ඩයනා උදයංගනී
නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යනුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් මූලස්ථානයේ පිහිටි එම සංගම් කාර්යාලයේදී අද (19) පැවති මාධ්ය හමුවක් අමතමිනි.
නෙවිල් ප්‍රනාන්දු රජයට පවරාගැනීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තම සංගමය තොරතුරු ඉල්ලා සිටියත් එම තොරතුරු නොමැති බව අමාත්යාංශ දෙක විසින්ම දන්වා එවා ඇතැයි ද හරිත අලූත්ගේ මහතා සඳහන් කළේය.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගන්න ගිවිසුමක් නැතිලු
Ruwan Thursday, 19 October 2017 12:41 PM
පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසන්න හදන ඔබ ඇයි පුද්ගලික රෝහල් වැසීමට රජයට බලකරන්නේ නැත්තේ. අපට ඇති ප්‍රශ්නය එයයි. එයට ඔබත් විරුද්ද නම් අප සැම ඔබ සමගයි. එය ගැන කතා නොකිරීමට ඔබලා ගෙන ඇති තීරණය ගැන අපටනම් ඇත්තේ සැකයක් සහ කනගාටුවකි.
dahamThursday, 19 October 2017 03:00 PM
යන්නේ කොහෙද? මල්ලේ පොල්නේ රුවන්.
rohana Thursday, 19 October 2017 04:56 PM
මට පෙන්නේ දහම් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ
dahamFriday, 20 October 2017 04:22 AM
රෝහණ, ඩොක්ටර්ස්ලා විරුද්ධ නිසි ප්‍රමිතියක් නැතිව ඩොක්ටර්ස්ලා බිහි කරන එකට. ඒක පැත්තකට දාල පුද්ගලික රෝහල් ගැන කතා කරන ඒක යන්නේ කොහෙද මල්ලේ පොල් නෙමෙයිද?
samanThursday, 19 October 2017 04:40 PM
රුවන් ඔබ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අකමැතිනම් ඔබට රජයේ රෝහලකට යා හැකිය. ඔබට එම තෝරා ගැනීමේ හිමිකම තිබෙනවා. නමුත් සයිටම් වැනි ප්‍රමිතියක් නැති ආයතනයකින් දොස්තරවරයෙක් එලියට ආවොතින් රජයේ හෝ පුද්ගලික රෝහල් දෙවර්ගයේම ඔවුන් සේවය කරනවා. අනිත් එක තමා බොහෝවිට රෝහලකදී විශේෂඥ දොස්තරවරයෙකු හැර සාමාන්‍ය දොස්තරවරයෙකු ඔබට තොර ගැනීමට අවස්ථාවක් නෑ. එකයි මෙවැනි ආයතනයක තියන භයානක කම
MPFriday, 20 October 2017 04:14 AM
ඉතා බුද්ධිමත් පෑහෑදිලි කිරීමක්.
WijebahuFriday, 20 October 2017 04:35 AM
ප්‍රමිතියක් තියනවද නැද්ද කියල ඔයාද තීරණය කරන්නේ? ඒ එක්කම ආණ්ඩුවෙන් පිටවෙන අයගේ ඔය කියන ලෝකේ තියන හොඳම ප්‍රමිතියත් තීරණය කලේ ඔයාද? එහෙම නැත්තනම් පාරවල්වල ගානේ රස්තියදුවෙන අන්තරේ සහ උඩගෙඩි දෙන ජෝස්ටර මාෆියාවද?
RuwanFriday, 20 October 2017 05:22 AM
ප්‍රශ්නය තියෙන්නේ ප්‍රමිතියේ නම් එය තේරුම් ගත යුත්තේ වසර 2010 මිස දැන් නොවේ. එය පිහිටවූ පසු එහි ප්‍රමිතිය දැන් හෝ ඇති කිරීමට අප කට යුතු කල යුතුයි. මෙසේම මෙම රටේ උපාධි දෙන තවත් පුද්ගලික ආයතන දහස් ගණනක් තිබේ. ඒවා පිළිබඳවත් මෙසේම අප සිත බැලිය යුතුයි. මෙම ප්‍රමිතිය බංගලාදේශ් හෝ ඉන්දියාවේ ත් නොමැති බව එහි ඉගෙන පැමිණි නිශ්ශබ්දව ඉන්න සැම දෙනාම දන්නා සත්‍ය කරුණක්. අන්න එයයි අපට තියෙන ප්‍රශ්නය.
MOHANFriday, 20 October 2017 05:43 AM
සමන් , දැන් රජයේ රෝහලකට ගියාම , ඔබ දන්නවාද එම වෛද්‍යවරයා රුසියන් උපාධියක් ඇති අයෙක්ද? නේපාල උපාධියක් ඇති අයෙක්ද? එසේත් නැත නම් චීන උපාධියක් හෝ බංගලාදේශ උපාධියක් ඇති අයෙක්ද කියා? ඔබට එසේ ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනවාද?
NishanThursday, 19 October 2017 09:59 PM
අර්බුද ඇති කරලා තියෙන්නේ ඔබලායි. මේක ජනතාවට අර්බුදයක් නෙවෙයි. එක බලෙන් ජනතාවට අර්බුදයක් බවට පත් කරලා වැඩ වර්ජන තුලින්. හැබැයි ජනතාව නිතිය අතට ගත්තොත් නම් මේ අර්බුදේ විසඳයි බොහොම හොඳට.
Chandra Thursday, 19 October 2017 12:50 PM
නමුත් මාසිකව ජනතා බදු මුදල් මෙම රෝහලට පොම්ප කරනවා.
sampath Thursday, 19 October 2017 01:21 PM
නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශය බොරුවක්ද? නැත්නම් තොරතුරු දැනගැනීමේ පනත බොරුවක්ද?
ධනුෂ්ක Thursday, 19 October 2017 02:26 PM
මම දැක්කා මේ රෝහලේ වියදමට මේ ළඟදි රජය කෝටි ගණනක මුදලක් වෙන් කලා. නෙවිල්ට මේකෙන් ලාභ ලැබුනේ නෑ. ණය වාරිකත් ගෙවන්න විදියකුත් නැති නිසා. එ්කෙ වගකීම රජයට දුන්නා. දැන් අාණ්ඩුව ජනතා මුදලින් නෙවිල්ගෙ බර අදිනවා.
RuwanFriday, 20 October 2017 07:15 AM
ධනුෂ්ක, ඔබ මාලබේ නිවීල් ප්‍රනාන්දු රෝහලට ගොස් බලන්න දවසකට නොමිලේ බෙහෙත් ගන්න පැමිණෙන පිරිස. දවසකට 2,000 අධික පිරිසක් නොමිලේ බෙහෙත් ගැනීමට දිනපතා පැමිණෙනවා. අද වනවිට ජයවර්ධනපුර රෝහලේ රෝගීන්ගේ ඉතා අඩුබවක් ඔබට එහි ගියොත් දැක ගන්න පුළුවන්. කිසිවක් නොදැන මෙතන අදහස් ප්‍රකාශ කිරීම සදාචාර නොවේ.
de silva Thursday, 19 October 2017 03:10 PM
රුවන් මහතාගේ අදහසට මමත් එකඟවෙමි, මොකද මේ නෙවිල් ප්‍රනදුගේ රෝහල සහ විශ්ව විද්‍යාලයම විතරක් අල්ලාගෙන දඟලන්නේ ? රටේ කොතලාවල එක ඇතුළු වෛද්‍ය විද්‍යාල තිබෙනවා ,මේකට හොඳම විසදුම රටේ තිබෙන පුද්ගලික රෝහල් බෙහෙත් ශාලා සහ චැනල් සේවා , පුද්ගලික වෛද්‍ය විද්‍යාල සියල්ල රජයට පවරාගෙන කියුබාවේ ක්‍රමයට අපේ සෞඛ්‍ය සේවය සංවර්ධනය කරන එක , රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සියලුම සිසුන් ඉගෙන ගැනීමෙන් පසුව අඩුම තරමේ අවුරුදු 25 ක්වත් රජයට සේවය කරන විදිහට ගිවිසුමක් අත්සන් කල යුතුය , එතකොට දුප්පත් පොහොසත් සියලු දෙනාටම එකහා සමාන සේවයක් ලැබේවි
SanimalThursday, 19 October 2017 04:28 PM
සිල්වා මහතා කොතලාවල පිඨය අයිති ආණ්ඩුවට ( ආරක්ෂක අමාත්‍යාංශයට ) එහි සියලුම දෙනා අනිවාර්යෙන්ම හමුදාවට එක්විය යුතුය. අනික ප්‍රමිතිය හොදයි. සයිටම් කඩේ එක්ක ගාවන්න එපා. රජයට වෛද්‍යවරුන්ට හොද පඩි ගෙවන්න නම්, පෞද්ගලික සේවය තහනම් කල යුතුවේ
DDFriday, 20 October 2017 04:17 AM
හොද පෑහෑදිලි කිරීමක්. නොදන්නා මේ අයට කියා දීම පිනක්.
dahamFriday, 20 October 2017 04:27 AM
මේ සයිටම් එකට කඩේ යන අය මේකේ ඇත්ත පැත්තකට දමලා වෙන වෙන කතා කරන්නේ, ආණ්ඩුව වගේමයි. ඇයි සාධාරණව හිතන්න බැරි තමන්ගේ මොලේ එක එක අයට පාවා දෙන්නේ නැතිව?
RuwanFriday, 20 October 2017 05:50 AM
කොතලාවල එකට අනුමැතිය දුන්න හැටි මේ වෙනකොට හැමෝම දන්නවා. නිකම්ම කොළ කැලි දෙකකට අත්සන් කලේ වෙන කරන්න දෙයක් නැතුව.
RuwanFriday, 20 October 2017 06:07 AM
දහම්, ඔබගේ පිළිතුර හරියට සිංහල කම කතා කිරීම ජාතිවාදයට සම කිරීමක්. තමන්ට විරුද්ද මත ඉවසන්න අප පුරුදු විය යුතුයි. එහෙම නැතුව හැමෝම ගෝත්‍රික විදියට උද්ඝෝෂණ කරන පිරිසට පක්ෂ පැති විය යුතු නැත.
නුවන්Friday, 20 October 2017 03:53 AM
වෛද්‍යවරැ පෙෘද්ගලික සේවය නතර කලා කියමු. එතකොට එ් ලෙඩ්ඩු සේරම යනව මහ ඉස්පිරිතාලෙට. දැන් එතන සෙනග පිරිල. ඇති හැකි අය සුලු සේවකයන්ට පගාව දීල පෝලිම පනිනව. අසරන අහිංසක මිනිහට අද ඉස්පිරිතාලෙන් ලැබෙන සේවයත් නැතිව යනවා. එච්චරයි වෙන්නෙ. මෙි තියන ක්‍රමය හොදයි නේද?
dhamneth Thursday, 19 October 2017 03:17 PM
මේ ගොල්ලන්ට තැන හොයාගන්නවත් බැරිද.
kasun Friday, 20 October 2017 01:10 AM
දැන් ඇයි මේ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල් වලට විරුද්ද නැත්තේ? මාස තුනකට සැරයක් චැනල් ගාස්තු වැඩි වෙනවා. ඒවාට සද්දයක් නෑ. මේ ළගදි කුඩා දරුවෝ දෙන්නෙක් අවස්ථා දෙකකදී ස්කෑන් කිරීමකදී මිය ගියා. රෝහල් වල වරදින්. අඩු තරමේ ඔය වගේ රෝහල් වලින් අමාරු ලෙඩෙක් රජයේ රෝහලකට මාරු කරන්නත් ඉස්සෙල්ල මුදල් ගන්නවා. ගෙවනකන් අරන් යන්න දෙන්නේ නෑ. මේ වගේ සිද්දි කීපයක් පසුගිය කාලේ සිද්ද උනේ. කෝ මේ අය ඒවාට විරුද්ද නැද්ද? කොහොමද නිදහස් සෞඛ්‍ය රකින්නේ?
Rohan Friday, 20 October 2017 02:44 AM
මේ දොස්තර සංගමයේ අයට තියෙන්නේ මොලේ උදුම්මගත්ත පුහු මානසිකත්වයක්. මොකද වෙන හැම වෘතිකයෙක්ම හරිම නිහතමානිව හිතනවා තමන්ගේ වෘතියේ බාලයන් ගැන. මේ අය කිසිම රජයේ යෝජනාවක හොදක් දකින්නේ නැහැ. අනික පෞද්ගලික චැනලින්ග් වලින් ලෙඩුන්ගෙන් අයකරන මුදල බැලුවම ලෙඩ තව වැඩිවෙනවා.
nihal Friday, 20 October 2017 02:44 AM
මේ ප්‍රශ්නෙට විසදුමක් හොයාගන්න බැරුව බොරු කර කර ඉන්න ගස් ගෝන්නු තව කොහෙද අපේ රට ආපස්සට යන එක නවතා ඉදිරියට හරවන්නේ ...?
Shanthimala Friday, 20 October 2017 03:00 AM
සයිටම් ළමයින්ටත් එකම විභාගයක් තියල එකම පුහුණුවක් දුන්නම බාල දොස්තරලා බිහි වෙන්නේ කොහොමද? ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැති වුනාම කොපමණ විදේශ විනිමය පිට රටවලට ඇදිල යනවද? ඒවායින් රට කොච්චර නය වෙනවද? එම ණය නිසා මහජනතාව කොපමණ පීඩා විඳිනවද? එක කට්ටියකගේ ඉරිසියාවයි කුහකකමයි නිසා මුළු රටක්ම ප්‍රපාතයට යනවා.
rohan Friday, 20 October 2017 04:13 AM
යාලුවනේ අපි මොන අදසක් එදිරිපත් කලත් වැඩක් නැහැ වගේ කිරිඇල්ල කැකිල්ලේ තීන්දුව දීලා අවසන්.
Konara Friday, 20 October 2017 06:18 AM
මේ ලඟදි තිබුනා ප්‍රසිද්ධ පාසලක වෛද්‍ය සායනයක්. ඒ සායනය කලේ එම පාසේලේම ආදී ශිෂ්‍යන් වූ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් වන ළමයින්ගේ දෙමාපියන්. රුධිර පරීක්ෂාවන් සඳහා රුධිරය ලබාගනු ලැබුවේත් ඒ වෛද්‍යවරුන් විසින්මයි. නමුත් වෛද්‍යවරුන්ට මෙය නිසි ආකාරයෙන් කරගැනීමට බැරිවුනා. පැමිණි අයගේ විවිධ තැන කටු ගසමින් නොයෙක් වේදනා දෙමින් තමා රුධිරය ගනු ලැබුවේ. අවසානයේ ඒ සඳහා පළපුරුදු නර්ස්ල පිටින් ගෙනල්ල තමා ඒ වැඩේ කලේ. පෞද්ගලික තැන්වල ඉන්න පොඩි ගැහැණු ළමයි ලේ ගන්නවා කුහුබියෙක් කන ගානටවත් දැනෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නය තමා ප්‍රමිතිය තියෙන්නේ කොතනද ?
piyalFriday, 20 October 2017 07:17 AM
තමාගේ රැකියාව තුලින් ලබාගත් පළපුරුද්ද සහ අත්දැකීම් තුලින් ලබාගත් දැනුමෙන් තමා සේවාවක ප්‍රමිතිය තීරණය වෙන්නේ. මේ සඳහා කැපවීමෙන් සේවය කිරීමයි අවශ්‍ය වෙන්නේ .රජයේ විශ්වවිද්‍යලයකින්ද, පිටරටකින්ද සයිටම් එකෙන්ද උපාධිය ගත්තේ කියන එක සේවාවේ ප්‍රමිතියට බලපෑමක් නැහැ. රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය ගත්තත් පළපුරුද්ද අත්දැකීම් අඩු නම් එතන ඒ පුද්ගලයාගේ ප්‍රමිතියක් බල්ලපොරොත්තු වන්නේ කෙසේද? බොරු යකෙක් මවල ජනතාව නොමග යවන්නේ තමුන්ගේ බඩගොස්තරයට පහර වදිනවට බයේ මිසක් වෙන දෙයකට නෙවේ.
de silva Friday, 20 October 2017 06:24 AM
දොස්තර මාෆියාවෙන් ජනතාව ගලවා ගැනීමට නම් , තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ රජයේ වෛද්‍ය විද්‍යාල ලංකාවේ ඇතිවී වැඩි වැඩියෙන් දොස්තර වරු රටේ බිහිවිය යුතුය , දොස්තරලගේ ඩිස්පැන්සරිය ගහල තිබෙන බෝර්ඩ් එකේ අනිවාර්යයෙන් ලියල තිබෙනවා මොන විශ්ව විද්යලෙන්ද දොස්තර උපාධිය ගත්තේ කියල , එතකොට කැමති කෙනෙක් සයිටම් දොස්තරලගෙන් බෙහෙත් ගනීවී අකමැති පුද්ගලයන් වෙන තැනකට යාවි.
Kuma Friday, 20 October 2017 06:50 AM
කොතලාවල පිඨය අයිති ආණ්ඩුවට ( ආරක්ෂක අමාත්‍යාංශයට ) වුනාට එහි සියලුදෙනා හමුදාවට බැදිය යුතු නැහැ මොකද තමන්ගේ පුද්ගලික මුදල් වලින් තමා ඉගෙන ගන්නේ රජය වියදම් දරන්නේ නැත
මම1 Friday, 20 October 2017 07:05 AM
මේ අය සයිටම් එකට විරුද්ධ මහජනයා ගැන තියෙන කැක්කුම කියන තර්කය හිතට එකඟව පිලිගන්න කෙනෙක් හොයාගන්න වෙන්නෙ නැහැ.
Alahakon Friday, 20 October 2017 07:18 AM
මේ ප්‍රමිතිය බොරු කතාවක් නේ...
Ruwan Friday, 20 October 2017 07:51 AM
එතකොට විදේශ රටවලින් සල්ලි දීලා කොතලාවලට එන්නේ හමුදාවට බැදේන්නද. ලංකාවේ ඉන්නේ ඔක්කොම චීන්නු නෙවෙයි කියල දැන්වත් දැන ගන්නවානම් හොඳයි. අපි 2015 ගෝත්‍රික වාදයෙන් මිදුන ජාතියක් බවට පත්වුණා.
SanimalFriday, 20 October 2017 08:24 AM
විදේශිකයන්ට හමුදාවට බදවා නොගන්නා බව කුඩාදරුවෙක් පවා දන්නවා.
de silva Friday, 20 October 2017 03:01 PM
මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ ආරක්ෂක අැමැතිතුමාට (1) කොතලාවල වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න සිසුන්ගෙන් මුදල් අයකරනවද ? (2) උපාධිය ලැබුනට පස්සේ මෙම දොස්තරවරු අනිවාර්යයෙන් හමුදාවට බැඳිය යුතුද ? (3) කොතලාවල විද්‍යාලයේ විදේශ සිසුන් ඉගෙන ගන්නවද ?
Kumara (Galf) Sunday, 22 October 2017 08:15 PM
සයිටම් හොර කඩේ වහනවා හැර වෙන විකල්පයක් නැත. මේකේ අදහස් පල කර ඇති බොහෝ දෙනෙක්ගේ මන්ද බුද්ධිකභාවය හෙවත් අඩු බුද්ධිමත් මට්ටම ගැන කණගාටු වෙමි. මටත් කියන්න තියෙන්නේ දහම් කියලා තියෙන දේමයි. "යන්නෙ කොහෙද මල්ලේ පොල්"