(නිමන්ති රණසිංහ)
‘එම්.ටී.නිව් ඩයමන්ඩ්‘ නෞකාව සමුද්‍ර ආපදාවකට ලක්වූවාද නැතහොත් වෙනත් වරදක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර බැලීම සඳහා එම නෞකාවේ මුහුදු දත්ත ගමන් පටිගත කිරීමේ යන්ත්‍රයේ දත්තවල පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නැයි එම නැවේ පහසුකම් සපයන දේශීය නියෝජිතවරයාට අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වැඩිදුර සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම නියෝගය නිකුත් කළාය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිව් ඩයමන්ඩ් නැවේ දත්ත වල පිටපතක් සී.අයි.ඩීයට ලබාදෙන්නැයි නියෝග
Champa Friday, 11 September 2020 01:12 PM
අන්තිම විකාරයක් කරන්න හදන්නේ. මේ වගේ දේකදී වැඩ කරන්නේ කොහොමද කියලා ජනාධිපතිවරයාටවත්, විදේශ ලේකම්වරයාටවත් කිසිම අවබෝධයක් නැති බව මේ නැව සම්බන්ධයෙන් වැඩ කරපු විදිහෙන් පේනවා. නැව අත්අඩංගුවට ගන්න තිබුණා කියලා තැනක මෝඩ කතාවකුත් දැක්කා. එහෙම අත්අඩංගුවට ගත්තොත් නැව මෙහෙ තියලා, නැවේ තියෙන තෙල් ටික අරගන්න ඉන්දියානු රජය මැදිහත් වෙයි. වන්දිත් නැහැ... මුකුත් නැහැ. අත්අඩංගුවට ගන්න දකුණු ඉන්දියානු ධීවරයන් සම්බන්ධයෙන් ඉන්දියානු රජය මැදිහත් වෙන හැටි හොඳටම ඇති, වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. රාජ්‍ය තාන්ත්‍රික කරුණු ගැන මෙලෝ හසරක් දන්නේ නැති හිටපු නාවික හමුදාපතිවරයෙක් විදේශ ලේකම් ධුරයට පත් කරන්න ජනාධිපතිවරයා ගත්ත තීරණය නොවෙන්න, අපෙත් නොවෙන, අපට කිසිම සම්බන්ධයක් නැති පෞද්ගලික නැවක් අපේ කරගෙන මේක අනාගන්නේ නැහැ. නැව ගිනි ගත්ත බව දැන ගත්තු ගමන්, ජනාධිපතිවරයාව දැනුවත් කරලා, විදේශ ලේකම්වරයාට කරන්න තිබුනේ ඉන්දියන් මහකොමසාරිස් කැඳවලා, ඔහු මාර්ගයෙන් IOC එකට කියන්න පැය 24ක් ඇතුළත මේ නැව ලංකා මුහුදු තීරයෙන් ඉවත් කරන්න කියලා සහ නැව අපේ මුහුදු තීරයේ තියෙන එක දවසට ඩොලර් දස ලක්ෂය ගානේ වන්දි ගෙවන්න කියලා. තව තියෙනවා ලියන්න..
Wca Friday, 11 September 2020 08:55 PM
තෙල් ටික ඉන්දියාවට අරන් නැව කන්ඩෙම් කරලා ඒ අය ඒකෙන් අලුත් නැවක් අරන් අපේ එවුන් බයිලා ගහ ගහ ඉඳියි. ඊට පස්සේ ඔය යකඩ ගොඩත් අපිට බලාගන්න වෙනවා ශුවර්...