IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


නව කතානායකට හැම පැත්තෙන්ම සුබ පැතුම්

නව කථානායක ලෙස කරු ජයසූරිය මහතා පත්වීමෙන් අනතුරුව ඔහුට සුබ පතමින් පාර්ලිමේන්තුව ඇමතූ සන්ධානයේ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා සමානාත්මතාවයෙන් පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා කථා කරමින් පැවසූයේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ හරස් කඩක් නියෝජනය කරන බවයි. මහජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට මන්ත්‍රීන් හැමවිටම සිත්හි දරාගත යුතු බවද ඔහු කීවේය. නව පාර්ලිමේන්තුව වැඩි කලක් නොපවතින බවයි. කතානායකට එහිදී ඇති කාර්ය භාරය ඉතා සුළු යැයිද ඔහු කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා කථානායකට සුබ පතිමින් පැවසූයේ නව කථානායක අපක්ෂපාතව හා ඍජුව කටයුතු කරනු ඇති බවයි. නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගිමට ඔහු තීරණාත්මක හා බැරෑරුම් ලෙස ඉදිරිපත් වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පැවසූයේ අපක්ෂපාතව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු විවාද මෙහෙයවීමේ කාර්ය භාරය නිසි ලෙස කරමින් ඊට නායකත්වය දෙනු ඇති බවයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ මැතිසබේ මහ විපක්ෂය සමඟ පුංචි විපක්ෂයක් ද ඇති බවයි.

අතුරලියේ රතන හිමියන් කීවේ ගිවිසගත් පරිදි ජාතික රජය සිය කටයුතු නිසි ලෙස කරනු ඇති බවයි.

ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද ටීඑන්ඒ නියෝජනය කරමින් කථානායකට සුබ පැතුම් එක් කළේය.

කතානායකට සුබ පතමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ එකම මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා කියා සිටියේ පිහිටැවූ නව රජයේ පාර්ලිමේන්තු කටයුතු මෙහෙය වීමේ බාරදූර වගකීම නව කතානායකට පැවරී ඇති බවයි.

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ කථානායකවරයා ව්‍යාපාරිකයකු, දේශපාලනඥයකු හා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ලබාගත් අත්දැකීම් ඔහුගේ සේවයේදී ලබාදෙනු ඇති බවයි.



අදහස් (0)

නව කතානායකට හැම පැත්තෙන්ම සුබ පැතුම්

ඉසුරන්දි Tuesday, 01 September 2015 06:47 AM

මමත් ඔබ තුමාට හදවතින්ම සුබ පතමි. ඒකපාක්ෂික නොවී පොදුවේ තීන්දු තීරණ ගන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවායි කියල!(අ)

:       0       0

තිලක් අබේයවර්දෙන ,එක්සත් රජදනිය Tuesday, 01 September 2015 10:36 AM

මමත් ඔබ තුමාට හදවතින්ම සුබ පතමි! (අ)

:       0       0

රතන Tuesday, 01 September 2015 10:41 AM

කරු හොද මහත්මයෙක් එතුමාට සුභ පතනවා. ! (අ)

:       0       0

කුමාර Tuesday, 01 September 2015 04:46 PM

නිහඬ හදවතක් ඇති මහත්මයෙක්. අපි සුබ පතනවා (නි)

:       0       0

ඉන්දික Tuesday, 01 September 2015 04:49 PM

ඔබතුමා හොඳ මහත්මයෙක්. ඔබට සුභ පතනවා (නි)

:       0       0

අස්මිත් Wednesday, 02 September 2015 01:55 AM

දේශපාලනයේ හොඳ පන්නරයක් සහිත අවංක නායකයෙක්. ඔබට හදපිරි සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 146 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 625 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 122 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 252 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 1009 0

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


කොකේන් ගිල පැමිණි විදේශිකයා ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 13 362 0

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 174 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 517 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1598 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site