IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්: සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත් ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

පිහි ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍

පිහි ප්‍රහාරය සැලවීමත් සමඟ, වහා ක්‍රියාත්මක වී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වුණු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරය එල්ල කළ තැතැන්තා මියගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ.

අන්තවාදී අදහස් ඇති අයකු බව හඳුනාගෙන තිබුණු බැවින් පොලිසිය එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය. එම මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.

(ඩේලිමේල් සහ සිඩ්නි මෝනින් හැරල්ඩ් ඇසුරිනි)



අදහස් (18)

නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්: සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

යෝගා Friday, 03 September 2021 11:24 AM

යහපාලනය කාලේ අන්තවාදීන් කොපමණ අපේ රටේ මුල් බැසගත්තාද කියලා මෙයින් පැහැදිලියි...

:       42       30

MedamulanaFriday, 03 September 2021 11:43 AM

ඔව් යොගා අපේ රටේ අනිත් මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැනේ රාජපක්ෂලාගේ වටිනාකම රාජ රාජපක්ෂලා මේ රට සදාකාලිකව පාලනය කල යුතුයි.

:       4       0

නොයෙල්Friday, 03 September 2021 12:18 PM

ඔව්... ඔවුන් එයාලාට මොකුත් කළේ නැහැ. ඔහේ බලා සිටියා මිසක්... මන්දයත් ජාතික සමගියට සහ සංහිඳියාවට බාධා වුණොත් සහ එයින් සුළු ජාතීන්ගේ සිත් රිදෙන නිසා...

:       3       12

NuwanFriday, 03 September 2021 12:20 PM

ගවපාලනය කලේ කෙසේවෙතත් අන්තවාදීන්ගෙන් ගොඩගිය කට්ටිය කවුද කියලා ඔහේ නැතත් මුළු ලංකාවම දන්නවා.

:       13       5

sumaneFriday, 03 September 2021 12:23 PM

2011 මොන රජය කාලේද මෙයා රට ගියේ..?

:       5       7

kamalFriday, 03 September 2021 02:59 PM

මේක වෙලා තියෙන්නේ නවසිලන්තයේ... අංගොඩ නෙවෙයි.

:       1       10

asankaFriday, 03 September 2021 04:26 PM

යහපාලන සමයේ රටේ මිනිසුන්ට ලබා දුන්නේ භාෂණයේ, ආගම් ඇදහීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි. සමහරෙක් සිතා සිටියේ එය කල්ලි ගැසී රටේ අනිකුත් මිනිසුන්ට පහර දීමට දුන් නිදහසක් යයි කියායි. ඊට හේතුව නම් මිනිසුන්ගේ ඇති නුගත් කමයි. අද නවසීලන්තයේ සිදුවී ඇත්තේ එවැනි නුගතෙකුගේ ප්‍රහාරයකි.

:       2       4

BamunuarachchiSunday, 05 September 2021 12:18 PM

මෙහෙම වෙන බව බමුණුආරච්චි දැනගත්තේ බොහොම කළින්. ඒ ගැන කිව්වාම බමුණුආරච්චි ජාතිවාදියෙක් කිව්වා. රෝගලක්ෂණ කීවාම වෙදාට බනින සිංහලයින් ලංකාවේ ඉන්නේ...

:       0       0

Raveendra Friday, 03 September 2021 11:39 AM

"එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද" යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ? නිසි ලෙස විමසිල්ලින් අදාළ ආයතන සිටියා නම් මෙය කෙසේ සිදුවූයේද යන පැනය මතුවන්නේ අපට පමණක්මද ?

:       1       4

Kule Friday, 03 September 2021 11:41 AM

මේ අන්තවාදයේ බිහිසුණුකම දැන්වත් වටහාගමු.

:       0       4

ජනයා Friday, 03 September 2021 11:45 AM

ඒ කියන්නෙ අපේ රටේත් මේ අය අළු යට ගිනි පුපුරු වගේ හැංගිලා ඉන්න පුළුවන්. පාස්කු බෝම්බ ප්‍රහාරය අපේ රටට මෙම සංවිධානය පිලිබද අලුත් අත්දැකීමක් නිසා ජනතාව නොදැනුවත්කමින් සාමාන්‍ය මුස්ලිම් අය සැක කලා. හැබැයි මේ සංවිධානය සෞදි ආරාබියෙ පවා බෝම්බ පුපුරවා තියෙනවා. ඒ අය අවුරුදු දහස් ගණනට පෙර ලියූ ආගමේ එක්තරා වැකිවල එල්බගෙන අන්තයකට ගොස් බ්රේන් වොෂ් හෝ මොළ සේදීමකට ලක්වෙලා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ වගේ නැහැ. ඒ අයට තමා මෙවැනි අන්තවාදී තත්වයන් රට තුල ඇතිවීම වැලැක්විය හැක්කේ. සාමාන්‍ය මුස්ලිම් ජනතාව දුන් අනතුරු ඇගවීම් ගැන මීට වඩා බැරෑරුම් වූවා නම් පාස්කු ප්‍රහාරය වලක්වන්න තිබුණා යැයි තොරතුරු විග්‍රහ කිරීමේදී හැගී යනවා.

:       0       6

Prase Friday, 03 September 2021 12:19 PM

ඔය රටවල් තමයි ඔය මිනිස්සුන්ට රැකවරණය දෙන්නේ... ඇෆ්ඝනිස්තාන්වල මිනිස්සු ඔක්කොම ඔය රටවල් වලට යන්න හදන්නේ. මුස්ලිම් රටවල් බාරගන්නේ නැහැ. එහෙම ගිය ඔය ජාතිය ඒ රටවල් විනාශ කරනවා... කරුම ජාතියක්...

:       1       14

සමන්ත Friday, 03 September 2021 01:08 PM

ඉතාම කණගාටුදායක මෙන්ම ම්ලේච්ඡ ක්‍රියාවක්... මෙවන් අන්තවාදීන්ට එරෙහිව සියලු රටවල් එක්ව කටයුතු කළයුතු කාලයක්. ශ්‍රී ලංකාව අන්තවාදීන් පෝෂණය කරන රටක් ලෙස මෙම සිද්ධියත් සමග ලෝකයේ මතයක් ඇතිවෙනවා... මෙවැනි සිද්ධීන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය කරන විට මුලු ලෝකයාම ශ්‍රී ලාංකියන් දෙස බලන්නේ අන්තවාදීන් පෝෂණය කරන රටක් ලෙසයි. කිසිම රජයක් අන්තවාදය පෝෂණය කරන ජන කොටස් හා නායකයින් සම්බන්ධකර ආණ්ඩු සෑදීම නතර කළ යුතුයි. අන්තවාදය පෝෂණය කරන නායකයින්ගේ මතයන්ට ඉඩක් නොදීමට ජනමාධ්‍ය ආයතනද ස්වයං පාලනයක් ඇතිව කටයුතු කළ යුතුයි...

:       1       27

Prabha Friday, 03 September 2021 01:08 PM

සරණාගත ලේබලය යටතේ ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන රටවලට මේවා හොඳ පාඩම්...

:       5       32

Nihal Friday, 03 September 2021 03:50 PM

බෝම්බ පුපුරුවා සිය ගණන් මිනිස්සු මැරීම, පිහි ඇනුම්, ගල් ගැසීම, බෙලි කැපීම වගේ දේවල් මිස යහපත් ක්‍රියාවක් අහලා තියෙනවද.?

:       0       5

Sam Friday, 03 September 2021 05:00 PM

මුස්ලිම් ජාතික ඉස්ලාම් අන්තවාදීන් නිසා අපේ රටට සිදුවන්නේ අපකීර්තියක්.. බදුර්දීන් නිදහස් කළොත් ලංකාවේත් වෙන්නේ මේක..

:       2       8

Rizvi Saturday, 04 September 2021 07:11 AM

ඉස්ලාමය සාමයේ ආගමයි.

:       1       0

BamunuarachchiSunday, 05 September 2021 12:22 PM

හම්බයින් ඉන්න මොනරටේද සාමය තියෙන්නේ? අඩුමගානේ උන්උන් වත් මරා ගන්නවා? සුන්නි එවුන් ෂියා එවුන් මරනවා. තලෙයිබාන් ඔවුන්ගේම මිනිස්සු මරනවා... සාමෙන් ඉන්න අපේ රටවලට පැනලා ඒ රටවල් මුස්ලිම්කරණය කරන්න හදනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 486 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1231 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 676 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 613 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 911 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 452 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 92 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site