(ශාන්ත චන්ද්‍රසිරි,සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ජනතාවට දරා ගත නොහැකි ලෙස රට තුල දිනෙන් දිනම ඉහල යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශණය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.
විරෝධතාවය පැවැති එම ස්ථානයට පැමිණි පොලීසිය පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පැවැසීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.
එම අවස්ථාවේ නාවලපිටිය පොලීසිය විසින් සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කීය.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙමින් තිබිණි.
ගම්පොළ සුරංග රාජනායක
රංජිත් රාජපක්ෂ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාවලපිටිය උණුසුම් වේ
Sunil Sunday, 16 October 2022 02:15 PM
හිරේ විලංගුවේ දාන්න ඕනේ අය නිදැල්ලේ රැස්වීම් අමතනවා. ජනතාවගේ පීඩනය වෙනුවෙන් කතාකරන අය අත්අඩංගුවේ... අනේ මෙහෙමත් එක රටක්, එක නීතියක්...
BamunuarachchiSunday, 16 October 2022 04:59 PM
හිරේ විලංගුවේ දාන්න ඕනේ කියලා කවුද, මොන උසාවියද තීරණය කළේ..? මොනවා කෙරුවාටද?
චමින්ද Sunday, 16 October 2022 08:30 PM
නැට්ට පස්ස පැත්තේ ගහගෙන හිටපු පොහොට්ටු නායකයින් එළිබහින කොට අරගලය තියෙද්දී සැඟවෙලා හිටපු බමුණගේත් අතපය පණගහලා වගෙයි..
BamunuarachchiMonday, 17 October 2022 07:24 AM
අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා හලෝ. ඊට පස්සේ නැට්ට ඕන තැනක ගහ ගන්නවා? ඉස්කොලේදීත් ප්‍රශ්නයකට උත්ත්ර දීගන්න බැරි උනාම ප්රශ්නය අහපු කෙනාට නැට්ට පස්සේ පැත්තේ ගහ ගන්න කිව්වවාද? ගොන් පාට් දමන්න එපා හලෝ සුනිල් ගෙන් අහපු පරස්නේට ගොන් උත්තරයක් දෙන්නේ චමින්ද? ඔය ගතිය තිබෙන්නේ ජෙප්පන්ට. කියනදේ සකතික කරන්න බැරිනම් කියන්න එපා. මැට්ටා
RANDILMonday, 17 October 2022 10:35 AM
මේ නම් මිනිස්සු වෙන්න බැහැ.
sisiraSunday, 16 October 2022 08:11 PM
ඔවුන් කරපු මහාපරිමාණ හොරකම් දැනදැනත් යුද්ධය දිනපු අවස්ථාවේ රටේ රජතුමා කියලා ඔබලා නේද ප්‍රකාශ කළේ?
Rexi Sunday, 16 October 2022 02:45 PM
මොවුන්ගේ ලැජ්ජා නහරෙ කාලා තියෙන්නේ.. ආයෙත් කාලකණ්ණි ජනතාව අමතනවා. කුලියට කහින ජනතාව ඒවට යනවා. මේවට සම්බන්ධ හැම එකාටම ලැජ්ජ නැහැ.
Prasanna Sunday, 16 October 2022 03:11 PM
ඔක්කොම එක වල්ලෙ පොල්. අපි රැවටෙන්නේ නැහැ.
Kumara Sunday, 16 October 2022 03:27 PM
අපි දොගොල්ලන්වම මේ රටෙන් එලවනව. රට කාපු කාලකන්නි වල් පරයෝ.
දාස Sunday, 16 October 2022 03:35 PM
මේ නීල කාස හොරයි ඒ නඩයයි යන යන තැන පාට පක්ෂ නැතිව ජනතාව මුන්ට විරුද්ධව හඩනගන්න ඕනෙ. රටත් ජනතාවත් මෙතැනට ඇද දාපු පව් කාර හැත්ත.
Sriyan Lanka Sunday, 16 October 2022 04:13 PM
ජනහමුවක් පැවැත්වීමේ කිසිම වැරැද්දක් නැහැ. රාජපක්ෂවරුන් මේ රටට කළ මහඟු සේවය අප කෙදිනකවත්අ මතක කළ යුතු නැහැ. හොඳ නරක දෙකම මහජනතාවගේ හදවත තුළ සටහන්වී තිබිය යුතුයි.
ගමේ එකාලාSunday, 16 October 2022 04:40 PM
ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි නම් ලෝකෙම දන්නවා. දූෂිත පවුල් පාලනේ අය ඔක්කොම එකතුවෙලා රටම විනාශ කෙරුවා. ජනතාව මහපාරට ඇදලා දැම්මා...
fairoosSunday, 16 October 2022 04:49 PM
මේ අයටනම් රටට හෙණ ගැහුවත් කමක් නැහැ... බයි වහල්ලු...
ලමයSunday, 16 October 2022 04:57 PM
මොලේ නරක් වේගෙන එන හාදයෙක් වගේ... මේ තක්කඩියා මෙරටට කළ විනාශය කියලා නිමකරන්න බැහැ කොල්ලෝ...!
DineshSunday, 16 October 2022 05:11 PM
මේ රට මේ තත්වයට පත්කළ අයටත්, තවමත් කඩේ යන අයටත් සාප වේවා..!
SasSunday, 16 October 2022 05:46 PM
මෙම පුද්ගලයා ලංකාවේ පදිංචි කරුවෙක් නොවන බව නම් මැනවින් පෙනේ...
PereraMonday, 17 October 2022 05:33 AM
අවුලක් නැහැ... ඔය කතා විස්වාස කරන්න රටේ බහුතරය ක් ඉන්නවා.
විපරමා Sunday, 16 October 2022 04:26 PM
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා, ජනතාව රවට්ටලා, ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදියා... අන්තිමට රටම බංකොළොත් කෙරුවා නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. පවුල් පාලනේ අය ඔක්කොම එකතුවෙලා, රටම හොරාකාලා කාබාසිනියා කෙරුවා. අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත රාජපක්ෂලා කරපු කාලකන්නි වැඩ නිසායි. අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආධාරත් ගසා කාපු පට්ට හොරෙක්... අගමැතිකමෙන් පන්නලත් ලැජ්ජාවක් නැහැ... බල තණ්හාවෙන් පිස්සු වැටිලා..?
pakeer Sunday, 16 October 2022 05:12 PM
ජනරැළිය ඇමතුවේ නිරුවතින්ද?
mp Sunday, 16 October 2022 05:58 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... මේ රටේ මිනිසුන්ට තියෙන අනේක ප්‍රශ්නවලට කවදාවත් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒත් ඉතින් මුන් වලපල්ලට යනකම්ම බලය තියාගෙන ඉන්න උත්සාහ කරයි. මෝහෙන් මුලාවෙලා අපායට යනතුරු...!
ගමේ එකාලා Sunday, 16 October 2022 06:08 PM
හිටපු නෙවෙයි ජනතාව දූෂිත රාජපක්ෂලා එළවලා ඉවරයි. ආයෙමත් ජනතාව ගොනාට අන්දවන්ට වගේ ලෑස්ති වෙන්නේ? අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ ඔවුන් කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නිසා...!
මැක්ස් Sunday, 16 October 2022 06:23 PM
අනිත් අයට වගේම පොහොට්ටුවටත් තමන් කැමති දේශපාලනය කිරීමේ අයිතිය මේ රටේ තියෙන්න ඕනෑ. රටටම ජීවත් වීමේ අයිතිය දුන්නු අය තමයි එහි නායකත්වයේ ඉන්නේ. ඡන්දයක් ආ විටෙක දී රටේ මිනිස්සු තීරණය කරයි කාටද ඡන්දෙ දෙන්නේ කියලා. මෙතන කොමෙන්ටු කොටන සජබ කුලී හේවායින් ඒ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ගැනවත් දන්නේ නැද්ද? මෙවන් රැලකට රටේ බලය ගියොත් මොනවායින් මොනවා වෙයිද?
fairoos Sunday, 16 October 2022 06:50 PM
ලැජ්ජා නැද්ද? මේ මිනිස්සුන්ට රටම බංකොළොත් කරලා දැන් එනවා එක්ව නැගිටිමුලු... මේ කාලකණ්ණි රටම කෑවා...!
siri Sunday, 16 October 2022 09:16 PM
මොවුන්ට හෙණ ගහන්න ඕනේ... රට බංකොළොත් කරලා මිනිස්සු පාරට ඇදලා දැම්මාට...!
විපරමා Sunday, 16 October 2022 10:18 PM
පොහොට්ටුවෙ දූෂිතයන්ට කඩේ යන මොලේ උඩ ඉන්න වහල්ලු ඩිස්ලයික් කරලා .රට බන්කොලොත් කෙරුවා මදිවට ලැජ්ජාවකුත් නැහැ.
පිටරැටියා Sunday, 16 October 2022 10:31 PM
රටම හොරාකාලා විනාශ කරලා, දැන් එක්ව නැගිටිමුලු. මේවාට දෙකොනින්ම හිනා යනවා. ලැජ්ජයි, හිරිකිතයි, නින්දිතයි. ආයෙමත් බොරුවෙන්, වංචාවෙන් ජනතාව අන්දන්නයි හදන්නේ...
Perera Sunday, 16 October 2022 11:22 PM
පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවල අය ආණ්ඩුවට කත්අදිනකන් ඔය පතන සිස්ටම් චේන්ජ් එක වෙන්නේ නැහැ..
nandana Monday, 17 October 2022 05:33 AM
දරුවෝ මන්ද පෝෂණ, මිනිස්සු වැඩිහරියක් බඩගින්නේ ලෝකේ සංවිධාන මේවා දකිනවා.
ලංකාපුත්‍ර Monday, 17 October 2022 06:12 AM
ඩිස්ලයික් දැමීමෙන් පේනවා ප්රභාකරන් කිව්වා වගේ සිංහල මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නෙ දින හතයි කියලා. නැත්නම් මොන මෝඩයෝද මුන්ගෙ පස්සෙන් යන්නෙ .ඇත්තටම පහුගිය කාලයේ සිදුවීම් මෙපමණ ඉක්මනින් අමතක කරන්න හැකිනම් ලංකාව කිසිම දවසක ගොඩගන්න නම් බැහැමයි .අරගල කරුවන්ට ජයවේවා
Sisira Katugampala Tuesday, 18 October 2022 11:09 AM
මහින්ද හදන්නේ ෆේක් සපෝට් රැස්වීම් සංවිධානය කරලා රනිල්ගේ ජනාධිපතිකම අපකීර්තියට පත් කරන්නයි. ආයෙත් බලයට එන්න හදනවා.