ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන පිරිස බිහිකරන්න යන පක්ෂය කවදාමත්ම නොපිපෙන පොහොට්ටුවක් බවත් මෙය පොහොට්ටුවක්ම පමණක් බවත් ජාතික මැතිවරණ දෙකක් ජයගත් එජාපෙට මෙය කිසිසේත්ම අභියෝගයක් නොවන බවත් උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (7) තෙල්දෙණියේදී පැවසීය.
‘රට ආර්ථික පිම්මක් පනින්නට දැන් සූදානම් වෙමින් සිටිනවා. වසර 20 ක් පුරා ගරා වැටුණු ආර්ථිකයක් වසර 1 1/2 කින් ආපසු හැරවීමට කිසිවකුටත් ලෙහෙසියෙන් කරන්න බෑ. පසුගිය වසර පුරා රජය කළේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීම‘ යැයි ද ඔහු කීය.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘නව පක්ෂය පොහොට්ටුවක්ම විතරයි‘
සිරිල් විජේරත්න Monday, 07 November 2016 01:03 PM
ඔයාල පිම්ම පැන්නේ මහා බැංකු හොරකමෙන් ආයිත් කොහෙන්ද පාරක් (බ)
කුෂාන් Tuesday, 08 November 2016 05:57 AM
ලකිය දැන්මම බයවෙලා.....!! පොහොට්ටුව පිපෙනවිට තවත් පොහොට්ටු ගොඩාක් එනවා. උසස් අධ්‍යාපන ඇමති ඒගැන දන්නේ නැතිව ඇති. පොහොට්ටුවට ජය පතමු....!! පොහොට්ටුවට අතදෙමු....!! සදා ජය...! (බ)
අසංග Monday, 07 November 2016 02:01 PM
පොහොට්ටු තමයි මල් වෙන්නේ. මොකද දැම්මම බයවෙලා. (බ)
සත්‍යයා Monday, 07 November 2016 02:01 PM
‘පසුගිය වසර පුරා රජය කළේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීමයි‘ දේශීය ජනතාවගේ හිත දිනා ගන්න තිබුන ඉඩකඩ ඉන් අහුරා ගැනීමයි. අපේ ගැමියෝ කිව්වේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල (බ)
දුමින්ද Monday, 07 November 2016 02:28 PM
මොකද තරහ ගිහිල්ලද (බ)
රන්ජන් Monday, 07 November 2016 02:44 PM
අනේ මෙහෙමත් මිනිස්සු. (අ)
වික්‍රම Tuesday, 08 November 2016 07:02 AM
චතුරිලා වගේ අය නොහිටින්න ලංකාවත් දැන් හොඳ තැනක! (බ)
අමිත් දර්ශක Monday, 07 November 2016 02:59 PM
2015 ඡන්දෙට දාන්න කෙනෙක් යූ.ඇන්. පී. එකට හිටියද? (අ)
සමන් Monday, 07 November 2016 03:14 PM
පක්ෂයට කෙසේවෙතත් මෙතුමාගේ ක්‍රියාකලාපයට නම් ජනතාව කැමති නැහැ. උපදේසකයන් පනහක් තියාගෙන එහෙම කලේ සහයෝගය දුන්න අයට උපකාර කරන්න කියල කිව්වේ මෙතුමා තමා. පක්ෂයට තියන නියම අභියෝගය මෙවැනි අය කියලයි මට හිතෙන්නේ.(අ)
ලේක්කෝ ගලබඩ Tuesday, 08 November 2016 07:10 AM
මේ මල් පොහොට්ටු අයිති වැලිකඩ මල් පාත්තිවල ගස් වලටයි.(ම)
ලක්ෂි Monday, 07 November 2016 05:26 PM
ඕනෑම කෙනෙකුට අැමති කෙනෙක් වෙන්නත් පුලුවන්නේ. (නි)
චතුරි Monday, 07 November 2016 05:42 PM
මේ දවස්වල පොහොට්ටුව ජීවම් කරනවා මෝඩයින්ව වශී කරගන්න. කම්බ හොරු කොතැනද, මෝඩ රැලත් එතන. (නි)
දේවින්ද Monday, 07 November 2016 08:40 PM
මේ පක්ෂය හොඳ ඉදිරි ගමනක් යන බව සහතිකයි (නි)
චින්තක Tuesday, 08 November 2016 08:22 AM
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් වගේම ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්නත් පුලුවන් (නි)
සිරි Monday, 07 November 2016 09:37 PM
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. (නි)
උපුල් Monday, 07 November 2016 10:05 PM
අපි නම් පොහොට්ටුවට අපේ මනාපය දෙනවා (නි)
පිටිගල මිලානෝ Monday, 07 November 2016 11:01 PM
බලාගෙන ඉන්න ජනතාව පොහොට්ටුව පුබුදුවනකන්. ගියපාර නම් අවුරුදු දෙකකටත් කලින්ම පොහොට්ටුව පිබිදුව බව අමතකද? (නි)
බමුණු ආරච්චි Monday, 07 November 2016 11:05 PM
හා හා කවදාද ඔයගොල්ලෝ මැතිවරණ ජය ගත්තේ? පස්ස දොරක් තිබුන නිසා හොඳයි. අපි අද ඊයේ ඉපදුන අය නොවෙයි (නි)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 08 November 2016 12:55 AM
මල් පොහොට්ටුවේ සභාපති ගැන නම් අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)
මහේෂ් Tuesday, 08 November 2016 01:16 AM
මෙයාලා නේද කිවුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ කිසි වැරැද්දක් නැහැ කියලා. (නි)
සත්‍යයා Tuesday, 08 November 2016 02:30 AM
නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් වුවද තර්ක වල ඇති බොළඳ බව තුළින් බොහෝ දේ පැහැදිලි වෙනවා. (නි)
රණවක Tuesday, 08 November 2016 02:32 AM
මෙය "නොපිපෙන පොහොට්ටුවක්" කියලා බැලු බැල්මටම කියනවා නම් වෙනත් ලකුණු ගැන මෙහෙමත් කියන්න පුළුවන් නේද? "වැඩ නොකරන අතක්", "කම්මැලි අලියෙක්", "නාද නැති සීනුවක්", "හඬ නැති හක්ගෙඩියක්" කියල. අනුන් විවේචනය කරමින් අලුත් වැඩක් නොකරන අයටට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. (නි)
සජී Tuesday, 08 November 2016 02:31 AM
වාර්තාවක් තියන්න තරමට පැරදුන අය ඉන්නෙත් ඔබතුමාලගේ පක්ෂයේ නේද? (නි)
ප්‍රියාන් Tuesday, 08 November 2016 02:56 AM
පිපිලා පරවෙලා යනවට වඩා හොදයි පොහොට්ටුවක් විදියටම තියෙනවා නම්..ඒ වගේම පිපෙන්න පිපෙන්න තව තව පොහොට්ටු එන එකත් අමතක කරන්න එපා මහත්තයෝ..(අ)
සහන Tuesday, 08 November 2016 03:33 AM
ඔය පොහොට්ටුව ගැන ඇහුවම දැන් හැමෝම කියනවා අපි දන්නේ නැතිලු. අන්තිමට අර ජි එල් පිරිස් මහත්තයව බිල්ලට දීල කවුරුවත් සද්දේ නැහැ . අනේ පොහොට්ටුව පිපෙන්න ඕන ඊට පස්සේ හොරු ටික පරවෙන හැටි අපිට හොදට බලාගන්න පුළුවන් (අ)
සජී Tuesday, 08 November 2016 04:01 AM
චතුරි නම් මන්තරකාරියක් ද කොහෙද? හැම වෙලාවෙම වාසි ගැනයි ජීවම් ගැනයි කියන්නේ (බ)
අසංග Tuesday, 08 November 2016 04:45 AM
මේ කතා වලට කොහෙන් හිනාවෙන්නද මන්දා (බ)
ප්‍රියංග Tuesday, 08 November 2016 04:53 AM
පොහොට්ටුවට අපි මනාපය.. (ම)