අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිම අප්‍රේල් 7 වැනිදා සවස 4ට සිදුකිරීමට අද පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය කැරිණි. අද (20) පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරයේදි මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී අපවත් වී වදාළ ගලගම අත්ථදස්සී නාහිමියන්ගේ ගුණ සිහිපත් කිරීමක්ද සිදු විය.
අස්ගිරි මහනායක පත්කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් අද
අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිමේ පළමු සාකච්ඡාවක් අද (20) පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක වරකාගොඩ ශ්‍රි ගුණරතන නාහිමියන් සහ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහාවිහාරිය කාරක සංඝ සභාව රැස් වි අස්ගිරි මහනායක ගලගම අත්ථදස්සි මහ නාහිමියන්ගේ අපවත් වීම සම්බන්දව සංවේගය පළ කර ඉන් පසු උන් වහන්සේ කළ සේවාව ඇගයීමට ද කටයුතු යොදා ඇත.
පුරප්පාඩු වු අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් පත් කර ගැනිම සඳහා දිනයක් යොදා ගැනිම ද අද සිදු කිරීමට නියමිත බවත් ආනන්ද හිමියෝ කීහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නව අස්ගිරි මහනාහිමි පත්කිරීම අප්‍රේල් 7
ද සිල්වා බර්ලින් Sunday, 20 March 2016 10:19 PM
පසුගිය කාලේ හිටපු අස්ගිරි මල්වතු නායක හාමුදුරුවරු කවුරුවත් බලයේ ඉන්න දේශපාලක බලවතුන්ව වැඩිය විවේචනය කළේ නැහැ. සෝම හාමුදුරුවනේ, සෝභිත හාමුදුරුවනේ, ඔබ නැති අඩුපාඩුව අපිට හොඳටම දැනෙනවා (නි)
ජනක Monday, 21 March 2016 12:58 AM
කැප්පෙටිපොල මහතාණෙනි, ඔබගේ කාලෝචිත අදහසට මමත් එකඟවෙමි. (නි)
ගාමිණි Monday, 21 March 2016 01:42 AM
රටේ දුක්විඳින පීඩිත ජනතාව ගැන සිතා කටයුතු කරන, උගත් සිල්වත් හිමිනමක් පත්වන්නේ නම් රටටම සෙතක් වනු ඇත. (නි)
සඳරුවන් Monday, 21 March 2016 02:05 AM
දේශපාලන පත්වීමක් නොවී බහුශ්‍රැත, සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් පත්වේවායි පතමි (නි)
ඩිල්ෂාන් Sunday, 20 March 2016 11:46 AM
කවුරු ආවත් ශාසනේ විනාශයෙන් බේරා ගන්න බවක් නම් අපට පේන්නේ නැහැ. (බ)
කැප්පෙටිපොළ Sunday, 20 March 2016 12:26 PM
රට, ජාතිය සහ බුද්ධ සාසනය විනාශ කරන දුෂිත දේශපාලකයන්ට තදින්ම අවවාද කළහැකි, කෙලින් වැඩකරන සිල්වත් හිමි නමක් නායක තනතුරට පත් කීරිම යුගයේ අවශ්‍යතාවයයි අපේ හාමුදුරුවනේ (බ)
එරික් Monday, 21 March 2016 04:01 AM
ඥානසාර හිමිගේ නම යෝජනා කරනවා (බ)
ඩෙන්සිල් ගුණවර්ධන Monday, 21 March 2016 04:24 AM
දළඳා මාළිගාව අසල මාර්ගය වසා තැබීමෙන් පීඩාවට පත්වන ජනතාවගේ දුක අවබෝධ වෙන උගත් සිල්වත් ගුණවත් හිමිනමක් ගරු පදවිය ලබත්වා (බ)
මාලිංග උදලාගම Sunday, 20 March 2016 08:29 AM
බහුශ්‍රුත, සිල්වත්, රට ලෝකය ගැන මනා අවබෝධයක් ඇති පූජනීය වේඩරුවේ උපාලි අනුනායක ස්වාමීන්වහන්සේ මහානායක පදවියට පත්වනු ඇති සිතමි. (ර)