IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නිවැරදිව ඡන්දය දීමේ මුල් තැන ගාල්ලට

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය අවලංගුවීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙනි. ඡන්දය අවලංගුවීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කළ 181,930 දෙනකු අතරින් 17,155 දෙනකුගේ ඡන්දය අවලංගු වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 9 . 43 කි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද 325,805ක් අතරින් ඡන්ද 25,496ක් අවලංගු වී ඇති අතර එහි ප්‍රතිශතය සියයට 7 . 83කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ප්‍රකාශිත ඡන්ද 420,734ක් අතරින් ඡන්ද 32,788ක් අවලංගු ඡන්ද බවට පත්ව ඇත්තේ සියයට 7 . 79ක් අවලංගු ඡන්ද බවට පත්කරමිනි.

ප්‍රකාශ කළ ඡන්ද අතරින් අඩුම ඡන්ද සංඛ්‍යාවක් අවලංගු වූ දිස්ත්‍රික්කය බවට පත්ව ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 639,318කි. ඉන් ඡන්ද 37,778 ක් හෙවත් සියයට 2  . 36ක් අවලංගු ඡන්ද බවට පත්ව ඇත්තේ වැඩිම වලංගු ඡන්ද ප්‍රතිශතය හිමි දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්කරමිනි.

මාතර දිස්ත්‍රික්කය එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ අවලංගු ඡන්ද සංඛයාව 2 . 59ක ප්‍රතිශතයක් බවට පත්කැර ගනිමිනි. මාතර ඡන්ද දායකයන් 623,818ක් ඡන්දය භාවිතා කරද්දී අවලංගු වී ඇත්තේ ඉන් ඡන්ද 12,692ක් පමණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 375,885ක් මෙවර මැතිවරණයේ දී සිය ඡන්දය භාවිතා කර ඇති අතර ඉන් ඡන්ද 10,056ක් අවලංගු වී ඇත. ඒ අනුව අවලංගු ඡන්ද ප්‍රතිශතය හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2 . 68කි.

මැතිවරණ කාර්යාලය පවසන්නේ සිය ඡන්දය සලකුණු නොකිරීම, ඡන්දය කුරුටුගෑම. පක්ෂ කිහිපයකට ඡන්දය ප්‍රකාශ කර තිබීම, ලකුණු කිරීම පැහැදිලි නොවීම ආදී විවිද හේතූන් මත ඡන්දය ප්‍රතික්ෂේප වන බවයි. මේ අතර හිතා මතා ඡන්දය අවලංගු කිරීම හා නොදැනුවත් බාවය මත ඡන්දය වැරදි ලෙස සලකුණු කිරීම ද මෙලෙස ඡන්දය අවලංගු වීමට බලපාන බව මැතිවරණ කාර්යාලය පවසයි.



අදහස් (0)

නිවැරදිව ඡන්දය දීමේ මුල් තැන ගාල්ලට

නිශාර්ඩ් ප්‍රීනා Friday, 21 August 2015 03:46 AM

වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කිව්වලු. (ම)

:       0       0

ලලීන් Friday, 21 August 2015 03:55 PM

අර කවුද කිව්වා වගේ, ශාක්ෂරතාවය හොඳයි, බුද්ධිමත්බාවය මදි. (නි)

:       0       0

ගයන්ත Thursday, 20 August 2015 08:47 AM

දකුණු පළාතේ සාක්ෂරතාව වැඩිබව හිතන්න පුළුවන්. (ම)

:       0       0

කීර්ති Thursday, 20 August 2015 09:04 AM

එහෙනං කට්ටිය දැන දැනමයි දීලා තියෙන්නේ. මෝඩකමට බෙහෙත් නෑ කියලා කතාවක් තියෙනවානේ! (බ)

:       0       0

අසේල Thursday, 20 August 2015 09:34 AM

මේකෙන් පෙනෙන්නේ සාක්ෂරතාව ගාල්ලේ ජනතාවගේ වැඩි අතර බුද්ධිමත් මදි කමයි (ම)

:       0       0

ගාල්ලගේ Saturday, 22 August 2015 10:30 AM

ගාල්ලේ මිනිස්සු ඡන්දෙ දුන්නේ තමන්ගේ ගමට නගරයට වැඩක් කළ අයට (නි)

:       0       0

දහම් Thursday, 20 August 2015 07:44 PM

මගෙත් ගම ගාල්ලේ (නි)

:       0       0

සුධීර Friday, 21 August 2015 10:50 AM

ගම ගාල්ලේ කියන්නේ නිකන් නෙමෙයිනේ! (නි)

:       0       0

ධම්මික Friday, 21 August 2015 10:51 AM

ඒත් ඔය පාර්ලිමේන්තුව පැත්ත පළාතෙවත් යවන්න බැරි අය ගාල්ලෙන් යවලා තියෙන්නේ. මමත් ගාල්ලේ තමයි. ඒ වුණාට හැමදේටම හරියි කියන්න අමාරුයි. (නි)

:       0       0

ගවුස් Thursday, 20 August 2015 11:45 AM

ඡන්ද අවලංගුවීමට ප්‍රධාන හේතුව ස්වාධීන කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත්වීම. ප්‍රධාන පක්ෂ තමන්ට දිනන්න බැරී දිස්ත්‍රික්කවලට විරුද්ද පක්ෂයේ ඡන්දටික කඩන්න තමන්ගේ පාර්ශව අතරින් තමා ස්වාධීන කණ්ඩායම් 1, 2, 3, 4, 5, වශයෙන් ඉදිරිපත්කරනවා. නුවර එලිය දිස්තික්කයේ ස්වාධීන කණ්ඩායම් දහයක් තිබුණා. වැඩි පිරිසක් අලියට ලකුණු කරලා මනාපය කියා හිතල ස්වාධීන කණ්ඩායම් අංකවලට ලකුණු කර තිබුණා (අ)

:       0       0

චමල් Thursday, 20 August 2015 07:23 AM

ගාල්ලේ ජන්ද දායකයෝ බුද්ධිමත් බව ප්‍රතිපල වලින් පේනවා .(ම)

:       0       0

හෙසා Thursday, 20 August 2015 12:01 PM

"ගම ගාල්ල " කියන්නේ එකනේ (අ)

:       0       0

අනුර Thursday, 20 August 2015 12:03 PM

මමත් ගාල්ලේ. කියල වැඩක් නැහැ. ලංකාවෙන්ම මොඩම ඡන්ද දායකොයෝ ඉන්නේ ගාල්ලේ කියල බය නෙතුව ලියන්න පුළුවන්. (අ)

:       0       0

සරත් කුමාර Friday, 21 August 2015 12:15 AM

ගීතා කියන්නේ නිළියක්. එයා නිවැරදි නම් ලාංකිකයින් ඇයට වැරැද්දක් කියන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල Friday, 21 August 2015 12:52 AM

ගාල්ලේ නුසුදුසු අයට ඡන්දය දුන් කට්ටියගේ ඡායාරූප මම දැක්කා ‍මුහුණුපොතේ පළවෙලා තිබෙනවා (නි)

:       0       0

මහේෂ් Thursday, 20 August 2015 08:02 AM

ගාල්ලේ අය නිවැරදිව ජන්දේ දුන්නාට නිවැරදි අයව පාර්ලිමේන්තු යැව්වෙ නැති බව පෙනෙනවා. ගම්පහ තිබුණ අම්බරු කප් එක මෙපාර ගාල්ලට ගෙනාවා. (ම)

:       0       0

රමිත Thursday, 20 August 2015 12:29 PM

ගීතා පත් වෙච්ච එකට බනින අයට දැන ගන්න කියන්නේ. ගීතා බැඳලා ඉන්නේ ගාමන්ට් ෆැක්ටරි තියෙන විදේශිකයෙක්. ගීතා ගම් වල පොඩි පොඩි වැඩ පුළු පුළුවන් හැටියට ඔලුව දාලා මොනවා හරි කරා. පහුගිය සතියේ අම්බලන්ගොඩ පන්සලකට මල් දාන්න එන්න හදපු සජින් වාස්ගේ හෙලිකොප්ටරෙට නගරසභා පිට්ටනිටයට ගොඩ බාන්න අවසර ලැබුනේ නෑ නගර සභාවෙන්. ගීතා මැදිහත් වෙලා තමයි කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන්යානයක් ගෙන්නලා චෛත්‍යට අහසින් මල් දැන්මේ. (අ)

:       0       0

ඉමේෂ් Friday, 21 August 2015 01:52 AM

පේනවා පේනවා ගාල්ලේ අය නිවැරදිව ඡන්දය පාවිච්චි කළ බව. (නි)

:       0       0

සමන් Thursday, 20 August 2015 08:06 AM

ගාල්ලේ වැඩ පුළුවන් අයත් දැන් ඉන්නවා නේද? (ම)

:       0       0

මාරු සිරා Thursday, 20 August 2015 08:08 AM

නිවැරදිව, වැරදි කෙනාට ජන්දේ දෙන්නත් එයාල දක්ෂයි !!!(ම)

:       0       0

මැගි Thursday, 20 August 2015 08:14 AM

එකනේ මොලේ තියෙන ගාල්ලේ ජනතාව මුතු, ගීතා පත්කළේ.(ම)

:       0       0

කුමා Thursday, 20 August 2015 08:29 AM

මැගි අක්ක‍ෙ ඔබ නොදන්නවට..ගීතා අක්කා ඇල්පිටියට හොදට වැඩ කරා..ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් තම පුද්ගලික ධනයෙන් දුන්න නිසා දිනුවා...(ම)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 20 August 2015 01:44 PM

රමිත පන්සල් වලට ගුවන් යානාවලින් මල් දැමීම වැනි සෝබන වැඩ අත්‍යවශ්‍යද? පන්සල් වල අලි ඇතිකිරීම, ගුවනින් මල් දැමීම වැනි බොරු බහුබූත වැඩ අම්බලන්ගොඩට පුරුදු කලේ සජින් වාස් (නදී)

:       0       0

දුසර Thursday, 20 August 2015 02:00 PM

කතිරය නම් ගහන්න දන්නවා. හැබැයි ගහන්න ඕනෑ කාටද කියලා දන්නේ නැහැ (නි)

:       0       0

ධම්මික Thursday, 20 August 2015 02:09 PM

බෙන්තර පාලමෙන් එහා එහෙම තමයි (නි)

:       0       0

බුද්ධි Thursday, 20 August 2015 02:15 PM

ගාල්ලේ අපිට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 77 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 170 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 306 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 307 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 665 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 494 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site