණය කර තිබෙන බවයි.

එම පාර ‘කල්‍යාණ රණසිංහ වේ ‘ යනුවෙන් මෙම මාර්ගය විවෘත කැරිණි.ඇමෙරිකාවේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයකු වෙනුවෙන් නම් කැරෙන  පළමු පාර මෙයයි.

Mayor-Bill-de-Blasio

Mayor-renaming-thathis-name-to-Road

 



අදහස් (0)

නිව්යෝක් පාරක් ලාංකිකයකුගේ නමින්

උෂාන්ත Thursday, 12 February 2015 01:23 PM

ඉහළම සේයාරුවේ අගය කළයුතු විශේෂත්වය බලන්න. ජාතින් කීයක් නම් නියෝජනය වනවාද? (නි)

:       0       0

ජයාන් Thursday, 12 February 2015 02:24 PM

මෝඩ කතා කියන්න එපා. එයාල පාරක් නම් කරන්නේ එයාලගේ රටේ සේවය කල කෙනෙක් වෙනුවෙන්. නෙතුව අපේ රටේ සේවය කරන කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. අපේ රටේ ඉදගෙන එයාලගේ රට වෙනුවෙන් ඔත්තු බලන අයටත් එයාල පාරවල් හදල දෙයි (බ)

:       0       0

ශ්‍රීමාල් Thursday, 12 February 2015 02:47 PM

නිහතමානී ආඩම්බරය කොපමණදැයි කියා  නිමකළ නොහැකියි. මම ගරු කරන්නේ ශ්‍රී  ලාංකිකයෙකුට එම වරම ලැබුණු නිසාම නොවේ. ගරු කළයුත්තාට ගරුකළ නිසාමය. (නි)

:       0       0

ඉන්දුරුව විදානාරච්චිගේ ඉතාලිය Thursday, 12 February 2015 03:26 PM

නාමය නොදිරයි කුණු කය දිරයි (නි)

:       0       0

තිස්ස රණසිංහ Friday, 20 February 2015 10:54 AM

මියගිය කල්යන රනසිංහ මගේ වැඩිමහල් සහෝදරයාය ඔහු වෙනුවෙන් නිව්යෝර්ක් නගරයේ පාරක් ප්‍රථමවරට ශ්‍රී ලාංකිකයකු වන ඔහු වෙනුවෙන් නම් කර නිව්යෝර්ක් නගරදිපතිවරයා සහ ඇමරිකන් ජනතාව කරන ලද උපහාරයට අප සියලු සහෝදර සහෝදරියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ අතිමහත් ප්‍රණාමය පුද කරමු. ඔහු අප කුඩා කල අපගේ පියාගේ වියෝවිමෙන් පසු අධ්‍යාපනයට මග පෙන්වමින් ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් මවට සහය වෙමින් අප සමාජයේ ප්‍රයෝජනවත් පිරිසක් කිරීමට ඉමහත් උත්සහයක් ගනු ලැබීය. අපගේ සහෝදරයට සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවන්නට පතමු. එසේම ඔහුට අජරාමර නිවන් සුවය ප්‍රර්ථනා කරමු. (අ)

:       0       0

අශාන් Thursday, 12 February 2015 04:13 PM

මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක් ඒ. ඇත්තටම සතුටුයි ඇමරිකාවේ මේ ක්‍රියාව ගැන.. (නි)

:       0       0

සුසන්ත Thursday, 12 February 2015 04:23 PM

හොඳ වැඩක් (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Thursday, 12 February 2015 05:36 PM

සිංහල ඔබට වගේම ලාංකීය සියලු අපිටත් මේක සතුටගෙන දෙනවා. ඇමරිකාවේදී ලාංකික කවූරුත් එකයි. සිංහල දෙමළ මුස්ලිම් කියා ඔවුන් වෙනසක් නැහැ (නි)

:       0       0

අකිල Thursday, 12 February 2015 05:37 PM

සුබපැතුම්! ගොඩක් සතුටුයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 12 February 2015 06:09 PM

ලංකාවේ කීර්තිනාමය එතෙරට ගෙනගිය ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

කෙවුල්ගම Thursday, 12 February 2015 06:20 PM

සතුටුයි අපිට! (නි)

:       0       0

ධම්ම Thursday, 12 February 2015 07:43 PM

ඒකට ලංකාවේ? බලන්න අපි මොනතරම් පිට අයට සළකලා තියෙනවාද කියලා. ඒ වුණාට අපිට ඔවුන් කොණහනවා යුද්ධය අවසන් කළාට. (නි)

:       0       0

මංගල Thursday, 12 February 2015 11:13 PM

මේකත් බටහිර කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ටෙක්ලා Friday, 13 February 2015 12:54 AM

නාමෙ නොදිරනා, කුණුකය දිරනා.... (නි)

:       0       0

අවන්ති Friday, 13 February 2015 01:01 AM

අහන්නත් සතුටුයි. ආඩම්බරයි. (නි)

:       0       0

ජනක Thursday, 12 February 2015 10:13 AM

ඉතින් බලන්න මේ රටට පලු යන්න සමහරු බනිනවා. රටට සේවයක් කර මියගිය ලංකාවේ කෙනා වෙනුවෙන් පාරකුත් නම් කරන්න යනවා. (ර)

:       0       0

දුමින්ද Friday, 13 February 2015 01:45 AM

මානව හිමිකම් එකේදීත් ඔය හොඳ හිත ඇත්නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සූරියාරච්චි Friday, 13 February 2015 01:49 AM

එහෙ ඇමෙරිකාව මියගිය පොලිස් නිලධාරියෙකුට ඔහුගේ නමින් පාරක් නම්කොට උපහාර දක්වනවා. මෙහෙ සිරි ලංකාද්වීපයේ රටක යුධබිය නැතිකළ නායකයකු නමින් ඇති පාසල් වල නම් වලට පවා සමහරු එක එක කතා කියනවා (නි)

:       0       0

මංගලී ෆොන්සේකා Thursday, 12 February 2015 10:23 AM

ලංකාවේ ජනාධිපතිට සින්දුවක් කීවානම් ටක්ගාල නම දාගන්න පුළුවන් (බ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 12 February 2015 10:30 AM

ඔය මොනවාද මෙහෙනේ වැඩ තියෙන්නේ. පාරවල් ඉස්කෝල පිට්ටනි ගුවන් තොටුපල වරායවල් තව මොනවාද නැත්තේ. (අ)

:       0       0

වජිර Thursday, 12 February 2015 10:36 AM

ලංකාවේ ඉතිහාසගත වැදගතුන්ගේ නම් පාරවල් වලින් අයින් කරල ප්‍රශස්ති ගීයක් ගයන අයට පාරවල් නින්ද ගම් වගේ දෙනවා. (අ)

:       0       0

මගලී ෆොන්සේකා Thursday, 12 February 2015 10:43 AM

සුබපැතුම් ගොඩක් සතුටුයි .ජීවිතයකට වටිනාකමක් දෙන එක .මිය ගියත් අගය කරන එක .(හේ)

:       0       0

විජයබාහු Thursday, 12 February 2015 10:45 AM

වැඩේ නම් හොඳ තමයි.(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 12 February 2015 10:50 AM

කොච්චරනම් ආඩම්බරද. (ර)

:       0       0

රංග දේව Thursday, 12 February 2015 10:58 AM

සුබපැතුම් ගොඩක් සතුටුයි .(හේ)

:       0       0

ලොකුගේ Friday, 13 February 2015 02:22 AM

මේක නම් ඇත්තටම සන්තෝෂයට කාරණයක්. කොයිතරම් නම් නිහතමානීද? (නි)

:       0       0

නිලන්ත Thursday, 12 February 2015 11:18 AM

නියමයි.(හේ)

:       0       0

චමත් Thursday, 12 February 2015 11:18 AM

මේ ගැන ආඩම්බර විය යුතුයි.(හේ)

:       0       0

තුෂාර Thursday, 12 February 2015 11:23 AM

බලන්න කොතරම් අගෙයිද මේ ක්‍රියාව.(හේ)

:       0       0

රුහුණු Friday, 13 February 2015 02:55 AM

හරිම සතුටුයි (නි)

:       0       0

ලාල් Thursday, 12 February 2015 11:46 AM

මෙය ලෝකයේ දියුණු මිනිසුන් අනුගමනය කරන සිරිතක්.අපිත් ඕල්කොට් මැතිතුමාව වසරක් පාසා සිහිකරනවා. (නි)

:       0       0

විජේදාස Thursday, 12 February 2015 11:47 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැද්ද? (නි)

:       0       0

ආනන්ද Friday, 13 February 2015 03:09 AM

මේක තමා සමාජ ක්‍රමයේ වෙනස. අපිටත් අවශ්‍ය වන්නේ මෙවැනි සමාජ ක්‍රමයක්. දියුණුයි කියලා කියන්නේ මුදල් නොවෙයි, සමාජ ක්‍රමයේ වෙනසයි. පිටරවලට බැන බැන ඉන්න අය මේ වගේ වැඩ වලින්වත් යමක් ඉගෙනගන්නවා නම් වඩාත් හොඳයි. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වාගෙන ඔවුන්ගේ අත්දැකීම් වලින් මේ වගේ සමාජ ක්‍රමයක් ඇති කරන්නට කටයුතු කළහැකි බව මතක් කරමි. (නි)

:       0       0

වසන්ත Thursday, 12 February 2015 12:11 PM

සිංහල අපට හරිම සතුටුයි (නදී)

:       0       0

ගුණේරත්න Friday, 13 February 2015 03:28 AM

කෙනෙක් මියගිය පසු අනෙකුත් උදවිය ඔහුට උපහාර පිණිස ඔහු නමින් සමරු ගොඩනැගිලි හෝ මාවත් නම් කරන එකයි, තම තමන්ගේ නමින් ගොඩනැගිලි විවෘත කරන එකයි අතර වෙනසක් තිබෙනවා සුරියාරච්චි මහත්තයා (නි)

:       0       0

මධුසංක Friday, 13 February 2015 04:24 AM

ලංකාවේ නම් එක එක්කෙනාගේ නම් වලට පාරවල් නම්කළ කාලය අවසානයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 236 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 164 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 143 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1088 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 60 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 82 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38433 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 268 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 895 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 324 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site