IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි

(ඩයනා උදයංගනී)

නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද  අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ  බව නාවික හමුදාව පවසයි.

මේ වන විට නෞකාවෙන් දුම් හෝ ගිනි දැල් නිකුත් නොවන බව නාවික හමුදාව සඳහන් කරයි.

පවතින තද සුළං තත්ත්වය හමුවේත් එය ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 37 ක් දුර ගැඹුරු මුහුද දක්වා මේ වන විට ගෙන ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් මෙම මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටී.

ආපදාවට පත් නෞකාවට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමට නාවික හමුදා කණඩායම් මේ වන විට උත්සාහ කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

(ඡායාරූපය - නාවික හමුදා මාධ්‍ය අංශය)



අදහස් (11)

නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි

Pathum Wednesday, 09 September 2020 06:21 AM

නැවේ ගින්න නැති නිසා අයිතිකරයින්ට නැව තමන්ගේ රටට වහාම ගෙනියන්න කියන්නයි තියෙන්නේ.

:       0       0

Nihal Dharmatileke Wednesday, 09 September 2020 06:54 AM

මෙම උත්සාහය රුපියල් සතවලින් අගය කරන්න බැහැ.

:       126       2856

nimalsiriWednesday, 09 September 2020 08:54 AM

අතීසාරයට ගහගත්ත අමුඩයක්. තව පොඩ්ඩකින් උතුරන්න පටන් ගනීවි.

:       1520       61

Nihal DharmatilekeWednesday, 09 September 2020 09:47 AM

මම ප්‍රශංසාවට ලක්කෙරුවේ, මෙයට සහභාගි වුණු අයටයි. නැතිව සැප පුටුවල ඉඳගෙන අණ දෙන අයට නොවේ.

:       133       151

විජේ Wednesday, 09 September 2020 12:02 PM

නිමල්සිරි, එහෙමද ආසා? චුට්ටක් විතර කුහකයිද මන්දා...

:       2       270

nimalsiriWednesday, 09 September 2020 10:12 AM

ඔය කොරෝනා මගුල් තේරුමක් නැහැයි කියලා පේන්නේ නැද්ද? 

:       1127       2

Prabha Wednesday, 09 September 2020 05:32 PM

නිමලසිරි නාවට කොරෝනා හැදිලා කියලද හිතන් ඉන්නේ? ඒක ගින්නක්...

:       0       0

Anura Wednesday, 09 September 2020 10:15 AM

තෙල්ටික අයින් කරගත්තේ නැත්නම් ඔය කරපු කිසිම දෙකින් වැඩක් නැහැ. හෙට, අනිද්දා වෙනකොට ඔක්කොම ලීක් වෙන්න පටන් ගනීවි...

:       320       11

Asanka Wednesday, 09 September 2020 11:49 AM

අපි කොච්චර මහන්සි වුණත් ලෝක ජනමාධ්‍ය වාර්තා කරන්නේමේක ඉන්දියාවේ මෙහෙයුමක් කියලා. ලංකාවේ නාවික හමුදාව සහාය වෙනවා කියලා පමණයි. කරුණාකරලා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මේවා ලෝක ජනමාධ්‍ය වලට දැනුවත් කරන්න. අපි ලංකාවේ ඉඳන් අපේ මිනිස්සුන්ගේ රැකියාවට හුරේ දැම්මාට ලෝකේ දන්නෙත් නැහැ.

:       15       310

නුවන් දිසානායක Wednesday, 09 September 2020 06:18 PM

මෙයට සහභාගි වූ සියලු දෙනාටම මුළු ලෝකෙම පරිසරය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා. කරුණාකරලා මේ වෙලාවේ නයිජීරියාවේ සහ මුරුසි දිවයිනේ සිරවී සිටින ශ්‍රී ලාංකික නාවික නිලධාරීන් බේරාගැනීමට රාජතාන්ත්‍රික ව කටයුතු කරන්නේ නම් බොහොම හොඳයි.

:       0       0

Nuwan Thursday, 10 September 2020 07:18 AM

මෙය ඉතාම උදාර කාර්යයක්.. සමුද්‍ර පරිසර දූෂණය වැළැක්වීම සඳහා ශ්‍රී ලාංකික නාවික හමුදාව කළා වූ උදාර සේවය අපි අගය කරමු. මේ අතරම නයිජීරියාවේ සහ මුරුසි දිවයින්වල සිරවී සිටින ශ්‍රී ලාංකික නාවික නිලධාරින් ගැනත් බලධාරින් සිතනවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 110 0

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 633 1

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 536 1

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
2025 අප්‍රේල් මස 29 274 0

“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 2024 5

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 851 6

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 66 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 21 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1057 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site