(සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 26 )පස්වරුවේ දිවුරුම් දුන්නේය.
රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයාය.
නීතිපති ධූරයේ මෙතෙක් කටයුතු කළ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එම ධූරයෙන් පසුගිය 24 වැනිදා විශ්‍රාම ලැබුවේය.
ලිවේරා මහතාගේ සේවා කාලය අවසන් වීම නිසා නීතිපති තනතුර සඳහා සංජය රාජරත්නම් මහතාගේ නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සභාවට යෝජනා කරනු ලැබීය.
ව්‍යවස්ථාදායක සභාව එම නාමය පසුගියදා අනුමත කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34 තිස් හතරකට වැඩි කාලයක් සේවය කර ඇති රාජරත්න මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ,නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්, අතිරේක සොලිස්ටර් ජනරාල් , ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන්ද පසුගිය කාලයේදී හොබවා ඇත.
ඔහු ජනාධිපති නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේ 2014 නොවැම්බර් මාසයේදී ය.
සිවිල් හා අපරාධ නීති අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ඒ මහතා දීර්ඝ කාලයක් ඉහළ අධිකරණවල පෙනී සිට ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධූරය හෙබ වූ අතර ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සහ නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළේය.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවන රාජරත්නම් මහතා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇත . ඔහු එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙක්ද වෙයි.
නව නීතිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව නීතිපති සංජය රාජරත්නම් දිවුරුම් දෙයි
Sri Lanka Wednesday, 26 May 2021 09:35 PM
ඔබ තුමාට පුලුවන්නම් නීතියක් හදන්න ආණ්ඩුවක් ගන්න ණය අවුරුදු 5ක් ඇතුලත ගෙවන්න ඕන කියලා.
fairoos Thursday, 27 May 2021 08:28 AM
කවුරු ආවත් මෙච්රයි හිතෙනවා . වෙනස්කම් වෙයිද