IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තුනකගේ වැඩ තහනම්

(සුරංග රාජනායක)

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේ ගමන්ගත් සංචාරකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ තිදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපර්තමේන්තුව නිලධාරියෙක් පැවැසීය

නාවලපිටිය දුම්රිය සේවකයන් පිරිසක් අද පෙරවරුවේ දී  එම දුම්රිය ස්ථානයේදී පහර දුන්නයි නැගෙන චෝදනාවක් සම්බන්ධයෙන් මෙසේ වැඩ තහනම් කර ඇත.

එංගලන්තයේ සිට පැමිණ ඇතැයි පැවසෙන සංචාරකයන් කණ්ඩායමක ආරෝල් හා හැරිසන් යන දෙදෙනා හට මෙම පහර දීම සිදුවී ඇතැයි කියති.

කොළඹින් උදෑසන 5. 50 ට ගමන් ආරම්භ කරන පොඩි මැණිකේ දුම්රියට පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් සංචාරකයන් තිදෙනකු ගොඩ වී ඇත.

මොවුන් ඇල්ල දක්වා ගමන් කිරීම සඳහා මෙසේ දුම්රියට නැග තිබුණද ප්‍රවේශපත්‍ර රැගෙන තිබී ඇත්තේ එක් සංචාරකයකු පමණක් බව නාවලපිටිය දුම්රිය බලධාරීහු පවසති.

මොවුන් පළමු පන්තියේ ගමන් කිරීමේදී සිදු කළ ටිකට් පත් පරික්ෂාවේදී ප්‍රවේශපත්‍ර නොමැති බව දැක ඔවුන්ට දුම්රියෙන් බැසීමට පවසා තිබේ.

නමුත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා දුම්රිය නියාමක විසින් ඒ බව නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දන්වා තිබේ.

එහි සිටි සියලු සේවකයන් පැමිණ මෙම සංචාරකයන්ට පහරදී දුම්රියෙන් එළියට ඇද දමන අයුරු කිසිවකු රූගත කර තිබේ.

මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙතද දන්වා ඇති අතර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සංචාරකයන්ගේ ආරක්ෂාව සපයා ඊළඟ අංක 8 බදුල්ල දුම්රියෙන් ඔවුන් පිටත් කර තිබේ.

මෙම සිද්ධිය සමග පොඩි මැණිකේ දුම්රිය විනාඩි පනහක් පමාවී ඇති අතර එය යළි පෙරවරු දහයි පනහට පිටත්වී තිබේ.

 



අදහස් (10)

නාවලපිටියේ සිද්ධියට දුම්රියේ තුනකගේ වැඩ තහනම්

Prabha Tuesday, 05 March 2024 11:38 PM

හොරාට ගිහින් ඇහුණා ලංකාවේ අයට මොවුන් කොහොම සලකනවා ඇද්ද?

:       0       2

pakeer Wednesday, 06 March 2024 12:22 AM

කාලකණ්ණින්ව හිරේ යවන්න ඕනේ ජීවිතයටම... මූසල හැත්ත

:       0       0

kahawita Wednesday, 06 March 2024 04:47 AM

ඉතාම කැත සිදුවීමක්... ඔයිට වඩා වැදගත් විදිහට වැඩකළ යුතුව තිබුණා. මුළු ලංකාවටම විශාල කැළලක්.

:       2       3

Nihal Dharmatileke Wednesday, 06 March 2024 07:11 AM

මොකක්ද මෙතන වැරැද්ද? ටිකට් නැතිනම් යන්න බෑ. බහින්න කිව්වා බැස්සේ නෑ. ගැහුවා එළියට දැම්මා... අහන්න බැරිනම් දැනෙන්න ඕනෙ සංචාරකයන්ට ඕන දෙයක් කරන්න අවසර දෙන්නේ කවුද?

:       0       6

Saman Wednesday, 06 March 2024 09:18 AM

මොන සුද්දා වුණත් වැරැදි නම් වැරදි... මොවුන් දන්නේ නැද්ද නිකන් යන්න බෑ කියලා...!

:       4       5

U I Jayasinghe Wednesday, 06 March 2024 10:27 AM

ටිකට් නැතිව හොරාට යන සුද්දන්ව කිව්වාම අයින් වෙන්නැති, නැත්නම් නලවන්නද ඕනෑ..?

:       5       4

රට වැසියා Wednesday, 06 March 2024 11:07 AM

ඉතාම පහත් සිදුවීමක්! රටේ ගෞරවය ආරක්ෂා කරන්න. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුම කාලයක, විදේශීකයින්ට අපේ රටේ වනචාරී ගති පෙන්නන්න එපා...!

:       3       9

m. saman perera Wednesday, 06 March 2024 12:13 PM

පහර දීම අන්තිම කැතයි. තරයේ හෙළා දකිනවා...

:       2       9

dasun Wednesday, 06 March 2024 01:07 PM

මේ විමර්ශනය ඉතා පහසුයි. අදාළ සීසීටීවී දර්ශන නරඹා අදාළ සේවකයන්ගේ සේවය අවසන් කරන්න. වැඩ තහනම් අනවශ්‍යයි...

:       3       5

Nimalrajapaksa Thursday, 07 March 2024 12:50 AM

ඕවා නින්දිත වැඩ. කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනෑ පළමුව.., ඒකටත් භාෂාව දැනුනේ නැහැනේ. ඕක තමයි දන්න භාෂාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 18 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 235 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 353 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 850 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 291 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 568 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25453 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site