IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට

(රංජන් කස්තුරි)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙම රෝහල අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වාගෙන යන බවත් එම නිවේදනයේ සඳහන් වේ. 
අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. 

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මීට සුළු වේලාවකට පෙර මෙම නිවේදනය නිකුත් කෙරිණි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන් හට හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප්‍රසව විද්‍යාව සහ බාලක විද්‍යාව පිළිබඳ මාසය බැගින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙනු ඇත.
  • මෙම පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත.
  • නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනය කරනු ඇත.
  • නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කරනු ඇති අතර එය අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යනු ඇත.

 



අදහස් (47)

නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට

Lakvidu Friday, 07 April 2017 10:24 AM

කවුද මේවා ඉල්ලුවේ? මේ ඔක්කොම නෙවිල් ප්‍රනාන්දුගේ ඉල්ලීම්නේ

:       5165       4967

ප්‍රීති Friday, 07 April 2017 10:31 AM

ඉතාම හොඳ තීරණයක්. දැන් ඉතින් ඕකටත් විරුද්ධව උද්ඝෝෂණය කරන්න. මොකද, මේ රටේ මිනිස්සුන්ට ඕනා කරන්නේ, ප්‍රශ්න විසඳන්න නෙමේ, ප්‍රශ්න තළුමරමින් අනුභව කරන්න. ප්‍රීති

:       7060       8139

sasi Friday, 07 April 2017 11:06 AM

ඉතාමත් බුද්දිමත් තීරණයක්. කුහකයන්ට ගොඩාක් රිදෙයි . හා ද ?

:       4257       5928

Mahinda Friday, 07 April 2017 11:53 AM

මෙතරම් කල් ගත්තේ ඔය ටික කියන්නද ?

:       458       319

Kamal Friday, 07 April 2017 12:07 PM

මේ ආණ්ඩුවේ කාලය කෙටියි වගෙයි

:       2800       1038

Sunil Friday, 07 April 2017 12:23 PM

මෙම මාර වැඩක්නේ. නෙවිල්ට සල්ලි හොයා ගන්ට ආණ්ඩුවෙන් වියදම් කරලා ඉස්පිරිතලයක් කරනවා. මේකෙන් රටේ මිනිස්සුන්ට ඇති වාසිය මොකක්ද???

:       255       754

මෝහමෙඩ් රිස්වාන් sawdi Friday, 07 April 2017 12:57 PM

උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය කියල එකක් තිබෙනවද ?

:       16       349

Reks Friday, 07 April 2017 01:16 PM

මරු තමයි. බේකරිය ආණ්ඩුවෙ. පාන් ගෙඩි ටිකයි සල්ලියි නෙවිල් අයියගෙ.

:       1523       390

nirmala Friday, 07 April 2017 01:25 PM

පමා වෙලා හරි දුන්තීන්දුව අගේ කරමු. ඒ දරුවන්ට මොන හිරිහැරයක් කළාද?

:       775       1462

Ranjith Silva Friday, 07 April 2017 02:00 PM

හැම දෙයකම දෙපැත්තක් තියන බැවින් මේ තීරණයට විරුද්ද වෙන එක සාමාන්‍ය දෙයක්. රජයේ නිවැරදි තීරණයට පැසසුම්. බටහිර වෙද්දු රජය පෙරලන්න වෙර දරන නිසා දැන් වෙන දෙයක් කියල වර්ජන කරාවි. අපිට මොකෝ. නිරෝගී අපිට බෙහෙත් මොකට.

:       524       2338

LakviduFriday, 07 April 2017 02:18 PM

හෝව්..බස් එක.....තාම මේව කවුරුත් පිළිගත්තේ නැහැ.

:       1279       522

thilanga thilakarathne Friday, 07 April 2017 02:19 PM

ඇමතිතුමා වහාම අදිකරණ තීරණයට හිස නවන්න . වැඩිපුර තාව ඉගෙන ගන්න කියන්නේ registration එක දෙන්න බැහැ කියන්නේ GMOA එකට බය වෙලාද? මේක අදිකරණයට එල්ල කරපු මරු පහරක්. මේකද යහ පාලනය ?

:       1111       481

Ramsi Friday, 07 April 2017 02:23 PM

මට නිකන් හොල්මන් වගේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරන්න යනවා කියන වැඩේට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදන නිකුත් වෙන්නේ කොහොමද?

:       123       238

දිලංක Friday, 07 April 2017 02:34 PM

නෙවිල්ගේ බංකොලොත් රෝහල රජයට ගන්නේ මොකෝ ....මේවා හෙන ගහන මහජන මුදල් නාස්ති කිරීමක් ......බලමු මිනිස්සුන්ගේ ප්‍රතිචාර ....

:       1135       537

ප්‍රීති Friday, 07 April 2017 02:40 PM

ඕක විතරක් නෙමේ, අර චැනල් සෙන්ටර් කළුකඩ ටික සහ රසායනාගාර තිබෙනවා, එකකින් දුන් වාර්තාවක් තවත් තැනකින් පිලි නොගන්නා. අන්න එවැනි ප්‍රමිතියක් නොමැති දුෂිත ආයතනයෙන හා නිසි ප්‍රමිතියකින් තොරව ජනතාවගේ මුදල් ගසාකන පෞද්ගලික රෝහලුත් සෞඛ්‍ය අමාත්යංශය යටතට භාරගෙන, වර්තමානයේ ලංකාවේ ක්රියාත්මකවෙන මේ වෙද මාෆියාවෙන් අසරණ ජනතාව මුදාගන්න ලෙස රජයෙන් ඉල්ලා සිටිමි. අන්න එදාට අව්වේ පිච්චෙමින් ඔය ටයි එක බෙල්ලේ හිරකරගෙන මෝඩ රැලක් දක්කාගෙන පෙළපාලි යන්න අවශ්‍ය නැහැ. සයිටම් වගේ ආයතන ඉබේටම වැහෙයි.

:       1215       998

LakviduFriday, 07 April 2017 03:18 PM

කුහක ඉරිසියාව ඉහින් කනින් බේරෙනවා.

:       126       418

ප්‍රීතිFriday, 07 April 2017 04:29 PM

ලක්විදුලගේ ඇතුලේ තියන විෂබීජ අනෙක් අය මත පටවන්න හදනවා වගෙයි පෙනෙන්නේ. අර මම ලියලා තියන දේ තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යථාර්තය. ඇට නැති දිවෙන් බොරුව සමාජ ගතකරලා මීහරක් රැලක් මහපාරට බස්සවලා රෝහලක් හෝ අධ්‍යාපන ආයතනයක් වහන්න කාට හෝ පුළුවන් වෙයි එත්, සත්‍යය හැමදාම වහන්න ඔය කාටවත් බැහැ. වෙස් මුහුණු වලට රැවටිලා ඉන්න මනුසතුන්ට අසනීපෙකට බෙහෙත් ගන්න පෞද්ගලික රෝහලට ගිහිල්ලා රෝහලේ බිල දුටුවාම දන්නෙම නැතිව "උම්බෑ " කියලා කටින් පිටවෙද්දී,, අන්න එදාට ලක්විදුලට තේරෙයි ශ්‍රී ලංකා වෙද මාෆියාවේ තරම???

:       590       709

maheeFriday, 07 April 2017 08:05 PM

ප්‍රීති, ඔබ සමග මමත් එකඟයි. පෞද්ගලික රසායනාගාර දොස්තරලත් එක්ක එකතුවෙලා කරන මගඩිය ගැන සමහරු ගනුදෙනුව ගැන අහලවත් දැකලවත් නැහැ වගේ. දොස්තර ලියල දෙනවා (රජයේ පෞද්ගලික දෙගොල්ලම). අපි රිපෝට් එක අරන් එනවා. දොස්තර ඒක දිහා බලන්නේවත් නැහැ. මෙහෙම අවස්ථා ගැන මට නම් අත්දැකීම් තියෙනවා. වරක් ඉන්දියාවට යවල රිපෝට් එක ගන්න ඕන කියල රසායනාගාරෙන් කිව්වා. දහස් ගණනක් වියදම් වුනා. සතියකින් රිපෝට් එක ලැබුන. දොස්තරට දුන්න. නමුත් ඔහු ඒක දිහා බැලුවේවත් නැතුව තව පරීක්ෂණ ඕඩර් කළා. ඔය බොහොමයක් පරීක්ෂණ පෞද්ගලික රසායනාගාරෙත් එක්ක එකතුවෙලා හම්බ කරන මාර්ගයක් පමණයි කියන එක පැහැදිලිව පේනවා.

:       0       1

reks Saturday, 08 April 2017 12:02 PM

දොස්තරලා චැනල් සෙන්ටර් වලට බලෙන් ලෙඩ්ඩු ගෙන්නා ගන්නවද මෙයා..... අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ.

:       1       5

ප්‍රීති Saturday, 08 April 2017 01:25 PM

අනේ, රෙක්ස් ඔයා කිසිම දෙයක් නොදන්නා තොත්ත බබානේ? සල්ලිත් ගෙවලා අසරණ රෝගීන් චැනල් කළු කඩේට රිංගන්න සිද්ධ වෙලා තියෙන්නේ, අපේ රටේ දොස්තරලගේ හපන්කම නිසා කියලා ඔයාට තේරෙන්නේ නැහැනේ.. රෙක්ස්ලගේ ටිකිරි මොළ වලට ඕවා වැටහෙන්න තව කල්ප ගානක් ගතවෙයි.

:       0       8

SamanSaturday, 08 April 2017 04:44 PM

"නෝ චොයිස්" , චැනල් නොකලොත් වාට්ටුවේ ඇඳක් නැත.

:       0       0

සුදන්ත Friday, 07 April 2017 02:58 PM

මේවා පුදුම වැඩනේ. තව කෙනෙකුගේ වාණිජ ව්‍යාපාරයකට ආණ්ඩුව රටේ මහජනයාගේ සල්ලි වියදම් කරන්නේ ඇයි?? ඔය කරන වැඩෙන් ආණ්ඩුවට වෙන්නේ පාඩුවක් විතරයිනේ. ඔය රෝහල නඩත්තු කරන්ට යන වියදම වෙන රෝහලකට යෙදෙව්වොත් රටේ මහජනයාට මීට වඩා ලොකු සේවයක් වෙනවා. මෙතන තියෙන්නේ ඇතැම් අයගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමක් කියලා මට හිතෙන්නේ.

:       84       322

LakviduSaturday, 08 April 2017 01:08 AM

සුඳන්ත ඔයා හරියටම හරි, නෙවිල් ප්‍රනාන්දු මුල ඉඳලම කළේ ඇමැතිලාට කෝටි ගණන් සල්ලි දිදි නිීතිමය බාධකවලින් රිංගපු එක. අන්තිමට එයා හරි උනාම සල්ල ගත් ඇමැතිලා ඒ වෙනුවෙන් දැන් කෑගහනවා

:       0       0

roshan Friday, 07 April 2017 03:00 PM

දොස්තරලට කොච්චර බැන්නත් අපේ රටේ ආයු අපේක්ෂාව , ළදරු මරණ අනුපාතිකය ලෝකේ දියුණු රටවල මට්ටමටම තියනවා. අපේ අය පුද්ගලික වයිද්‍යා උපාදිය ගන්න බංගලාදේශය ආයු අපේක්ෂාව හා ළදරු මරණ අනුපාතිකය ඉතා ඉහලය. මට පෙන්නේ ලංකාවටත් ඒකම වෙන්න යන්නේ කියල.

:       50       344

Chandra Friday, 07 April 2017 03:31 PM

නෙවිල් ප්රනාන්දු රෝහල රජයට පවරගෙන වෙද විඩුහල නෙවිල් ප්‍රනාන්දුට දීම හරියට හරකගෙ ඉදිරිපස සහ පසුපස බෙදාගත් කතාව වගෙයි.

:       71       339

සිරි Friday, 07 April 2017 05:42 PM

ඉතාම හොඳ තීරණයක්. රෝහල රජයට පවරාගෙන ජයවර්ධනපුර රෝහල ආකාරයෙන් පවත්වාගෙන යනවානම් හොඳයි. සයිටම් සිසුන්ට විතරක් නොවෙයි රජයේ සිසුන්ටත් සායනික පුහුණුව දුන්නොත් වඩාත් හොඳයි. එතකොට දෙගොල්ලන්ටම එකම පුහුණුව ලැබෙනව ප්‍රමිතිය ගැන කතාත් ඉවර වෙනවා.

:       414       434

LakviduSaturday, 08 April 2017 02:47 AM

ඒක හරියට පෞද්ගලික රියදුරු පාසල් දාලා ලංගමෙන් පුහුණුවයි සහතියි දීලා මුදලාල් සල්ලිටික ගන්නවා වගේ වැඩක්. නෙවිල් ප්‍රනාන්දුට සල්ල, මහජන මුලින් නඩත්තුවන රෝහලෙන් පුහුණුව. දුප්පත් මිනිසුන්ගේ ලමයින්ට ඇතුලු වෙන්න බැහැ. නියම විදියටම කියන්න ඕන. නෙවිල් ප්‍රනාන්දු ඔය ළමයින්ගෙන් ගන්න කෝටි ගණන් සල්ලවලින් ඒ අයගේ ඉස්පිරිතාල ප්‍රමිතිය නියම තත්තවයට ගන්න ගියලනේ

:       72       32

Susil Friday, 07 April 2017 08:51 PM

මුල ඉඳලම ඕක කලානම් ඉවරයි, මේක ජයවර්නධපුර රෝහල වගේ ගෙනයන්න, එතකොට අරගොල්ලන්ගෙ 'ප්‍රමිතියක් නෑ ' කියන තර්කය ඉවරයි, හැබැයි කීයටවත් සයිටම් වහන්න එපා, තව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරල සායනික පුහුණුව සයිටම් සහ ජයවර්නධපුර රෝහල්වල කරන්න.

:       0       126

siri Friday, 07 April 2017 09:26 PM

තක්කෙටම හරියන ඇමතිකම.උසස් අධ්‍යාපන සහ මහා මාර්ග.මට හිතෙන්නේ දැන් අධ්‍යාපනය මහා පාරේ කියලයි.

:       0       0

aravinda Friday, 07 April 2017 10:39 PM

ඇයි මේ ශිෂ්‍යයන්ට වෙනම විගාගයක්? මේ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කරන්නේ වෛද්‍ය සබාව නම්, මේ ශිෂ්‍යයන්ට යම් ආකාරයකින් අසාධාරනයක් සිදුවිය හැකිය.

:       0       1

Perakum Saturday, 08 April 2017 12:00 AM

දැන් ඔක්කොම හරි GMOA ලොක්කන්ට ටියුෂන් දීල ගාන කඩාගන්න පුළුවනි...!

:       0       1

S.M.R.SAMARAKOON Saturday, 08 April 2017 12:40 AM

අනේ වාසනාවන් ! එතකොට ලබන වසරේ සිට Z අගය යටතේ අමතර තවත් සිසුන් පිරිසකට රජයේ වෛද්‍ය පීටයකට ඇතුල්වී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට දොරටු ඇරෙනු ඇත.............

:       0       0

sanju Saturday, 08 April 2017 02:06 AM

මේක මහා විකාර තීරණයක්. මේ හොර දොස්තරලා ටික කොහොමත් එලියට එන පාට තමා පෙනෙන්නේ.

:       0       0

Reks Saturday, 08 April 2017 02:36 AM

ප්‍රීති එතකොට ඔයා කියන්නේ සයිටම් වගේ ප්‍රමිතියක් නැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාල දොස්තලට හදල ආණ්ඩුවේ රෝහල්පවල රැකියා දෙන්න කියලද. අනික කෝටිගණන් වියදම් කරන ඔය සයිටම් එකෙන් එළියට එන දොස්තරගෙන් ඔය කියන ඔයගති නැවිවෙයි කියල කියන්නේ කොහොමද දන් පේනවනේද පාඩමක් නැතිව කටමත දොඩවන්නේ කොහො

:       279       182

dias Saturday, 08 April 2017 03:07 AM

ඉතා හොඳ තීන්දුවක් . අපට අවුරුද්දකට 3000 ඉ වත් වෛද්‍ය බිහිකළ හැකි ආයතන පිහිට විය යුතුයි. දොස්තරලා මහාජනයාට හිරි හැර වෙන ආකාරයට වර්ජන කකරන නිසා අපි ඔවුඔවුන්ට සාප කරමු

:       195       265

wasanthaws Saturday, 08 April 2017 07:04 AM

ඉතා හොඳ තීරණයක්. පෞද්ගලික උසස් අධ්‍යාපනය ගුණාත්මක බවෙන් සහ ප්‍රාථමිකව තව වැඩිදියුණු කළ යුතුයි !!!

:       142       190

කරුණාපාල Saturday, 08 April 2017 09:19 AM

ප්‍රීති, ඔබ කියල තියන කට්ටියම තමයි අර පෙරහැරේත් උම්බෑ කියමින් තප්පුලමින් මහපාරේ රැලේ ගමන් කරන්නේ. බලාගෙන ගියාම අපේ රටේ දොස්තරලා බෙහෙත් දෙන්න විතරක් නෙමේ, මහපාරේ හරක් දක්කන්නත් ගොඩක් දක්ෂයි.

:       220       202

Kamal Saturday, 08 April 2017 09:39 AM

සයිටම් ආයතනයට විරුද්ධවීම නිසා 2020 ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාව තීරණය කරල ඉවරයි. සියළුම වෛද්‍යවරුන්ගේ ඡන්දය මෙවර ජවිපෙට...

:       152       108

aravindaSaturday, 08 April 2017 11:09 AM

ලංකාවේ වෛද්‍යවරු ඉන්නේ 17000. එහෙම චන්ද ගණනකින් ආණ්ඩුවක් පිටිය හැකිද?

:       62       101

samanthaSaturday, 08 April 2017 03:48 PM

ඔන්න ජී එම් ඕ ඒ එකට කඩේ යන අයගෙ බුද්ධි මට්ටම. 2020 ජේවීපී ආණ්ඩුවක් එනවලු.

:       0       1

lakvidu Saturday, 08 April 2017 12:00 PM

මෙන්න සමීකරණය.... සල්ලි තිබුනත් මොලේ නැත්නම් ආණ්ඩුවේ වේදවිදුහල් වලින් දොස්තරකෙනෙක් වෙන්න බැහැ. මොලේ තිබුනත් සල්ලි නැත්නම් සයිටම් එකෙන් දොස්තරකෙනෙක් වෙන්න බැහැ. සල්ලි නැතත් මොලේ තියෙනවනම් ආණ්ඩුවේ වේදවිදුහල් වලින් දොස්තරකෙනෙක් වෙන්න පුළුවන්. සල්ලි නැත්නම් මොලේ තිබුනත් සයිටම් එකෙන් දොස්තරකෙනෙක් වෙන්න බැහැ. සල්ලියි මොලෙයි දෙකම තියෙන කෙනෙක් සයිටම් එකට යන්නේ නැහැ. ඔය මොකක් කිව්වත් සයිටම් එකට ප්‍රමිතියක් නැහැ. ඒ කියන්නේ අන්තර්ජාතික නිර්ණායක වලට අනුකුලව සයිටම් එකට දොස්තර කෙනෙක් බිහිකරන්න තරම් සුදුසුකමක් නැහැ. පාර්ලිමේන්තුවට ඊයේ ගෙනාව යෝජනා වලින්ම ඒක ඔප්පු වෙනවා. එහෙම සුදුසුකමක් තියෙනවනම් අලුතින් ඒ වගේ යෝජනා ගේන්න ඕන නැහැ.

:       752       572

කරුණාපාල Saturday, 08 April 2017 01:47 PM

ලක්විදුගේ ගේ කතාවෙන් නම් පෙනෙන්නේ, මොළෙයි, සල්ලියි දෙකම නැති, සමීකරණ දමලා ප්‍රශ්න විසඳන්න හදන බක පණ්ඩිත විජ්ජාකාරයෙක් වගෙයි. නිකම් ඉන්න වෙලාවක,තැන බිමක තණකොළ කමින් සිටින මී හරක් රංචුවක් දෙස විමසිල්ලෙන් බලාගෙන හිටියා නම්, ඔවුන් තුල ඉරිසියාව, කුහකකම, වෛරය, හා අඩුතරමේ, ගොන්කමවත් ඔවුන් තුල නොමැති බව සමීකරණ ගැන නොසිතාම ඔබට අවබෝධ කර ගත හැකි වෙයි.

:       0       1

reks Saturday, 08 April 2017 02:35 PM

නිදහස් අධ්‍යාපනේ තිබුණට මොලේ නැත්නම් දොස්තර කෙනෙක් වෙන්න බැහැ. එහෙමනම් මෙලහකටත් ප්‍රිතිත් දොස්තරකෙනෙක්. මම හිතන්නේ ප්‍රීතිගේ පරම්පරාවේම දොස්තරකෙනෙක් නැතුව ඇති.

:       307       177

vikum rangana Saturday, 08 April 2017 06:51 PM

රෙස්ක්, ගොන් කතා ලියලා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව ඉන්න.

:       0       73

Susil Saturday, 08 April 2017 04:39 PM

ඉහත සමීකරණයත් කලින් කෙනෙක් 'වදය' ගැන ලියාපු සමීකරණයටම සමානයි.

:       0       1

aravinda Saturday, 08 April 2017 05:45 PM

ලක්විදු ගේ සමීකරණයට මේ ටිකත් එකතු කරගන්න.... බදුල්ලෙන් S තුනක් ගත්තොත් ආණ්ඩුවේ වෙද විදුහල් වලින් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. කොලබින් A 1, B 2 ගත්තොත් ආණ්ඩුවේ වෙද විදුහල් වලින් දොස්තර කෙනෙක් වෙන්න බැහැ. මොන ප්‍රතිපලය තිබුනත්, අද තියෙන ආණ්ඩුවේ සරසවි වලට ඇතුල්වන්නේ සුදුසුකම් ලත් අයගෙන් 20% කට අඩු ප්‍රමාණයක් පමණයි. සයිටම් වැනි ආයතන තව 10 වත් ඇරියොත්, සුදුසුකම් ලත් අයගෙන් අඩුම ගන්නේ තව 20% ක් වත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගනී. එයෙන් වන්නේ රටේ උගතුන් වැඩිවීම පමණයි.

:       0       21

roshan Sunday, 09 April 2017 03:46 AM

දොස්තරලා...හදක් නැති කමින් ...අනාගනී ...මොවුන් පොඩිකාලේ සිට කටපාඩම් කල...රිලෝඩ් කල රොබෝවරු වැනිය...මොලය සීමිතය ...හිතල වැඩ කිරීමට බැරිය..

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 675 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 769 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 333 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 833 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 229 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1772 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site