IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නුවර පාරේ වේවැලෙන් කඳුළු පිටවෙයි

මහනුවර පාර අද්දර වේවැල් කර්මාන්තයේ යෙදෙන එම ගම්මානයේ පිරිස් වේවැල් කර්මාන්තයට කණකොකා හඩලන බව කියති. දේශපාලන  බලපුළුවන්කාරයින්ගේ බලය නිසා දශක ගණනාවක් පැරණි වේවැල් කර්මාන්තය අතහැර බොහෝ පිරිස් මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අත් උදව් කරුවන් සේ රැකියා කරන බව වසර තිස් පහක් පුරාවට වේවැල් කර්මාන්තයේ යෙදෙන සෝමපාල කරුණානායක මහතා පවසයි. වේවැල් කර්මාන්ත සමිතියේ හිටපු සභාපතිවරයෙක් වූ සෝමපාල මහතා එසැණ සමග මෙසේ පැවසිය.

අපිට රජයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඉස්සරනම් ජාතික ශිල්ප සභාවෙන් සුළුවෙන් හෝ උදව් කළා. මෙයට පෙර මෙම ග්‍රාමයේ වේවැල් නිපැයුම් කඩ 100ක් විතර තිබුණා. අද වෙනකොට තියෙන්නේ කඩ 50ක් විතරයි. මේ කර්මාන්තයේ දහසකට වැඩි පිරිසක් සේවය කළා. ගොඩක් අය දැන් මේ කර්මාන්තය අතහැරලා පාරේ වැඩට යනවා. මේ වේවැල් භාණ්ඩ වල මිල වැඩියි කියලා බොහෝ අය කියනවා. අසරණ අපි මොකද කරන්නේ? වේවැල් ප්‍රවාහනයට බලපත්‍රයක් ඉල්ලුවාම රජයෙන් අපිට ඒක දෙන්නේ නැහැ. ඒවා දෙන්නේ දේශපාලන හෙන්චයියන්ට. මනම්පිටියෙන් ගේන අඩි හයක හින් වේවැලක් අපි ගන්නේ රුපියල් හයට. මොනරාගල බිබිල මාතර දෙනියාය වැනි නගරවලින් ගෙනෙන අඩි 15ක ලොකු වේවැලක් අපිට දෙන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකට. දේශපාලන හෙන්චයියන් රුපියලකට එකයි පනහකට ගන්න වේවැලක් වෙළෙන්ඳන්ට දෙන්නේ රුපියල් හතරකට. වෙළෙන්ඳා අපිට දෙන්නේ රුපියල් හයකට. අපිට වේවැල් ප්‍රවාහනයට බලපත්‍ර දෙනවා නම් මේ භාණ්ඩවල මිල ගොඩක් අඩුවෙයි. අපි රජයෙන් කරුණු තුනක් ඉල්ලනවා හොඳ වෙළදපොලක් හදලා දෙන්න, වේවැල් ප්‍රවාහනයට බලපත්‍රයක් දෙන්න, වේවැල් පැල නොමිලේ ලබා දීලා  ඒවා වගා කරන්න ඉඩ පහසුකම් සලසලා දෙන්න කියන ඉල්ලීම් තුන තමයි අපි ඉල්ලන්නේ.  පැවති හැම රජයකටම අපි අපේ දුක කිව්වා. හැබැයි යහපාලන රජයට කියන්න හැදුවා විතරයි ආණ්ඩුව විසිරෙව්වා. ඉදිරියේදී පත්වෙන නව රජය හෝ අපේ දුක අහයි කියලා අපි හිතනවා. මම කියන්නේ දශක ගණනාවක් පැරණි මේ වේවැල් කර්මාන්තය වැළලිලා යන්න ඉඩ දෙන්න එපා. ඒක ජාතික අපරාධයක්.

IMG_8264 IMG_8265 IMG_8267

 

 



අදහස් (0)

නුවර පාරේ වේවැලෙන් කඳුළු පිටවෙයි

කැනඩා දිසා Tuesday, 04 August 2015 04:33 AM

නව යහපාලන රජය, කරුණාකර මේ අසරණ පුද්ගලයින්ට පිහිට වෙන්න (නි)

:       0       0

දිලිප් Monday, 03 August 2015 01:36 PM

මහන්සිවෙන මිනිහාට තැනක් නැහැ. අතරමැදියට තමයි ඔක්කොම (නි)

:       0       0

ප්‍රේමරත්න Monday, 03 August 2015 11:30 PM

රජය, විපක්ෂය සහ රාජ්‍ය නිලධාරීන් මේවාට වගකිව යුතුමයි (නි)

:       0       0

චමිල Tuesday, 04 August 2015 12:29 AM

ඇයි මැදපෙරදිග විතරක්? ඇමරිකාවෙත් ගොඩක් අය ළඟ වේවැලක් බොහෝවිට තිබෙනවා (නි)

:       0       0

ධනුක Monday, 03 August 2015 02:07 PM

අපිට මේවා ලොකු නැති වුණාට පිටරටවල මෙම වේවැල් නිෂ්පාදන ඉතා ඉහළ අගයකට විකුණන්න පුළුවන්. විශේෂයෙන් මැද පෙරදිග. අපේ දේශපාලකයො තමයි මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

ස්තිකාර් Monday, 03 August 2015 02:22 PM

සමහර වේව්ල් නිෂ්පාදන ගෙදර අරන් යනකොට මගදී කැඩෙනවා. ඒ නිසා නැවත මිළදී ගන්නේ නැහැ. ඒ ගැනත් බලන්න (නදී)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 04 August 2015 02:10 AM

රටේ සැම නිෂ්පදනයකටම වෙලා තියෙන්නේ ඔය දේමයි. එ්කට අනිවාර්යෙන්ම වග කියන්න ඕන දේශපාලනයමයි. රටේ පරිපාලනය තුලට දේශපාලනය මුල් බැහැල ඉවරයි. අවසාන ප්‍රතිපලය තමයි "දේශපාලන අතර මැදියන්" බිහි වීම. ජනතා මුලික අවශ්‍යතාවය වන අාහාර ද්‍රව්‍ය වලට වෙලා තියෙන්නෙත් ඕකමයි. ඕක තේරුම් ගත්තු පක්ෂ- පාට වලින් තොර පාලකයෙක් බිහි උනුදාට ජනතාව ජය ලබයි. තාම නම් පේනතෙක් මානෙකවත් නැහැ (නදී)

:       0       0

සමන් වසන්ත Monday, 03 August 2015 03:07 PM

ඇත්තටම දුක හිතෙනවා මේවා දකිනකොට. ඒ වගේම මේ කර්මාන්තයෙන් දිවිගෙවන්න පුරුදුවුණ අය මොනවා කරන්නද? (නි)

:       0       0

අමල් Monday, 03 August 2015 04:55 PM

දනුක කියන්න අපිට. අපි මැද පෙරදිගට අවස්තාවක් දෙනවා නම් අපි උදව් කරන්ඩ කැමතියි (නදී)

:       0       1

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 04 August 2015 03:49 AM

වේවැල් කර්මාන්ත පවත්වාගෙන යාමට රජයේ සහයෝගය බලාපොරොත්තුවෙනවා වගේම වේවැල් භාණ්ඩ නිෂපාදකයිනුත් මතක තබා ගත යුතු කරුණක් තමයි පාරිභෝගිකයින්ට විශ්වාසය දිනා ගන්න විදියට ගුණාත්මක උසස් තත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන්ට. භාණ්ඩ හොඳ නැතිනම් වරක් ආපු පාරිභෝගිකයෙක් නැවත වරක් එන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1646 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2063 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2562 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5751 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1818 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6426 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18337 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site