IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

(විනීතා එම්. ගමගේ)
 
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ ඇත.
 
නව තනතුරට පත් වන තෙක් චන්ද්‍රකීර්ති මහතා වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
 
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා මීට පෙර පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස දෙ, බියගම  ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද, ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. 
 
බදුල්ල ස්ප්‍රින් වැලි මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතියක අධ්‍යාපනය ද ලැබු ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ඇති අතර විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ද ලබා තිබේ. ඔහු රුසියාවේ මූලික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇත.
 
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයෙන් පිදෙන සුපිලිපන් රාජ්‍ය නිලධාරියා සම්මානය ඉකුත් වසරේ පිදුණේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාටය.
 
නව කම්කරු කෙමාසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ලබන 19 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය. 



අදහස් (10)

නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති

mali Thursday, 15 October 2020 09:34 AM

වැලි පුරවලා නිකන් ඔහේ මිලියන 800ක් විතර කාබාසිනියා කළේ කවුද දන්නෑ..

:       2       8

chinthana Thursday, 15 October 2020 09:37 AM

ගල්කිස්සේ වැලි ව්‍යාපෘතියත් මෙතුමාගේද?

:       3       9

Ashanthi Thursday, 15 October 2020 09:38 AM

මුලින්ම මේ වගේම වෙළඳ කලාපවල තියන ගාමන්ට්‍, මිනිස් ශ්‍රමය සූරා කකා අසනීපයකටවත් නිවාඩු නොදී මරව මරවා, බැන බැන පහසුකම් නොදී වැඩ ගන්න එක ගැන ටිකක් හොයලා බැලුවොත් නරකද?

:       3       7

Cisco Thursday, 15 October 2020 10:21 AM

ගමේ කෙනෙක්ගෙන් සුබපැතුම්..!!! 

:       5       7

De Thursday, 15 October 2020 10:30 AM

මේ අර වෙරළ ගොඩකරන්න වැලි දාපු විදිහ විස්තර කරපු මහත්තයා නේද? අනේ රත්තරනේ කම්කරුවෝ? හරි අහිංසක අය.

:       3       11

නිමල් Thursday, 15 October 2020 11:31 AM

සුබ පැතුම්...!

:       6       2

siri Thursday, 15 October 2020 12:24 PM

කවුරුවත් ‘‘හමුදාකරණය‘‘ කියලා කෑගහනවා එහෙම නෙවෙයි ඔන්න. කිව්වේ නෑ කියන්න එපා..

:       6       3

කමල් දිසානායක Thursday, 15 October 2020 01:27 PM

සේවක අර්ථසාධක අරමුදලට යටතේ ඇති සියලුම රාජකාරි අවශ්‍යතා සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කරන්න. කොළඹ වැඩත් එක තැනකට ගන්න. මිනිස්සු නාරාහේන්පිට ගිහින් ආයෙත් කොටුවට යන්න ඕන සල්ලි ටිකගන්න. එකඑක හාම්පුතුන්ට මුලු ජීවිතයම කැපකරලා අවසානයේදී ඉතිරි කරපු සල්ලි ගන්නත් හුඟාක් දුක් මහන්සි කරවන එක අන්තිම වැරදියි. බැංකුවක දාන සල්ලි වගේ ඉතාම පහසු විදිහට සල්ලි ගන්න තියෙන්න ඕනෑ.

:       0       6

Perera Thursday, 15 October 2020 06:13 PM

අද කාලේ සුදුසුකම් තිබුණත් ඔය තනතුරුවලට පත්වන කිසිකෙනෙක් ගැන මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ.

:       0       0

Appuhami Thursday, 15 October 2020 06:57 PM

කම්කරුවාටත් දෙවි පිහිටයි. ඕන්... මතකනේ වැලි පුරවලා කරපු හරිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1916 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2210 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 817 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2183 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 244 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1434 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site