IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාසයකට කෝටි 20ක්

(රංජන් කස්තුරි)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම රෝහල ශ්‍රී ජයවර්ධන මහ රෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථා ගත කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ අතර එහි පරිපාලනය සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.



අදහස් (32)

නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාසයකට කෝටි 20ක්

sachith Wednesday, 26 July 2017 10:19 AM

මේ ආරම්භය පමණයි, තව මාසෙකින් දෙකකින් මේක කෝටි 50ක් 60ක් වෙනවා. සයිටම් වෙනුවෙන් කෑගහන අයගෙන් අහන්න තියෙන්නේ. " ඔබට සතුටුයිද දැන්?" කියලා

:       3314       4671

ලුම්බිණි Wednesday, 26 July 2017 10:47 AM

කාටද ආඩම්බර දැන්?

:       1       10

sanjaya Wednesday, 26 July 2017 10:49 AM

බදු මුදල් දුප්පත් පොහොසත් දෙගොල්ලන්ටම වියදම් කල යුතුයි. දුප්පත් අය වෙනුවෙන් කරන විට හොදයි. ඇයි පොහොසත් අය වෙනුවෙන් ටිකක් වියදම් කලොත් වැරදිද?

:       44       29

Nuwan Wednesday, 26 July 2017 11:09 AM

මේ ඔක්කොම වුනේ මෝඩ වෛද්‍ය ශිෂ්‍යයයෝ නිසානේ , අයියෝ සල්ලි

:       295       309

appuhami Wednesday, 26 July 2017 11:17 AM

ඕනෑම රජයේ රෝහලකට එදිනෙදා කටයුතු කිරීමට විශාල ප්‍රතිපාදන ඕනෑ නේද? බෙහෙත් ඉබේ පහල වෙන්නේ නැහැ නේ...

:       272       34

mangala Wednesday, 26 July 2017 11:31 AM

ඔබට සතුටුයිද දැන්

:       5       569

Perera Wednesday, 26 July 2017 11:41 AM

සචිත, වරද්ද ගන්න එපා, දොස්තරවරු කෑ ගැහුවේ රෝහල ඉල්ලා නෙවෙඉ, සයිටම් එක අහෝසි කරන්න කියලයි,

:       4       394

sachithThursday, 27 July 2017 03:00 AM

පැහැදිලිවම මම කිවේ එ්ක තමා. මේක අරම්ඹය විතරයි. තව ටික දවසකින් මේක ශ්‍රී ලනක්න් ආයතනයට වඩා සුදු අලියෙක් වෙනවා. මේ රෝහල රජයට ගන්න කියල වර්ජනේ කරන කවුරුවත් කිවේ නෑ.

:       1       18

රොමේෂ් Wednesday, 26 July 2017 11:59 AM

ආරම්භයේදීම රෝහල නඩත්තුවට කෝටි 20යි, රෝහල පවරාගැනීම නිසා නෙවිල්ගේ ලංකා බැංකු ණය ගෙවෙනකම් ආණ්ඩුව විසින් ඔහුට ගෙවන බදු මුදල කීයද තවම අපි දන්නේ නැහැ. මේ රෝහලේ ලාභයෙන්ද දන්නේ නැහැ AAB ගත්තත් වෛද්‍ය විද්‍යාලවලට යන්න බැරිවෙච්ච ළමයින්ව සයිටම් හොර උපාධි කඩේට යවන්න හිතන් ඉන්නේ.

:       2       511

Reks Wednesday, 26 July 2017 12:04 PM

අනේ මන්දා. මේවා අහනකොට මට නිකන් සයිටම් එකට කැමති කැමතියි දැනෙනවා

:       4       79

Lakvidu Wednesday, 26 July 2017 12:07 PM

මේ සල්ලි වලින් නෙවිල් ප්‍රනාන්දු ගත්ත ණය ගෙවෙනවා. අවුරුදු 10කට පස්සේ ණය ගෙවලා ඉවර වෙනවා. බදු ගිවිසුම් අවසන් වෙනවා. රෝහල යලිත් ණය නැතුව නෙවිල් ප්‍රනාන්දු අතට යනවා.

:       2       700

Ramsi Wednesday, 26 July 2017 12:17 PM

දැන් ඉතින් ඕක ගෙවන්න ගහන්නකෝ හිගන්නන්ගේනුත් බදු

:       1       160

aravinda Wednesday, 26 July 2017 12:31 PM

මේ කිසි දෙයක් වෙන්නේ නෑ SAITM සිසුන්ට රජයේ රෝහල්වල පුහුණු වීම් වලට ඉඩ දුන්නා නම්. එත් එහෙම දෙයක් මේ රටේ කරන්නේ කොහොමද. මොකද ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ රජයේ රෝහල් ඒගොල්ලන්ගේ පුද්ගලික බුදලේ කියලනේ.

:       657       125

ReksFriday, 28 July 2017 04:18 PM

එතකොට මහත්තයෝ හැම පෞද්ගලික පුහුණු ආයතනයක්ම {හෙද, උපස්ථායක, රියදුරු, ඖෂධවේදී) එහෙම ඉල්ලුවොත් ඒ අයටත් රජයේ රෝහල්වල පුහුණුව දෙන්න ඕනද?

:       2       3

dshana Wednesday, 26 July 2017 12:45 PM

ස්කෑනර් මාසෙට එක ගානේ ගන්න පුළුවන් නේද?

:       3       1029

rohan Wednesday, 26 July 2017 12:47 PM

තවත් සුදු අලියෙක් කාගේ හරි සාක්කුවේ නම් ජය තමයි.

:       8       563

kamal Wednesday, 26 July 2017 02:26 PM

මොනරාගල දිස්ත්‍රික්කයට මේ අය කොපමණ වියදම් කරනවද ?

:       1       12

palitha Wednesday, 26 July 2017 02:28 PM

මසකට කෝටී 20ක්, මිලියන 200ක් , මාස 10කින් මිලියන 2000ක්, නෙවිල් මහත්තයා ගත්ත බැංකු ණය නිකම්ම ගෙවිලානේ. දැන් සනීපද?

:       1       274

samantha Wednesday, 26 July 2017 02:29 PM

සේනාරත්න රටට වටිනා දෙයක් නොකරන බවට සාක්ෂි තමයි.

:       3       24

ධම්ම Wednesday, 26 July 2017 02:40 PM

ජයවේවා!.. පුදුම සතුටක් දැනෙන්නේ..

:       1       206

Chandra Wednesday, 26 July 2017 02:41 PM

අහෝ !!! වෛද්‍ය උපාධිය ලබා දෙන්නට ජනතාව ගෙවන ණයක්....

:       1       68

ruwandika Wednesday, 26 July 2017 03:14 PM

දැන් ඉතින් සයිටම් එකට කඩේගිය නෝනල මහත්තුරුන්ට සතුටුයි නේද,අහෝ ඛේදයකි ඉරකි තිතකි.

:       34       313

darshana Wednesday, 26 July 2017 03:30 PM

ඇයි මේක රජයට පවරාගත්තේ? සයිටම් එපා කියලා අන්තිමට කරලා තියෙන්නේ වෙන දෙයක් නේ. අන්තිමට අපි තමා බදු ගෙවන්න ඕනේ...

:       0       84

ONE SRILANKAN Wednesday, 26 July 2017 03:51 PM

මෙන්න දත් දොස්තර මහතාගේ වැඩ. ජාතික ධනය නේද? සිරිසේන මහත්තයෝ, රනිල් මහත්තයෝ මේවා අනුමත කරන්නේ මොකද? අද මාධ්‍ය හමුවක රාජිත මහත්තයා තෙල් වර්ජනය ගැන කතා කරමින් බහුජන හිතාය, බහුජන සුඛාය කියලා බුදුබණ කීව්වා. සයිටම් අනුසාරයෙන් රාජිතගේ බහුජන හිතාය කියන්නේ මේකද? ගමේ මිනිස්සු මේවාට කියන්නේ හෙන ගහන අපරාධ කියලා කොල්ලෝ පාරට දලා... මේ වෙනුවෙන් මේක කරන්න කැබිනෙට් එක අනුමත කලේ මොකද?

:       0       10

prasad Wednesday, 26 July 2017 09:10 PM

කැබිනට් එකේ අයට කැමති කැමති ගණන් අනුමත කරනවා. ගෙදරින් ගේන්නේ නැහැනේ. මේවා ජනතා මුදල්. කැබිනට් එකේ කීදෙනෙක් සා. පෙළ පාස්ද?

:       0       9

nihal Thursday, 27 July 2017 03:54 AM

ඔයාල ඔය රෝහල කුලියට ගත්තද ..

:       0       0

Wijebahu Thursday, 27 July 2017 11:25 AM

මේ කොමෙන්ට් දැක්කම ලංකාවේ මිනිස්සු කොච්චර අනුවණද කියලා හිතෙනවා. නොමිලේ ප්‍රතිකාර දෙන හැම හොස්පිටල් එකකටම ආණ්ඩුව සල්ලි වියදම් කරන්න ඕන. ජයවර්ධනපුර, කොළඹ ඉස්පිරිතාලවලට මෙයිටත් වඩා මුදලක් අවශ්‍යය. මේ අන්තරේ අය හිතන්නේ නිකන් දෙන සේවය ඉබේම අහසින් පහල වෙනවා කියලා විතරයි.

:       40       107

ONE SRILANKANFriday, 28 July 2017 04:08 PM

විජේබාහුගේ නුවණේ අගේ කියල නිමකරන්න බැහැ. මේවා ජාතික ධනය. රජයේ එව්වට වියදම් කලාට අපි මුකුත් කියන්නේ නැහැ. නමුත් අනුන්නගේ ණය කන්දක්. මේකෙන් මේ සල්ලි වලින් අපේ රටේ ළමයින්ට රජයේ වෛද්‍ය විද්‍යාල කීයක් හදන්න තිබුනද. මිලියන 20 මිලියන 50=මිලියන 70 එක මාසෙකට. මිලියන 70x12x10 =මිලියන 8400(මේක උද්දමනය අනුව අවරුදු 10 වැඩිවීම ). සිහි කරන්න නිව්ටන්ගේ 3 නියමය (every action has a equal and opposite reaction ) පාරේ ඉන්නෝ 12000 ලමුන් ගැන අපේ හිතේ පත්තුවෙන ගින්දර නොතේරෙන අයට ස්වාබය ධර්මය ඒවා දෙනවමය.

:       0       19

Fasan Thursday, 27 July 2017 01:32 PM

පුද්ගලික අධ්‍යාපනය අහෝසි කරන්න දගලනවට හොද වැඩේ ඔබට ලැබෙන මේ දේ. දිට්ට ධම්ම කර්ම කියන්නේ ඔන්න ඕවට. අනේ සාදු.

:       13       100

නිපුන Friday, 28 July 2017 08:09 AM

රිදෙන්නේ ඕකට නෙවෙයි, දැනටත් සයිටම් එකේ ලමයින්ගෙන් 1/3ක් දොස්තරලා ගේ ලමයි. රජයේ වෛද්‍ය පීඨ වල 2%ක් වත් දොස්තරලගෙ ලමයි නෑ. සයිටම් එකෙන් දොස්තරලට කෙලවෙයි කියලා බලං හිටපු උංදැලට වෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්ත වැඩේම තමා.

:       0       4

ජගත් Friday, 28 July 2017 08:15 AM

විජයබාහු මහතාණෙනි ඕනම හොස්පිටල් එකකට වියදම් යනවා තමයි.. ඒත් මිනිස්සුන්ගෙ සල්ලිවලින් රෝහල නඩත්තු කරන ගමන් පෞද්ගලික ආයතනයක ලමයින්ට උගන්නන එක තමා අවුල. මිනිස්සුන්ගෙ සල්ලිවලින් එක මිනිහෙක් ලාබ ලබන එක

:       0       3

asoka Tuesday, 01 August 2017 06:39 AM

මේ රෝහල පවත්වගෙනෙයන්නේ රජයෙන් . ඕනෙම කෙනෙකුට ගිහින් නොමිලේ බෙහෙත්ගන්න පුළුවන්. අමාරු ලෙඩෙකුට නවතින්න පුළුවනි. මේ රෝහල නිසා ජාතික රෝහලට පැමිණෙන රෝගීන් අඩුවේවි. පුද්ගලික රෝහලකට ගියහම වියදම කව්රුත් දන්නවා. නෙවිල් ප්‍රනාන්දු මේ රෝහල දුන්නේ රජයට. මෙතරම් රෝහලක් නොමිලේ දුන්නේ ,එකෙන් SAITM එකේ ළමයින්ට අවිස්සාවේල්ලට යන්නේ නැතිව සායනික පුහුණුව ලබාගන්න. පව්ද්ගලික උසස් අද්‍යාපනය නැතිනම් , මේ රටේ ජාත්‍යන්තර පාසල්වල ළමුන්ට, පවුද්ගලික විද්‍යාලවල ළමයින්ට මොකද වෙන්නේ . ජාත්‍යන්තර පාසල්වලට යන්නේ දෙමව්පියන්ට සල්ලි තියෙනවටම නෙවෙයි . රජයේ පාසලක් තම දරුවන්ට නැති නිස . 80% මේ රටේ ජනතාව මේ ක්‍රමයට කැමති. කුහක රැලක් පමණි, අකමැති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 0 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 6 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 204 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 770 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1332 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1384 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site