IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


නවසීලන්ත අපරාධකරු ගැන තොරතුරු රැසක් සොයාගනී

(නිමන්ති රණසිංහ)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළෙඳසල තුළ සිදු වූ සිදුවීමේ දී මරණයට පත් ශ්‍රී ලාංකිකයා ඉකුත් 2011 වර්ෂයේ දී ශිෂ්‍යයකු වශයෙන් මෙරටින් පිටව ගොස් ඇති බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා පොලීසියට ලද තොරතුරු අනුව මෙම තැනැත්තා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම තැනැත්තාට සමීප අයගෙන් සහ ඔහුගේ ඥාතීන්ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවද පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මූලස්ථානයේ මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මෙම තැනැත්තා ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් නවසීලන්ත රජය මෙතෙක් නිල වශයෙන් තොරතුරු තහවුරු කර නොමැති අතර ඔවුන් එම පුද්ගලයා හඳුන්වා නැත්තේ "S" යන අන්වර්ථ නාමයෙනි .

මොහු, අයි එස් මතවාදය අනුව කටයුතු කරන අන්තවාදියකු බව එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පැවසුවාය. ත්‍රස්තවාදියෙකු ගේ නම මිය යෑමට පෙර හෝ පසුව ඔවුන්ගේ අරමුණු ඉටුකර ඉටුකරමින් හෙළි කිරීම කිසිසේත් නුසුදුසු බව අගමැතිනිය එරට ජනතාව අමතමන් කළ ප්‍රකායේ සඳහන් විය.

ඕස්ට්‍රේලියානු සමාගමකට අයත් "කවුන්ට්ඩවුන්" නමැති සුපිරි වෙළඳසල් ජාලය බටහිර ඕක්ල්න්ඩ් හි නිව්ලින් ප්‍රදේශයේ පිහිටි "කවුන්ටඩවුන්" සුපිරි වෙළඳ සංකීර්ණයේදී ඊයේ (03) මෙම සිද්ධිය සිදුවූයේ නවසීලන්ත වේලාවෙන් පස්වරු 2. 42 පමණය.

මෙම සිදුවීමෙන් තත්පර හැටක් ගතවීමට පෙර නවසීලන්ත පොලිසිය අදාළ පුද්ගලයාට වෙඩි තබා තිබිණි.

මෙම තැනැත්තා ඒ වනවිටත් සුපිරි වෙළඳ සැලේ තිබූ පිහියක් රැගෙන එහි සිටි පාරිභෝගිකයින් හය දෙනෙකුට ඇණ තුවාල කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

32 හැවිරිදි වියේ පසුවූ මෙම තැනැත්තා මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැත්තෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ ළඟ තබාගැනීම, කෘෘරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදී චෝදනා හේතුවෙන් 2016 වර්ෂයේ සිට නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු පිළිබඳව දැඩි අධීක්ෂණයකින් සිට ඇති අතර, 2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා 23ක් ගොනු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

 



අදහස් (18)

නවසීලන්ත අපරාධකරු ගැන තොරතුරු රැසක් සොයාගනී

Bamunuarachchi Saturday, 04 September 2021 07:26 PM

ත්‍රස්තයාගේ නම අපිට අවශ්‍ය මගුලක් ජෝඩු කිරීමට නොව මොහුගේ පැටිගිරිය සොයාගෙන ඒ හා සම්බන්ද අනිකුත් අය සොයා ගෙන ඉදිරියට වෙන්න තිබෙන ත්‍රස්තවාදී කටයුතු නවතා ගන්නයි. ඒ අපේ පරිස්සමටයි .

:       6       22

SenaSunday, 05 September 2021 04:57 AM

නවසීලන්ත ආරක්ෂක අංශ මගින් ලංකාවේ ආරක්ෂක අංශ වලට ඒ තොරතුරු දෙන්න ඇති වැඩිදුර පරීක්ෂන පවත්වන්න. අපේ අය වැඩේ කරන එක පැත්තකින් තියලා මාධ්‍යට ඒ තොරතුරු විකුනනවා මිනිස්සුන්ට හප හපා ඉන්න

:       0       5

Raveendra Sunday, 05 September 2021 09:22 AM

ඉතාම සුළු කාලයකදී නිරායුධ අහිංසක මිනිසෙකු මරාදැමීම හා මානව හිමිකම් , මිනිස් අයිතිවාසිකම් පිලිබදව NGO අයිතිකරුවන් වන අප ශ්‍රී ලංකාවේ සිට ( නවසීලන්තයේ අපි වැනි හිගන NGO ටකරන් මඩු අයිතිකාර ඉඩ නැති නිසා ) අපගේ විරෝධය ප්‍රකාශ කරන්නෙමු. අප මෙය "ජාතින් බේද බින්න කරන ජාතීන්ගේ සමුළුවට ඉදිරිපත් කරන්නෙමු. හෙට සිට අපගේ අය නවසිලන්ත තානිපතිට අපගේ විරෝධය නොකඩවා දක්වන්නෙමු. "මිට හීන් නුලෙන් රටවල් ගිණි තියන සහ ඩොලර් වලින් සුරසැප විදින NGO ටකරන් මඩු කාරයන්ගේ සංගමය."...

:       4       6

BamunuarachchiSunday, 05 September 2021 12:00 PM

මෙහෙම වෙන බව බමුණුආරච්චි දැනගත්තේ බොහොම කලින්. ඒ ගැන කිව්වාම බමුණුආරච්චි ජාතිවාදියෙක් කිව්වා. රෝගලක්ෂණ කිව්වාම වෙදාට බනින සිංහලයින් ලංකාවේ ඉන්නේ...

:       2       1

මුණසිංහ Saturday, 04 September 2021 07:28 PM

නවසීලන්තයේ ආරක්ෂක වැඩපිළිවෙළ සුපිරි නේද. ලංකාවෙ ඒ අහලකවත් නැහැ.

:       8       24

මුණසිංහ Sunday, 05 September 2021 07:32 AM

මොහු සරණාගතයෙක් විදියට නවසීලන්තය තුළ ඉන්න උත්සාහ කළත් එහි රජය සැබෑ තත්ත්වය හොයාගන එය අවලංගු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙයම තමයි බටහිර රටවල සිදුවන්නේ... නවසීලන්තයට අනුව බටහිර රටවල රජයන් නිකම්ම රැවටීමට ලක්වෙලා. නැත්නම් ඔවුන් ත්‍රස්ත ක්‍රියාවලට අනුබල දෙනවා කියන එක පැහැදිලියි. නවසීලන්තය හා බටහිර රටවල වෙනස කොතරම්ද?

:       0       3

චන්දිම Sunday, 05 September 2021 07:52 AM

රටේ නම්බුව විනාශ කළා. බිබිසි එක හැමතිස්සෙම මන්තරයක් වගේ කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් මේ අපරාධය කළා කියලා. එතකොට අපි ඔක්කොම නින්දාවට ලක්වෙනවා නේද?

:       0       6

Shashika519 Sunday, 05 September 2021 09:24 AM

නමෙන් ගොඩාක් දේවල් කියවෙනවා.

:       0       3

Raveendra Sunday, 05 September 2021 09:29 AM

"2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා 23ක් ගොනු කර" මෙම වැකියෙන් පැහැදිලි වන්නේ කුමක්ද? සමහරවිට අපගේ අදහස් 100% වැරදි විය හැක.

:       0       3

Perera Sunday, 05 September 2021 10:16 AM

දැන් කියාවි මෙයා තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කියලා.

:       0       4

මුණසිංහ Sunday, 05 September 2021 12:20 PM

නවසීලන්තයේ රජය අපිට පාඩම් ගොඩක් කියලා දෙනවා. මේවා සංවිධානය කර කරන වැඩ නොවන බවත් ආගමික අන්තවාදීන් මෙවැනි දේට ස්වයංව යොමුවන බවත්, ඒ අනුව අපටත් සිතිය හැක්කේ ලංකාවේ ප්‍රහාරයට වෙනත් මහමොලකරුවන් නොසිටින්නට ඇති බවයි. එහෙත් ආගමික, අන්තවාදී අදහස් තව දුරටත් වපුරා හරින කල්ලි ලංකාවේ ඉන්නවා... කටාර් රාජ්‍යය ඊට අනුබලයක් දෙන බව සිතන්න අමාරු නැහැ. ඇෆ්ගනිස්තානය දිහා විමසිල්ලෙන් බලන අයට කරුණු පැහැදිලි වෙයි.

:       1       2

BamunuarachchiSunday, 05 September 2021 05:06 PM

අපි ඇයි දානමාන දෙන්නේ, පින්කම් කරන්නේ? අදහන ආගම නිසා.... දුගියෙකුට කීයක් හරි දෙන්නේ ස්වයං සිතුවිල්ලක් නිසා. එහි පදනම අදහන ආගම. එහෙනම් අර ඔබ කියන ස්වයං සිතුවිල්ලත්, අදහන ආගම නිසා සහ එහි දේශනා නිසා.

:       2       1

BamunuarachchiSunday, 05 September 2021 05:14 PM

මේ ප්‍රහාර වලට ඉන්නේ එකම මොලකරුයි... ඔහු මැරිලා දැන් අවුරුදු 1400ට වැඩියි. දැන් ඉන්නේ ඔහුගේ අනුගාමිකයන්.

:       1       1

Bamunuarachchi Sunday, 05 September 2021 12:10 PM

නවසීලන්තයේ වැඩ සුපර් එතනම වෙඩි තබ්බා නේද? හැබැයි නවසීලන්තයේ වගේ ත්‍රස්තයෝ කියලා පස්සෙන් යන්න නම් අපිට ලක්ස ගණනක් පොලිස් නිලදාරීන් යොදවන්න වේවි. තේරුනා නේද?

:       0       0

fairoos Sunday, 05 September 2021 12:44 PM

"2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා 23ක් ගොනු කර" අත්අඩංගුවට අරන්නේ... ලංකාවේ යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තා වගේ තමයි.

:       0       0

Bamunuarachchi Sunday, 05 September 2021 05:00 PM

ලංකාවේ යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත නිසා දැන් රටේ මහා ජාතියට ත්‍රස්තයින් පස්සේ යන්න වෙනවා.

:       1       1

Bamunuarachchi Sunday, 05 September 2021 05:09 PM

හොරු අහුවෙන්න යනකොට හොරත් දුවනවා. හොරෙක් හොරෙක් කියකියා නේ යන්නේ...

:       1       0

Bamunuarachchi Sunday, 05 September 2021 05:16 PM

බුර්කාව දා ගත්ත කෙනෙක් ත්‍රස්තවාදී වැඩක් කළොත් වගකීම රජයේ. ඒ නිසා බුර්කාව තහනම් කරන්න...

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 628 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1561 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 766 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 682 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 999 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 483 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site