IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටට අවශ්‍ය කෙරෙන  නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි  අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා  කෙරිණ.

වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විසමතාව විසඳීම ප්‍රබල ගැටලුවක්  බවත්  ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවත්  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන  තාක්ෂණික කමිටුවේ වාර්තාව සති  දෙකක්   ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බව මෙහිදී සඳහන්විය. නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනාවිය. ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. නීතිය සහ සමාජය අතර පවතින සම්බන්ධයද එමගින්  නිරූපනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද  මෙම කාරක සභාවේදී යෝජනා විය. උපාධිධාරින් 60000 න් 18000 ක්  දැනට පාසල්වලට අනුයුක්ත කර ඇති බවත්  ඔවුන් ස්ථිර කිරීමට දැනට  යෝජනා වී ඇති ක්‍රමවේදය ගැටලු සහගත බවත්  මන්ත්‍රීවරු කාරක සභාවට පෙන්වා දුන්හ.

පාසල්වලට අනුයුක්ත කර ඇති ඇතැම් උපාධිධාරින් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය. ගුරුවරුන්ගේ අභිමානය සුරකීමටද නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.

ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ ව්‍යාපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡා විය. 



අදහස් (15)

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි

Raveendra Sunday, 12 September 2021 12:01 PM

වදුරන්, රිලවුන් වැසි සමයේදී ගෙවල් සෑදීමට අදාළ ප්‍රාදේශීය සබාවට හෝ නගර සභාවට යෝජිත නිවාසවල සැලසුම් අනුමැතියට ඉදිරිපත්කරනවා කියන්නේ නිකමටද ?දශක 4ක 5 ක සිටම අප අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්ති සකසනාවානේ....ඒ කෙසේ වෙතත් මෙවරවත් ඊළගට බලයට පැමිණෙන හරකුන්ට එම ප්‍රතිපත්ති වෙනස් කිරීමට බැරි වෙන ලෙස වඩාත් රටට හිතකර අයුරින් සැකසීමට හැකි නම් වඩාත් සුදුසුය.

:       3       25

යෝගා Sunday, 12 September 2021 12:30 PM

පසුගිය අවුරුදු දෙකේ කලින් හිටපු ගොයියා පොල් ගාලද?

:       3       17

Thilakasiri Sunday, 12 September 2021 01:31 PM

උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි කාටදැයි සලකා බලන්න. උසස් පෙළ සිසුන් සඳහා වන විෂය සංයෝජන මුළුමනින්ම වෙනස් කළ යුතුය. එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ විෂය සංයෝජන සලකා බලන්න උසස් පෙළ විෂයයන් ලැයිස්තුව සමාන කළ යුතු බැවින් ලැයිස්තුව කෙටි කළ යුතුය.

:       0       17

අතහිත බිරින්දන් Monday, 13 September 2021 12:46 PM

උසස් පෙළ පමණක් නොවෙයි, සාමාන්‍ය පෙළ විභාගය ඇතුලු විභාග අසමත් වී ත්‍රීවීලර් රැකියා සොයාගෙන යන පිරිසත් කිසියම් ඵලදායී වැඩකට යොදන්න ක්‍රමයක් සකසනවා නම් හොඳයි...

:       0       2

Wimale Sunday, 12 September 2021 02:46 PM

ඔය වැඩේ මහාචාර්ය වීරවංශ වගේ දන්න කෙනෙකුට බාරදෙන්න..

:       2       9

පැරකුම් Sunday, 12 September 2021 03:55 PM

දේශපාලකයින්ගේ හිතුමතයට නොව මහජන මතයද විමසා තීරණය කළ යුතුයි...

:       0       7

කල්පනාSunday, 12 September 2021 06:11 PM

පැරකුම් මහතා හරි. රටට දැන් අවශ්‍යව ඇත්තේ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමයි. මෙම කටයුත්ත ජනතා අදහස්ද ලබාගෙන සකසා සියළුම පක්ෂ නායකයින්ගේ අනුමැතියෙන් ආණ්ඩු වෙනස්වීමකදී වෙනස්කළ නොහැකි සේ සම්මත කර ක්‍රියාත්මක කළයුතුයි...

:       0       5

අප්පුහාමි Sunday, 12 September 2021 05:17 PM

දරුවන්ට අධ්‍යාපනය දෙනවා කියන එක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. එහිදී දරුවකු තුළ සැඟවී ඇති අධ්‍යාපනය කියන කාරණය අවදිකරන්න ඕනෑ. කොච්චර හොඳ පාසලකට ගියත් මේක පාසලේදී වෙන්නේම නැහැ. ගුරු භවතුන් පන්තියට ඇවිත් කාලසටහනට වැඩකරලා ඊළඟ පන්තියට යනවා. මොන ගුරුවරයාද ළමුන්ගේ හැකියාව හා සැඟවුණු ශක්තිය හඳුනාගෙන උගන්වන්නේ. දැන් කාලේ ගුරුවරුන්ගෙන් සියයට අනූවක් තරම් පිරිසක් ඉගැන්වීමේ ක්‍රමදන්නේ නැහැ. බොහෝ පිරිසක් දරුවන්ගේ මනස හඳුනාගෙන නැහැ. තවත් සමහර ගුරුවරුන් රසවත්ව යමක් උගන්වන්න දන්නේ නැහැ. එවැනි අය පන්තියට එනවිට කොල්ලෝ පැන යනවා. කෙල්ලෝ නිදා ගන්නවා. මෙහෙම වෙන්නේ බඳවා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නැතිකම නිසායි. අතීතයේ මුලින්ම ලිඛිත පරීක්ෂණයෙන් සමත්විය යුතු අතර ඉන් සමත්වන අය ඉගැන්වීමේ හැකියාව බැලීමේ සම්මුඛ පරීක්ෂණයකටත් යායුතු වෙනවා. මෙයින් කරන්නේ මේ අය ඉගැන්වීමට සුදුසුදැයි බැලීමටයි. අද එහෙම නැහැනේ. රජයේ රැකියා ප්‍රශ්නය විසඳීමට උපාධිධාරීන් 5000කට හෝ 10000 කට ගුරු පත්වීම් දීමට තීරණය කළාය කියන කොටම පත්වීම් දීගෙන දීගෙන යනවා. උගන්නන්න පුළුන් කෙනාටයි, බැරි කෙනාටයි දෙගොල්ලටම දෙනවා. ඒකයි මේ රටේ අධ්‍යාපනය දුර්වල වීමට හේතු වී ඇත්තේ. මෙයට ප්‍රථිකර්ම යෙදිය යුතුයි...

:       0       4

චින්තකMonday, 13 September 2021 07:00 AM

ගුරුවරුන් බදවා ගැනීම පමණක් මදි.බදවා ගන්නා අයට අධ්‍යාපන සුදුසුකම් කොතෙක් තිබුනත් ඔවුන් ඉගැන්වීමේ ක්‍රමයන් දන්නේ නැහැ.ඒ නිසා ඔවුන්ට කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමට බදවාගත් දින සිට වසරක්වත් නිසි පුහුණුවක් ලබාදිය යුතුය (2005 වසරේ පමණ බදවාගත් පිරිසකට පුහුණුවක් දෙනවා දුටු මම එහිදී සම්පත්ධාරීන් ලෙස යොදාගත්තේ පාසැලේදී කිසිත් නොකරන දේශපාලන සංවිධානවල ක්‍රියාකාරීන් බව දැක ඇත්තේමි.).දහස් ගනනකට එකවර පත්වීමේ් දීමේදී පසුගිය කාලයේ සිදුකලේ පුහුනුව ලෙසට වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට උපදෙස් දීමත් තමාගේ අයිතිවාසිකම් දිනාගන්නා ආකාරය කියාදීමත් පමණයි.ඒවායේ ප්‍රථිපල දැනටමත් හොදින් පේනවානේද.රජයේ සේවයට යමෙකු බදවා ගන්නේ නම් ඔවුන්ට රජයේ පාලන රෙගුලාසි මුදල් රෙගුලාසිත් ළමා මනස හදුනා ගැනීම වැනි කරුණු ගැන අවබෝධයක් ලබාදිය යුතුය

:       0       0

සිරිසමන් Monday, 13 September 2021 12:49 PM

ඇයි යුතුකම් හා වගකීම් ගැන උගන්නන්න එපාද?

:       0       0

ගමේ එකාලා Sunday, 12 September 2021 06:43 PM

දේශපාලුවන්ගේ හිතුමතේට ජාතික අද්‍යාපන ප්‍රතිපත්ති හදලා වැඩක් නැහැ.පහුගිය කාලේ පුරාවටම සිද්ද උනේ හත්පොළේම ගාගත්තු එක තමා. දැනුම් තේරුම් ඇති වියතුන්ගෙ සහ ජනතාවගේ අදහස් ද විමසා බැලීම අවශ්‍යයි .

:       1       5

Sriland Sunday, 12 September 2021 08:41 PM

පෙෘද්ගලික පාසල් නියාමනය කරන්නෙ කවද්ද

:       0       0

ජනතාව Monday, 13 September 2021 10:48 AM

ලංකාවෙ ගුරුවරුන්ට පුහුණුව දෙනවා කියල උපදේශකවරු කිහිපදෙනකුටයි ඵලදායි යමක් කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙ. එන එන ඇමතිගෙ බොරු වැඩ ඔවුන් හරහා ගුරුවරයාට එනවා. ෆෝම් පුරවන එකෙන් ගුරුවරුන්ගෙ කාලය අපතෙ යනවා. අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය ඉතා හොදයි කියල තියන සාක්ෂිය තමයි මේ අයගෙ මොළවලින් එතෙර සිදුවන මහා පරිමාණ දියුණුව. ඇස්ට්‍රාසෙනිකා සොයා ගැනීමට සහ ෆයිසර් සොයා ගැනීමට පවා අපේ පරීක්ෂකයන්ගේ දායකත්වය තිබුණා කියල එයාලා ප්‍රසිද්ධ නොකලාට අපි පෞද්ගලිකව දන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය ගැන දෙමාපියන්ගෙ නොදැනුවත්භාවය වගේම සමහර ගුරුවරුන්ටත් හරි වැටහීමක් නොමැතිව එය සැලසුම් නොකර ශිෂ්‍යාට දැරිය නොහැකි පැවරුම් දීමෙන් 80 අග භාගයේ අසාර්ථක වුණා. කට පාඩම් කර ලියන පරීක්ෂණයෙන් ලකුණු ස්වල්පයක් එකතුවීමට සලස්වා හොදින් සැලසුම් කළ පැවරුම් දීමෙන් දරුවන්ගේ අසාර්ථක භාවයෙන් ඇතිවන අපේ්‍ක්ෂා භංගත්වය අවම කළ හැක. එහෙත් අපක්ෂපාතිත්වය පුරුදු නැති ලංකා සමාජයට මෙය උසස් පෙළදී සිදුකිරීම ප්‍රායෝගික නොවේ.

:       0       4

විපරමා Monday, 13 September 2021 04:18 PM

උපදෙස් ගන්නවානම් හොරට ලියලා නීති උපාධි ගත්තු අයවත් සම්බන්ධ කරගෙන උපදෙස් ගන්නවානම් වඩාත් හොඳයි .

:       0       2

chandima Tuesday, 14 September 2021 09:44 PM

නිදහස ගත්තු දා ඉඳලා මේ වෙනකොට කී වතාවක් නම් වෙනස් කලාද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 101 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 528 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 608 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 385 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 334 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 6053 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site