IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නිවැරදිව දත් බුරුසුවක් තෝරා ගන්නේ කෙසේද?

කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ

හොඳ දත් බුරුසුවක් යනු කුමක්ද?

වෙළෙඳපොළේ විවිධ වර්ගයේ දත් බුරුසු දැක ගත හැකි වුවත් තමන්ට ගැළපෙන දත් බුරුසුවක් තෝරා ගත යුතු බවට බොහෝ දෙනකුට වැටහීමක් නැත.  හොඳ දත් බුරුසුවක් යනු දත්වලට හෝ විදුරුමසට හානියක් නොවන ලෙස දත් මතුපිට, දත් අතර හා විදුරුමස් දාරය මත රැඳෙන බැක්ටීරියා පථ හා ආහාර කැබලි කාර්යක්‍ෂමව පිරිසිදු කර ඉවත් කළ හැකි එකකි.

දත් බුරුසුවක් තෝරා ගැනීමේදී  සැලකිය යුතු කරුණු

දත් බුරුසුවක හැඩ, හිසෙහි ප‍්‍රමාණය, කෙඳි වල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරු ගණන  හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. දත් බුරුසුවක් නිෂ්පාදනය කළ යුතු ශ‍්‍රී ලංකා ප‍්‍රමිති පිරිවිතර දක්වා ඇති නමුත් සාමාන්‍ය පාරිභෝගිකයන්ට මේ සියල්ල පරීක්‍ෂාකර දත් බුරුසුවක් මිලදී ගැනීම ප‍්‍රායෝගිකව අපහසු කටයුත්තකි. ඒ නිසා කෙඳිවල ස්වභාවය හා කෙඳි ප‍්‍රමාණය හා දත් බුරුසුවේ ප‍්‍රමාණය මූලිකව සැලකීමට සිදුවේ.

කටට ගැළපෙන දත් බුරුසුවක්

දත් බුරසුවක් මිලදී  ගැනීමේදී කටට හා වයසට ගැළපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වඩා වැදගත්ය. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප‍්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැළපෙයි. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසිදු නොවීමත් විටක මුඛයේ මෘදු පටක වලට හානි සිදුවීමත්ය. දරුවන් වැඩි වෙලාවක් දත් මැදීමට අකමැත්තක් දක්වන බැවින් කාර්යක්‍ෂමව මැදෙන කුඩා දත් බුරුසුවක් දරුවාට තෝරා දීමට වැඩිහිටියන් වග බලා ගත යුතුය.

දත් බුරුසුවට කුඩා ඔළුවක්

දත් බුරුසුවක හිස කොටස කුඩා වීම වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම මැදීමේ පහසුව ලබා ගැනීමටය.  දත්වල ඇතුල් පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇදවුණු දත් හා විකලාංග දන්ත ප‍්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසිදු කිරීමේදී දත් බුරුසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී.2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප‍්‍රමාණවත්ය. ඒ අයුරින් කුඩා දරුවකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප‍්‍රමාණවත්ය. දරුවකුගේ දත් බුරුසුව ලොකු දත් බුරුසුවකට මාරු කළ යුත්තේ එවැනි දත් බුරුසුවක් මූඛය තුළ හැසිරවීමට හැකියාව ලැබුණු පසුය. ඒ අතරම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටය.

දත් බුරුසුවේ කෙඳි වලින් හානියක්  නොවෙන්න  ඕනෑ

 වෙළෙඳපොළේ ඇති දත් බුරුසු කෙඳිවල ස්වභාවය අනුව මෘදු, මධ්‍ය සහ දෘඨ ලෙස වර්ගීකරණය කර ඇති බව දක්නට ඇත. දත් වල ඇති කහට පැල්ලම් සහ අවර්ණ ස්වභාවය ඉවත් කිරීම සඳහා සමහර දෙනෙක් දෘඨ හෝ මධ්‍යස්ථ ස්වභාවයෙන් යුතු කෙඳි සහිත දත් බුරුසු භාවිතයට පෙළඹුනත් දීර්ඝ කාලීනව භාවිතය මගින් දත්වලට, දත් මුලට හා විදුරුමසට හානි සිදුවිය හැක. එමගින් පසුකාලීනව දත් හිරිවැටීමකටත් කල්ක කුහරය මතුවීමෙන් දත් අජීවී වීමටත් ඉඩ තිබේ. එනිසා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්ය.

කෙඳිවල වර්ණය සැළකිය යුතුද?

කෙඳිවල වර්ණය දත් මැදීමේ කාර්යක්‍ෂමතාව කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. කෙසේ වුවද සුදු හෝ අවර්ණ කෙඳි වැදගත් වන්නේ විදුරුමස් ආසාදනය වී ඇති විටක කෙඳිමත තැවරෙන රුධිරය පහසුවෙන් පෙනෙන නිසාය. එසේම දත් බුරුසුව හොඳින් පිරිසුදු වී ඇත්දැයි බලා ගැනීමටත් සුදු කෙඳි තිබීම පහසුවකි. කල් ගත වන විට කෙඳිවල වර්ණය වෙනස් වන අයුරින් නිපදවා ඇති දත් බුරුසු සමහර රටවල ඇත. එහෙත් සුදු කෙඳි සහිත දත් බුරුසු සොයමින් කාලය කා දැමීමද නිශ්ඵල ක‍්‍රියාවකි.

දත් බුරුසුවක කෙඳි පොකුරු කොපමණ තිබිය යුතුද?

කාර්යක්‍ෂමව මැදීමකට ප‍්‍රමාණවත් කෙඳි පොකුරු සංඛ්‍යාවක් දත් බුරුසුවකට තිබිය යුතුය. ඒ අනුව වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණද ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණද ළදරුවන්  සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණද තිබීම ප‍්‍රමාණවත්ය. සාමාන්‍යයෙන් කෙඳි නයිලොන් වලින් නිපදවා තිබීමත් විදුරු මස තුවාල නොවීම සඳහා කෙඳි කෙළවර රවුම්වීමත් වැදගත් ලක්‍ෂණය. එසේම හිස කොටසේ කෙඳි සමතල ලෙස තිබීම සුදුසු වන අතර, එය ” ඵ” හැඩයට තිබීමත් වරදක් නැත. දත් බුරුසුවේ හිසට ආවරණ කොපුවක් තිබීමත් හොඳ ලක්‍ෂණයකි.

මිටේ වංගු තිබීම අවශ්‍යමද?

දත් බුරුසුවක් තෝරා ගැනීමේදී මිටේ වර්ණය හා මිටේ හැඩය ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙති. දත් බුරුසුවක් අල්ලා ගැනීමේ පහසුව තකා ප‍්‍රමාණවත් දිගකින්  සහ පැතලි මිටකින් යුක්ත විය යුතුය. නිවසේ සාමාජිකයන් සඳහා එකම වර්ණය තෝරා නොගැනීමෙන් දත් බුරුසු මාරු වීම වළක්වා ගත හැක. දත් බුරුසුවේ මිට වර්ණයකින් යුක්ත වුවත් එය පාරදෘශ්‍ය ප්ලාස්ටික් වලින් නිපදවා තිබීම වැදගත් වන්නේ එවැනි පාරදෘශ්‍ය මිටක බැක්ටීරියා රැඳී සිටීම අඩු බවට පරීක්‍ෂණ මගින් පෙන්වා ඇති බැවිනි. එසේම දත් මැදීමේ පහසුව සඳහා විවිධ හැඩයෙන් හා වංගු සහිතව මිට නිපදවා ඇති අතර  ඔබ කැමති අයුරින් එවැන්නක් තෝරා ගැනීම වරදක් නොවේ. දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික් වල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම සඳහා සරල පරීක්‍ෂණයක් නිවසේදී ඔබට කළ හැක. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී නොයන්නේ නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික් වල ප‍්‍රමිතිය හොඳයි. එසේම දත් බුරුසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි බලන්න.

ඔබ කුමන දත් බුරුසුවක් තෝරා ගත්තද දත් මදින්නේ වැරදි ක‍්‍රමයකට නම් ඔබට ලැබෙන ප‍්‍රතිඵලය ඉතා අවම බව මතක තබා ගන්න.

 



අදහස් (0)

නිවැරදිව දත් බුරුසුවක් තෝරා ගන්නේ කෙසේද?

අදිකාරම් Tuesday, 01 December 2015 08:05 AM

ඔබේ දත් බුරුසුව රාත්‍රියේ කරපොත්තන්ගෙන් ආරක්ෂා කරගැනීම ඊටත් වඩා වැදගත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 187 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 53 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 410 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 225 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 907 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 879 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21593 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21258 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site