IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)

මහනුවර මඟුල් මඩුවේදී හෙට (12) පෙරවරුවේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය දිනේෂ් ගුණවර්ධන මහතාටද , අධ්‍යාපන ඇමැතිධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී.එල් පීරිස් මහතාටද හිමිවනු  ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් ඇමැතිධූරය සහ නාගරින සංවර්ධන හා නිවාස ඇමැතිධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමැතිධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද අධිකරණ ඇමැතිධූරය මෙවර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාටද , කෘෂිකර්ම ඇමැතිධූරය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද හිමිවීමට ඉඩ ඇති බව පැවසේ.

චමල් රාජපක්ෂ මහතාට වාරිමාර්ග ඇමැතිධූරයද , බන්දුල ගුණවර්ධන මහතාට වෙළඳ ඇමැතිධූරයද , නාමල් රාජපක්ෂ මහතාට තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැතිධූරයද ලබාදීමට යෝජනා වී ඇති බව දැනගන්නට තිබේ.

රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන ඇමැතිධූරය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාටද , වැවිලි ඇමැති ධූරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාටද , ජනමාධ්‍ය අමාත්‍යධූරය කෙහෙලිය රඹුක්වැල්ල මහතාටද හිමිවීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

විමල් වීරවංශ මහතාට කර්මාන්ත ඇමැතිධූරයද , උදය ගම්මන්පිල මහතාට විදුලිබල ඇමැතිධූරය හෝ බලශක්ති ඇමැතිධූරය ද  , ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මහාමාර්ග ඇමැතිධූරය ද , ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක ඇමැතිධූරයද , ලැබීමට ඉඩ ඇති බව පැවසේ.

කැබිනට් ඇමැතිධූර තුනක් සහ රාජ්‍ය ඇමැතිධූර දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙනු ඇති බව වාර්තා වේ.

එම කැබිනට් ඇමැතිධූර තුන  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ද රාජ්‍ය ඇමැතිධූර දෙකට දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් පත්වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

ඩලස් අලහප්පෙරුම,එස් එම් චන්ද්‍රසේන , ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරුන්ටද කැබිනට් ඇමැතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.

සරත් වීරසේකර , ආචාර්ය නාලක ගොඩහේවා සහ මහචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ටද විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියට ද රාජ්‍ය ඇමැතිධූර හිමිවනු ඇති බව වාර්තා වේ.

කැබිනට් ඇමැතිවරුන් 28 දෙනා සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 දෙනා මහනුවර මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (12) දිවුරුම්දීමට නියමිතය.

දිවුරුම්දීමේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙස දැනුම් දී ඇත.



අදහස් (7)

නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙති

Champa Tuesday, 11 August 2020 05:02 PM

හොඳට තියෙයි අධිකරණ ඇමති ධුරය අලි සබ්‍රිට දුන්නොත්. මන්ත්‍රී කෙනෙක්වත් නොවී, දැනට තියෙන උප්පැන්න සහතිකේ කොටු 18ක් අයින් කරලා සිංහල ජාතිය අජාතික කරන්න හැදුවා. අධිකරණ ඇමති වුනොත් මොනවා නොකරයිද? මීට කලින් දෙමල ජාතික දේවනායගම් අධිකරණ ඇමති වෙලා හිටපු 1977 - 1980 කාලේ අනාගත දෙමළ ඊලමක් හදන්න ඇවැසි විදහට උතුරු නැගෙනහිර ගම්වල මායිම් වෙනස් කළා කියලා මම අහලා තියෙනවා. දැන් සිංහලයාට විල්පත්තුව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මුහුදු මහා විහාරය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. උතුරු, නැගෙනහිර සිද්ධස්ථාන බුල්ඩෝසර් කිරීමේ ප්‍රශ්න තියෙනවා. රාජපක්ෂ මහත්වරුන්ගේ කලින් ආණ්ඩුව කාලෙත් මුල් තැන දුන්නේ මුස්ලිම් සහ දෙමල මිනිස්සුන්ට මිසක් සිංහල බෞද්ධයන්ට නෙමෙයි කියලා ඒ කාලේ දේශපාලන ගැන දන්නා මිනිස්සු කියනවා. මම දේශපාලනය ගැන උනන්දු වුනේ 2015 ඉඳන් හින්ද කලින් කරපුව මම දන්නේ නැහැ. නමුත් දැන් නම් හොඳටම පේනවා ඒ කතාව ඇත්ත කියලා...

:       95       1

බද්රානි Tuesday, 11 August 2020 07:35 PM

පොදු පෙරමුණෙන් පත්වී සිටින සියලුම මන්ත්‍රීවරුන් හට කුමක් හෝ ඇමති තනතුරක් ලැබෙනවාට මගේ නම් අකමැත්තක් නැත. මේ රට ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන් කරන මේ කැප කිරීමට රටට ආදරය කරන ජනතාවක් ලෙස අප ඔවුන්ව දිරි ගැන්විය යුතුයි. සියලුම විජාතික බලවේග පරාජය කරමින් මේ රටට ගැලපෙන අපගේ සංස්කෘතියට ගැලපෙන රාජාණ්ඩුවක් කරා නැවත පැමිණීමේ කාලය දැන් උදාවී තිබෙනවා. රට වෙනුවෙන් වැඩකරන රටේ ජනතාවට වැටුපට වඩා රජය මගින් ලබාදෙන සහනාධාර ක්‍රමයකට යා හැකි නම් වඩාත් හොඳයි. ලෝකය ඉදිරියේ දන නොනමන, උතුරු කොරියාව වැනි රටවල් අප ආදර්ශයට රැගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් බව තමයි මට නම් හැඟෙන්නේ..

:       83       0

ගෙවිඳු Wednesday, 12 August 2020 01:01 AM

ආචාර්ය නාලක ගොඩහේවාට ETF EPF එක්ක මහ බැංකුවයි, රක්ෂණ සංස්ථාවයි පවරා දෙමුකෝ...!!!

:       0       0

Navoda Wednesday, 12 August 2020 01:25 AM

පරණ අයම ඇවිත්... වියත්මග සෙත්තපෝච්චි තමයි.

:       32       1

sharm warn Wednesday, 12 August 2020 03:10 AM

අහා ... ආයෙමත් හොරු සමග සෙළුවෙන් ඉමු ඉතින්.

:       0       0

priyalal Wednesday, 12 August 2020 03:45 AM

කුරුණෑගල රාජසබා මණ්ඩපය ඩෝසර් කරලා දැන් මේ මඟුල් මඩුවක් තුළ දිවුරුම් දෙනවා.

:       46       0

UD Jaya Wednesday, 12 August 2020 09:25 AM

ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලිබල මණ්ඩලය මංකොල්ල කනවා. මොවුන්ට විරුද්ධව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. ලාංකික ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත. හොරුන්ට නීති උපදෙස් ලබා දෙන අය වෙනුවෙන් පෙනී සිටින අයට මොන මන්ත්‍රී ධුරද? අපි ඡන්දය දුන්නේ මේවාට නොවෙයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 50 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 196 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 135 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 1043 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 409 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 677 4

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 984 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 428 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site