IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල බේරා ගන්න මහ සෙනඟක්

(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා ඉන්දීය සමාගමකට  ලබාදීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා සැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පැමිණි පාර්ශව රැසක්  නුවරඑළියේදී අද දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය (04) දින පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාවය ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට දරන උත්සාහයට විරෝධය දක්වා  මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

මෙම උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව පුරාවට ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන් හා තැපැල් සේවකයන් විශාල පිරිසක්, නුවරඑළිය නියෝජනය කරන අනෙකුත් රාජ්‍ය සේවයන්හි වෘත්තිය සමිති නියෝජිතයන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑළියෙ ඒකාබද්ධ වෙළඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසිහු විශාල පිරිසක් පැමිණ සිටියහ ,

 



අදහස් (14)

නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල බේරා ගන්න මහ සෙනඟක්

Rata Perata Thursday, 09 November 2023 03:29 PM

රනිල් කියන වයසක මනුස්සය මානසික වයිඩ්යවරයෙක් ට පෙන්නන්න. පව් අහින්සකය.

:       11       51

Aravinda Monarawila Thursday, 09 November 2023 03:31 PM

රනිල් රජපක්ශ හොර නඩයෙන් මෙ රට මුදා ගන්නා තුරු රටට සැනසිල්ලක් නැහැ.

:       11       46

විජිත් Thursday, 09 November 2023 03:40 PM

ජයවේවා !!! නුවර එලිය පැරණි තැපැල් කාර්යාලය,බටලන්දේ මිනීමරු ,බැංකු හොරාගෙන් බේරාගැනීමට පෙරට පැමිණි ඔබට ස්තුතියි !!!

:       13       48

රංබොඩ Thursday, 09 November 2023 04:07 PM

එලැඹෙන මැතිවරණයේ දී මුළුරටම මුන්නැහේගෙන් බේරාගන්න මේ විදිහට පෙළ ගැහෙන්න වෙයි. ප්‍රශ්නයක් තියෙනවා. කාවද පත් කර ගන්නේ කියන එක... කිසිම පක්ෂයක රටේ නායකත්වයට සුදුසු කෙනෙක් පේන්න නෑ තාම...!

:       10       31

මාලිමාThursday, 09 November 2023 05:59 PM

ඒකට මාලිමාව හොඳයි...!

:       23       17

Rohana Thursday, 09 November 2023 04:55 PM

රනිල් බලයට ආපු හැමවෙලාවේම කලේ පොදු දේපල විකුණාගෙන කෑම. විකුණාගෙන කෑමේ රෝගයෙන් පෙලෙනබව පෙනේ...!

:       3       2

බල්වේගෙ Thursday, 09 November 2023 05:22 PM

මෙතන අදහස් දාල තියන හතරදෙනා අහවල් බල්වේගෙට රෙදි නැතුව යන අය. මේ වගෙ ඒවාට හරිම සතුටුයි...!

:       22       14

Nimal Thursday, 09 November 2023 05:51 PM

අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට අපි සැවොම එකතු වෙමු...

:       7       18

ajith Thursday, 09 November 2023 06:22 PM

ඔය පරණ ගොඩනැගිලි ඔය විදියටම තව අවුරුදු කීයක් බදාගෙන ඉන්න ඕනේද? මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ හැමවෙලේම අතීතයේ එරිලා ඉන්න නිසයි. ඔතන නවීන ගොඩනැගිල්ලක් සෑදීමේ කිසිම වැරැද්දක් නැහැ. අලුත් ගොඩනැගිල්ල තුළ අවශ්‍ය නම් තැපැල් කාර්යාලයක් දැමිය හැකිය...!

:       21       18

Amila Thursday, 09 November 2023 07:34 PM

ලෝකයේ බොහෝ රටවල පෞරාණික වටිනාකමක් තියෙන තැපැල් කාර්‍යාල, දුම්රිය ස්ථාන ආදී තැන්වල එම පෞරාණික වටිනාකම ආරක්ෂාකර ගනිමින් හෝටල් පවත්වාගෙන යනවා... (ගූගල් එකෙන් බලන්න) එමනිසා ඒ ආයතන අතිරේක ආදායමක් ලබා ගන්නවා. අපේ රටේ JVP කියලා කරුමයක් තියෙන නිසා වෙනස් විදියට හිතලා රට ගොඩගන්න හරිම අමාරුයි. ඒකට සම්බන්ධ කම්මැලි යූනියන් කාරයෝ බලන්නේ අඩුවෙන් වැඩකරලා පුලුවන් තරම් වරප්‍රසාද ගන්න. නුවරඑළිය තැපැල් කන්තෝරුව විතරක් නෙමෙයි මුලු තැපැල් දෙපාර්තමේන්තුවම පෞද්ගලීකරණය කරලා රටට ආදායමක් එන ආයතනයක් බවට පත්කළ යුතුයි.

:       12       23

රනිල් වික්‍රමසිංහ Friday, 10 November 2023 04:10 AM

අමිල නංගි ,ඔයා මගෙත් එක්ක එකඟයි නේද ? මෙන්න සුප්පු කරන්න ලොලිපොප් එක .

:       8       1

Amila Friday, 10 November 2023 02:44 PM

දැක්කා නේද මාලිමා අයගේ හැදියාව...? මේ ගොල්ලෝ විවේචන ඉවසන්නේ නැහැ. ඉතින් බලය ලැබුණොත් කොහොමට තියෙයිද?

:       1       3

සෙනෙවිරත්න Friday, 10 November 2023 02:36 PM

අමිල නංගි වෙනම මීට් වෙන්න බැරිද? ජවිපෙ කරුමෙ ඔයාට කරලා තියෙන දේ පැහැදිලිවම දැනගන්න. අපට නම් ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. දරුවෙකුට රට යන්න විදියක් නැහැ. ලයිට් බිල පිටපිට ඉහළ දානවා. පාසල් යවාගන්න හැටියක් නැහැ ළමයි, කොටින්ම වේල් දෙකයි කන්නේ. ඔය කියන කරුමේ නිසා මිසක් ඔය පක්ෂ දෙකේ අය නිසා නෙවෙයි..

:       2       1

තමුංFriday, 10 November 2023 05:15 PM

සෙනවිරත්න තමුන් සමෘධියෙන් යැපෙන අතපය හතර හොඳට තියන කෙනෙක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 21 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 73 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1796 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 491 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 432 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39701 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site