(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය.
නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ආණ්ඩුවට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් 3 වැනිදා රාත්‍රියේ ඉල්ලා අස්වූ අතර ,පාර්ලිමේන්තුවේ සහ රජයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට ඇමතිවරු තිදෙනෙක් පමණක් ජනාධිපතිවරයා විසින් ඊට පසු දින පත්කරනු ලැබූහ.
හිටපු කැබිනට් අමාත්‍යවරුන් දස දෙනකු පමණ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති අතර, ඉතිරි සියලු දෙනා තරුණ මන්ත්‍රීවරුන් බවද පැවසේ.
අමාත්‍ය මණ්ඩලයේ දැනට සිටින මහාචාර්ය ජී එල් පීරිස් ,දිනේෂ් ගුණවර්ධන, අලි සබ්‍ර් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්තුරුන්ට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ,ඩග්ලස් දේවානන්ද,දිලුම් අමුණුගම ඇතුළු හිටපු ඇමතිවරුන් කිහිපදෙනකුට කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය .
මේ අතර කාංචන විජේසේකර ,රොෂාන් රණසිංහ,ඩී වී චානක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත් ,ජානක වක්කුඹුර, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු රාජ්‍ය ඇමතිවරුන් පිරිසකට ද කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ,හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවක්ම තමන්ට අමාත්‍යධූර අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට පෙරේදා (16)රාත්‍රියේ දැනුම් දී ඇති බවද පැවසේ.
ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග , එස් එම් චන්ද්‍රසේන,ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් ගණනාවක් අමාත්‍යධූරය අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට ඇත.
මේ අතර ,ඩලස් අලහප්පෙරුම , රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් අද (17) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුර බාර නොගන්නා බවය .
රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු කැබිනට් මණ්ඩලයට පත් වීමත් සමඟ ඇතිවන පුරප්පාඩු සඳහා මහාචාර්ය චරිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩිලාන් පෙරේරා,එස් ඒ ඩී ජගත් කුමාර යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනකුටද රාජ්‍ය අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
Nuganda Monday, 18 April 2022 09:06 AM
ඉවත් වුණු සියලු දෙනාටම අපේ ආචාරය...!
sharm warn Monday, 18 April 2022 11:48 AM
කවුරු ඇමැතිකම් ගත්තත් මහ පුටුවේ ඉන්න අය වෙනස් නොවී මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. සුපුරුදු අයම පත්කරලා. එදා පටන් කඩේ ගිය බඩවියත් මගේ හොරු, කොහොමත් පස්සෙන් ගිය දෙවැනි පෙලේ හොරු.., දේශපාලනය කියන්නේ හොරකමට බලපත්‍රයක් කියලා හිතාගෙන ඉන්න අයට බලය දුන්නාම මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ..
Lelwala Monday, 18 April 2022 07:04 PM
කවුරු බලයට ආවත් උද්ඝෝෂණ, වැඩවර්ජන නිසා රට පාලනය කළ නොහැක. මේවාට තිත තැබිය යුතු කාලයයි...